ලසිත් මාලිංග

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මාලිංගට ගහන්න පුරුදු වුණේ අයි.පී.එල්. වලදියි
    - පතන් සහ රයිනා කියති

    චමිල කරවිට

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (අයි. පී. එල්.) අතරතුරදී වැඩි වශයෙන් මාලිංගගේ පන්දුවලට පහරදීමට අවස්‌ථාව උදා වීම ඔහුගේ පන්දු යෑවීම හමුවේ ඉන්දීය පිතිකරුවන් සාර්ථක වීමට ප්‍රධාන හේතුව වන බව ඉන්දීය ක්‍රීඩකයන් වන ඉර්µdන් පතන් සහ සුරේෂ් රයිනා අවධාරණය කරයි.

    මෙම 18 වැනිදා ආරම්භ වන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඊයේ (14 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පතන් සහ රයිනා ඉහත අදහස්‌ පළ කර සිටියහ.

    "ඔව්. අවසාන තරගාවලි කිහිපයේදී අපි මාලිංගගේ පන්දු හමුවේ හොඳින් පන්දුවට පහර දුන්නා. විශේෂයෙන්ම විරාත් කෝලි. ඒ වගේම කණ්‌ඩායමේ අනිත් පිතිකරුවන්ද මාලිංගගේ පන්දු හමුවේ හොඳින් මුහුණ දුන්නා. මෙයට ප්‍රධානම හේතුව වශයෙන් මම දකින්නේ අයි. පී. එල්. තරගාවලියේදී ඔහුගේ පන්දුවලට වැඩි වශයෙන් මුහුණදීමට අවස්‌ථාව අපිට උදා වීමයි" වශයෙන් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්µdන් පතන් අදහස්‌ දැක්‌වීය.

    ඉන්දීය කණ්‌ඩායමේ අවසන් ශ්‍රී ලංකා තරග සංචාරය 4-1 ක්‌ වශයෙන් ඉන්දීය පිල ජයගත් අතර එහිදී සූරියවැවදී පැවැති තරගයකදී මාලිංගගේ පන්දුවාර 10 තුළදී ලකුණු 83 ක්‌ ලබා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්විය. එමෙන්ම මෙම වසර මුලදී ඔස්‌ටේ්‍රලියාවේ පැවැති සී.බී. කුසලාන තරගාවලිය යටතේ හෝබාර්ට්‌හි පැවැති තරගයේදී මාලිංගට එරෙහිව ඉන්දීය පිතිකරුවන් ලකුණු 96 ක්‌ රැස්‌ කිරීමට සමත්වූයේ යවන ලද පන්දුවාර 8 කදී වීම කැපී පෙනෙයි.

    සමස්‌ථයක්‌ ලෙස සෙසු රටවලට එරෙහිව මාලිංග ආසන්න වශයෙන් ලකුණු 27 කට වතාවක්‌ කඩුල්ලක්‌ දවා ගැනීමට සමත්වී තිබෙන නමුත් ඉන්දීය කණ්‌ඩායමට එරෙහිව ඔහු කඩුල්ලක්‌ දවා ගෙන ඇත්තේ ලකුණු 41 කට ආසන්න අගයක්‌ ලබාදීමෙන් පසුව බව දත්ත පිරික්‌සීමේ දැකගත හැකිය.

    "මාලිංගගේ පන්දුවලට අපි ගොඩක්‌ පහර දීලා තියෙනවා. එය තමයි මාලිංගට හොඳින් අපිට පහරදීමට හැකිවී තිබෙන්නේ. ඔහුගේ පන්දු වලට හොඳින්ම පන්දුවට පහර දීලා තියෙන්නේ විරාත් කෝලි වුණත්, සෙසු පිතිකරුවන්ද සැලකිය යුතු ලෙස ඔහුගේ පන්දුවලට හොඳින් ලකුණු ලබා ගෙන තියෙනවා" යනුවෙන් මැද පෙළ පිතිකරු සුරේෂ් රයිනා පැවැසීය.

    ලොව භයානක පන්දු යවන්නන් අතරින් එක්‌ අයෙකු ලෙස සැලකෙන මාලිංග ඉන්දීය පිතිකරුවන් හමුවේ මෙතරම් ප්‍රහාරයකට ලක්‌වීමට ප්‍රධාන හේතුව මෙයම බව මීට මාසයකට පමණ ඉහතදී ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවැග් ද සඳහන් කර සිටියේ.
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    indian salli walata puka dila mahela sanga malinga wage wesige puthala rate cricket walatath ariya
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    Oka mee hadissiye un kiyanna onee na
    hamoma danna deyak oka
    oya hadanne apiwa manasikawa wattanna
    Indian Haththa banga weeewaa :angry::angry::angry: