~ලස්සනට අහන්න~

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    5.1 surround system

    මම අද ඔයාලට කියන්න යන්නේ 5.1 Surround System එක ගැන. මේ ගැන ඔයාල දන්නවත් ඇති ඔයාලගේ දැනුමට තවත් යමක් එකතු කරන්නයි මම මේ උත්සහ කරන්නේ. 5.1 Surround System ගොඩක් අය භාවිතා කරනවා නමුත් සමහර කට්ටිය හරියට භාවිතා
    කරන්නේ නෑ . ඉතින් ඒ අයට මේ තෙරේඩි එක උදව්වක් වෙයි කියල මම හිතනවා. :)

    Surround Sound


    • 3.0 channel surround (analog: Dolby Surround)
    • 4.0 channel surround (analog: Dolby Pro Logic)
    • 5.1 channel surround (analog: Dolby Pro Logic II)
    • 5.1 channel surround (digital: Dolby Digital, DTS, SDDS)
    • 6.1 channel surround (analog: Dolby Pro Logic IIx)
    • 6.1 channel surround (digital: Dolby Digital EX)
    • 6.1 channel surround (digital discrete: DTS-ES)
    • 7.1 channel surround (digital: Dolby Digital plus, DTS-HD Dolby True HD)


    DTS Surround

    74647dts.jpg



    මේ සලකුණ ඔයාල හැමෝම දැකල ඇති. dts (Digital Theater System) මේ තාක්ෂනය මුලින්ම යොදා ගත්තේ 1993 ජුරාසික් පාර්ක් චිත්‍ර පටය සදහා. මෙහිදී කරනු ලබන්නේ සාමාන්යෙන් අපි භාවිතා කරන 2 channel sound system එක වෙනුවට 5.1 channel sound system එක භාවිතා කිරිමයි. එමගින් ප්‍රේක්ෂකයාට සජීවී අත් දැකීමක ලබා ගන්නට පුළුවන්.

    Dolby DI
    GITAL
    cggbgcopy.png


    මෙම තාක්ෂනය 1965 දී. Ray Dolby විසින් සොයා ගන්නා ලදී. ගුවන් විදුලි යන්ත්‍ර වල (කැසට්) නවශ්‍ය ගෝෂාව අවම කිරීම සදහා භාවිතා කරනු ලැබූ මෙම තාක්ෂනය එදා පටන් අද දක්වා වැඩි දියුණු කොට Blue Ray යන්ත්‍ර දක්වා භාවිතා කරයි.


    5.1 sound system එකක් speaker 6 කින් සමන්විතයි.

    • Left, (Front Left)
    • Right, (Front Right)
    • surround Left, (Rear Left)
    • Surround Right, (Rear Right)
    • Center
    • Sub-woofer
    sound system එකක් ඔබේ පරිගණකයට සවි කිරීමේදී පහත පරිදි Speaker ස්ථාපනය කරන්න.

    unled1copyak.jpg




    • sound system එකක් පරිගණකයට සවි කිරීමේදී එක 5.1 in put එකක්ම දෙන්න. සමහර යාලුවෝ Aux or Line in කියන තැන් වල‍ට in put දෙනවා එතකොට වෙන්නේ speaker 6 ම වැඩකරනවා නමුත් ඇහෙන්නේ stereo sound එකක් විතරයි.


    • අනිත් එක තමා 5.1 sound card එකක් භාවිතා කරන්න. ඔයාල ගාව තියෙන්නේ අලුත් mother Bord එකක්නම් on Bord sound බොහෝවිට එන්නේ 5.1


    • speaker සවි කිරීමේදී ගොඩක් උසින් සවි කරන්න එපා. හිසට සමාන්තර උසින් සවි කරන්න. ඒ වගේම Rear speaker දෙක සවි කිරීමේදී කන් දෙකට සමාන්තරව සවි කරන්න. ඔයාලගේ පිටුපසින් සවි කෙරුවොත් අපිට ශබ්දය අඩුවෙන් ඇහෙන්නේ.


    • දැනට තියෙන හැම film එකකම surround sound නෑ. ඉතින් ඔයාල හොයල බලල surround sound තියෙන ෆිල්ම් එකක් ගන්න. original DVD ගන්න. camera copy කරපු ෆිල්ම් වලත් නෑ.


    ඔයාලට මේ thread එක වැදගත් කියල හිතෙනවනම් comment එකක් දාල යන්න. අඩු පාඩු තියෙනවනම් කියන්න.:yes:
    දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. :yes:















     
    Last edited: