//පොඩි දරුවෙක් කැමති වුන පළියට ඒ පොඩි එකාට අරක්කු බොන්න බෑලු... කසාද බඳින්න බෑලු... යුද්ධෙට යන්න බෑලු... වාහන එලවන්න බෑලු... හවස හයෙන් පස්සෙ තනියෙම පාරෙ යන්න බෑලු... කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බෑලු... ඉස්කෝලෙ යන්නැතුව ඉන්න බෑලු... දවසම වීඩියෝ ගේම් ගහන්න බෑලු... අම්මලා ආරම්භ කරපු ඉතිරි කිරීමේ ගිණුමෙන් සල්ලි අරගෙන ඒ සල්ලි ඔක්කොම වියදම් කරලා සෙල්ලම් බඩු ගන්න බෑලු... ඉස්කෝලෙ යන්නෙ නැතුව දවසම යාලුවො එක්ක ක්‍රිකට් ගහන්න බෑලු... වහලෙ උඩ නගින්න බෑලු... ඡන්දෙ දාන්න බෑලු... බත් කන්නෙ නැතුව තුන් වේලටම චොක්ලට් කන්න බෑලු... හෝම් වර්ක් කරන්නැතුව ඉන්න බෑලු... ගින්දර එක්ක සෙල්ලම් කරන්න බෑලු... ගැඹුරු තැන් වල තනියෙම නාන්න බෑලු... අම්මලා එක්ක තරහ වෙලා ගෙදරින් යන්න බෑලු... කොටින්ම උදේ පරක්කු වෙලා නිදාගන්න, දවල්ට කෑම එපා බඩිගිනි නෑ කියන්න, රෑට නිදිමත නෑ තව ඇහැරිලා ඉන්න ඕන කියන්න...... ඔය මුකුත් බෑලු...
මේකා තාම පොඩි එකෙක් නිසා ඔය කිසිම දෙයක බරක් පතලක් තේරෙන්නෙ නෑලු... 'කරන දෙයක් ලොකු වුනාම කරගනින්, උඹ තාම ඔය වැඩ කරන්න පොඩි වැඩියි' කියලලු හැම වෙලේම මූ එක එක ඒවා කරන්න ඕනේ ඕනේ කිය කිය අඬද්දි අම්මලා කියන්නෙ..
කොටින්ම මේකාට ඌ ගැන කොච්චර නම් නොතේරෙනවද කියනවා නම් ඌ උදේ ඇහැරුන වෙලේ ඉඳල රෑ නින්දට යනකල්ම මූ කරන දේවල් ගැන දෙමව්පියෝ ඉන්නේ ඇහැ ගහගෙනලු...
දැන් ඔය මුකුත් බැරි, ඔය මුකුත් තේරෙන්නැති මූට කරන්න පුළුවන් මොකක්ද?
මූට පුළුවන්ලු...
සාරාසංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා, ඊටත් පස්සෙ අවුරුදු ගාණක් දුෂ්කර ක්‍රියා කරලා අවබෝධ කරගත්තයි කියන, ජීවිතයේ අනිත්‍යය බව ගැන සහ එහි ස්වභාවය ගැන සාකච්ඡා කරන, සසර ගමනින් එතෙර වෙන මාර්ගය උගන්වන ලොව ගැඹුරුම ආගමට ඇතුළු වෙන්න කැමති නම්, මූට පුළුවන් ලු ඒ ආගමට බැඳිලා මහණ වෙන්න..
අර මුකුත් නොතේරෙන, ඒ මුකුත් බැරි පොඩි එකාට අන්න ඒ කිව්ව මහණ වීමේ තීරණය තේරෙනවලු. ඒකට ඌ කැමති වෙන්නෙ සේරම තේරුම් බේරුම් කරගෙනලු... එතනදි උගෙ කැමැත්තට ඉඩ දෙන්නම ඕනලු...
කවුද දැන් මේ කතාව පුක හපාගෙන කියන්නෙ...?
තමාගෙ දරුවා වැඩිහිටියෙක් වෙලා, අවුරුදු දහ අටත් පැන්නයින් පස්සෙ තමා අකමැති ජාතියේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක යාලු වුනාම දාන්න තියෙන නීති ඔක්කොම දාලා සම්බන්දෙට ඇඟිලි ගහන.... අවුරුදු විසිපහේ විසිහයේ තමන්ගෙ 'අලිබබා' බඳින්නෙ මොකාවද.. ඌ/ඒකි හැමිනෙන්නේ කාත් සමඟද, කුමන වේලාවකද, බඳින්න කලින්ද පස්සෙද... මූ මුගේ ගෑණි එක්ක/මිනිහා එක්ක පවුල් කන්නෙ කොහොමද, මූ මුගෙ දරුවාට නම දාන්නේ සුභ අකුරු වලින්ද, මුගේ ගෑණි ගෙදර හැමදාම උයනවද, කන්නෙ කඩෙන්ද..
ඔය වගේ එකී මෙකී නොකී හැම ඉලව්වම තමන්ගෙ 'වැඩිහිටි බබාට' තේරෙන්නෑ කියන... තමන්ගෙ දරුවා වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් ඌ මුකුත් නොතේරෙන බබෙක් කියල හිතලා ඌ කරන හැම මගුලටම ඇඟිලි ගගහා ඌව නිවැරදි කරන්න හදන වාහේ ලා ඉන්නෙ...
අන්න ඒ වගේ උන් තමා පුක කා ගෙන කියන්නෙ අර කලින් කිව්ව පොඩි එකාට "මහණ වෙන්න නම් තේරෙනවා" කියල.
ඔව්... උන්ගෙ එවුන්ට අවුරුදු විසිපහ පැනලත් උන්ගෙ අවසරය නැතුව බඳින්න කලින් කැමති එකෙක්/එකියක් එක්ක හැමිනෙන්නවත් බෑ... ඇයි?? තේරෙන්නෑනෙ.. ඉක්මනට රැවටෙනවනෙ.. පොඩි එකානෙ.. තමන්ගෙ එකාට ඌට ඕන මනුස්සයාව බැඳගන්න තියෙන උගෙ කැමැත්ත පිළිනොගන්න එවුන් අර අසරණ පොඩි එකාට මහණ වෙන්න තියෙන කැමැත්ත උඩින්ම පිළිගන්නවා...
තමන්ගෙ එකාට මෙහෙමයි.. අනුන්ගෙ එකාට එහෙමයි.
පොඩ්ඩක් කල්පනා කරල බැලුවම පේනවා මේකත් අර දුප්පත් පවුල් වලින්ම ශරීර ශක්තිය තියෙන, හිත හයිය, වීරිය උරුම කරගෙන ඉපදුන කොල්ලො බිහි වෙලා දුප්පත් පවුල් වල කොල්ලොම හමුදාවට යනවා වගෙ වැඩක්ම තමයි..
පොඩි කාලෙම මහණ වෙන එකේ හොඳ නරක තේරෙන්නෙමත් දුප්පත් පවුල් වලම ළමයින්ටනෙ... සල්ලිය බාගෙ තියෙන පවුල් වල ළමයින්ට අවුරුදු විස්ස තිහ පහුවෙලත් බඳින එකාවවත් තෝරගන්න තේරෙන්නෑනෙ...
අනේ මේ කුණුහරප නොකියා ඉඳින්...! ..//