ලයිශන් පරණ වාහන ආදායම් බලපත්‍රය ගන්නා ආකාරය

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    CD 125 / 185 / 200 ගොඩක් බයික් වල ආදායම් බලපත්‍රය සැලකිය යුතු අවුරුදු ගානකින් නෑ...ගොඩක් අය ආසාවෙන් බයික් එකක් ගත්තට බයක් සැකක් නැතුව පදින්න විදියක් නෑ අවුරුදු ගානක් ආදායම් බලපත්‍රය අලුත් කරල නැති නිසා. තව එකක් තමයි, අයිතිකරු නොවන අවස්ථා වලදි ආදායම් බලපත්‍රය අලුත් කර ගන්නත් බැරුව යන අවස්තා තියෙනව.
    ඉතින් ඔය ප්‍රශ්නෙම මටත් ආව නිසා කොහොම හරි වැඩේ කර ගන්න ඕන හින්දා, මම ගොඩක් අයගෙන් විස්තර අහගෙන වැඩේට බැස්සා. ගෲප් එකෙ විස්තර කිව්ව හැමෝටමත් ස්තුති..
    😗

    මම වැඩේ කර ගත්ත විදියයි, ඕන වෙන ලියකිවිලි ටිකයි පහලින් දාන්නම්..,

    ... ඕන කරන ලියකිවිලි හදා ගමු...
    * ඔරිජිනල් පොත සහ පොතේ කොපි කීපයක්
    * යතුරු පැදියේ වර්තමාන අයිති කරුගේ ජාතික හැදුනුම්පතේ කොපි කීපයක්.
    ( පැවරුම් කරුගේ, ඒ කියන්නෙ පොතේ නම තියෙන කෙනාගෙ )

    * ඔයාගෙ ජාතික හැදුනුම්පතේ කොපි කීපයක් ( පැවරුම් ලාබියා, ඒ කියන්නෙ බයික් එක අරන් ඉන්න ඔයාගෙ )
    * යතුරු පැදිය සඳහා ආදායම් බලපත්‍රය ලබා දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තුමා වෙත ඉල්ලීම් කරල ලියුමක් හදා ගන්න ඕන අනිවාරෙන්ම. ( මෙකෙත් කොපි දෙකක් විතර ළඟ තියා ගන්න )

    * ඉන්සුවරස් එක සහ දුම් වාර්තව අනිවාරෙන්ම අරන් යන්න ( කොපි කීපයක් අරගෙන යන්න )
    * උඩ කියපු මොනව තිබ්බත් වැඩක් නෑ. අත්සන් කරපු අලුත් හෝ පරණ ට්‍රාන්සර් පේපර් සෙට් එකක් නැත්නම්..
    🥹
    (MT6 & MT8)
    ගොඩක් බයික් අතින් අතට යන්නෙ පරණ ට්‍රාන්සර් පේපර් එක්ක. අලුත් අකෘතියට ආව ට්‍රාන්සර් පේපර් වල , පැවරුම්කරු " එක් දින සේවය යටතේ පැවරීමට කිසිදු අකමැත්තක් නැහැ" කියල යටම කොටසෙ අත්සන් කර ගන්න තියෙනව. ඒක අනිවාරෙන් අත්සන් කර ගන්න. ඒතන අත්සන් කරන එක ගොඩක් වැදගත් වෙන්නෙ ආදායම් බලපත්‍රය අලුත් කරන් ආවම එක් දින සේවයෙන් තමන්ගෙ නමට පොත හරව ගන්න බලාගෙන එන අයට.
    පරණ ට්‍රාන්සර් පේපර් එකක් නම්, අයිතිකරු එක් දින සේවය යටතේ පැවරීමට කැමති කියල දුන්න ලියුමක් තියෙන්න ඕන. සාම විනිසුරු වරයෙක් ඉදිරියෙ අත්සන් කරපු.
    🥹


    ( හො.ම.ත.ග.යු මම අයිතිකාරයාව හොයාගෙන ගිහින් අලුත් එකක් අත්සන් කර ගත්ත. ඒක නිසා අවුලක් උනේ නෑ
    😁
    )
    ✔
    පිට පළාතක කෙනෙක් නම්, මේ ටික සේරම හදාගෙන උදේ 8:00 වෙනකොටවත් යන්න නාරාහේන්පිට RMV එකට, ගිහින් යතුරු පැදි අංශෙ, සාමාන්‍ය සේවය යටතේ පැවරුම් කවුන්ටරයට යන්න. ඕන කරන ලියකිවිලි එයාලා ඉල්ලුවාම ඒ ටික දෙන්න.

