ශ්‍රේෂ්ඨද නැද්ද කියන ප්‍රශ්ණෙට වඩා මෙතැන තියෙන්නෙ වෙන ප්‍රශ්ණයක්. එක්නැලිගොඩ ඒ කාලෙ ෆොන්සේකාගෙ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලටත් සම්බන්ධව වැඩ කරල තියෙනව වගේම යුද්දෙ කාල ශ්‍රී ලංකා හමුදාව විසින් රසායනික අවි භාවිතා කරපු බවට කරපු චෝදනාවට අදාලව ගවේෂණාත්මක වැඩක් කරල තියෙනව. යුධ අපරාධ චෝදනාවක් ඒ වෙද්දි ලංකාවේ රජයට හෝ හමුදාවට පැවරුණානම් ඒක ඒ වෙද්දි ලොකු කේස් එකක් වෙනව අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම රාජපක්ෂලට. මහරජා ඒකනෙ මැතිවරණ වේදිකාවෙ විදුලි පුටුව ගැන වුණත් දොඩවන්න ගත්තෙ. ලසන්ත ඊට වඩා එහා ගියපු පොරක්. පොර ලිව්වෙ යුද්දෙ මුවාවෙන්, යුද්දෙන් හම්බුකරන් කන එවුන් ගැන. ඒකෙන් ලොකුම කේස් එක මිග් ගණුදෙනුව.
උන් ලියපු දේවල් වැරදිනම් එවෙලෙ බලයෙ හිටපු ආණ්ඩුවලට තිබුණ මුන්ට විරුද්ධව වෙනම ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ ගැන පැහැදිලි විමර්ශණ කරන්න. ඒත් වුණේ මරාදැමීම් සහ අතුරුදහන් කරවීම්.
අද චමුදිතල, මධුෂාන්ල වගේ එවුන් නන් දොඩවනව වගේ නෙවෙයි, හාල් නෑ, පොල් නෑ ගගා උන්ගෙම චැනල්වල වැලපෙනව වගේ නෙවෙයි, පැවතුණු ආණ්ඩුවලින් වෙච්ච වැරදි ගැන ලියපු මිනිස්සු ඒ. මාධ්‍යයක යුතුකම වෙන්න ඕනි තමන්ගෙ මල්ලිව බේරගන්න
ඕනි ගූ වැඩක් කරන්න ලෑස්තියි වගේ චොර වැඩ නෙවෙයි බං. ආණ්ඩුවක් වැරැද්දක් කරනවනම් ඒකෙ වැරැද්ද සමාජයට සහ ආණ්ඩුවට පෙන්වන එක වගේම ආණ්ඩුව කරන හොඳ දේකට උදවුවක් වෙන එක සහ ඒකෙ වටිනාකම සමාජයට පෙන්නන්න උත්සාහ කරන්නත් ඕනි. බහුතරයක් පුද්ගලික මාධ්‍ය සහ සියළුම රජයේ මාධ්‍ය කියන අංශ දෙකම දුවන්නෙ වෙනම ඇජෙන්ඩා එකකට. රජයේ මාධ්‍ය කවදත් පවතින රජයට පක්ෂපාතීයි. ඒ වගේම පුද්ගලික මාධ්‍ය බහුතරයක් ඒකෙ ප්‍රධානියාගෙ මතයට පක්ෂපාතීයි. ඒක පුවත්පත්, රේඩියෝ, රූපවාහිනී වගේම වෙබ් මාධ්‍යයටත් අදාලයි.