ලසන්ත ඝාතනයේ හෙළි නොවූ රහස්‌ මෙන්න....!

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    ලසන්ත ඝාතනයේ හෙළි නොවූ රහස්‌ මෙන්න....!

    හේමන්ත රන්දුණු
    sdivaina_logo.gif


    මලික්‌ සමග දුරකතනයෙන් කතා කරද්දීම
    ලසන්තගේ හිසට කූරු පහරක්‌




    මිනිස්‌ ජීවිතයක වටිනාකමක්‌ නොතිබුණු කාලයක්‌ අපි පසු කළෙමු. තම දේශපාලන අභිප්‍රායන් මෙන්ම පෞද්ගලික අවශ්‍යතාවන් මත වටිනා ජීවිත රැසක්‌ විනාශ කර දැමීමට මේ යුගයේ පාලකයන් කටයුතු කළ බව නොරහසකි.

    තමන්ට එරෙහිවන පුද්ගලයන් ඝාතනය කිරීම ඔවුන්ට පහරදී අත්පා කඩා දැමීම හේතුවක්‌ නොමැතිව සිරගත කිරීම වැනි හිතුවක්‌කාර තීන්දු තීරණ ගැනීමට එවකට පාලකයෝ ක්‍රියා කළහ.

    ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්‌නැලිගොඩ වැනි මාධ්‍යවේදීන්ට සිය ජීවිත අහිමි වන්නේ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා සිය මාධ්‍ය හැසිරවීමේ වරදටය. නඩරාජා රවිරාඡ් වැනි දේශපාලනඥයන්ට සිය ජීවිත කෙළවර කරගන්නට සිදුවන්නේ විරුද්ධ මත ප්‍රකාශ කිරීම නිසාය. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් වැන්නවුන් මරා දැමෙන්නේ අසාධාරණයට එරෙහිව නැඟී සිටීමේ වරදටය.

    පසුගිය රජය සමයේ මේ සියලු අපරාධ විමර්ශනය වන්නේ ද දේශපාලන අවශ්‍යතාවන් මතය. එකල නීතිය මෙන්ම පොලිසිය ක්‍රියාත්මක වුණේද පාලකයන්ට අවශ්‍ය පරිදිය.

    පාලකයන් සතුටු කිරීම හරහා තම අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීමට උත්සාහ කළ පොලිස්‌ නිලධාරීහු අමු අමුවේම සත්‍ය වසන් කළහ. පරීක්‍ෂණ යට ගැසූහ. ඔවුන් එදා සිදුකළ ඒ පාපකර්මවල ආදීනවයන් මේ වන විට භුක්‌ති විඳිමින් සිටිති.

    රජයේ ගැත්තන් බවට පත්ව සිටි මේ බඩගෝස්‌තරවාදී පොලිස්‌ නිලධාරීහු රවිරාඡ් ඝාතනය එල්.ටී.ටී.ඊ. ගිණුමට බැර කළහ. ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ එල්.ටී.ටී.ඊ. ය විසින් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ ගත්තේය. ප්‍රගීත් එක්‌නැලිගොඩ කොටි ත්‍රස්‌තවාදියකු ලෙස හංවඩු ගැසුවේය. වසීම් තාජුඩීන් මෝටර් රථය හප්පාගෙන සියදිවි හානිකර ගත් බවට ඒත්තු ගන්වා පරීක්‍ෂණය යට ගැසුවේය.

    පසුගිය රජය සමයේ සිදුවූ මේ ආන්දොaලනාත්මක මිනිස්‌ ඝාතන සිද්ධීන් එකින් එක හෙළිදරව් වෙමින් තිබෙයි. ඒ 2015 වර්ෂයේ ජනවාරි 08 වැනිදා රටේ සිදුවූ යුග පෙරළියට පිං සිදු වන්නටය.

    වසර 7 1/2 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ තිස්‌සේ අබිරහසක්‌ව පැවැති ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඉතාම වැදගත් තොරතුරු මෙන්ම ඊට අදාළ අපරාධකරුවන් මේ වන විට හෙළිදරව් වෙමින් තිබෙයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දක්‍ෂ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සිදු කරගෙන යන විමර්ශනවලින් මේ සියලු තොරතුරු අනාවරණය වන්නේ ලසන්ත ඝාතනයේ අපරාධකරුවන් අන්දමන්ද කරමින්ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ වූ යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු පසුගියදා අත්අඩංගුවට ගැනීමත් සමඟම පරීක්‍ෂණ කටයුතු අලුත් මාවතකට විවර වුණේය.

    පසුගිය රජය සමයේ සිදුවූ බරපතළ වංචා, දූෂණ අපරාධ පිළිබඳ හෙළිකිරීමට, බහුතරයක්‌ මාධ්‍ය ඉදිරිපත් වුණේ නැත. එසේ සිදු වූයේ මාධ්‍ය මර්දනය ඒ තරමටම දරුණු අන්දමින් ක්‍රියාත්මක වීම නිසාය. මාධ්‍ය මර්දනය හමුවේ නොබියව සිය පෑන හැසිරවීමට ලසන්ත වික්‍රමතුංග කටයුතු කළේ බියෙන් සැඟවී සිටි මාධ්‍යවේදීන්ට මෙන්ම එදා රජයට කඩේ ගිය මාධ්‍යවේදීන්ට ද ආදර්ශයක්‌ දෙමින්ය.

    එවකට රජයේ ප්‍රබලයන් සිදුකළ මහා පරිමාණ වංචා දූෂණ රැසක්‌ පිළිබඳ තොරතුරු ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් පුවත්පත හරහා රටට හෙළි කළේය. ඒ හෙළිදරව් කිරීම්වලට අදාළ රහසිගත ලිපිගොනු මෙන්ම සාක්‍ෂි රැසක්‌ද ඔහු සතුව තිබුණේය.

    ලසන්තගේ මේ හෙළිදරව් කිරීම් නිසා දූෂණ අපරාධවලට සම්බන්ධ වූවෝ දැඩි අපහසුතාවට පත්වූහ. විවිධ ක්‍රමෝපායන් යොදා ගනිමින් ලසන්ත නතර කිරීමට එවකට රජයේ දූෂිත දේශපාලනඥයෝ උත්සාහ කළහ. ලසන්තට මරණීය තර්ජන මෙන්ම විවිධ බලපෑම් එල්ල වූහ. ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසු ලසන්ත වික්‍රමතුංගට මරණ වරෙන්තු නිකුත් කිරීමට දූෂිත පාලකයන් කටයුතු කළේ ඔහු නතර කිරීමට වෙනත් මගක්‌ නොවූ නිසාය.

