ලසිත් මාලිංගගේ ක්‍රිකට් ජීවිතය තත්පර 600 කින්!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ලසිත් මාලිංග කියන්නේ ලංකාවෙන් බිහිවුණු සුවිශිෂ්ටතම පන්දු යවන්නෙක් කියන එකට විවාදයක් අවශ්‍ය නෑ. කොහොම වුනත් පහුගිය දවසක මාලිංග තමන්ගේ 17 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය නිමාකලා. මාලිංග මේ පාර විස්සයි විස්ස ලෝක කුසලානයට තමන්ව තෝරාගනී කියන බලාපොරොත්තුවෙන් හිටියත්, ලෝක කුසලාන සංචිතයේ මාලිංගගේ නම නොතිබුණු නිසාම මාලිංග බොහෝවිට ඒ තීරණයට එන්න ඇති. කොහොමවුනත් මාලිංගගේ ක්‍රිකට් ජීවිතය කියන්නේ බොහොම දීර්ඝ සහ සුවිශේෂී දේ බොහොමයක් අන්තර්ගත එකක්. ඒ ජීවිතය තත්පර 600ක් ඇතුලත ගොනු කරනවා කියන අභියෝගය ලේසි පහසු එකක් නෙවෙයි. මේක මාලිංග නැමති දක්ෂ සහ උපායශීලී ක්‍රීඩකයා වෙනුවෙන් පුංචි උපහාරයක්.

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මූ බීලද මේ වීඩියෝ එක හදලා තියෙන්නෙ ලසිත් මාලිංග විතරයි ක්‍රීඩයෙකුට හිටියේ කියන්නේ.
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    2000න් පස්සේ කෙනෙක් ද video එක හැදුවේ ? 0:15 දීම බොරුවක් තිබ්බ.
    ජයසූරිය කියන්නේ ඒ කාලේ ක්‍රිකට්වලට ආදරය කරපු රටවල් හැම එකක්ම වගේ ආදරය කරපු ක්‍රීඩකයෙක්. හැබැයි මම හිතන්නේ මාලිංග සනත් තරම් මාස්ටර් ක්ලාස් කෙනෙක් නොවුණට ෆ්‍රැන්චයිස් ලීග් එක්ක සහ ක්‍රිකට්වලට සම්බන්ධ රටවල් ප්‍රමාණය වැඩිවීමත් එක්ක අද වෙද්දි ජයසූරිය ගැන දන්න ප්‍රමාණයට වඩා මාලිංග ගැන දන්න සහ කතාබහ කරන ප්‍රමාණය වැඩියි. ඇත්ත 2010ට කලින් මේක වෙනස් කතාවක්, හැබැයි 2010න් පස්සේ මේක වෙනස් මම හිතන්නේ. කොහොමවුනත් ඒ කරුණ මතුකිරීමට ස්තුතියි මිත්‍රයා.

    මූ බීලද මේ වීඩියෝ එක හදලා තියෙන්නෙ ලසිත් මාලිංග විතරයි ක්‍රීඩයෙකුට හිටියේ කියන්නේ.
    බොන්න බඩු නෑ මචං බාර් වහලා නිසා.. අමුවෙන් හැදුවේ.. වැරදීම් අඩුපාඩු ඇති :) අපි අංග සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ මචං..
    ------ Post added on Sep 17, 2021 at 10:08 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බොන්න බඩු නෑ මචං බාර් වහලා නිසා.. අමුවෙන් හැදුවේ.. වැරදීම් අඩුපාඩු ඇති :) අපි අංග සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ මචං..
    වීඩියෝ එක හොඳයි. ඒත් තව ක්‍රීඩකයෝ හිටියා මිනිහට වඩා දක්ෂ.
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    වීඩියෝ එක හොඳයි. ඒත් තව ක්‍රීඩකයෝ හිටියා මිනිහට වඩා දක්ෂ.
    ඒක ඇත්ත මචං.. මම ඒකට සීයට දෙසීයක් එකඟයි.. මට අනුව ලංකාවේ බිහිවුණු සිරාම බැටා අරවින්ද, රිදෙන්නම ගහන බැටා ජයසූරිය, ටෙක්නිකල්ම එකා අතපත්තු, ලෝන්ග් රන් එකා සංගා, බෝලර්ස්ලගෙන් ස්ට්‍රැටජිකල්ම පොර මුරලි, මොරාල්ම බෝලර් වාස්, හොඳම ඩෙත් බෝලර් මාලි.. මාලි කියන්නේ දක්ෂයෙක්, හැබැයි එකම දක්ෂයා නෙවෙයි කියන තැන මාත් ඉන්නවා මචං..ස්තූතියි උඹේ අගය කිරීමට
     
    • Like
    Reactions: kinkon