ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට්
ලසිත් මාලිංගගේ පන්දු යෑවීමේ විලාශය ඔහුගේ කොණ්‌ඩා
මෝස්‌තරය මෙන්ම ගතානුගතිකත්වයෙන් හා සම්ප්‍රදායෙන් බැහැර විණ. චම්පක රාමනායක මෙම විලාශයේ ඇති වටිනාකම හොඳින්ම වටහා ගත්තේය. පැරණි ක්‍රිකට් පුස්‌තකයන්ගේ තිබූ පුහුණුකරුවන්ගේ උපදෙස් මාලාවට පූර්ණයෙන් පටහැනි වූ මේ පන්දු යෑවීම වෙනස් නොකිරීමට චම්පක රාමනායක ගත් තීරණය අප විශේෂයෙන්ම පැසසිය යුතුය.
ලසිත් මාලිංග එක්‌දින හා ටෙස්‌ට් තරග වලට එක් වූ පසු ලොව පුරා විසිරී සිටින ක්‍රීඩා විචාරකයන්ගේ හා පුහුණුකරුවන්ගේ විශ්ලේෂණයට මොහුගේ පන්දු යෑවීම භාජන විය. මොහුගේ පන්දු යෑවීමේ විලාශය ගතානුගතික සම්ප්‍රදායන්ට පටහැනි වූ නිසා අනිකුත් කණ්‌ඩායම් වලට එවැනි පන්දු යවන්නෙකු ලොව නොසිටි නිසාත් ඒ ගැන උපදේශනයක් දීමට හෝ ක්‍රිකට් පුහුණුකරුවන්ට නොහැකි වූ අතර, පිතිකරුවන්ට පන්දු තෝරා බේරා ගැනීමටද නොහැකි විය. "යෝකර් පන්දුව" වේග පන්දු යවන්නෙකු සතු ඉතාම භයානකම අවිය ලෙස සලකනු ලැබේ. ලෝකයේ සිටින විශිෂ්ටතම වේග පන්දු යවන අයටද ඕවරයකට යෝකර් පන්දු එකක් හෝ දෙකක් පමක් යෑවීමට හැකි වුවද ලසිත් මාලිංග ඕවරයකට පන්දු හතරක් හෝ පහක් නිවැරැදි ඉලක්‌කයට එම පන්දු යෑවීම ඔවුන්ට අදහා ගත නොහැකි විය. ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ ටෙස්‌ට් හෝ එක්‌දින හෝ තරගවලදී වැඩිම කඩුලු ලැබූ හෝ දෙවැනියට වැඩිම කඩුලු ලැබූ ක්‍රීඩකයා බවට පත්විණ.
2007 වර්ෂයේ බටහිර ඉන්දියානු කොදෙව් දූපත්හි පැවැත්වූ ලෝක කුසලාන තරගයේදී ලසිත් මාලිංග හැට්‌රික් එකක් හෙවත් පන්දු තුනකට පිට පිටම කඩුලු තුනක් ලබාගත්තේය. එහෙත් මුළු ලොවම විශ්මයට පත්කරමින් ඔහු එක දිගට යෑවූ සිව්වැනි පන්දුවෙන්ද හතරවැනි කඩුල්ලද ලබා ගත්තේය. කඩුලු හතරක් පන්දු හතරකදී ලබාගත් එකම පන්දු යවන්නා ඔහු බවට පත්කරමින් ලෝක වාර්තාවක්‌ද පිහිටුවේය. එයද එසේ මෙසේ ප්‍රතිවාදී කණ්‌ඩායමකට එරෙහිව නොව අදටත් දක්‍ෂ ක්‍රීඩකයන් සිටින දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට එරෙහිවය. ක්‍රිකට් විස්‌තර විචාරකයන් විකට් තුනක් දවාගත් විට "හැට්‌රික්" යෙදුම භාවිත කළද විකට් හතරක් ලබා ගත්තෙකුට එවැනි නමක් භාවිත නොකළේ එවැනි පන්දු යවන්නකු ක්‍රිකට් ක්‍රීඩාව පටන්ගත් දා