ලහිරු_තිරිමාන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ලහිරු_තිරිමාන්න

    e9738f82-9185-42a9-ae46-dbe7a44944b7MediumRes.JPG

    ආසියානු කුසලාන ක්‍රිකට්‌ වේදිකාවේ 'සුපර් ස්‌ටාර්' ලෙසින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසකම් ලබා ඇති බව මේ මොහොතේ ඔබට අමුතුවෙන් කිවයුතු කරුණක්‌ නොවේ. හෙට (08) වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී පකිස්‌තානයට බැටදීම පිණිස ශ්‍රී ලංකාව කඳවුරු බඳින අතරවාරයේදීය. ඔහු මට හමුවන්නේ. ඩකා මීර්පූර්හී ෂෙරේ බංගලා ක්‍රීඩාංගණයේ ගෘහස්‌ත/එළිමහන් පුහුණු ක්‍රීඩාංගණයේ පිතිකරු පුහුණුවකින් පසුව ලද නිනව්වක ඔහු 'දිවයින' සමගින් පිළිසඳරට එකතුවිය. මේ හැඩකාර ක්‍රීඩකයාගේ පිතිහරඹයද හැඩකාරය. ඔහුගේ 'කවර් ඩ්‍රයිව්' පහර මනරම්ය. පිතිහරඹයෙදී පමණක්‌ නොව පිටියේද, ඉන් පිටතද ඔහුගේ පෞරුෂය ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලේ තව බොහෝ දුරක්‌ යැමට ශක්‌තිය ඇති බව හඟවන්නේය. ලහිරු තිරිමාන්න නැමැති 24 හැවිරිදි මේ මොරටුව වේල්ස්‌කුමරුවාගෙන් අප ඇසුවේ ක්‍රිකට්‌ ගැන පමණක්‌ නොවේ. ක්‍රිකට්‌ හරහා ලැබෙන වරප්‍රසාද මෙන්ම ජනප්‍රියත්වය හමුවේ ජීවිතය කළමනාකරණය කරන අයුරු ද අපි ඇසුවෙමු. ඒ නැගී එන ක්‍රීඩකයන්ට ආදර්ශයට ගැනීමට යමක්‌ දෙන අරමුණෙනි.

    ප්‍රශ්නය - ටික කාලයක්‌ ජාතික කණ්‌ඩායමේ දකින්න ලැබුණේ නැහැ....?

    පිළිතුර - ඔව් දෙසැම්බර් මැද ඉඳලා මාස 2 ක්‌ සෙල්ලම් කරන්න බැරි වුණා. මගේ පාදයේ ආබාධයක්‌ නිසා.

    ප්‍රශ්නය - දැන් කණ්‌ඩායමේ හැටියට මොන ක්‍රමයකට ඉවත් වුණත් ආයෙත් ඇතුළට එන එක ලෙහෙසි නැහැ නේද?

    පිළිතුර - ඒකනම් ඇත්ත. බොහොම ස්‌ථාවර, සමබරව කණ්‌ඩායම ඉන්නවා. ස්‌ථානයක්‌ දිනාගන්න එක ලෙහෙසි වැඩක්‌ නම් නෙමෙයි. ඇත්තෙන්ම ඩිල්ෂාන් අයියා අබාධයකට ලක්‌වුණු නිසා තමයි මට මේ අවස්‌ථාව ලැබෙන්නේ.

    ප්‍රශ්නය - ඔබ විටෙක කණ්‌ඩායමේ මැද පෙළ පිතිකරුවෙක්‌. මෙවර ඔබ ආරම්භක පිතිකරුවා. වඩා කැමති, වඩා පහසු කොතැනද?

    පිළිතුර - තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ ආරම්භක පිතිකරුවා. ඔහුට අනිවාර්යයෙන්ම ඒ ස්‌ථානය ලැබිය යුතුයි. ඇත්තෙන්ම මම පිතිකරු ස්‌ථානය ගැන හිතන්නෙම නැහැ. කණ්‌ඩායමේ කොතැනද මට ලැබෙන්නේ. මොකක්‌ද මගෙන් බලාපොරොත්තුවෙන්නේ, ඒ අවස්‌ථාවේ හැටියට ඒ දේ භාරගන්න මම ලැහැස්‌තියි. මට අවශ්‍ය වෙන්නේ කණ්‌ඩායම මගෙන් බලාපොරොත්තුවෙන දේ කරන්න විතරයි

    ප්‍රශ්නය - කණ්‌ඩායමේ තැනක්‌ දිනාගන්නවාට වඩා ඒ තැන පවත්වාගෙන යැමයි අපහසු. එය ස්‌ථාවර කර ගැනීමයි අපහසු . මේ ගැන කොහොමද ඔබේ අවදානය යොමුවෙන්නේ මොන අකාරයටද?

    ප්‍රශ්නය - එය තනිකරම කැපකිරීම මත රැඳුණු දෙයක්‌. දැන් ඔබට පේනවා ඇති මේ පිට්‌ටනිය දිහා බැලූවහම, කණ්‌ඩායමේ අපේ හැම සාමාජිකයෙක්‌ම මොකක්‌ම හෝ ක්‍රීඩාවට අදාළ ක්‍රියාකාරකමක්‌ යෙදෙනවා. මේක තමයි මේ අයගේ සාර්ථකත්වයට හේතුව. මමත් එහෙම තමයි. මෙහේ එන්න කළින් ලංකාවෙදී මම දිගටම පිතිකරු පුහුණුවීම්වල යෙදුණා. ඒකෙ ප්‍රතිඵලයක්‌ හැටියට මට ශතකයක්‌ සහිතව ලකුණු අතරට එන්න ලැබුණා.

    ප්‍රශ්නය- තරගයක්‌ සඳහා මානසික සූදානමකුත් අවශ්‍යයි. ඒ දේ කොහොමද ඔබ කරන්නේ.

    පිළිතුර - මම නම් ක්‍රිකට්‌ වෙලාවට විතරයි ක්‍රිකට්‌ ගැන හිතන්නේ. පුහුණුවීමවලදී හරි තරගයකදී හරි. අනිත් වෙලාවක මම චිත්‍රපටියක්‌ බලනවා වගේ දෙයක යෙදිලා පුළුවන් තරම් සැහැල්ලූවෙන් ඉන්නවා. නැතිනම් ඒක අනවශ්‍ය පීඩනයක්‌ වෙන්නත් පුළුවන්. නමුත් මම ක්‍රිකට්‌ වලදී 100%ම එතැනයි මානසිකත්වය තියාගන්නේ. වෙන කිසිම දෙයක්‌ ගැන හිතන්නේ නැහැ.

    ප්‍රශ්නය- අද ඔබ මෙතැන ඉන්නේ කාගේ සවියෙන්ද?

    පිළිතුර - මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ අම්මා (ශ්‍යාමලී වික්‍රමසිංහ) මේ ගමන පිටිපස්‌සේ ඉන්න විශාල කැපකිරීමක්‌ කරපු කෙනෙක්‌. ඒ වගේම කැනඩාවේ ඉන්න මගේ බාප්පා විරාඡ් තිරිමාන්නත් මට ගොඩාක්‌ උදව් කළා. ඒ වගේම අනුෂ සමරනායක, සුමිත්‍ර වර්ණකුලසූරිය වගේම පන්දු රැකීමේ පුහුණකරු නුවනුත් මට කණ්‌ඩායමත් එක්‌ක ඉන්න බැරි අවස්‌ථාවෙදි ලංකාවේ මගේ පුහුණුවීම් වලට විශාල වශයෙන් උපකාර කළා. ඉස්‌කෝලෙ කාලෙ ඉඳන් මේ දක්‌වා මට ක්‍රිකට්‌වලට ගුරුහරුකම් දීපු හැම කෙනෙක්‌ගෙම දායකත්වය මෙතැනදි මම මතක්‌ කරන්න ඕනේ. විශේෂයෙන්ම මෙහෙට (බංගලිදේශයට) ආපුවහම පිතිකරු පුහුණුකරු මාවන් අතපත්තු මහත්මයාගේ සහයත් අගය කරන්න ඕනි.

    ප්‍රශ්නය - ඔබේ ක්‍රිකට්‌ ලෝකෙ වීරයා...

    පිළිතුර - අපේ කණ්‌ඩායමේ ම ඉන්න කුමාර සංගක්‌කාර වගේම මහේල ජයවර්ධනත් මගේ ක්‍රිකට්‌ ලොකේ වීරයෝ. ඒ අයගේ පිතිහරඹය බලන් ඉන්න මම හරි ආසයි. ඒ අයත් එක්‌ක එක කණ්‌ඩායමක ඉන්න ලැබීමත් භාග්‍යයක්‌ කියලයි මට හිතෙන්නේ. කුමාර් අයියත්, මහේල අයියත් හැම තිස්‌සෙම මට පිතිහරඹයේ අඩුපාඩු කියලා දෙනවා. මෙතැන නැති වුනත් ඩිල්ෂාන් අයියා ජ්‍යෙෂ්ඨයකු හැටියට පිතිහරඹය සාර්ථක කරගන්න දෙන සහායත් අමතක කරන්නම බැහැ. ඒ තුන්දෙනා තමයි මගේ ක්‍රිකට්‌ වීරයෝ.

    ප්‍රශ්නය- මේ තුන්දෙනා කණ්‌ඩායමෙන් ඉවත්වුණු දවසකට ඒ එක හිදැසක්‌ පුරවන්න සුදුසුම කෙනෙක්‌ හැටියට ඔබව හැඳින්වුවොත්.

    පිළිතුර - කාටවත් බැහැ හැමදාම ක්‍රිකට්‌ ගහන්න. 2015 ලෝක කුසලාන දක්‌වා මේ සියලුදෙනාම කණ්‌ඩායමේ සිටීවි. මේ අතර කාලයේදී තේරීම් කමිටුව හොඳින් ක්‍රියාත්මකවෙමින් නවක ක්‍රීඩකයන්ව එතැනට අරගෙන එමින් කණ්‌ඩයාමේ හොඳ කළමනාකරණයක්‌ කරනවා. අද කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ සහ නවකයෝ අතරේ තියෙන සම්බන්ධතාව බොහොම හොඳයි. ඒ කියන්නේ ඔවුන් කණ්‌ඩායමෙන් ඉවත්වුණ දවසකට අර්බුධයක්‌ වෙන්නේ නැතිව කණ්‌ඩායමේ රිද්මය පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. එතැනදි මටත් වගකීමක්‌, කාර්යභාරයක්‌ තියෙනවාය කියලා දැනගෙනයි මම ක්‍රීඩාකරන්නේ.

    ප්‍රශ්නය - ඔබ දැන් ඉස්‌සර මොරටුවේ ඉඳපු 'කොල්ලා' නෙමෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සිටින ලහිරු තිරිමාන්න. දැන් ඔබට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ඉස්‌සරට වැඩිය ගොඩක්‌ වැඩියි. ඉස්‌සර වගේ සමාජයේ නිදහසේ, නිදැල්ලේ හැසිරෙන්න ඔබට බැහැ. මේ තත්ත්වය ඔබ අත්විඳින්නේ මොන වගේද?

    පිළිතුර- ඇත්තෙන්ම එහෙම දෙයක්‌ තියෙනවා. නමුත් අපි යම් තැනකට ආවා කියලා මුල අමතක නොකර ඉන්න එක බොහොම වටිනවා. උදව් කරපු සියලුදෙනාව අපි මතකයේ තියාගන්න ඕනේ. සමාජය අපි ගැන ඇහැගහගෙන හිටියත් නැතත්, පිට්‌ටනියේදී වගේම ඉන් පිටතදීත් අපි අපේ තත්ත්වය ආරක්‍ෂා කරගෙන ඉන්න උත්සාහ කරන්න ඕනේ. අපි අපේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඒ දේ ඉගෙන ගත්තා.