    එවකට යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් පිරිසක්‌ යොදවා ලසන්ත වික්‍රමතුංග මරා දැමූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිදු කර ඇති විමර්ශනවලින් හෙළිදරව් වී හමාරය.

    යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට අයත් කොළඹට නුදුරු කඳවුරක නිලධාරීන් පිරිසක්‌ ලසන්ත ඝාතනය සඳහා යොදවනු ලැබූ බව හෙළිකරගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ කල්ලියට සම්බන්ධ වී සිටි එක්‌ නිලධාරියකු අත්අඩංගුවට ගත්තේය.

    ලසන්ත වික්‍රමතුංග ඝාතන සැලසුම ක්‍රියාත්මක වන්නේ 2009 වර්ෂයේ ජනවාරි මාසයේ මුල සිටය.

    ලසන්ත ඝාතනය සඳහා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් දස දෙනකුට ආසන්න පිsරිසක්‌ යොදවා ගත් බව මේ වන විට හෙළිවී හමාරය. ඔවුන් ජනවාරි 05 වැනිදා සිය ප්‍රහාරයේ මුල්ම ක්‍රියාදාමය ආරම්භ කළහ. ලසන්ත වික්‍රමතුංගගේ ගමන් බිමන් පිළිබඳ සොයා බැලීමට සන්නද්ධ බුද්ධි බළකායේ සෙබළුන් 05 දෙනකු යොදවනු ලැබීය. ඔවුන් පස්‌ දෙනා වෙත ජංගම දුරකථන 05 ක්‌ද ලබාදී තිබිණි.

    යතුරුපැදි පහක්‌, මුහුණු ආවරණය වන ආකාරයේ හිස්‌වැසුම් ද ඔවුන්ට ලබාදී තිබුණේය. ඝාතක කණ්‌ඩායම එදින රත්මලානේ පිහිටි ලසන්තගේ කාර්යාලය අසලට ගොස්‌ ඔත්තු බැලීමේ කාර්යය කළහ. ලසන්ත කාර්යාලයට පැමිණෙන වේලාව ඔහුගේ නිවස පිහිටා තිබෙන ස්‌ථානය මෙන්ම ලසන්තගේ ගමන් බිමන් සියල්ල මේ ඝාතන කණ්‌ඩායමේ නිරීක්‍ෂණයට භාජන වූහ.

    ජනවාරි 06 වැනිදා සවස්‌ කාලයේද මොවුන් රත්මලානේ පිහිටි ලසන්තගේ කාර්යාලය අසලට ආහ. එදින ඔවුන් පැමිණියේ හැකියාවක්‌ ලැබුණොත් ලසන්ත මරා දැමීමටද සූදානමින්ය. එහෙත් එදිsන ලසන්ත වික්‍රමතුංග සිය කාර්යාලය වෙත පැමිණ සිටියේ නැත. ඝාතකයන්ට එදින හිස්‌ අතින් ආපසු යන්නට සිදු විය.

    2009 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ඝාතක කණ්‌ඩායම නැවතත් සිය මෙහෙයුම ආරම්භ කළහ. එදින ඔවුන් පැමිණ සිටියේ ලසන්ත ඝාතනයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරගෙනය. ලසන්ත වික්‍රමතුංගගේ නිවස පිහිටා තිබුණේ නුගේගොඩ පූර්වාරාම පාරේ කන්දටෙරන්ස්‌ පෙදෙසේය.

    එදින උදැසන 7.30 පමණ වන විට ඝාතක කණ්‌ඩායමේ එක්‌ සාමාජිකයකු ලසන්තගේ නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියේය. කළු පැහැති යතුරුපැදියක පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයා පිළිබඳව ලසන්තගේ නිවස ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාලේ සිටි රියෑදුරකු විමසිලිමත් වුණේය. නාඳුනන පුද්ගලයා දුම්වැටියක්‌ දල්වාගෙන ලසන්තගේ නිවස දෙස බලා සිටිනු දුටු ත්‍රිරෝද රථ රියෑදුරු ඒ පිළිබඳව දැඩි විsමසිල්ලෙන් සිටියේය.

    ලසන්ත වික්‍රමතුංග මෝටර් රථයේ නැඟී නිවසින් පිටව යන්නේ ඒ අතරතුරදීය. ලසන්ත මෝටර් රථයෙන් පිටවනවාත් සමගම යතුරුපැදියේ නැගී නිවස දෙස බලා සිටි නාඳුනන පුද්ගලයා ක්‍රියාත්මක වන අයුරු ත්‍රිරෝද රථ රියෑදුරු දුටුවේය.

    "ඔන්න පිටත් වුණා" නාඳුනන පුද්ගලයා දුරකථනයෙන් පැවසූ දෙය ත්‍රිරෝද රථ රියෑදුරුට හොඳින් ශ්‍රවණය විය. ලසන්ත වික්‍රමතුංගට මරණීය තර්ජන එල්ල වී තිබෙන බව ත්‍රිරෝද රථ රියෑදුරු පවා දැන සිටියේය. ඔහු ලසන්තට මෙන්ම ඔහුගේ රියෑදුරු ද කලක පටන් දැන හඳුනන්නේය.

    ත්‍රිරෝද රථ රියෑදුරු ලසන්තගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. අවසානයේ ඔහු ලසන්තගේ රියෑදුරුට දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේය.

    "ලසන්ත මහත්තය ගැන ඔත්තු බලන්න මිනිහෙක්‌ ඇවිත් හිටියා. ඒ මනුස්‌සයා බයික්‌ එකක නැඟලා ලසන්ත මහත්තයා යන වාහනේ පස්‌සෙන් ගියා. මහත්තයට කරදරයක්‌ වෙන්න පුළුවන් පොඩ්ඩක්‌ බලන්න"

    ත්‍රිරෝද රථ රියෑදුරු නාඳුනන පුද්ගලයා පිළිබඳව ලසන්තගේ රියෑදුරුට කීවේය. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ ලසන්තගේ රියෑදුරු සිය ස්‌වාමියාට දුරකථන ඇමතුමක්‌ ලබා ගන්නට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. පසුව ඔහු යතුරුපැදියක නැගී රත්මලානේ පිහිටි කාර්යාලය වෙත ගියේය.

    "බයික්‌ එකකින් සර්ව µලෝ කරනවා සර්ගෙ ෙµdaන් එක වැඩ කරන්නෙත් නැහැ. රියෑදුරු ලසන්තගේ කාර්යාලයේ නිලධාරියකුට කීවේය. අවසානයේ කෙසේ හෝ ලසන්ත දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ඔවුන්ට හැකි විය.

