ලබන සතියේ ඩොලර් එකට වෙන දේ මෙන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලෝක බැංකුවේ සල්ලි, ඩොලරය හා පොලී අනුපාතික
    අද වන විට වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 පමණ දක්වාත්, විකිණුම් මිල රුපියල් 346 දක්වාත් අඩු වෙලා. මහ බැංකුව විසින් කිසියම් සැලසුමකට අනුව ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලස්වා ඇති බව පැහැදිලියි.
    අන්තර් බැංකු වෙළඳපොළේ මැදි මිල, එහෙමත් නැත්නම් මහ බැංකුවේ මාර්ගෝපදේශන මිල රුපියල් 346.17ක්. මේ වන විට මහ බැංකුව විසින් දිනක් ඇතුළත ඉහත මිල පහත යා හැකි උපරිම සීමාව රුපියල් 7.50 සිට රුපියල් 10 දක්වා වැඩි කර තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම මාර්ගෝපදේශන මිල වෙනස් වූ ආකාරය දෙස බැලූ විට මහ බැංකුව විසින් ක්‍රමිකව විණිමය අනුපාතය පහත වැටෙන්නට සලස්වා ඇති ආකාරය ඉතා පැහැදිලි ලෙස දැක ගත හැකියි.
    මාර්තු 2 මැදි මිල - රුපියල් 353.65
    මාර්තු 1 මැදි මිල - රුපියල් 358.46
    මැදි මිල පහළ යාම - රුපියල් 4.81
    පහළ යා හැකි වූ උපරිම සීමාව - රුපියල් 5.00
    මාර්තු 3 මැදි මිල - රුපියල් 346.17
    මාර්තු 2 මැදි මිල - රුපියල් 353.65
    මැදි මිල පහළ යාම - රුපියල් 7.48
    පහළ යා හැකි වූ උපරිම සීමාව - රුපියල් 7.50
    මේ අනුව, වාණිජ බැංකු විසින් මහ බැංකුවේ සංඥාව නිවැරදිව ග්‍රහණය කරගෙන ඇති බව පැහැදිලියි. ඒ වගේම, රුපියල් 7.50 සීමාව නොවන්නට මිල තවත් පහත වැටිය හැකිව තිබුණු බවද පැහැදිලියි. ඩොලරයක මිල පහත යා හැකි උපරිම සීමාව රුපියල් 10 දක්වා වැඩි කර ඇති තත්ත්වයක් තුළ, ලබන සතිය ආරම්භයේදී අන්තර්බැංකු වෙළඳපොළෙහි ඩොලරයක මැදි මිල රුපියල් 336.17 දක්වා පහත වැටීමට මහ බැංකුව විසින් අවකාශ සලසා තිබෙනවා.
    ලංකාව ඇතුළේ තත්ත්වය දෙස බැලුවොත්, මෙතෙක් සිදු වූ පරිදිම, මහ බැංකුව විසින් ඩොලරයක මිල මාර්ගෝපදේශනය කෙරෙමින් පවතිනවා. එහෙත්, පුළුල් චිත්‍රය දෙස බැලුවොත්, මේ හැම දෙයක්ම ලංකාවට පිටින් තීරණය කෙරෙන බවක්ද නිරීක්ෂණය කළ හැකියි.
    ලෝක බැංකුවේ ණය දෙන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සමාගම (IFC) විසින් ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු තුනකට ලබා දුන් ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම (cross currency swap) පිළිබඳව පසුගිය සටහනේ කතා කළේ නැහැ. බැංකු පද්ධතිය තුළ සිදුවන හැම දෙයක් පසුපසම මෙම ඩොලර් මිලියන 400හි බලපෑම තිබෙනවා.
    ඉහත පහසුකම ගැන කතා කිරීම ප්‍රමාද කළේ ඒ ගැන කතා කරන්නට පෙර ලෝක දේශපාලනය ගැනත්, කල් දැමුවේත් නැති, කල් දමන්නට තිබුණේත් නැති, පළාත් පාලන මැතිවරණ ඇතුළු ලංකාවේ දේශපාලනය ගැනත් කතා කළ යුතු වූ නිසයි. තිත් ගැලපූ පසු මේ සියල්ලේම සම්බන්ධයක් පෙනෙන නිසා දේශපාලනය මග හැර ඉහත ඩොලර් මිලියන 400 ගැන කතා කළ හැකි ආකාරයක් හිතාගත හැකි වූයේ නැහැ. තහනම් වචනය හැකි තරමින් මග හැර මාතෘකාව තුළම කතා කරන ආකාරය හිතාගන්නට පොඩ්ඩක් කාල වේලා අවශ්‍ය වුනා.