    ප්‍රශ්නය - ජාතික කණ්‌ඩායමේ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ කියන්නේ ආර්ථික ලාභ රැසක්‌ ලැබෙන තැනක්‌. නමුත් ඔබ තවම යෞවනයෙක්‌. යෞවනයෙක්‌ට මුදල් ගලාගෙන ඒම ඔහුව පරිහානියට පත්කරන්නත් හේතු වෙන්න පුළුවන්. මේ කළමනාකරණය ඔබේ අතින් සිද්ධවෙන්නේ කොහොමද?

    පිළිතුර- ඔබේ අවසන් ප්‍රශ්න දෙකටම අදාළව පිළිතුරක්‌ දෙනවා නම්, අපි කණ්‌ඩායමට එනකොටම ඔය ප්‍රශ්නය අපට ඇතිවුනා. ඒ වෙලාවේ අපි අපේ ජ්‍යෙෂ්ඨයන් වන කුමාර් අයියා, මහේල අයියා හැසිරෙන විදිහ බලන් හිටියා. ඒ අය සමාජය සහ ආර්ථිකය කළමනාකරණය කරන විදිහත් අපිට කියලා දුන්නා. ඇත්තටම ඒකේ යම් ක්‍රමවේදයක්‌ තියෙනවා. ඒ වගේම අද කණ්‌ඩායමට නවකයෙක්‌ ආවත් ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඒ ක්‍රමවේදය ඉක්‌මනින්ම ඉගෙනගන්නවා. කණ්‌ඩායමත් එක්‌කම දක්‍ෂතා අතින් බැලූවත් අනිත් දේ අතින් බැලූවත් සමාන්තරව, සමබරව හැමදෙයක්‌ම හොඳින් කළමනාකරණය වෙනවා.

    ඉන්ද්‍රජිත් සුබසිංහ
    බංගලිදේශයේ ඩකා සිට

    divaina
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ප්‍රශ්නය - ජාතික කණ්‌ඩායමේ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ කියන්නේ ආර්ථික ලාභ රැසක්‌ ලැබෙන තැනක්‌. නමුත් ඔබ තවම යෞවනයෙක්‌. යෞවනයෙක්‌ට මුදල් ගලාගෙන ඒම ඔහුව පරිහානියට පත්කරන්නත් හේතු වෙන්න පුළුවන්. මේ කළමනාකරණය ඔබේ අතින් සිද්ධවෙන්නේ කොහොමද?

    පිළිතුර- ඔබේ අවසන් ප්‍රශ්න දෙකටම අදාළව පිළිතුරක්‌ දෙනවා නම්, අපි කණ්‌ඩායමට එනකොටම ඔය ප්‍රශ්නය අපට ඇතිවුනා. ඒ වෙලාවේ අපි අපේ ජ්‍යෙෂ්ඨයන් වන කුමාර් අයියා, මහේල අයියා හැසිරෙන විදිහ බලන් හිටියා. ඒ අය සමාජය සහ ආර්ථිකය කළමනාකරණය කරන විදිහත් අපිට කියලා දුන්නා. ඇත්තටම ඒකේ යම් ක්‍රමවේදයක්‌ තියෙනවා. ඒ වගේම අද කණ්‌ඩායමට නවකයෙක්‌ ආවත් ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඒ ක්‍රමවේදය ඉක්‌මනින්ම ඉගෙනගන්නවා. කණ්‌ඩායමත් එක්‌කම දක්‍ෂතා අතින් බැලූවත් අනිත් දේ අතින් බැලූවත් සමාන්තරව, සමබරව හැමදෙයක්‌ම හොඳින් කළමනාකරණය වෙනවා.

    බලනකොට සංගලා, මයියලා කියලාදෙන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයි.. අන්න නියම මහත්තුරු.. හැමෝටම ආදර්ශයක්..
     
    :yes:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    mahelayata enna kiyala... u bagayakma awata passe ball eka enawa dakala aru anith paththata giya... batsmenge neh decision eka, u harinam anith side ekata run eka yanna oni... dan ithin match eka dinnane... awulak nah... :D