    "සර් බයික්‌ එකක්‌ සර්ගෙ ගේ ළඟ ඉඳලා µලෝ කරනවා...

    ලසන්තගේ රියෑදුරු කීවේය.

    බයික්‌ කීපයක්‌ මගේ පස්‌සෙ µලෝ කරනවා. මම ඒ බයික්‌වල නම්බර්ස්‌ ටික ඩයිරි එකේ ලියාගත්තා. අපි බලමු මොකද වෙන්නෙ කියලා.

    ලසන්ත සිය රියෑදුරුට කීවේය. නිවසින් පිටවූ ලසන්ත කෙළින්ම යන්නේ සිය බිරිඳගේ නිවසටය. බිරිඳගේ නිවසේ මෙහෙකාරිය හදිසියේ අසනීප වීම නිසා ඇයට ප්‍රතිකාර ලබාදීම සඳහා රැගෙන යැම ලසන්තගේ අරමුණ වී තිබිණි.

    ඒ වන විට සැකකටයුතු යතුරුපැදිකරුවන් තිදෙනකු ලසන්ත පසුපස ලුහුබඳිමින් සිටියහ. ලසන්ත ද ඒ බව දැන සිටියේය. බිරිඳගේ නිවස අසලට ද ඒ පිරිස පැමිණ සිටින අයුරු ලසන්ත දුටුවේය.

    "ඔයා යන්න එපා. උන් කරදරයක්‌ කරයි."

    ලසන්තගේ බිරිඳ සෙනාලි කීවාය.

    "මම උන්ට බය නැහැ. මැරෙනවනම් මැරෙන්නෙ එක පාරයි."

    එසේ කියමින් ලසන්ත සිය බිරිඳගෙන් සමුගෙන නිවසින් පිටවුණේ රත්මලානේ පිහිටි කාර්යාලය වෙත යන අරමුණෙන්ය. පිටකෝට්‌ටේ සිට පාගොඩ පාරෙන් නුගේගොඩට පැමිණි ලසන්ත කොහුවල හරහා පැපිලියාන මාර්ගය ඔස්‌සේ සිය මෝටර් රථය ධාවනය කළේය.

    කෝට්‌ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසලදී ලසන්තට නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි ද මුණගැසුණේය. ඔහු සිටියේ ක්‍රීඩාංගණය අසල ව්‍යායාම කරමින්ය.

    "ටීම් එකක්‌ මාව µලෝ කරනවා. මුන්ට ඕනෙ කොහොම හරි මාව මරාගන්න.

    ලසන්ත සිය මිතුරා වූ ලද්දුවහෙට්‌ටිට කීවේය. දෙදෙනා අතර සුළු සංවාදයක්‌ ඇතිවිය. මිතුරාට සමුදුන් ලසන්ත නැවතත් මෝටර් රථයේ නැඟුණේය.

    ඒ වන විටත් නාඳුනන පුද්ගලයන් තිදෙනා ලසන්ත පසුපස ලුහුබඳිමින් සිටියහ.

    අතරමඟදී ලසන්ත තම සමීප මිතුරකු වූ මලික්‌ සමරවික්‍රමට දුරකථනයෙන් කථා කළේය.

    "බයික්‌ කීපයක්‌ මාව µලෝ කරනවා. දැන් දවස්‌ ගාණක ඉඳලා මේ මිනිස්‌සු මගේ පස්‌සෙ එනවා..."

    ලසන්ත මලික්‌ සමරවික්‍රමට කීවේය.

    "ඔයා ළඟම තියෙන පොලිසියට යන්න. මේ වෙලාවෙ කරන්න තිsයන හොඳම දේ ඒක තමයි. උන්ට ඕනෙ ඔයාව විනාශ කරලා දාන්න...

    මලික්‌ සමරවික්‍රම ලසන්තට අවවාද කළේය. ඒ අතර නුගේගොඩ ස්‌ටැන්ලි තිලකරත්න මාවතේදී තම රියෑදුරු ගෙන්වා ගත් ලසන්ත ඔහුට ලිපියක්‌ භාර දුන්නේය.

    "මේක මහින්ද සමරසිංහ ඇමැතිතුමාගෙ ඔµsස්‌ එකට භාරදෙන්න. ලසන්ත සිය රියෑදුරුට ලිපිය භාරදී ඔහුගෙන්ද සමුගත්තේය. වෙනදාට ලසන්ත මෝටර් රථයෙන් ගියේ තම රියෑදුරු සමඟය. එහෙත් එදින ඔහු රියෑදුරු නොමැතිව කාර්යාලය වෙත තනිවම එන්නට පිටත් වුණේය. ඒ වන විටත් නාඳුනන යතුරුපැදිකරුවෝ ලසන්ත පසුපස ලුහුබඳිමින් සිටියහ.

    මෝටර් රථය අත්තිඩිය පාරට හරවද්දී ලසන්තගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලැබුණේය. ඒ මලික්‌ සමරවික්‍රමගෙන්ය. මලික්‌ගෙන් ලසන්තට දුරකථන ඇමතුම ලැබුණේ හරියටම උදේ 10.18 ටය. ලසන්ත මලික්‌ සමරවික්‍රම සමඟ කතා කරමින් සිය මෝටර් රථය ධාවනය කළේය. අත්තිඩිය මලලගම විදුහල ඉදිරිපිටදී ලසන්තට සිය මෝටර් රථයේ වේගය අඩු කිරීමට සිදුවුණේ ඉදිරියෙන් ධාවනය වූ බස්‌ රථය නැවතුම්පළේ නතර කිරීම නිසාය.

    ඒ සමඟම ඝාතකයන් ක්‍රියාත්මක වූහ. ලසන්තගේ මෝටර් රථය දෙපසින් යතුරුපැදි දෙකක්‌ නතර කළ අතර තවත් යතුරුපැදි දෙකක්‌ මෝටර් රථයට ඉදිරිපසින් නතර කළහ.

    මෝටර් රථයට දකුණුපසින් පැමිණි යතුරුපැදියේ සිටි පුද්ගලයා කිසියම් ආයුධයකින් ලසන්ත මෝටර් රථයේ සිටි පැත්තේ වීදුරුවට පහර කීපයක්‌ එල්ල කර එය බිඳ දැමුවේය.