සිට අද දක්‌වා නොසිටි නිසාය. ලෝක කුසලාන අවසාන තරගයට ශ්‍රී ලංකාව සහභාගි වී පරාජය වුවත්, ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්‌ඩායමේ ලෝක වාර්තාවක් පිහිටුවූ මේ ජගත් වීරයා පිළිගැනීමට ක්‍රිකට් මණ්‌ඩලය විශේෂ සූදානමකින් නොසිටියේය. ජනතාව ඒ ගැන අනවබෝධයෙන් සිටියේය. ඔහුට පෞද්ගලිකව ස්‌තුති කරන්නටවත් කිසිවකු නොවීය. මෙය මෙරට වෙළාගත් අභාග්‍යන්ගෙන් එක් පැතිකඩක් පමණි.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ටික දවසකින් පාදයේ ආබාධයක් ඇති විය. එය කෙතරම් උත්සන්න වූවාද කිවහොත් ඔහුට ඇඳෙන් බැසීමට හෝ නොහැකි විය. ඇවිදීමට තබා බිමට අඩිය ගැසීමටවත් නොහැකි විය. තම ක්‍රිකට් දිවියේ අවසානය මෙය යෑයි ඔහුට සිතිණ. වේදනාවෙන් කදුලින් රැය පහන් කළ ද ඔහුගෙන් ඒ පිළිබඳ තොරතුරු විමසන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය. කෙනකු මේ ආබාධයට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු සිටින්නේ ඔස්‌ටේ්‍රලියාවේ බව දැනුම් දුනි. එහෙත් ඔස්‌ටේ්‍රsයාවට යැමට තරම් මුදලක් ඔහුට නොතිබූ අතර එවකට සිටි ක්‍රිකට් බලධාරීන්ට දුරකථනයෙන් කතා කොට තමාගේ පාදයේ ඇතිවී තිබෙන ආබාධය ගැන පැවසීය. එහෙත් ඔහුට ලැබුණේ අනපේක්‍ෂිත පිළිතුරකි. ටෙලිෙµdaන් එකෙන් මේවා කියන්න මේක මාළු කඩයක් නෙමෙයි. තමන්ට අවශ්‍ය දේවල් ලි�තව හෝ පැමිණ කියන්න යෑයි ඔහුට අණ ලැබීය.
පසුව ඔහු ඔස්‌ටේ්‍රලියාවට ගොස් එහි විශිෂ්ටතම ක්‍රීඩා ශෛල්‍ය වෛද්‍යවරයා හමුවීය. ඔහු ලසිත් මාලිංගව මැනවින් පරීක්‍ෂා කළේය. ඔහු දුන් පිළිතුරු නැවතත් ලසිත් මාලිංගගේ නෙත් කඳුළින් පිරීමට හේතු විණි. මෙම ආබාධය ලොව ඉතාම විරල ගණයේ ආබාධයක් බවත් මෙවැනි ආබාධයක් සැදී ඔහුගෙන් ප්‍රතිකාර ගත් ලොව සිටින දක්‍ෂතම පාපන්දු, බොක්‌ෂින් හා මලල ක්‍රීඩකයන්ගේ ඡායාරූප හා ඔවුන්ගේ පාදයේ ආබාධයන් සම්බන්ධයෙන් ගත් එක්‌ස්‌රේද පෙන්වා සිටියේය. ඔහු කියා සිටියේ එම ක්‍රීඩකයන්ට කිසි කලෙකත් තම ක්‍රීඩා වෘත්තියේ යෙදීමට නොහැකි වූ බවය. පසුව අනිකුත් ක්‍රීඩකයන්ට මෙන්ම ලසිත් මාලිංගටද විශේෂ එන්නතක් දෙනු ලැබීය. ඔහුට ඇවිදීමට හැකි වුවත් දිවීමට හෝ වෙනත් ශාරීරික ව්‍යායාමවල යෙදීමට නොහැකි විය. ඔහු තම සිතින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.
අනතුරුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දඹුලු ක්‍රීඩාපිටියේදී පැවැති තරගය මාලිංගගේ ක්‍රීඩා දිවිය වෙනස් කිරීමට හේතුවිය. එම තරගය නැරඹීමට පැමිණි ජනාධිපතිතුමන් ලසිත් මාලිංග කොහේදැයි බලධාරීන්ගෙන් අසා ඇත. ඔහු පාදයේ ආබාධයෙන් පෙළෙන බවත්, එය සුව කිරීමට නොහැකි බවත් ජනාධිපතිතුමන්ට බලධාරීන් දන්වන ලදී. මේ බව කිසිත් නොදත් මාලිංග දුරකථනයට පවා පිළිතුරු දීමට නොහැකිව තනිව තම ගමේ නිවසේ ඇදකට වී තම අනාගතය ගැන සිතමින් සිටින විට ජනාධිපති මන්දිරයෙන් දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී තිබිණ. කෙසේ හෝ ජනාධිපති මන්දිරයට කතා කරන ලෙස ඔහුගේ යාළුවකු ඔහුට කියා සිටියේය. මේ වන විට ජනාධිපතිතුමා විමසන්නේ තමා හා ක්‍රිකට් මණ්‌ඩලයේ ඇති මධ්‍යම ගිවිසුම අහෝසි කොට තමාව හතරවැනි පන්තියේ ගිවිසුමට ඇතුළත් කිරීම ගැනයෑයි සිතාගෙන සිටියද ඔහු ජනාධිපතිතුමන්ට කතා කළේය. ජනාධිපතිතුමා ඔහුගෙන් මුලින්ම විමසුයේ මාලිංග ක්‍රිකට් නොගසන්නේ මන්ද යෑයි යන්නය. එහිදී ඔහු තම පාදයේ ආබාධය හා ඔස්‌ටේ්‍රලියානු වෛද්‍යවරයාගේ පිළිතුර ගැනද සඳහන් කළේය. ඊට පසුදිනම තමා හමුවන ලෙස ලසිත් මාලිංගට ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබිණ.
පසුව ජනාධිපතිතුමන් හමුවී සියලු විස්‌තර කතා කළ පසු ජනාධිපතිතුමා පුද්ගලයෙකු කැඳවා ලසිත් මාලිංගගේ පාදයේ ආබාධය පිළිබඳ විස්‌තර පවසන ලදී. ලසිත් මාලිංග පසුව දැනගත් පරිදි ඒ දොස්‌තර එලියන්ත වයිට් මහතාය. "ඔහු මට මේක දින හතරෙන් සුවකරනවා" යෑයි පවසා යම්කිසි දියර බෙහෙතක් ඔහුට ලබා දුන්නේය. කිසිසේත්ම මාලිංග මෙය විශ්වාස නොකළ අතර ජනාධිපතිතුමාට ඇති ගෞරවය නිසාම මෙම බෙහෙත ගැනීමට තීරණය කළේය. දින හතරෙන් ඔහුට වඩාත් පහසුවෙන් ඇවිදීමට හැකිවිණ. ඔහුගේ පාදයේ වේදනාවද ක්‍රමයෙන් අඩුවන බව ඔහුට දැනුනේය. පසුව ක්‍රමයෙන් වැල්ලේ දුවන ලෙසත් ශාරීරික ව්‍යායාම කරන ලෙසත් දොස්‌තර වයිට්‌ගෙන් ඔහුට උපදෙස් ලැබිණි. ඒ අනුව තම ආබාධය බොහෝ දුරට සුවවී ඇති බව ඔහුට වැටහුනද ක්‍රිකට් ගැසීමට හැකි වෙතැයි ඔහු සිහිනෙකින්වත් සිතුවේ නැත. ක්‍රම ක්‍රමයෙන් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවටද අවතීර්ණ වී පුහුණුවීම් තරග කිහිපයකට සහභාගි විය.
ගතානුගතිකත්වයෙන් මිදී අමුතුම විලාසයකට පන්දු යවන ලසිත් මාලිංග දෙස ලොව සියලු දෙනාම විශ්මයෙන් බලා සිටියා මෙන්ම තරුණ ක්‍රීඩාලෝලීන්ගේ සිත්ගත් තවත් වෙනසක් ලසිත් මාලිංගගෙන් ඔවුන් දුටුවෝය. එනම් ඔහුගේ රන් වන් ලෙස පාට කරන ලද කොණ්‌ඩා මෝස්‌තරයයි. මෙය ලෝකයේ විශිෂ්ටම කොණ්‌ඩා මෝස්‌තරකරු යෑයි පිළිගන්නා ඩැනියෙල් ගැල්වින්ගේ කොණ්‌ඩා මෝස්‌තරයක් නොවේ. ලසිත්ගේ කොණ්‌ඩා මෝස්‌තරය ක්‍රිකට් ලෝලීන්ගේ මොනතරම් ආකර්ෂණයට ලක්‌වූවා දැයි කිවහොත්, ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ක්‍රිකට් ලෝලී තරුණයන් ලසිත්ගේ කොණ්‌ඩයට සමාන බොරු කොණ්‌ඩයකින් සැරසී ක්‍රීඩා පිටියට ඒම සුලභ දර්ශනයක් විය. බීට්‌ලස් සංගීත කණ්‌ඩායම සංගීතයෙන් පමණක් නොව ඇඳුමෙන් හා කොණ්‌ඩා මෝස්‌තරයෙන් ලොව රසිකයන්ගේ හද බැද ගත්තාට පසු ක්‍රීඩකයෙකු විසින් හඳුන්වාදෙන ලද ක්‍රීඩා ලෝලීන් අතර මහත් පෙරළියක් කළ අනිකුත් කොණ්‌ඩා මෝස්‌තරය ලසිත් මාලිංගගේ කොණ්‌ඩා මෝස්‌තර යෑයි ක්‍රීඩා විස්‌තර විචාරකයන් පවසා තිබේ.
