ලයිසන් එක රිනිව් කරන්න - හෙල්ප්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලයිසන් එක රිනිව් කරන්න - හෙල්ප්

    license.jpg

    මචංලා පොඩි හෙල්ප් එකක් ඕන..
    මගේ ඩ්‍රයිවින් ලයිසන් එක ලබන මාසේ එක්ස්පයර් වෙනවා..
    ලයිට් වෙහිකල් චිප් එක තියෙන ලයිසන් එකක්..
    මේක රිනිව් කරගන්නේ කොහොමද?
    මොනවද ඕන ඩොකියුමන්ට්? කීයක් යනවද?
    කොච්චර දවස් යනවද?
    ෆොටෝ එහෙමත් අලුතෙන් ඕනද?
    ලඟදි කරගත්ත කෙනෙක් ඉන්නවද?
    උදව්වක් දෙන්න..
    ජය..
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පියවර 1: අයදුම්කරු , පහත සදහන් කාර්යාලයන් වෙතින් ඵඕ 34 ඉල්ලූම් පත්‍රය ලබාගනී.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍යසේවා)
    කොළඹ, වෙරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය.(ප්‍රමුබතා සේවා)

    පියිවර 2: අවශ්‍ය ලියවිලි සමග සම්පුර්ණ කරනලද ඉල්ලූම් පත්‍රය අයදුම් කරු විසින් සහකාර කොමසාරිස් වෙත ඝෘජුව යොමුකරයි. පහත දැක්වෙන කාර්යාල වෙත ඉදිරිපත් කරයි.


    දිස්ත්‍රික් ලේකම් කාර්යාල(සාමාන්‍යසේවා)
    කොළඹ, වෙරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය. (ප්‍රමුබතා සේවා)

    පියවර 3: දෙපාර්තමේන්තුව විසින් ඇමතුමක් ලැබුවිට අයැදුම්කරු ලිඛිත පරික්ෂණයට ඉදිරිපත් වෙයි.
    පියවර 4: දෙපාර්තමේන්තුව විසින් ඇමතුමක් ලැබුවිට අයැදුම්කරු ප්‍රායෝගික පරික්ෂණයට ඉදිරිපත් වෙයි. මෙම විභාගයෙහි ප්‍රතිඵල ලෙස ලබන සාමාර්ථ මාස 6ක් දක්වා වලංගු වේ.
    පියවර 5: අයැදුම් කරු ඔහුගේ/ඇයගේ දැනට පවත්නා බලපත්‍රය අධික්ෂණ නිලධාරියාට භරදෙයි.
    පියවර 6: දෙපාර්තමේන්තුව නව දීර්ඝ කරණ ලද බලපත්‍රය නිකුත් කරයි.(බලපත්‍රය අදුම්කරු වෙත තැපැල් මගින් යවනු ලැබේ.)


    සටහන
    අයැදුම්කරු ලිඛිත පරික්ෂණයෙන් අසමත්වන්නේනම්.
    තුන්වරක් ඉදිරිපත්විම වෙනුවෙන් රු100.00ක් ගේවිමෙන් අයැදුම්කරුට ලිඛිත පරික්ෂණය සදහා නැවත ඉල්ලූම්කල හැක.
    අදම්කරු ප්‍රයෝගික පරික්ෂණයෙන් අසමත් වන්නේ නම්.
    තුන්වරක් තෙක් ප්‍රායෝගික ප්‍රරික්ෂණයට ඉදිරිපත්විම වෙනුවෙන් සම්පුර්ණ ගෙවිම් කර ප්‍රායෝගික පරික්ෂණය සදහා නැවත ඉල්ලූම් කිරිමට අයැදුම්කරුවන්ට හැකිය.


    සුදුසුකම්
    1. බලපත්‍ර සහතික කරගැනිම සදහාවු සේවාව සදහා බලපත්‍රයන් සතුව ඇති කවර අයැදුම්කරුවෙකුට හෝ ඉල්ලූම් කල හැක.
    2. මෙම සේවාව සදහා ඉල්ලූම්කිරිමට හේතුවන්නේ පවත්නා බලපත්‍රයන් අනුමත නොකරණ ලද අන්‍ය ආකරයේ වාහන පැදවිමේ කාර්ය්‍ය සදහාය.
    3. ශ්‍රි ලංකාවේ ස්ථිර පදිංචි කවරෙකුට වුවද මෙම සේවාව ලබාගැනිම සදහා ඉල්ලූම්කල හැක.
    4. මෙම සේවාව ලබාගැනිම සදහා සපුරාලිය යුතු කොන්දේසි මෙසේය.