    ඒ සමඟම කිසියම් උල් ආයුධයකින් ලසන්තගේ හිස දෙසට කීපවරක්‌ ඇනගෙන ඇනගෙන ගියේය. ලසන්තගේ හිසට ප්‍රහාර එල්ල කළ ආයුධය බෝල්ට්‌ගන් නමැති එකක්‌ බව මේ වන විට හෙළිවී තිබෙයි. (උලක්‌ ලෙස සිරුරට ඇතුළුවන ආයුධය නැවත පිටතට එන්නේ ඊතලයක්‌ මෙන් එහි ඉදිරිපස කොටස විවෘත වීමෙන්ය.)

    විනාඩි ගණනකදී සිය ප්‍රහාරය එල්ල කළ ඝාතකයෝ නිරුපද්‍රිතව පලා ගියහ. රැස්‌ව සිටි පිරිස මෝටර් රථය අසලට දිව ආහ.

    ඒ වන විට ලසන්ත බරපතළ තුවාල ලබා සිටියේය. ඝාතකයන් ලසන්තට ප්‍රහාර එල්ල කරන විටත් ඔහු මලික්‌ සමරවික්‍රම සමඟ දුරකථනයෙන් කතා කරමින් සිsටියේය. හරියටම ප්‍රහාරය එල්ල වන්නේ උදේ 10.23 ටය. මහමග ගමන් කරමින් තිබූ වෑන් රථයක්‌ නතර කළ ප්‍රදේශවාසීහු බරපතළ තුවාල ලබා සිටි ලසන්ත රෝහලට ගෙන යැමට කටයුතු කළහ. ලසන්ත රෝහල කරා ගෙන යද්දී ඔහුගේ ජංගම දුරකථනයට මලික්‌ සමරවික්‍රම නැවත කතා කළේය. ඇමතුම ලබා ගන්නේ ලසන්ත රෝහල කරා රැගෙන යමින් සිටි අයෙකි.

    "මහත්තයට වෙඩි තියලා. හොඳටම අමාරුයි. අපි කළුබෝවිල හොස්‌පිට්‌ල් එකට අරගෙන යනවා."

    ලසන්ත රෝහලට රැගෙන යමින් සිටි පුද්ගලයා කීවේය. එදින උදැසන 10.45 ට ලසන්ත රෝහල්ගත කළේය. පැය කීපයක ශල්‍යකර්මයක්‌ සිදුකළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ ලැබුණේ නැත. ජනවාරි 08 වැනිදා දහවල් 2.15 ට ලසන්ත වික්‍රමතුංග අවසන් ගමන් ගියේ මුළු මාධ්‍ය ක්‌ෂේත්‍රයම හඬවමින්ය.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ ගල්කිස්‌ස සහ මිරිහාන පොලිස්‌ ස්‌ථාන ඒකාබද්ධව ආරම්භ කළහ.

    ලසන්ත ඝාතනය වන අවස්‌ථාවේ ඔහු සතුව තිබූ සටහන් පොත පොලිසියට හමුවිය. තමන් පසුපස ලුහුබඳින පුද්ගලයන් ගමන් කරන යතුරුපැදිවල වාහනවල අංක සියල්ල එම සටහන් පොතේ සඳහන් කර තිබුණේය. තමන්ට තර්ජනය කරන පුද්ගලයන් ඔවුන් ඇමතුම් ලබාදුන් දුරකථන අංක පිළිබඳවද ලසන්aත එම පොතේ සටහන් තබා තිsබුණේ මතු ප්‍රයෝජනය සඳහා විය යුතුය.

    පොලිසිය සොයාගත් සටහන් පොත ඉහළ පොලිස්‌ නිලධාරීන් අතට පත්විය. පසුව එවකට පොලිසියේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු එම දිනපොත ආරක්‍ෂාව භාරව සිsටි ඉහළම නිලයක්‌ දරන පුද්ගලයකු අතට පත් කළේය.

    ලසන්ත ඝාතනයේ තොරතුරු රැසක්‌ ලබා ගැනීමට තිබූ ඒ පොත පිළිබඳ අද වනතුරු කිසිදු තොරතුරක්‌ නොමැත.

    එදා ලසන්ත ඝාතන පරීක්‍ෂණ ක්‍රියාත්මක වුණේ ඉබිගමනෙන්ය. පරීක්‍ෂණ ක්‍රමවත්ව නිවැරැදිව කරගෙන යැමට පොලිසියට වුවමනාවක්‌ තිබුණේ නැත.

    ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම ඔහුට ආදරය කළ මාධ්‍ය එවකට රජයට දැඩි බලපෑමක්‌ එල්ල කරමින් කියා සිටියේ පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතු බවය.

    දිනෙන් දින එල්ල වෙමින් තිබූ දැඩි බලපෑම් හමුවේ ලසන්ත ඝාතන පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කිරීමට එවකට රජයට සිදු විය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විනිවිද භාවයෙන් යුතුව සිය පරීක්‍ෂණ ආරම්භ කළහ. ලසන්ත ඝාතනය වූ අවස්‌ථාවේ අත්තිඩිය ප්‍රදේශයේ දුරකථන කුළුණු හරහා හුවමාරු වූ දුරකථන දත්ත වාර්තා ලබාගත් රහස්‌ පොලිසිය ඒ ඔස්‌සේ සිය පරීක්‍ෂණ ක්‍රියාත්මක කළහ. එහිදී සැකකටයුතු දුරකථන අංක 05 ක්‌ පිළිබඳ තොරතුරු අනාවරණය වුණේය.

    එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලසන්ත ඝාතනයේ පරීක්‍ෂණ නිවැරැදි මඟකට ගෙන යන්නට සමත් වුණේය. එහෙත් වැඩි දවසක්‌ ඔවුන්ට පරීක්‍ෂණ කරගෙන යන්නට ඉඩ නැත. එවකට පොලිස්‌පතිවරයාව සිටි මහින්ද බාලසූරිය ලසන්ත ඝාතනයේ පරීක්‍ෂණ කටයුතු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත භාර කළේ පොලිස්‌ දෙපාර්තමේන්තුවද අන්දමන්ද කරමින්ය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන ගිය පරීක්‍ෂණයක්‌ ඉන් ඉවත් කර වෙනත් ඒකකයක්‌ වෙත භාර දුන් ප්‍රථම අවස්‌ථාව ලෙස මෙම පරීක්‍ෂණය ඉතිහාසගත වුණේය.

    ලසන්ත ඝාතනයෙන් ඔහුගේ රියෑදුරු දැඩි ලෙස කම්පනයට පත්ව සිටියේය. ඝාතනයේ ප්‍රබලම චෝදනාව එල්ල වූයේ එවකට රජයේ ආරක්‍ෂාව භාරව සිටි ප්‍රබලයකු වෙතය. ලසන්තගේ රියෑදුරු මේ ප්‍රබලයාගේ නම සඳහන් කරමින් තැන තැන ප්‍රසිද්ධියේ බැණ වැදුණේය. ඔහුට ශාප කළේය.