    ලංකාවේ දේශපාලනය සමඟ මේ කතාව සම්බන්ධ වන ආකාරය ගැන හිතා ගැනීම පාඨකයින්ට ඉතිරි කර ලෝක දේශපාලනයෙන් පටන් ගත්තොත්, මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලබා දී ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීමට බටහිර රටවලට සහ ඉන්දියාවට අවශ්‍ය වී තිබුණා. ඔවුන් ඔවුන්ගේ පැත්තෙන් ඒ සඳහා කළ යුතු දේවල් කළා. ලංකාවේ පැත්තෙන් මහ බැංකුව හා රජය විසින්ද කළ යුතු මූලික දේවල් කළා. එහෙත්, චීනයේ සහයෝගය නොමැතිකම නිසා අපේක්ෂිත පරිදි අරමුදලේ සහයෝගය ලංකාවට තවමත් ලැබී නැහැ.
    අරමුදලේ පළමු වාරිකය ලැබුනේනම් ලංකාවට හිමිවන්නේ ඩොලර් මිලියන 790ක පමණ මුදලක් පමණයි. එම මුදලෙන් ලංකාවේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙත්, මෙම මුදල ලැබුණු පසු ලංකාවට නැවත විදේශ මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශ වී අරමුදල් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ හරහා, ආර්ථිකයේ විදේශ අංශය ස්ථායී කර ගත හැකිව තිබුණා. වාරිකය ප්‍රමාද වූ නිසා මේ වැඩේ සිදු වුනේ නැහැ.
    ලෝක බැංකුව විසින් ලංකාවේ පෞද්ගලික වාණිජ බැංකු තුනකට (සම්පත්, කොමර්ෂල් හා නේෂන්ස් ට්‍රස්ට්) ඉහත පහසුකම ලබා දී තිබෙන්නේ මෙවැනි පසුබිමකයි. එක පැත්තකින් මෙසේ ලබා දී තිබෙන පහසුකම සැලකිය යුතු මුදලක්. මෙම මුදල අරමුදලේ පළමු වාරිකය ලෙස ලැබිය හැකිව තිබුණු මුදලෙන් අඩකට පමණ සමානයි. අනෙක් පැත්තෙන් මේ මුදල් ලැබී තිබෙන්නේ මහ බැංකුවට හෝ රජයට නොව සෘජු ලෙසම පෞද්ගලික වාණිජ බැංකු තුනකටයි. (මේ අරමුදල් රාජ්‍ය බැංකු වලට ලබා නොදුන්නේ ඇයි කියන එක පසුපස තවත් දේවල් තිබෙනවා.)
    අරමුදලේ වාරිකය ලැබුණානම් ලැබෙන්නේ මහ බැංකුවට මිස වාණිජ බැංකු වලට නෙමෙයි. එම අරමුදල් වාණිජ බැංකු වෙත නිදහස් වන්නේ මහ බැංකුව විසින් විදේශ විණිමය විකිණීම හරහා පමණයි. මේ වෙලාවේ මහ බැංකුවට ඩොලර් මිලියන 790ක් ලැබුණානම් මහ බැංකුව විසින් එම මුදලින් ඩොලර් මිලියන 400ක් වහාම වාණිජ බැංකු වෙත නිකුත් කරන්නේ නැහැ. ඒ නිසා, විණිමය අනුපාතය කෙරෙහි මේ ඩොලර් මිලියන 400 පහසුකමේ බලපෑම වඩා විශාලයි කියා කියන්න පුළුවන්.