    අයැදුම්කරු ශ්‍රිලංකාව තුල පුරවැසියකු විය යුතුය.
    ඉල්ලූම්කරු වයස අවුරුදු 18ට වැඩි වියයුතුය.
    ලිඛිත හා ප්‍රායෝගික පරික්ෂණයන්හිදි සිය අනන්‍යතාවය තහවුරු කල යුතුය.
    ඉහත සදහන් පරික්ෂණ දෙකෙන්ම සමත් විය යුතුය.
    ක්‍රියාදාමය සදහා අවශ්‍ය සියලූම ලියකියවිලි ඉදිරිපත් කලයුතුය
    ඉල්ලූම් පත්‍රය ඉදිරිපත් කල දින සිට ප්‍රායෝගික පරික්ෂණය දක්වාවු කාලය මාස 6කට අඩුවිය යුතුය.

    ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය.
    සියලූම ඉල්ලූම්පත්‍ර බලපත්‍ර අංශයේ සහකාර කොමසාරිස් වෙත ඝෘජුවම ඉදිරිපත් කල යුතුය.

    සහකාර කොමසාරිස් - බලපත්‍ර අංශය
    මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව
    තැ:පෙ: 533,581-341,
    ඇල්විටිගල මාවත,
    කොළඔ.05

    සටහන1: මෙම සේවාව ලබාගැනිම පහසු කරනය සදහා සියලූම අයැදුම් කරුවන්ට බලපත්‍ර පහත සදහන් කාර්යාල වෙතින් ලබාගත හැක.


    සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල(සාමාන්‍යසේවා)
    කොළඹ, වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය. (ප්‍රමුබතා සේවා)

    ඉල්ලූම්පත් අකෘතිය
    ඵඕ 34 තවකාලික බලපත්‍රයක් සදහා දිර්ඝ කිරීම ඉල්ලූම්පත්‍රය.

    කාලනියමයන්

    ක්‍රියාදාම කාලනියමය

    එක් දින(ප්‍රමුබතා සේවා) සදහා සතියක් ඇතුලතදි බලපත්‍රය නිකුත් කෙරේ.
    සාමාන්‍ය සේවා සදහා සති 2සිට මාස 3ක් ඇතුලතදි බලපත්‍ර නිකුත් කෙරේ.
    ඉදිරිපත් කිරීමේ කාල නියමය

    ඉල්ලූම් ඉදිරිපත් කිරිම සදහා

    වැඩකරන දිනයන් සදුදා සිට සිකුරාදා
    කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව3.00 දක්වා (සාමාන්‍ය)
    කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව12.30 දක්වා (ප්‍රමුබතා)
    නිවාඩු දිනයන් සියලූම රජයේ හා වෙළද නිවාඩු දිනයන්
    සටහන: එක් දින ක්‍රියාදාමය සදහා ඉල්ලූම් කරන අයැදුම් කරුවන් හට සිය නව දිර්ඝ කරණ ලද බලපත්‍ර ඉල්ලූම් කල දිනයෙහිම ප.ව 3.30ට පසු ලබාගත හැක.


    වලංගු කාල නියමය
    ඉල්ලූම්පත්‍රය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාස 6ක් ඉක්ම ගියපසුව ප්‍රායෝගික පරික්ෂණයට ඉදිරිපත් වන විටදි එක් ඉල්ලූම්පත්‍රයෙහි වලංගු කාල සිමාව අහෝසිවේ.


    සේවා සදහා අදාල මිළ.ණන්

    ඉල්ලූ පත්‍රය ලබාගැනිම ඉල්ලූම්පත්‍ර නොමිලයේ සැපයේ

    සේවා ස්වභාවය
    1පංතියේ වාහන
    2පංතියේ වාහන
    සාමාන්‍ය සේවා රු. 520.00 රු. 1020.00
    ප්‍රමුබතා සේවා රු. 770.00 රු. 1720.00
    දඩ ගාස්තු
    බලපත්‍රනිකුත් කිරීමේ ක්‍රියාවලියෙහිදි කිසිදු දඩ ගාස්තුවක් අය නෙකෙරේ.


    අධිභාර
    ලිඛිත පරික්ෂණයෙන් අසමත් වන විටදි අයැදුම්කරුවකු නැවත ඉල්ලූම් කිරීම සදහා රු100.00 යක් නැවත පෙනි සිටීමට වලංගුවේ.
    ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වන විටදි අයදුම්කරුවකු විසින් නැවත ඉල්ලූම් කරීම සදහා සම්පුර්ණ ගෙවීම කල යුතුය. (මෙය තුන්වරක් නැවත ඉදිරිපත්විම සදහා වලංගු වෙයි)


    අවශ්‍ය සනාථකරන ලියවිලි
    1. ජාතික හැදුනුම් පත /ජතික හැදුනුම් පත් අංකය දැක්වෙන පාස්පෝට් බලපත්‍රය හා ඡාය පිටපතක්.
    2. එම්.බි. බි.එස් උපාධිධාරි වෛද්‍යවරයා වෙතින් ලබාගත් වෛද්‍ය සහතිකයක්
    3. දැනට පවත්නා රියදුරු බලපත්‍රය.
    බස් හෝ ලොරි සදහා බලපත්‍රයක් ඉල්ලූම්කරනනේ නම්‍‌ද, ලංගම වෛද්‍ය ආයතනය විසින් නිකුත් කරනලද වෛද්‍ය නිලධාරිද ඒ ශ්‍රේණියේ රියැදුරු පාසලක් විසින් නිකුත් කරනු ලැබු නිපුනතා සහතිකයක්.
    4. 2 21/2 ප්‍රමානයේ කලූ සුදු ඡායාරුප පිටපත් තුනක්

    සේවා වගකිම් නියමකිරිම.