    ලසන්ත ඝාතනය වී මාස 3 කට පසු නාඳුනන සන්නද්ධ පිරිසක්‌ රියෑදුරු පැහැර ගත්තේය. දින දෙකක්‌ තිස්‌සේ රහසිගත ස්‌ථානයක රියෑදුරු සිරකරගෙන සිටි මේ පුද්ගලයන් ඔහුට තර්ජනය කළහ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කරන චෝදනා ප්‍රකාශ වහාම නතර නොකළහොත් මරා දමන බවට ඔහුට තර්ජනය කළ මෙම සන්නද්ධ පිරිස අවසානයේ රියෑදුරු නිදහස්‌ කර හැරියේ කට වසාගෙන සිටින බවට ඔහුගෙන් පොරොන්දුවක්‌ ද ලබා ගැනීමෙන් පසුවය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 16 වැනිදා අත්අඩංගුවට ගත්තේ ලසන්තගේ රියෑදුරු පැහැරගෙන ගිය කණ්‌ඩායමට නායකත්වය දුන් යුද හමුදා බුද්ධි බළකායේ සාජන් මේජර්වරයාය.

    මේ අතර ලසන්ත ඝාතනය සිදුවී දින 19 කට පසු එනම් 2009 වර්ෂයේ ජනවාරි 28 වැනිදා අත්තිඩිය ප්‍රදේශයේ ඇළකින් ටේ්‍රල් වර්ගයේ යතුරුපැදියක්‌ ගොඩ ගත්තේය. මේ යතුරුපැදිය වන්නි ප්‍රදේශයේදී අතුරුදන් වූ දෙමළ ජාතිකයන් දෙදෙනකුට අයත් බව පොලිසිය සොයා ගත්තේය. යතුරුපැදියේ හිමිකරු පූන්තෝට්‌ටම් ප්‍රදේශයේ පදිංචි එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අයකුගේ බවද සොයා ගත්තේය. මේ යතුරුපැදිය සොයා ගැනීම හරහා ලසන්ත ඝාතනය වෙනත් මගකට යොමු කිරීමට එවකට රජය මෙන්ම ඊට බැල මෙහෙවරකම් කළ පොලිස්‌ ලොක්‌කන් උත්සාහ කළහ.

    ලසන්ත ඝාතනය එල්.ටී.ටී.ඊ. ය විසින් කළ බවට රට වැසියාට ඒත්තු ගැන්වීමට ගත් නිර්ලඡ්ජී උත්සාහය සාර්ථක වුණේ නැත.

    එවකට ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූයේ චන්ද්‍රd වාකිෂ්ඨය. එහි ස්‌ථානාධිපති ලෙස කටයුතු කළේ වර්තමානයේ සහකාර පොලිස්‌ අධිකාරිවරයකු වන ප්‍රසන්න අල්විස්‌ය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබූ සැකකටයුතු දුරකථන අංක පහ ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ ත්‍රස්‌ත විමර්ශන ඒකකය එම අංක ලබාගත් පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයා ගත්තේය.

    මෙම දුරකථන ලබා ගැනීම සඳහා යොදාගත් හැඳුනුම්පත නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ පිච්ෙච් ඡේසුදාසන් නමැති පුද්ගලයාට අයත් බව සොයාගත් ත්‍රස්‌ත විමර්ශන ඒකකය ඔහු අත්අඩංගුවට ගත්තේය.

    ඡේසුදාසන් අන්ත අහිංසක පුද්ගලයකු විය. වාහන අලුත්වැඩියා කරන්නකු වූ ඔහු නුවරඑළිය ප්‍රදේශයේ ගරාජයක්‌ පවත්වාගෙන ගියේය. ඡේසුදාසන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත යුද හමුදා බුද්ධි බළකායේ සෙබළකු වූ කන්දේගෙදර පියවංශ නමැත්තා ත්‍රස්‌ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේය.

    පියවංශ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කලක්‌ ඔහු යුද හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කර තිබුණේ සේවයට වාර්තා නොකිරීමේ වරදටය.

    රැකියාව නොමැති කාලයේ පියවංශ ලොරි රියෑදුරකු ලෙස තාවකාලික රැකියාවක්‌ කළේය. පියවංශගේ ලොරිය අලුත්වැඩියා කළේ ඡේසුදාසන්ගේ ගරාජයෙන්ය. ලොරිය අලුත්වැඩියාවට නිතර එන නිසා පියවංශත් ඡේසුදාසනුත් සමීප මිතුරන්ව සිටියහ.

    පියවංශට නැවත හමුදා බුද්ධි අංශයේ රැකියාව ලැබුණේය. සැලසුම් සහගත ප්‍රහාරයක්‌ සඳහා ජංගම දුරකථන සිම් කාඩ්පත් කීපයක්‌ ලබා ගැනීමට අවශ්‍ය බව පියවංශට ඉහළින් නියෝගයක්‌ ලැබී තිබිණි.

    ඒ සඳහා දෙමළ ජාතිකයකුගේ හැඳුනුම්පතක්‌ ලබා ගන්නා ලෙසද ඔහුට උපදෙස්‌ ලැබී තිබුණේය. පියවංශට එක්‌වරම සිහි වුණේ ඡේසුදාසන්ය. පියවංශ ඡේසුදාසන්ට හොඳ හැටි මත්පැන් පානය කිරීමට ලබාදී ඔහුගේ හැඳුනුම්පත සොරා ගත්තේය.

    ඒ හැඳුනුම්පත යොදාගෙන 2008 වර්ෂයේ නොවැම්බර් 12, 13 සහ දෙසැම්බර් 01 වැනි දිනවලදී පිටකොටුවේ වෙළෙඳසලකින් ජංගම දුරකථන සිම් කාඩ්පත් පහක්‌ පියවංශ මිලදී ගෙන තිබුණේය.

    ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට සම්බන්ධ වූ බුද්ධි අංශ සාමාජිකයන් පාවිච්චි කරනු ලැබුවේ පියවංශ විසින් මිලදී ගත් සිම් කාඩ්පත් යෙදූ ජංගම දුරකථන බව අවසානයේ හෙළිවුණේය.

    මෙම විමර්ශන කරගෙන යද්දී හෙළිවූ තොරතුරු මත කොහුවල පිහිටි යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ නිලධාරීන් 17 දෙනකු ත්‍රස්‌ත විමර්ශන ඒකකය මගින් හිටිහැටියේ අත්අඩංගුවට ගත්තේය.