    ඉහත ඩොලර් මිලියන 400 පහසුකම ලැබෙන්නේ වසරක කාලයක් සඳහායි. එම මුදල ආනයන සඳහාත්, ආනයනකරුවන්ගේ පරණ ණය ආපසු ගෙවීම සඳහාත් යොදා ගත හැකියි. පරණ ණය ආපසු ගෙවීමෙන් පසුව ආනයනකරුවන්ට නැවතත් සැපයුම්කරුවන්ගෙන් පෙර මෙන් ණය පහසුකම් ලබාගත හැකියි. එමෙන්ම, ඉහත පෞද්ගලික බැංකු වලට මෙම පහසුකමට අමතරව ලෝක බැංකුවේ (ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ) හවුල්කාර ජාත්‍යන්තර බැංකු වලින් අඩු පොලී ණය ලබා ගැනීමේ අවස්ථාවද මේ සමඟ හිමි වෙනවා. එය පැවති තත්ත්වයට සාපේක්ෂව විශාල වෙනසක්. ඒ වගේම, ඉහත හේතු නිසා මේ ඩොලර් මිලියන 400හි බලපෑම එම මුදලට වඩා වැඩියි.
    මේ තත්ත්වයත් එක්ක ඉහත වාණිජ බැංකු තුනට ආනයනකරුවන්ට නැවතත් "අත දිගහැර" ඩොලර් විකිණිය හැකි වන නිසා රටට එන ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් ලබා ගැනීමට අනෙක් වාණිජ බැංකු සමඟ පෙර මෙන් තරඟ කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසාම, අනෙක් වාණිජ බැංකු වලට වැඩියෙන් ඩොලර් මිල දී ගැනීමට අවස්ථාව ලැබෙනවා. සමස්තයක් ලෙස බැංකු පද්ධතිය තුළ ඩොලර් ඉල්ලුම ඉක්මවා සැපයුම ඉහළ යනවා. කෙසේ වුවත්, මේ සියල්ල සිදු වන්නේ කෙටිකාලීනවයි.
    හරියටම ඉහත ගිවිසුම අත්සන් කළ පෙබරවාරි 27 දිනම මහ බැංකුව විසින් කාලයක් තිස්සේ බැංකු මත පනවා තිබුණු ඩොලර් ලැබීම් වලින් 25%ක් අනිවාර්යයෙන් මහ බැංකුවට විකිණිය යුතු බවට වූ අවශ්‍යතාවය 15% දක්වා ලිහිල් කරනවා. එසේ කරන අතර ඩොලරයක මිල විචලනය විය හැකි සීමාවද පුළුල් කරනවා. මෙය සැලසුම්සහගත ලෙස සිදු කළ දෙයක් බව පැහැදිලියි. එමෙන්ම එසේ කිරීමේ ඉලක්කය ඩොලරයක මිල පහත දමා ගැනීම බවද පැහැදිලියි. මේ කොටස පෙර ලිපියේ විස්තර කර තිබෙන නිසා නැවත විස්තර කරන්නේ නැහැ.
    ඉහත 25% සීමාව 15% දක්වා අඩු කිරීම නිසා මසකට බැංකු පද්ධතිය තුළ ඩොලර් මිලියන 100කට ආසන්න ඉතිරියක් සිදු වෙනවා. එම මුදල මහ බැංකුව විසින් මිල දී නොගතහොත් අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ඩොලරයක මිල පහත වැටීමයි. මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගන්නවා විය යුතුයි. එහෙත් ඩොලරයක මිල පහත වැටීමට බාධා වන තරමට ඩොලර් මිල දී ගන්නා බවක් පෙනෙන්නට නැහැ.
    මෙතෙක් පැහැදිලි කළේ ලංකාව මේ වන විට වැටී සිටින තත්ත්වයට සාපේක්ෂව, හරියටම කියනවානම් රටේ ඉතිරිව තිබෙන නිල සංචිත ප්‍රමාණයට සාපේක්ෂව, ඩොලර් මිලියන 400ක් කියන්නේ මහමෙරක් බවයි. නමුත්, අනෙක් පැත්තෙන්, ලංකාවේ ණය කන්ද මෙන්ම ආනයන ඉල්ලුම හා සැසඳූ විට මේ මුදල සොච්චමක්. දැන් අපි ඒ පැත්ත දෙසත් බලමු.
