ලසිත් මාලිංග කියන්නේ ලංකාවෙන් බිහිවුණු සුවිශිෂ්ටතම පන්දු යවන්නෙක් කියන එකට විවාදයක් අවශ්‍ය නෑ. කොහොම වුනත් පහුගිය දවසක මාලිංග තමන්ගේ 17 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය නිමාකලා. මාලිංග මේ පාර විස්සයි විස්ස ලෝක කුසලානයට තමන්ව තෝරාගනී කියන බලාපොරොත්තුවෙන් හිටියත්, ලෝක කුසලාන සංචිතයේ මාලිංගගේ නම නොතිබුණු නිසාම මාලිංග බොහෝවිට ඒ තීරණයට එන්න ඇති. කොහොමවුනත් මාලිංගගේ ක්‍රිකට් ජීවිතය කියන්නේ බොහොම දීර්ඝ සහ සුවිශේෂී දේ බොහොමයක් අන්තර්ගත එකක්. ඒ ජීවිතය තත්පර 600ක් ඇතුලත ගොනු කරනවා කියන අභියෝගය ලේසි පහසු එකක් නෙවෙයි. මේක මාලිංග නැමති දක්ෂ සහ උපායශීලී ක්‍රීඩකයා වෙනුවෙන් පුංචි උපහාරයක්.
අපි අංග සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ මචං..