    එහෙත් මේ හමුදා සෙබළුන් වැඩි දවසක්‌ රඳවා ගෙන සිටින්නට ඉඩ ලැබුණේ නැත. ඉහළින් ආ නියෝගයක්‌ මත හමුදා සෙබළුන් 17 දෙනා පොලිස්‌ ඇප මත මුදා හැරියේය. මේ සෙබළුන්ට එරෙහි කිසිදු සාක්‍ෂියක්‌ නොමැති බව කියමින් ත්‍රස්‌ත විමර්ශන ඒකකය ඔවුන් මුදාහරින ලදී.

    අඩුම තරමින් මේ සෙබළුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටවත් ත්‍රස්‌ත විමර්ශන ඒකකය එදා කටයුතු කර තිබුණේ නැත.

    අවසානයේ සිදුවුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නුවරඑළියේදී අත්අඩංගුවට ගත් ඡේසුදාසන් නමැති අහිංසකයා සහ බුද්ධි අංශයේ පියවංශ බන්ධනාගාරගත කිරීමය.

    නොකළ වරදකට අවුරුදු ගානක්‌ බන්ධනාගාර ගතව අපාදුක්‌ විඳිමින් සිටි ඡේසුදාසන් අවසානයේ අකාලයේම මියගියේය. වසර 1 1/2 ක්‌ තිස්‌සේ බන්ධනාගාරගතව සිටි පියවංශ ද මුදාහැරියේය.

    ඒ වසර 1 1/2 ක කාලය තුළ යුද හමුදාවෙන් පියවංශට වැටුප් සහ අනෙකුත් සියලු දීමනා ලබා ගන්නට තරම් ඔහු වාසනාවන්ත වුණේය. මේ වන විට පියවංශ යුද හමුදා සේවයේද යෙදී සිටියි.

    වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්‍ෂණ නැවත ආරම්භ වුණේය. ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය එදා නන්නත්තාර කර දැමූ ලසන්ත ඝාතන පරීක්‍ෂණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නැවත විධිමත්ව ආරම්භ කළේය.

    ලසන්ත ඝාතනයට අදාළ ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ තිබූ වාර්තා සොයා ගන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට විශාල වෙහෙසක්‌ දැරීමට සිදු වුණේය.

    ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ සොල්දරයක අල්මාරියක තිබූ පැරණි ලිපිගොනු තොගයක්‌ අතර සඟවා තිබූ ලසන්ත ඝාතනයේ ලිපිගොනු අවසානයේ සොයා ගත්තේය.

    ලසන්ත ඝාතන සිද්ධිය යට ගැසීම සාක්‍ෂි විනාශ කිරීම ඇතුළු චෝදනා ගණනාවක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසකට මේ වන විට චෝදනා එල්ල වී තිබෙයි. මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස ළඟදීම අත්අඩංගුවට ගැනීමටද නියමිතය. ඔවුන්ට එල්ල වී තිබෙන්නේ ද තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුර සේනානායක වෙත එල්ල වී තිබෙන චෝදනාවන් හා සමාන චෝදනාවන්ය.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට අවශ්‍යතාවක්‌ තිබුණේ නැත. ඔවුන් ක්‍රියාත්මක කළේ ඉහළින් ආ නියෝගයන්ය.

    එසේනම් ලසන්ත ඝාතකයන් පමණක්‌ නොව ඒ සඳහා නියෝග ලබා දුන් පුද්ගලයන්ද අත්අඩංගුවට ගත යුතුය. ඝාතනයට ලක්‌වූ ලසන්ත වික්‍රමතුංග නමැති නිර්භීත මාධ්‍යවේදියාට සාධාරණයක්‌ ඉෂ්ට වන්නේ එසේ සිදු කළහොත් පමණය.


    - http://www.divaina.com/2016/07/24/feature10.html
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    ධර්මිෂ්ඨ යුගය මීට වැඩිය හොඳයිද?අර 60,000 ට වැඩියෙන් අමානුෂික විදියට පරලොව යැව්වේ.,
    මට මතක නෑ මොකද මම ඉපදුනේ 80 ගණන් වල.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    thawa rep kapapan ......
    eeth ei umba lasantha gena witharak duk wenne...
    ane manda ban owa godak double spy games. passe cha karanna balan karana


    poddak hithapan 88-89 kaale kohomada kiyala
    den kaale nam game ekak denna ona unath kalpanawenne ban denne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    ඝාතනයට ලක්‌වූ ලසන්ත වික්‍රමතුංග නමැති නිර්භීත මාධ්‍යවේදියාට සාධාරණයක්‌ ඉෂ්ට වන්නේ එසේ සිදු කළහොත් පමණය.:lol::lol::lol:


    කොටින්ට සපෝර්ට් කරපු එකද නිර්භීතකම..:rofl:
     
    • Like
    Reactions: elajani

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලසන්ත කියන්නේ කවුද කියලා දන්නෝ දනිති. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරා. බොරු ආටිකල් පත්තර වල දාලා බ්ලැක්මේල් කරලා සල්ලි ගන්න හැදුවා. අන්තිමට ෆොන්සේකාගෙන් ඉල්ලන් කෑවා.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඝාතනයට ලක්‌වූ ලසන්ත වික්‍රමතුංග නමැති නිර්භීත මාධ්‍යවේදියාට සාධාරණයක්‌ ඉෂ්ට වන්නේ එසේ සිදු කළහොත් පමණය.:lol::lol::lol:


    කොටින්ට සපෝර්ට් කරපු එකද නිර්භීතකම..:rofl:

    umba kohomada oka hariyatama danne? ekko umbath kotiyek wenna ona nathnam cid wage ekaka wenna ona. ltte ekata support karath ehema kara kiala kagen hari marum kana eka sadarana da?
     