    ✔
    දෙන්න කලින් අනිවාරෙන්ම කවුන්ටරේට කියන්න "ලයිසන් එක හදා ගන්න ඕන, අවුරුදු කීපයකින් ලයිසන් කරල නෑ" කියල..

    ඊටපස්සෙ එතනින් දෙනව, පොඩි රිස්ට් එකක්. රිසිට් එක අරන් විමර්ශන අංශෙට යන්න ඕන.. බලපත්‍රය ලබා ගන්න ඉල්ලුම් කරල ලියා ගත්ත ලියුමත් දෙන්න ඕන එතනට තමයි.. එතනිනුත් අවශ්‍ය ලියකිවිලි දීලා, පැයක් විතර ඉන්න ඕන හැබැයි විමර්ශන අංශෙ ලියුම ගන්න
    😄


    ඔය ටික කර ගන්න පුලුවන් උනොත්. ඒ ලියුම අරන් ගිහින් අදාල පලාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගන්න පුලුවන්... මගෙ බයික් එකනම් කොළඹට තිබුන නිසා මාලිගාවත්තට යන්න උනා.

    බස්නාහිර පලාතට අදාල වාහනයක් නම්, මාලිගාවත්තට ගිහින් අර විමර්ශන අංශෙන් දෙන ලියුම සහ අවශ්‍ය ලියකිවිලි දීලා, අදාල දඩ මුදල් ගෙවල ආදායම් බලපත්‍රය අර ගන්න පුලුවන්.
    ආදායම් බල පත්‍රය දෙන්නෙ black list කරල.. නැවත අපේ නමට පොත හරවගෙන ඇවිත් Unblock කර ගන්න ඕන..
    මේ තියෙන්නෙ මම ආදායම් බලපත්‍රය ලබා ගත්ත විදිය. සමහර අයගෙ ක්‍රමය වෙනස් වෙන්න පුලුවන්. මම දන්න තරමින් මේ ක තමයි නීතිමය අතින් හරි ක්‍රමය..
    😁

    මීට අමතරව ප්‍රශ්ණ ඇත්නම්.කමෙන්ට් එකක් දාන්න.. රිප්ලයි කරන්න
    😍


    ========================

    https://www.facebook.com/share/p/RnbVkvbzKJZSvrxd/
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    Mage ekak thiyenawa , eketh license 2016n passe karala naha. bike eke podi kathandarayak thiyenawa. mama eka full restore karana gaman. eke license karaganne kohomada kiyala thama kalpana kare. RMV online check karahama book eka nam expire naha. habayi meke transfer papers mokuthma naha. potha & 2016 lisence eka witharayi thiyenne. previous owner insividual person kenek neme. department ekak
     
    • Like
    Reactions: kinkon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    Mage ekak thiyenawa , eketh license 2016n passe karala naha. bike eke podi kathandarayak thiyenawa. mama eka full restore karana gaman. eke license karaganne kohomada kiyala thama kalpana kare. RMV online check karahama book eka nam expire naha. habayi meke transfer papers mokuthma naha. potha & 2016 lisence eka witharayi thiyenne. previous owner insividual person kenek neme. department ekak
    Gov or private?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    Government
    ehenam wade tikak lesim gihin ee department eke director or commissioner hamba wenna. habai oya gaththa kiyala proof monawa hari aran yanna one, mokada wikunawama inventory walin ain karana nisa aaye books awussanna monawa hari thiyenna one, podi ganak denna wenna puluwan eeth labai mokada hariyata ee dept eken release eka thiye nam RMV eken leda danne na, pvt company walata wada punchi ammage panty eke idala genna kiyanawa. Bill of Sale eka nam aniwa ona. Election ekata kalin karaganna puluwan nam hodai, aluth ministor la ehema path wela masa ganak yanakam oya wage wada maga arinawa minissu bayata
     
    • Like
    Reactions: Hasistranger