අලුතෙන් එන ෆිල්ම්ස් වැඩි හරියක් ඔය වගේ political propaganda ඔබ්බලා හදන ඒවා. ඔය හින්දා මං නම් අලුතෙන් එන ෆිල්ම් බලන්නෙ හොදට තෝරලා බේරලා. ඇත්තම කිව්වොත් ඔය වගේ ෆිල්ම්ස්වල, TV series වල කතාවට වඩා උළුප්පලා ගන්න හදන්නෙ ඔය වගේ propaganda වලින් එන පණිවිඩ ඔළුවලට කාවද්දන දේවලුයි. කතාව පාවිච්චි කරන්නෙ උදාහරණෙකට ගත්තොත්, කේක් එකක් නම් අයිසින් එක වගේ. උඩපෙළ විතරයි, යටි පෙළ තියෙන්නෙ වෙන එකක්. ඉස්සර ආපු මීට වඩා සිය දහස් ගුණයක් හොද romantic films තියෙනවා. 'Before' Trilogy, Columbus (2017), Eternal Sunshine of the Spotless Mind (2004), Roman Holiday (1953),
Atonement (2007), “La La Land” (2016) වගේ තව ගොඩක් තියෙනවා. පරණයි කියලවත්, සමහර ඒවා black and white ඒවනෙ කියලවත් ඒවා නොබල ඉන්න එපා. ඔයාටම තේරේවි "Old is gold" කියන්නෙ කට කහනවට නෙවේ කියලා.