ekko wahapan kyanna thama wenne.ehema naththam wena privat powerplant walin power ganna one 
මෙන්න මූට නම් ඔය සම්බන්ධව මෙලෝ දැනුමක් නැහැ වගේ නේද..
විදුලිය බිඳ වැටීම 'කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයි
![]()
දිවයින පුරා විදුලිය විසන්ධි වීම කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක් පවතින බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
'මේ බිඳ වැටීම සහ ඒ හා සම්බන්ධ මතුපිටින් පෙනෙන කරුණු අනුව මෙය ඉතාම අස්වාභාවික තත්වයක්. මේ සිදුවීමත් මීට සති දෙකකට කලින් සිදු වූ බිඳ වැටීමත්. ඒ නිසා අපිට සැක කරන්න හේතු තිබෙනවා තාක්ෂණික කාරණාවලින් පරිබාහිර කාරණා තිබෙනවද කියලා' නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේ නමුත් ඒ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණවලින් තොරව නිගමනයකට පැමිණීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විවෘත මනසින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
අද දින විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අදියර තුනම අකර්මණ්‍ය වී ඇති බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා එය යථාතත්වයට පත් කර ගැනීමට දින තුනක් පමණ ගත වනු ඇති බවයි කියා සිටියේ.
''ඒක තමයි අපට තිබෙන ලොකුම ගැටලුව. අපි අභියෝග ජය ගන්න පුළුවන් ජාතියක්. අපි ඒ අභියෝගේ ජය ගන්නවා.''
විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන පාලක මැදිරියේ සිට සමස්ත විදුලි සැපයුම යථාතත්වයට ගෙන ඒම සඳහා ඉංජිනේරුවන් කටයුතු කරන බවත් ඔවුන්ට ධෛර්යක් සැපයීම සඳහා තමාද එම ස්ථානයට ගොස් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
![]()

අපිට දෙන ලොකුම ධෛර්ය නම් පවර් සප්ලයිඑක දෙනවෙලාවට මෙන්න මේ කේබල්දෙක අල්ලගෙන හිටපිය කියල 33000 කේබල්දෙකක් දෙන්න තිබුනෙ අල්ලගෙන හිටපිය කියල හිටං.