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    ඝාතනයට ලක්‌වූ ලසන්ත වික්‍රමතුංග නමැති නිර්භීත මාධ්‍යවේදියාට සාධාරණයක්‌ ඉෂ්ට වන්නේ එසේ සිදු කළහොත් පමණය.:lol::lol::lol:


    කොටින්ට සපෝර්ට් කරපු එකද නිර්භීතකම..:rofl:

    :yes::yes::yes:
    දවසේ ගාන හොයාගන්න මොනා හරි දාපන්
    සිරිකොතේ ගූ වල ඉඅහගෙන කන සෙට් එකේ එකෙක් නේ බන් උබ

    දැන් ඉන්න උන්ට බලේ නැද්ද ? උන්ට ඒ වගේ වැඩ කරන්න බැරිද
    කොලබ වටේ පොඩ්ඩක් රවුමක් ගහල බලපන් අපිරිසිදුවට තිබ්බ තැන් හිතාගන්නත් බැරි විදිහට ලස්සන කරලා ගෝට කොච්චර සේවයක් කරාද කියල

    සුදු වැන් වලින් අහිංසක මිනිස්සු උස්සන් ගියා කියල බොරු බිල්ලෙක් මවන්න එපා , මුලින්ම සුදු වැන් වලින් ඉස්සුවේ ඔප්පු කරන්න බැරි එත් කොටින්ට සපෝර්ට් කරපු කොලබ අවට කොටින්ව

    ඊළගට ඉස්සුවේ එන්ජී ඔ වල ගූ කකා යුද්දේ ඉවර කරන්න නොදී කොටින්ට පුක දුන්න සිංහල කොටින්ව , සහ පාතල නායකයින් ව

    සුදු වැන් වලින් උස්සපු එක අහිංසක මිනිහෙක් ගැන කියපන්කො ???

    නුතන ලෝකේ යුද්දයක් ඉවරෙටම ඉවර කරලා දාපු එකම රට ලංකාව , හරියට කැන්සර් එකක් කපල අරන් දැම්ම වගේ , යුද්දේ ඉවර කරන කන් කවුරුත්ම හිතුවේ නැහැ ඕක ඉවර වෙයි කියල , රටෙන් බාගයක් දීල හරි ඕක ඉවර කරමු කියන තැනට පවා මිනිස්සු පත් උනා ,

    යකෝ ඔය රනිල්ගේ ගූ කන රස්සාව අත ඇරපන් , හරි දේට හරි කියපන් , මිනිස්සුන්ව ඇන්දුවා ඇති දැන් ,

    kandahar සහොදරයාගේ commentuwak
    http://www.elakiri.com/forum/member.php?u=347019
    http://www.elakiri.com/forum/showthread.php?t=1752428&highlight=gota&page=8
     
    • Like
    Reactions: lasa_dal

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ලසන්ත කියන්නේ කවුද කියලා දන්නෝ දනිති. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරා. බොරු ආටිකල් පත්තර වල දාලා බ්ලැක්මේල් කරලා සල්ලි ගන්න හැදුවා. අන්තිමට ෆොන්සේකාගෙන් ඉල්ලන් කෑවා.

    Danna deyak kiyapan ban, fonseka uuwa merewwa nam, umba hithanawada 2010 fonseka chandeta illanakota aanduwa nikan indiy kiyala,mata hithena hetiyata mekata gota and fonseka dennama hawul ethi, gota witharakma mekata hawul nam, fonseka melahakata wede edala, fonseka witharak wedeta hawul nam, 2010 di aanduwen gama adinawa,
    Ee nisa mata hithenne, mekata both gota and fonseka 2 ma hawul ethi.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ධර්මිෂ්ඨ යුගය මීට වැඩිය හොඳයිද?අර 60,000 ට වැඩියෙන් අමානුෂික විදියට පරලොව යැව්වේ.,
    මට මතක නෑ මොකද මම ඉපදුනේ 80 ගණන් වල.
    :yes::yes::yes::yes:
    ලසන්ත කියන්නේ කවුද කියලා දන්නෝ දනිති. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරා. බොරු ආටිකල් පත්තර වල දාලා බ්ලැක්මේල් කරලා සල්ලි ගන්න හැදුවා. අන්තිමට ෆොන්සේකාගෙන් ඉල්ලන් කෑවා.
    ;););)
     
    • Like
    Reactions: gaiya#1

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    Danna deyak kiyapan ban, fonseka uuwa merewwa nam, umba hithanawada 2010 fonseka chandeta illanakota aanduwa nikan indiy kiyala,mata hithena hetiyata mekata gota and fonseka dennama hawul ethi, gota witharakma mekata hawul nam, fonseka melahakata wede edala, fonseka witharak wedeta hawul nam, 2010 di aanduwen gama adinawa,
    Ee nisa mata hithenne, mekata both gota and fonseka 2 ma hawul ethi.

    :yes:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ජාතියට අහිමි වු වටිනාම ජීවිත දෙක
    ලසන්ත
    තාජුඩීන්

    බටලන්ද අදාලම නැත.
    අනෙ හුකෙ
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: elajani

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හේමන්ත රන්දුණු
    sdivaina_logo.gif


    මලික්‌ සමග දුරකතනයෙන් කතා කරද්දීම
    ලසන්තගේ හිසට කූරු පහරක්‌





    "මහත්තයට වෙඩි තියලා. හොඳටම අමාරුයි. අපි කළුබෝවිල හොස්‌පිට්‌ල් එකට අරගෙන යනවා."

    ලසන්ත රෝහලට රැගෙන යමින් සිටි පුද්ගලයා කීවේය. එදින උදැසන 10.45 ට ලසන්ත රෝහල්ගත කළේය. පැය කීපයක ශල්‍යකර්මයක්‌ සිදුකළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ ලැබුණේ නැත. ජනවාරි 08 වැනිදා දහවල් 2.15 ට ලසන්ත වික්‍රමතුංග අවසන් ගමන් ගියේ මුළු මාධ්‍ය ක්‌ෂේත්‍රයම හඬවමින්ය.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ ගල්කිස්‌ස සහ මිරිහාන පොලිස්‌ ස්‌ථාන ඒකාබද්ධව ආරම්භ කළහ.

    ලසන්ත ඝාතනය වන අවස්‌ථාවේ ඔහු සතුව තිබූ සටහන් පොත පොලිසියට හමුවිය. තමන් පසුපස ලුහුබඳින පුද්ගලයන් ගමන් කරන යතුරුපැදිවල වාහනවල අංක සියල්ල එම සටහන් පොතේ සඳහන් කර තිබුණේය. තමන්ට තර්ජනය කරන පුද්ගලයන් ඔවුන් ඇමතුම් ලබාදුන් දුරකථන අංක පිළිබඳවද ලසන්aත එම පොතේ සටහන් තබා තිsබුණේ මතු ප්‍රයෝජනය සඳහා විය යුතුය.

    පොලිසිය සොයාගත් සටහන් පොත ඉහළ පොලිස්‌ නිලධාරීන් අතට පත්විය. පසුව එවකට පොලිසියේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු එම දිනපොත ආරක්‍ෂාව භාරව සිsටි ඉහළම නිලයක්‌ දරන පුද්ගලයකු අතට පත් කළේය.