    පදවිය
    නම
    අංශය
    දුරකථනය
    අතිරේක කොමසාරිස් කන්නන්ගර මහතා බලපත්‍ර අංශයෙන් -
    සහිකාර කොමසාරිස් චන්දා කරුනාසේන මිය එම +94-11-2556856
    අධික්ෂණ නිලධාරි සොමසිරි ප්‍රනාන්දු මහතා එම +94-11-2516404
    විශේෂ අවස්ථා
    අයැදුම්කරුනට කියවිමට හෝ ලිවිමට නොහැකිනම්:
    1. ඔහු/ඇය තුන්වරක් ප්‍රායෝගික පරික්ෂණයට ඉදිරිපත් විය යුතුය.
    2. ග්‍රාම නිලධාරි වෙතින් සහතික කරනලද ලිපියක් ඉදිරිපත් කලයුතුය.
    3. ලිඛිත පරික්ෂණය වෙනුවට වාචික පරික්ෂණය සඳහා ඉල්ලූම් කලහැකිය.

    අයැදුම්කරු ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වන්නේ නම්ද ඔහු බරවාහන සඳහා රියැදුරු බලපත්‍රයකට ඉල්ලූම්කර ඇත්නම් දින14ක් ඇතුලත ප්‍රායෝගික පරික්ෂණය සදහා නැවත ඉල්ලූම් කිරිමට අයැදුම්කරුට ඉඩදෙනු නොලැබේ.


    ඔහු සැහැල්ලූ වාහන බලපත්‍රයක් සදහා ඉල්ලූම්කර ඇත්නම් :
    දින7ක් ඇතුලත ප්‍රායෝගික පරික්ෂණය සදහා නැවත ඉල්ලූම්කිරිමට අයැදුම්කරුට ඉඩදෙනු නොලැබේ.


    ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය
    ඵඕ 34 ආදර්ශ දත්තයන් සමග ඉල්ලූම් පත්‍රය


    ආයතනයේ තොරතුරු
    මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව
    අංක: 581-341,
    ඇල්විටිගල මාවත,
    නාරාහේන්පිට,
    කොළඹ 05.

    Methanin issuwe ban :oo:
     
    Last edited:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මචං 10ත වගේ ගිහින් ප්‍රවාහන එකෙන් මෙඩිකල් එක අරගෙන මෝටර් රථ දෙපාර්තුමේන්තුවට පලයන් එකේ ගිහින් වෙන්වම කතා කරනවා ලයිසන් අලුත් කරන තියන අය එන්න කියලා ෆොටෝස් අරන් යන්න ඕනේ නැ ඒ වෙලාවේ උන්ගේ වෙබ් කැම් එකන් ගහ ගන්නවා කොහොමත් දවසක් යනවා මචං වැඩේට... :yes::yes::yes:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මචං 10ත වගේ ගිහින් ප්‍රවාහන එකෙන් මෙඩිකල් එක අරගෙන මෝටර් රථ දෙපාර්තුමේන්තුවට පලයන් එකේ ගිහින් වෙන්වම කතා කරනවා ලයිසන් අලුත් කරන තියන අය එන්න කියලා ෆොටෝස් අරන් යන්න ඕනේ නැ ඒ වෙලාවේ උන්ගේ වෙබ් කැම් එකන් ගහ ගන්නවා කොහොමත් දවසක් යනවා මචං වැඩේට... :yes::yes::yes:

    Eka dawasin ganna puluwan da ban ?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං 10ත වගේ ගිහින් ප්‍රවාහන එකෙන් මෙඩිකල් එක අරගෙන මෝටර් රථ දෙපාර්තුමේන්තුවට පලයන් එකේ ගිහින් වෙන්වම කතා කරනවා ලයිසන් අලුත් කරන තියන අය එන්න කියලා ෆොටෝස් අරන් යන්න ඕනේ නැ ඒ වෙලාවේ උන්ගේ වෙබ් කැම් එකන් ගහ ගන්නවා කොහොමත් දවසක් යනවා මචං වැඩේට... :yes::yes::yes:



    මෙඩිකල් ගන්න ඕන කොහෙන්ද බං..
    ෆෝම් එක ෆිල් කරන්නේ එතනින්ද?
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ

     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උදෙන්ම පලයන් , 12 වෙද්දී එන්න පුලුවන් පුතී....
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුරුහරි විස්තර හරියට කියපන්කෝ මචෝ..
    හෙට නැත්නම් අනිද්දා යන්න ඕන..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගම්පහ ඔෆිස් එක කොහෙද තියෙන්නේ?
    මෙඩිකල් කරගන්න පුළුවන් කොහෙන්ද?