එහෙත් මෙම කොණ්‌ඩා මෝස්‌තරය හා කනේ කරාබුව නොරිස්‌සූ ක්‍රිකට් බලධාරියෙක් කියා සිටියේ ඔහුට තව දුරටත් ක්‍රිකට් ගැසීමට අවශ්‍ය නම් කොණ්‌ඩය කපාගෙන කරාබුව ගලවා එන ලෙසය. තමාගේ කොණ්‌ඩා මෝස්‌තරය තමාගේ ස්‌වාධීන චින්තනයේ කොටසක් වන අතර එය කිසිසේත්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විනය නීතීන්ට එරෙහිව වන දෙයක් නොවේ. මීට පෙර ශ්‍රී ලංකාවේ සිටි වේග පන්දු යවන්නෙකු වූ රොමේෂ් රත්නායකද තම කොණ්‌ඩය මුහුණට වැටෙන හෙයින් සුදු පටියක් බැඳ සිටියේය. ඔහුගේ කොණ්‌ඩය කපා සුදු පටියක් නොබැඳ ක්‍රීඩා කිරීමට එවකට ක්‍රිකට් නායක වූ අර්ජුන රණතුංග හෝ වෙනත් කෙනකු අණ කළේ නැත. එලෙසම කලක් ශ්‍රී ලංකා විශිෂ්ටම පිතිකරුවා වූ අරවින්ද ද සිල්වා කනක කරාබුවක් පැළඳ සිටියේය. ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිවලට එරෙහි නොවන ලසිත් මාලිංගගේ කොණ්‌ඩා මෝස්‌තරය නිසාම ඔහුට ක්‍රීඩා තහනම් කරන්නේනම්, ලසිත් මාලිංගගේ නොව එම බලධාරීන්ගේ මොළය විශේෂඥ වෛද්‍යවරයකු ලවා පරීක්‍ෂා කළ යුතුය. ලසිත් කියා සිටියේ "මගේ කොණ්‌ඩයෙන් කාටවත් බාධාවක් නොමැති නම් එය කැපීමට හෝ මෝස්‌තරය වෙනස් කිරීමට මම සූදානම් නැහැ" යනුවෙනි.
ප්‍රිsමියර් ලීග් තරගාවලි බොහෝ ක්‍රීඩාවලට ආවේනික වූ දෙයකි. එංගලන්තයේ පාපන්දු කරුවන්ට ඩොලර් මිලියන ගණනක් ඉපැයීමට හැකි වන්නේ ඉංග්ලිස් ප්‍රිමියර් ලීග් නමැති තරගාවලිය හේතුවෙනි. එමෙන්ම ලොව සිටින ගෝල්µa, බොක්‌සින්, පා පන්දු හා දැල්පන්දු ක්‍රීඩකයන්ට ගෙවන මුදල හා සැසඳීමේදී ඉතා සුළු මුදලක් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩාකරුවන්ට ගෙවනු ලැබේ. මෙම මුදල සොච්චමකි. එහෙත් එය ක්‍රිකට් මණ්‌ඩලයක් විසින් තම ක්‍රීඩකයන්ට ගෙවන මුදලට වඩා විශාල මුදලකි. මෙම විවේචකයන් තේරුම්ගත යුතු එකක් ඇත. ඕනෑම ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ ඉතාම සුළු කාලයකි. එය අවු( 18 සිට 35 දක්‌වා පමණ සීමාව වේ. එසේ නම් ඒ කාලය තුල ඕනෑම ක්‍රීඩකයෙකු තමන්ට ඉපැයිය හැකි විශාලතම මුදල නීත්‍යනුකූල ඉපයීමේ වරද කුමක්‌දැයි අද ඇති ආර්ථික විෂමතාවන් අනුව මෙම කාලය අනුව ඔවුන් සොයාගන්නා මුදල තම අනාගතයටම බලපාන්නකි. සාමාන්‍ය පුද්ගලයෙකු අවු( 62 කින් විශ්‍රාම යන අතර ක්‍රීඩකයෙකු හොඳින්ම ක්‍රීඩා කළොත් අවු( 35 න් විශ්‍රාම ගැනීමට හෝ තරගවලින් සමුගැනීමට සිදුවනවා ඇත.
