ලස්සන වෙන්න ගිය කාන්තාවන්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ලස්සන වෙන්න ගිය කාන්තාවන්

එල්ලා වැටෙන පියයුරු හැඩකර වැඩිබඩ අඩුකර ලස්සන වෙන්න හොර දොස්තරලා සොයා ගිය කාන්තාවන් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුගිය කාලය පුරා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිවි ගලවාගත් බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කියයි.

අඩු පහසුකම් ඇති ශල්‍යාගාර ලෙස හුවා දක්වන කුඩා කුටිවල පුහුණුවක් නොලත් පිරිස් සිදුකරන ශරීර අවයව විකෘති කිරීම් පිළිබඳව කාන්තාව දැනුවත් කිරීම වැදගත් බව පවසමින් වෛද්‍යවරයා මෙසේ ද පවසයි.

මේ ශල්‍යකර්ම කියා සිදුකරන ක්‍රියාවලිය සිදු කරන්න ඔවුන්වෙන්කොටගෙන තිබෙන්නේ අඳුරැ ආලෝකය අඩු අපිරිසිදු ස්ථාන මෙවැනි තැන් වලින් ලස්සන වෙන්න ගියාම අන්තිමට වෙන්නේ ජීවිත අවදානමත් වීකෘති කැළැල් අවයව මත ඉතිරිවීම විතරයි

ඔබ දකින මේ ජායාරෑප වලින් ඒ බව ඔබට පැහැදිළිව දකින්න පුලුවන් මේ අප ලඟට අසාධ්‍ය තත්වයෙන් ආව කාන්තාවන් මොවුන් මෙම ශල්‍යකර්ම කරගෙන තියෙන්නේ ලස්සන වෙන්න නමුත් දැන් තිබුනට වඩා අවලස්සනයි

ඒ වගේම පැය හතරක් පමණ ගතවෙන වෛද්‍ය කන්ඩායමක් රෝගියා නිර්වින්දනය කරලා රෝහල් ශල්‍යාගාරයක සිදුකරන මෙවැනි සැත්කම් මෙම හොර මධ්‍යස්ථාන වල කරන්නේ පුහුණුව නොලත් වෛද්‍යවරයෙක්, හෙදියක් බව කියන කෙනකු ද සමඟ රෝගියාගේ අවයව හිරි වට්ටවා පැය බාගයක් ඇතුලත

සමහර ‍අසාධ්‍ය රෝගීන් අපට කිව්වා හිරිවැටීම අඩු වෙනකොට දැනෙන වේදනාව ඉවසන් හිටියේ ඉතා අපහසුවෙන් කියලා කෙටියෙන් කිව්වොත් රෝගියාට ආසාත්මිකතාවයක් ඇති වුවහොත් ඔවුන්ට ලබාදෙන්න ප්‍රථමාධාර සැලැස්මක්වත් මෙම ස්ථාන වල නෑ රැපයේ ලස්සන වැඩිකරගන්න හිතල මේ සැත්කම් වලට යොමුවෙන කාන්තාවන්ට අන්තිමට ඉතිරි වෙන්නේ අවලස්සන කැලැල් ගොඩක් විතරයි

මේ ජීවිත අවදානම ඇති ඒ ගැන නොසිතා සිදුකරන සැත්කම් ජිවිතයත් මරණයත් අතරට පත්වන රෝගියා අනිතිමට එන්්නේ රජයේ රෝහලට එවැන් අවස්ථාවක රෝගියාටගේ ජීවිතය බේරා ගන්න අපට වෙහෙස මහන්සි වෙන්න සිදු වෙනවා මෙවැනි අවස්ථාවකදී ප්‍රථිකාර සඳහා රජයට දරන්න වෙන පිරිවැය සැත්කමට හොර දොස්තරට ගෙවු මුදල මෙන් දෙගුණයක් නැත්නම් තුන් ගුණයක්

අප දන්නවා බඩ අඩුකර ගන්න සැත්කම් කරනවා කෙල් තට්ටු අයින් කරනවා අන්තිමට ඉතිරි වෙන්නේ සැරව ගෙඩී ගොඩක් පමණයි මේ පුහුණුව නොලත් බාගෙට වෛද්‍ය විද්‍යාව හැදෑරැ අය නිසා සිදුවෙන දේවල් මේ පිළිඹඳ අවධානය යොමු කරන්න.


IMG_0053.jpg



IMG_01204.jpg



IMG_0129.jpg



IMG_02832.jpg



IMG_0126.jpg



Lankadeepa
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පව් ඉතින් , දෙවැනි පික් එකේ ගෑණිගේ අත ගොඩක් ලොකුයි නේ? ගොඩක් බර වැඩ කරන කෙනෙක් වගේ.
කොහොමත් ඉතින් ගොඩක් සල්ලි නැති නිසානේ මේවට යන්නේ. රටේ වෛදය වරුන් තව ඇති කරලා, හැමෝටම cosmetic surgery වලට යන්න පුලුවන් විදියට ඒවායේ ගණන් සකස් වුනා නම් මේවගේ ඒවා නොවෙන්න තිබුනා නමුත් ලංකාව වගේ රටවල ඊරිෂීයාකාරයෝ වැඩි නිසා වෛද්‍යය වරුන් බිහි වෙන්න අඩුවෙන්, ඒ අස්සේ ආගමික මතවාද කරපින්නගෙන ඉන්න මිනිස්සු කියන්නේ ඔය කුණු කයට මොන decoration ද කියලා ,නමුත් හැමෝම බලන්නේ ලස්සනට ඉන්නයි හොරෙන් හරි.
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
බම්ප්
:):):)

පව් ඉතින් , දෙවැනි පික් එකේ ගෑණිගේ අත ගොඩක් ලොකුයි නේ? ගොඩක් බර වැඩ කරන කෙනෙක් වගේ.
කොහොමත් ඉතින් ගොඩක් සල්ලි නැති නිසානේ මේවට යන්නේ. රටේ වෛදය වරුන් තව ඇති කරලා, හැමෝටම cosmetic surgery වලට යන්න පුලුවන් විදියට ඒවායේ ගණන් සකස් වුනා නම් මේවගේ ඒවා නොවෙන්න තිබුනා නමුත් ලංකාව වගේ රටවල ඊරිෂීයාකාරයෝ වැඩි නිසා වෛද්‍යය වරුන් බිහි වෙන්න අඩුවෙන්, ඒ අස්සේ ආගමික මතවාද කරපින්නගෙන ඉන්න මිනිස්සු කියන්නේ ඔය කුණු කයට මොන decoration ද කියලා ,නමුත් හැමෝම බලන්නේ ලස්සනට ඉන්නයි හොරෙන් හරි.

:yes::yes::yes::yes:

ලංකාවේ බොහෝ දෙනෙක්ගේ ආහාර පාළනයක් නෑ. :( අනවශ්‍ය මේද තැන්පත් විම ඒ නිසා සිදු වෙනවා. ඒ වගේ ව්‍යායාම නිසි ආතාරයට ශරිරයට ලැඛෙන්නේ නැති එකත් එක් හේතුවක් වෙනවා ශරිරයේ නිරෝගිතාවය වගේම හැඩය වෙනස්විමට