ලහිරුගෙන් විශිෂ්ධ ඉනිමක් - විශේෂ සිදුවීම&#3530

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
ලහිරුගෙන් විශිෂ්ධ ඉනිමක් - විශේෂ සිදුවීම&#3530

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද ඇඩිලේඩ්හී ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මුලින්ම පන්දුවට පහරදීම සදහා ඕස්ට්‍රේලියාවට ආරාධනය කලා.
ඒ අනුව පිටිමට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 46.5 ක් තුළ සියළු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 170 ක්.
බ්‍රැඩ් හැඩින් පන්දු 67 ක් තුළ ලකුණු 50ක් රැස් කල අතර ලසිත් මාලිංග ලකුණු 32 කට කඩුළු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 40.1 ක් තුළ ලකුණු 172 ක් රැස් කරගනිමින් ජයග්‍රහණය වාර්ථා කලා.
ලකුණු ලබා ගැනීමේදී ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 102 ක් හා ටී එම් ඩිල්ශාන් ලකුණු 51 ක් ලබා ගත්තා.
Highlights of the Match
විශේෂ සිදුවීම්.
අද පැවැත්වුනේ අන්තර් ජාතික එක්දින ඉතිහාසයේ 3319 වන තරගය. ඇඩිලේඩ් හී පැවැත්වුණු 76 වන තරගය.

දෙරට අතර පැවැත්වුණු 86 වන තරගය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයගත් 29 වන තරගය.

කේන් රිච‍ඩ්සන් හා ‍බෙන් ‍කටිං ඕස්ට්‍රේලියාව වෙනුවෙන හා කුසල් ජනිත් පෙරේ‍රා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත්තා.

බ්‍රැඩ් තම 16වන අර්ධ ශතකය වාර්ථා කල අතර ලසිත් මාලිංග කඩුළු 3 බැගින් ලබාගත් 16 වන අවස්ථාව වාර්ථාකලා.

ටී එම් ඩිල්ශාන් අද වාර්ථා කළේ තම 29වන අර්ධ ශතකය වන අතර 14 වන අවස්ථාවට උපුල් තරංග 0 ට දැවී ගියා, ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන අවස්ථාව.

ශ්‍රී ලංකා ඉනිම අතරතුර කඩුල්ලේ තහනම් කලාපය ස්පර්ශ කිරීම හේතුවෙන් කෙන් රිචඩ්සන්හට තරගය පුරා පන්දු යැවීම තහනම් කලා. ඒ පන්දු ඕවර 6ක් යැවීමෙන් අනතුරුවයි. රිචඩ්සන් තම මංගල තරගය ක්‍රීඩා කළ අතර නිලකුණු පන්දුවාර 3ක් යවමින් ලකුණු 15ක් පමණක් ලබාදීමට සමත්වුණා.

තම මංගල එක්දින තරගය ක්‍රීඩාකල කුසල් ජනිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකළේ 155 වෙනි ක්‍රීඩකයා ලෙසයි. ඔහුට එරෙහිව ප්‍රථම පන්දුව එල්ල කල බෙන් කටිං ද අද තම මංගල එක්දින තරගය ක්‍රීඩාකිරීම සුවිශේෂයි.

කඩුළු රකින්නකුවන කුසල් ජනිත් කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කල ක්‍රීඩකයෙකි. පසුව කෝල්ට්ස් ක්‍රීකට් සමාජය හා එක්වූ ඔහු මෙම තරගවාරයේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාබීන් අතර තෙවන ස්ථානයට පත්වූයේ ලකුණු 376ක් තරග 10ක් තුළ ලබාගනිමින්.
ලහිරු තිරිමාන්න තම මංගල ශතකය අද රැස්කිරීමට සමත්වූ අතර එය ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු රැස්කල 5වන ශතකයස වුණා. මින් ඉහත සනත් ජයසූරිය දෙවරක් ශතක රැස්කොට තුබූ අතර මාවන් අතපත්තු හා ටී එම් ඩිල්ශාන් එකවර බැගින් ශතක වාර්තා කලා


Read more: http://cricturf.com/sinhala/53-snews/5623-2013-01-13-16-46-46.html#ixzz2Hv5jPBSo

Read more about cricketers lanka by CricTurf
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif