මචංස්ලා මට පොඩි උදව්වක් ඕනෙ. නෑ.. නෑ... පොඩි නෙමේ ලොකූ උදව්වක්පොඩි Love
ලවු කේස් එකක්.මේකයි වැඩේ....
මගෙ අක්කා( මෙයාට අපි තිලිණි කියමුකො) කෙනෙක්... අක්කා කිව්වට ඒකිත් මගෙ වයසෙමයි... මට වෙන්නෙ නෑනා.
ඒකි දැන් කොල්ලෙක් එක්ක(උට අපි දුලිත් කියමුකො) යාලුවෙලා ඉන්නෙ

. ඌ මගෙ යාලුවෙක්. මේකි කලින් යාලු වෙලා හිටපු එකත්(මුට අපි ධනුශ්ක කියමුකො) මගෙ හොද යාලුවෙක්. කලින් love එක කැඩිලා දැන් මාස 9ක් විතර වෙනවා. ඒක උන් දෙන්නගෙම කැමැත්තෙන් නැවත්තුවෙ.
ඊට පස්සෙ තමා මේකි අනිත් එකක් එක්ක යාලු වුනෙ. දෙන්න සම්බන්ධය නැවත්වුවට දෙන්නම ඒක ගැන පසු තැවි තැවි තමා ඉඳලා තියෙන්නෙ
. ළඟකඳි ධනුශ්කයාට පොඩි කරදරයක් වෙලා මම නිකන් ඒක ගැන මේකිට කිව්වා. මොනා වුනත් පරණ Love එකනෙ.1 st LOVE එක අමතක කරන්න බෑනෙ ඉතින්
මේකි දුලිතයත් එක්ක පැටලෙන්න කොට ධනුශ්කයගෙ seen එක ගැන මූ දැනන් හිටියෙ. ඔන්න ඊයෙ ධනුශ්කයා මේකිගෙ class එක ගාවට ඇවිල්ලා මේකිගෙන් ආපහු යාලුවෙන්න අහලා
කොටින්ම කිව්වොත් මේක දැන් තුන් කොන් ආදරයක්. මම ඒකෙ ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගෙ
ඉතින් මේකි මගෙන් අහනවා "කොහොමද මේක දුලිත්ට තේරුම් කරන්නෙ කියලා".. මට මහ වදයක් . කනක් ඇහෙන්න නෑ...
මම දැන් මොනාද මේකිට කියන්නෙ...
මචංස්ලා දන්න එකෙක් ඉන්නවා නම් මට මේකිට දෙන්න හොඳ advice ටිකක් කියපන්කෝ . ලොකූ උදව්වක්.