    ලසන්ත ඝාතනයේ තොරතුරු රැසක්‌ ලබා ගැනීමට තිබූ ඒ පොත පිළිබඳ අද වනතුරු කිසිදු තොරතුරක්‌ නොමැත.


    එදා ලසන්ත ඝාතන පරීක්‍ෂණ ක්‍රියාත්මක වුණේ ඉබිගමනෙන්ය. පරීක්‍ෂණ ක්‍රමවත්ව නිවැරැදිව කරගෙන යැමට පොලිසියට වුවමනාවක්‌ තිබුණේ නැත.

    ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම ඔහුට ආදරය කළ මාධ්‍ය එවකට රජයට දැඩි බලපෑමක්‌ එල්ල කරමින් කියා සිටියේ පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදිය යුතු බවය.

    දිනෙන් දින එල්ල වෙමින් තිබූ දැඩි බලපෑම් හමුවේ ලසන්ත ඝාතන පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කිරීමට එවකට රජයට සිදු විය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විනිවිද භාවයෙන් යුතුව සිය පරීක්‍ෂණ ආරම්භ කළහ. ලසන්ත ඝාතනය වූ අවස්‌ථාවේ අත්තිඩිය ප්‍රදේශයේ දුරකථන කුළුණු හරහා හුවමාරු වූ දුරකථන දත්ත වාර්තා ලබාගත් රහස්‌ පොලිසිය ඒ ඔස්‌සේ සිය පරීක්‍ෂණ ක්‍රියාත්මක කළහ. එහිදී සැකකටයුතු දුරකථන අංක 05 ක්‌ පිළිබඳ තොරතුරු අනාවරණය වුණේය.


    එසේනම් ලසන්ත ඝාතකයන් පමණක්‌ නොව ඒ සඳහා නියෝග ලබා දුන් පුද්ගලයන්ද අත්අඩංගුවට ගත යුතුය. ඝාතනයට ලක්‌වූ ලසන්ත වික්‍රමතුංග නමැති නිර්භීත මාධ්‍යවේදියාට සාධාරණයක්‌ ඉෂ්ට වන්නේ එසේ සිදු කළහොත් පමණය.


    - http://www.divaina.com/2016/07/24/feature10.html

    හැමිනෙනවා.කොහේවත් නැති පොතක් මවලා උඹලම ඒක අතුරුදහන් කරලා.යකෝ මිනීමරන්න ආපු උන් ඒතරම්ම ආධුනික එවුන්ද.

    කමක් නෑ ඉතින් 70-80 කාලවල අපේ රට මොනතරම් නම් ධාර්මික යුගයක්ද පහුකලේ නේ.ඒ විතරක්ද උතුරු නැගෙනහිර මිනිස්සු අවුරුදු 30ක් පුදුම සතුටකින් ජීවත් උනේ.සෞභාග්‍යය ඉතිරිලා පැතිරිලා තිබුනේ ඒ පලාත්වල.ඒකට මහින්දගේ පාලන කාලේ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හැමිනෙනවා.කොහේවත් නැති පොතක් මවලා උඹලම ඒක අතුරුදහන් කරලා.යකෝ මිනීමරන්න ආපු උන් ඒතරම්ම ආධුනික එවුන්ද.

    කමක් නෑ ඉතින් 70-80 කාලවල අපේ රට මොනතරම් නම් ධාර්මික යුගයක්ද පහුකලේ නේ.ඒ විතරක්ද උතුරු නැගෙනහිර මිනිස්සු අවුරුදු 30ක් පුදුම සතුටකින් ජීවත් උනේ.සෞභාග්‍යය ඉතිරිලා පැතිරිලා තිබුනේ ඒ පලාත්වල.ඒකට මහින්දගේ පාලන කාලේ.

    :rofl::rofl::rofl::yes::yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජාතියට අහිමි වු වටිනාම ජීවිත දෙක
    ලසන්ත
    තාජුඩීන්

    බටලන්ද අදාලම නැත.
    අනෙ හුකෙ
    :lol: :lol: :lol:

    :P:P

    ප්‍රහ්නය : ටෝයියන් ලෙස මේ රට සන්වර්දනේ කරන්නේ කෙසේද ?
    මහින්ද හොරා මහින්ද හොරා තාජුදීන් තාජුදීන් ලසන්ත
    ලසන්ත

    ප්‍රහ්නය මෙරටේ ආර්ථිකය නංවන්න වැඩපිළිවෙලක් තිබේද ?
    මහින්ද හොරා මහින්ද හොරා තාජුදීන් තාජුදීන් ලසන්ත ලසන්ත ....

    මහබැංකු වංචාවට වරදකරුවන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
    මහින්ද හොරා මහින්ද හොරා තාජුදීන් තාජුදීන් ලසන්ත ලසන්ත ....

    ඉක්ටා ගිවිසුම මගින් රටේ ආර්ථිකයට බලවත් පහරක් සහ රටේ ඒකීයත්වයට තර්ජනයක් ඇතිවෙනවා නේද ?
    මහින්ද හොරා මහින්ද හොරා තාජුදීන් තාජුදීන් ලසන්ත ලසන්ත ....

    ටොයි යහපාලන රජය අවුරුද්දකට වඩා පැරණි වුවත් මෙරටේ කිසිම සන්වර්දනයක් දක්නට නොලැබෙන්නේ ඇයි ? මහින්ද කල වියාපෘති නැවත නම වෙනස් කර යහපාලන එකවුන්ට් එකෙන් යලි විවුර්ත කරන්නේ මන්ද ?
    මහින්ද හොරා මහින්ද හොරා තාජුදීන් තාජුදීන් ලසන්ත ලසන්ත ....
    :P




     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද බන් ඕව ගොඩක් වෙලාවට මත ප්‍රකාසහ විතරයි. ගොඩක් වෙලාවට ගොතල කියනවා වෙන්නත් පුළුවන්. මොකද කිසිම් පාර්ශවයක් ඕවගෙන් චෝදනාවක් අවත අනිත් පැත්තට මුකුත් කරන්නේ නැහැ කියන්නේ නැහැ නේ.

    දේශය පත්තරෙත් ගිය ඔයවගේ ලිපි පෙළක්ම කොටකෙතන ප්‍රශ්නය ගැන එහෙම. මිනීමැරුම් කල එකාව හොදටම දන්නවා වගේ ලියල තිබ්බේ. එත් ඒ කිසිම දෙයක් ආයිත් උඩට ආවේ නැහැ. මිනිමරපු උන් අත්අඩංගුවට වත් ගත්තේ නැහැ.

    ඔන්න ඔඅකයි බන් තත්වය.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එතකොට මිලෙනියම් සිටි වල පාවලා දුන්න එවා...