මගේ අවුරුදු 15 අත්දැකීම් අනුව
(1) වියාපරයක ප්‍රතිලාබ ලැබෙන්නේ එක ගන්න අවදානම මත (risk). ආණ්ඩුවේ නීති රීති, ක්‍රමවේද එක්ක අවදානම් ගන්න බැහැ.
(2) වියාපාරයේ අව්රුද්ද අවසානේ ලාබය ආණ්ඩුව ගන්නවා. ලාබය ඕනේ වියාපාරයේ ඉදිරි සැලසුම් වලට යොදවන්න
වෙනත් ක්‍රමවලින් ප්‍රග්දනය (capital) හොයාගන්න ආණ්ඩුවේ ආයතනවලට ඇති හැකියාව ඉතා සීමිතයි.
(3) ආයතනක් දියුණුවෙන්නේ ඉන්න මිස්සුන්ගේ කාර්යක්ෂමතාව සහ කැපවීම මත. එකට හොදින් වැඩකරන අයට වැඩිපුර ගෙවන්න ඕනේ, අනිත් පහසුකම් දෙන්න ඕනේ. අකාර්යක්ෂම අය, ආයතනයේ ඉදිරි ගමනට බදා කරන අය වහාම අයින් කරන්න ඕනේ. ගෙවන වැටුප තරගකාරී වෙන්නේ ඕනේ. අවම සේවක සංක්‍යාවක් ඉන්නේ ඕනේ. bonus, සමාගමේ කොටස් දෙන්න ඕනේ.
(4) වේගවත් management තීරණ ගන්න බැහැ. උඩින් අනුමත වෙනකම් ඉන්න ඕනේ. එතකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. market එකෙක් තරගකාරිත්වය ගිලිහිලා.
කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ආණ්ඩුවේ ආයතනයක හරි වැඩපිළිවෙලක් ගෙනෙල්ල හරි පුද්ගලයෝ දමල හොදින් ගෙනියන්න පුළුවන් කියල. එක වැඩක් වෙන්නේ නැහැ. ටික කාලෙකට හොදින් ගෙනිච්චත් අයිත් පුරුදු පාරටම යනවා. මොකද රාජ්‍ය අංශයේ සැකැස්ම තුලම ආයතන පරිහානියට පාර කැපෙන නිසා.
සරල දේ තමයි ලෝකය පවතින්නේ ඩාවින්ගේ පරිණාමවාදය අනුව. කාර්යක්ෂම ආයතන ලෝකය ජයගන්නවා. කාර්යක්ෂමතාවය ඇතිවෙන්න, ලබා ලබන්න ආයතනයක ස්වබාවික පරිසරයක් ඇති වෙන්න ඕනේ. ආයතනයක අයිතිකරුට මේකේ ලාබය උපරිම කරගන්න, තරගකාරී වටපිටාව තුල දියුණු කරන්න නිරායාස අවශතාවයක් තියෙනවා.