<~- ලස්සන ජීවිතයකට පුංචි සිතුවිලි 5ක් -~>
ගොඩක්ම හිතවත් කියලා හිතන කෙනෙක් එක්ක උනත් අතිශය පෞද්ගලික කාරණාවක් කතාකරද්දි දෙපාරක් හිතන්න. දෙයක් කෙනෙක්ට කියූ පසු එය නැවත ගන්න අමාරුයි. ඔයාගේ පෞද්ගලික ජීවිතේ ගැන එක එක එක්කෙනා ගෙ හිත්වල ටික ටික ලියවෙන එක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. දවසක ඔය කට්ටියම එකට එකතු වෙනවා. එදාට එයාලගේ හිත්වල ටික ටික තියපු රහස් සේරම එක කතාවක් වෙනවා. එදාට ඔයාට ලොකු පසුතැවීමක් එයි
ඉතා පහසුවෙන් කර ගන්න පුළුවන් දේටත් හැමෝගෙන්ම උදව් ඉල්ල ගෙන යන්න එපා.... ඒක පුරුද්දකට යනවා... ඉතාම අමාරුයි කියලා හිතෙන දේවල් පවා තනියම කරගන්න උත්සහ කරන්න. ඔයා කෙනෙක් ගෙන් දෙයක් ඉල්ලනවා කියන්නේ දවසක පොළියත් එක්ක ඒක ගෙවන්න වෙනවා කියන එක. මේ සමාජය ඔයාට පොඩි දෙයක් දෙන්නෙ ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් කියලා අමතක කරන්න එපා. ඊට වඩා ලස්සනයි ඔයා ඔයාගේ වැඩ තනියම කරන එක. ඒක ටිකක් අමාරුයි තමා ඒත් හිතට හරිම නිස්කලංකයි
සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔයාව වර්ණනා කරන ඔයාට ගෞරව කරන ඔයාව උඩට උස්සලා තියන අය ගැන ටිකක් පරිස්සම් වෙන්න. අගය කල යුතු කෙනෙක්ව අගය කරන එක බොහෝම හොඳ ගුණාංගයක්. ඒත් මේ සමාජයේ එක්තරා කපටි පිරිසක් ඉන්නවා ඒකම යොදා ගෙන මිනිස්සු අන්දන. අහිංසක හදවත් බොරු වර්ණනා වලින් මත්කරලා ඒ හදවත් විනාශ කරලා දානවා. ඒ නිසා හයියෙන් එන හූ පාරවල් වලට වැටෙන්නෙ නැහැ වගේම වටෙන්ම ඇහෙන ගුණ ගායනා වලිනුත් උඩ යන්නෙ නැතුව ඉන්න එක කෝකටත් හොඳයි
ඔයා ඔයාගෙ පෞද්ගලික යම් යම් ගති සිරිතක් තනියම කරනවානම් හොඳයි. මම කියන්නේ ඔයාගෙ පුංචි පුංචි ගති පැවතුම් ඔයාටම ආවේනික රහස්‍ය භාවයකින් තියාගන්නවා නම් හොඳයි. උදාහරණයක් හැටියට ඔයා හැන්දෑවට අයිස් ක්‍රීම් එකක් කනවා නම් ඒක වෙන අයට කියන්න යන්න එපා. ඕනම පොඩි දෙයක් කවදා හරි නරකට හිටින්න පුළුවන්
ඔයාගේ හිතවත්ම කෙනෙකුට දෙයක් දෙනවා නම්.... තිළිණයක් වගේ දෙයක් උනත්... ඒක තනියම ගිහින් විශ් කරලා දෙන්න. කට්ටියම එකතු වෙලා එක දෙයක් ගන්නවාට වඩා ඔයා තනියම ගිහින් දෙන පොඩි දෙයක් හිතවතාට මතක තියේවි. ඔයාට දෙන්න පුළුවන් පෑනක් උනත් කමක් නැහැ. ඒක හරි පිරිසිදුවට ඔයාගෙම අතින් දෙන්න, ඒක වටිනවා
ඔයාලත් හිතෙන දෙයක් මේකට එකතු කලාට මම තරහ වෙන්නෙ නැහැ හොඳේ.................