ලසිත් මාලිංග 20-20 තරගවලදී අද ලෝකයේ සිටින දක්‍ෂතම වේගපන්දු යවන්නා බව අන්තර්ජාතික විචාරකයන් හා ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන්ද පිළිගත් කරුණකි. එම නිසා මෙවැනි මුදලක් උපයන විශිෂ්ටම දක්‍ෂතම ක්‍රීඩකයන් ගැන බලධාරීන් කෙනහිලිකම් කිරීම කණගාටුවට කරුණකි. ඔවුන් මෙවැනි මුදලක් උපයන්නේ කුඩු හෝ වෙනත් නීති විරෝධී ජාවාරමක් කර හෝ ක්‍රීඩා පාවාදීමෙන් නොවේ. තම සහජ දක්‍ෂතාව ඔස්‌සේය. අද ලෝකයේම 20-20 තරගවලදී වේග පන්දු යවන ලසිත් මාලිංග වැනි තවත් දක්‍ෂයෙක් නැත. චැම්පියන් ලීග් කුසලාන තරගාවලියේ ප්‍රධානතම විස්‌තර විචාරකයා වූ හර්ෂා බෝග්ලේ අවසාන තරගයට කලකට පෙර අනාවැකියක් පළ කළේය. අද ලෝකයේ සිටින 20-20 විශිෂ්ටතම ක්‍රීඩකයා කවුද යෑයි ඔහු අනිකුත් ක්‍රීඩා විචාරකයන්ගෙන් ප්‍රශ්නයක් නැගුවේය. ඒ ඉන්දියාවේ දේවත්වයෙන් පුදන සචින් ටෙන්ඩුල්කාර්වත් ඉන්දියාවට ලෝක කුසලාන ගෙන ආ මහේන්ද්‍ර සිං දෝනිවත් ලෝකයේ දිගම හා උසම හයේ පහර ගැසූ බටහිර ඉන්දියානු කොදෙව් පිලේ ක්‍රිස් ගේල්වත් 20-20 තරගයකට සහභාගි වී පිට පිටම ශතක දෙකක් ලබාගත් ඔස්‌ටේ්‍රලියාවේ ඩේවිඩ් වෝන්වත් නොවේ. ඒ රත්ගම වැල්ලේ සැහැල්ලු පන්දු යවා චම්පක රාමනායක විසින් කුසලතා හඳුනාගත් අපේ පුංචි දිවයිනේ කොළු ගැටයෙකු වූ ලසිත් මාලිංගය. ලසිත් මාලිංග ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රීඩාවලට නැවත සහභාගි කරගත හැකිවේයෑයි මා නොසිතමි. මන්ද නැවත වරක් ඔහුගේ කකුල කැඩුනහොත් ඔහු සදාකාලික ආබාධිතයෙකු වනු බැවිනි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩා මණ්‌ඩලයට ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් ඇත. එනම් ඔහුට ක්‍රිකට් මණ්‌ඩලයෙන් සිදුවූ කෙනහිලිකම් වලට ප්‍රසිද්ධියේ සමාව ගැනීමයි.
ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීම නොතිබෙන්නට අද ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයෙක් සිටියාද කියාවත් බොහෝ දෙනකුගේ මතකයෙන් ගිලිහී ගොසිනි. මාලිංග වීරයෙකු වූයේ නම් එම ගෞරවය ජනාධිපතිතුමන්ටද හිමිවිය යුතු බව මගේ අදහසයි.
හේමන්ත වර්ණකුලසූරිය
source
http://www.divaina.com/2011/10/21/sports02.html