    ගෙවුණු 2023 ජනවාරි මාසයේදී ලංකාව ආනයන වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,388ක්. පෙර වසරේ (2022) ජනවාරි මාසයේදී මෙම වියදම ඩොලර් මිලියන 1,959ක්. වෙනස ඩොලර් මිලියන 571ක්. ඒ කියන්නේ, 2022 මට්ටමෙන් ආනයන සිදු වන තත්ත්වයක් යටතේ ඩොලර් මිලියන 400ක් කියන්නේ මාසයකටවත් ප්‍රමාණවත් නොවන මුදලක්. පවතින තත්ත්වය තාවකාලික සහනයක් පමණක් බව තේරුම් ගන්නට මෙම කරුණ වුවද ප්‍රමාණවත්යැයි මා සිතනවා. 2022 ජනවාරි මාසය වන විටද වාහන ආදිය ආනයනය නොකළ බවද අමතක කළ යුතු නැහැ.
    පසුගිය ජනවාරියට සාපේක්ෂව ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා ආනයන ඉල්ලුම පෙර පැවති මට්ටමටම නොපැමිණිය හැකි වුවත්, ඩොලරයක මිල ඕනෑවට වඩා පහළ ගියොත් නැවතත් ආනයන ඉල්ලුම ප්‍රශ්නයක් විය හැකියි. කොහොම වුනත්, මධ්‍යම පංතියට ලොකු ප්‍රශ්නයක් වී ඇති ඇපල්, මිදි, චීස්, සුවඳ විලවුන් නැවතත් රටට එයි. එහෙත්, ඉතා ඉක්මණින් වාහන ගෙන්වන්න ලැබෙයි කියානම් හිතන්න අමාරුයි.
    ආනයනකරුවන්ගේ පැත්තෙන් බැලුවොත් ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙමින් තිබෙන මේ වගේ වෙලාවක ඔවුන් ආනයන සඳහා ඩොලර් මිල දී ගන්න හදිසි වෙන එකක් නැහැ. ඒ නිසා, ඉතාම කෙටිකාලීනවනම් සිදු වන්නේ ආනයන ඉල්ලුම අඩු වීමයි. මේ තත්ත්වය වෙනස් වනු ඇත්තේ නැවතත් ඩොලරයක මිල යම් මට්ටමක ස්ථාවර වීමෙන් පසුවයි. අනෙක් පැත්තෙන් අපනයනකරුවන් විසින් රටෙන් පිටත රඳවාගෙන සිටින ඩොලර් මෙන්ම මුදල් හුවමාරුකරුවන් වැනි අය රඳවාගෙන සිටින ඩොලර් නෝට්ටු පවා මේ වෙලාවේ බැංකු පද්ධතිය වෙත පැමිණීම අනිවාර්යයන්ම සිදු වන දෙයක්. ඒ නිසා, කෙටිකාලීනව සිදුවන්නේ බැංකු පද්ධතිය තුළ ඩොලර් ද්‍රවශීලතාවය විශාල ලෙස ඉහළ යාමයි.
    ඩොලරයක මිල පහත වැටීම පාලනය කිරීමට මහ බැංකුවට වෙළදපොලෙන් ඩොලර් මිල දී ගන්නට සිදු වෙනවා. එහෙත්, ඒ සමඟම රුපියල් නිකුත් වීමක්ද සිදු වෙනවා. එම රුපියල් නැවත අවශෝෂණය කර ගැනීමටනම් මහ බැංකුවට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් විකුණන්නට සිදු වෙනවා. එහෙත්, එසේ කිරීමේදී පොලී අනුපාතික ඉහළ යනවා.
    සල්ලි අච්චු ගැසීමක් සිදුවන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේදී පමණක් නෙමෙයි. මහ බැංකුව විසින් සංචිත ඉහළ දමා ගැනීම සඳහා වෙළඳපොලෙන් ඩොලර් මිල දී ගනිද්දීත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. පසුගිය ජනවාරි මාසය තුළ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන නැතත්, ඩොලර් මිල දී ගැනීම නිසා සංචිත මුදල් ඉහළ ගොස් තිබෙනවා. මොන හේතුව නිසා සිදු වුනත් සංචිත මුදල් වැඩිවීම ප්‍රශ්නයක්. එහෙත්, විදෙස් සංචිත ඉහළ දමා ගැනීමද කළ යුතුම දෙයක්. පොලී අනුපාතික ඉහළ යන්නට නොදී මේ දෙකම එකවර කරන්නත් බැහැ. මෙය ඉතාම අභියෝගාත්මක තත්ත්වයක්.
    මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. මෙවර මුදල් ප්‍රතිපත්තිය තීරණය කර තිබෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනුයි. ඒ බව මහ බැංකුව කෙළින්ම වගේ කියා තිබෙනවා. කොහොමටත් මහ බැංකුව මේ වන විට පත් වී සිටින තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි කටයුතු කරනවා මිස වෙන කළ හැකි දෙයකුත් නැහැ. පොලී අනුපාතික තවත් වැඩි වෙන්නට ඉඩ නොදෙමින්, උද්ධමනයද පාලනය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස මහ බැංකුව විසින් ඩොලරයක මිල පහත වැටෙන්නට ඉඩ සලසා තිබෙනවා විය හැකියි.
    #ඉකොනොමැට්ටා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :rolleyes:


    CFwvnjY.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,144
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රුපියල්වලට මාරු කරනවට වඩා හොදයි බං මේ සල්ලිවලින් වැලි ගන්නවා. :lol:
    රුපියල් කරනවට වඩා හොඳයි පවුලත් අරගෙන මෙහෙන් යන එක
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Rs30 adu wenawa kiyala hithuwoth lost eka 3.6M rupees
    ඒක එහෙම හිතන්න බැහැනේ බන්
    මේ ඩොලර් හම්බුනු වෙලාවෙ රේට් එකත් එක්ක එපැයි කම්පෙයා කරන්න
    මේව 200 කාලෙ හම්බුනු ඩොලර් නං අතර මැද අඩු වැඩි වීම ගැන හිතන්න ඕන නැහැ අවසානෙ සෙට්ල් වෙන ගාන 200ට වඩා වැඩි උනාම ඇති
    වැඩි උනු වෙලාවෙ රුපියල් වලට කන්වර්ට් කරා කියලා ලොකු රුපියල් ගානක් හම්බෙන් එක ඇරෙන්න කිසිම වාසියක් නැහැ, ඒ රුපියල් වලින් වැඩක් නැහැ සාපේකශව සියලුම බඩු ගනන් ගිහින් තියන නිසා
    ඩොලර් එකට සාපේකශව සියලුම බඩු මිල ඉහල පහල යන නිසා වැඩි වුනු වෙලාවෙ රුපියල් වලට කන්වර්ට් කරේ නැහැ කියලා කිසිම අවාසියක් නැහැ

    මොනදේ උනත් ලෝන් දාල ගනිපුවා නෙමයි නං ඩොලර් කන්වර්ට් නොකර තියා ගන්න එක තමයි කරන්න පුලුවන් හොඳම දේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපිටත් ඒක ටිකක් වෙනස් විදිහකට කරන්න පුළුවන් වෙයි.

    රේට් අඩු වෙනකොට රටින් බඩු ඕඩර් කරනවා. වැඩි වෙනකොට හම්බ කරන ඩොලර් රුපියල් කරනවා. :-D

    බලමු මොකද වෙන්නෙ කියල
    පලවෙනි ඩොලර් ණය වාරිකේ ගෙවන කාලෙට ඕක කරන්න පුලුවන් ඇස් පියාගෙන :lol:
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    CB will not going to let this go up. They will maintain rate around 320-340 through $ buying and selling.

    That's why they increased the interest rate as well. They test the waters this week to check market reaction.

    This is IMF playing their hand behind the curtain.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    නැහැ මචන්. IT services නිසා අවුලක් නෑ.
    උඹ දැන් නැහැ කියනව නේ ලස්සනට. මාත් එක්ක මරාගත්තෙ නැති එක විතරයි ගිය අවුරුද්දෙ ඩොලර් කන්වර්ට් කරන්නෙ නෑ කිව්වම 😁
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹ දැන් නැහැ කියනව නේ ලස්සනට. මාත් එක්ක මරාගත්තෙ නැති එක විතරයි ගිය අවුරුද්දෙ ඩොලර් කන්වර්ට් කරන්නෙ නෑ කිව්වම 😁

    ගිය අවුරුද්දෙ දෙසැම්බර් වගේ ඉදන් IT service උන්ට කිසි අවුලක් නැතුව ඩොලර්ස් තියා ගන්න පුලුවන් මචන්. ඊට පස්සෙයි මමත් ආයි ඩොලර් අකවුන්ට් එකට සල්ලි එවන්න් ගත්තෙ.