ලාංකිකයකුට_වෙඩි_තබා_මරණ_දඬුවම
මැද පෙරදිග දී ලාංකිකයකුට වෙඩි තබා මරණ දඬුවම
අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 21 අඟහරුවාදා - 20:24 GMT
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයකු ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාවට නගා තිබේ.
රවින්ද්‍ර ක්‍රිෂ්ණ පිල්ලේ වෙඩි තබා මරා දැමීම තීන්දු කැරුණේ අයුක්ති සහගත නඩු විභාගයකින් බවයි එය හෙලා දකින ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ.ඇම්නස්ටියේ මැද පෙරදිග හා දකුණු අප්‍රිකා වැඩ සටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සයිඩ් බූම්ඩුහා (Said Boumedouha) බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ මරා දමන ලද තරුණයා ගලවා ගැනීමට එමීරයේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදිහත් නොවීම කනගාටු දායක බවයි.ෂාජා හි දී අඟහරුවාදා උදෑසන ඔහු මරා දමා තිබුණු බවයි මෙතැන ඔබන්න රවීන්ද්‍ර ගේ මිතුරියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බීබීසී සංදේශයට දුරකතනයෙන් කියා සිටියේ.
ලේ වන්දිය
එදින රාත්‍රී යාමය වන තුරුත් මළ සිරුර ඥාතීන් වෙත භාර දී නොතිබුණු බවද ඇය පැවසුවාය. මිනීමැරීමේ චෝදනා නගා මරණීය දණ්ඩනය පැනවුණු රවින්ද්‍ර ක්‍රිෂ්ණ පිල්ලේ ට නිදහස ලබා දීමේ ලේ වන්දිය සඳහා මුදල් ලබා ගැනීම මිය ගිය අරාබි ජාතිකයාගේ පවුලේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කළ බවයි රවීන්ද්‍ර ගේ මිතුරිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා ෂේක් මොහමඩ් බින් රෂිඩ් අල් මක්ටූම් රජතුමා සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී
මෙහෙකරුවකු ලෙසින් සේවයේ යෙදී සිටි නිවසේ හාම්පුතා ගේ මිතුරකු වාහනයකට යට කොට මරා දැමීමයි ඔහුට එරෙහි චෝදනාව.ලිංගික අතවරයක් කිරීමට තැත් කළ හාම්පුතා ගේ මිතුරා ගේ වාහනයේ නැගී පලා යාමට වීරිය කරද්දී ඔහු අනතුරින් මියගිය බවයි එවකට දහනව හැවිරිදි වියේ සිටි තරුණයා සිරගත ව සිටිය දී ඇම්නස්ටිය ට පවසා ඇත්තේ.කෙසේ වෙතත්, ඇම්නස්ටියේ සයිඩ් බූම්ඩුහා පවසන්නේ ‘එක්සත් අරාබි එමීරයේ හා ශ්‍රී ලංකාවේ පමණක් නොව සකල ලෝකයේ ම මරණීය දණ්ඩනය ට එරෙහිව,’ සටන් වැදිය යුතු බවයි.
BBC Sandeshaya