ලාභය රැගෙන යෑම.... රටට අහිතකරද?

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වාමාංශිකයෝ පෙළෙන තවත් බයක් තමයි මේ ලාබය අරං යනවා කියන බය. ඒක ඇත්තෙන්ම මිත්‍යාවක්.
    එහෙම රටක් තුලට එන ආයෝජන වලින් ලාබය උපයලා අරගෙන ගිහින් ඩොලර් සංචිත හිඳෙනවා නම්, මේ වෙනකොට චීනය, ඉන්දියාව, වියට්නාමයේ එහෙම ඩොලර් සංචිත හිඳිලා පොත්තට වේළිලා තියෙන්න ඕනේ.
    ලෝකයේ වසරකට විදෙස් ආයෝජන විදියට බෙදී යන මුළු ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 1500 ක් පමණ. හැම අවුරුද්දේම මේ ධනය නිර්මාණය වෙනවා, ආයෝජනය වෙනවා, වර්ධනය වෙනවා, ලාබ ඉපැයෙනවා, බෙදිලා යනවා. ඊළඟ අවුරුද්දේ ආයේ ඒකම වෙනවා. මේක තමයි ගෝලීය මූල්‍ය ආර්ථිකය ක්‍රියාත්මක වෙන විදිය.
    ඉතිං ආයෝජන එන්නේ ලාභ උපයන්න තමයි, නැතුව දන් දෙන්න නෙවෙයි. යම් රටක ලාබය ඉපැයීමේ අවස්ථාව වැඩි නම් ඒ රටට වැඩිපුර ආයෝජන එනවා. එක අවුරුද්දක ලාභයක් ඉපැයුවොත් ඊළඟ අවුරුද්දේ වැඩිපුර ආයෝජන එනවා. මේ උපැයෙන ලාබය 10% ක් පමණ වෙන්න පුළුවන්. මේ ලාබය ගෙනියන්නේ ඒ ආයෝජනය යොදවලා යම් නිශ්පාදනයක් කරලා ගෝලීයව අළෙවි කරලා. ඒ තුලින් රටේ දළ දේශීය නිශ්පාදනය ඉහළ යනවා, රැකියා ලැබෙනවා, අපනයන මගීන් ඩොලර් ආදායමක් රටට ගලා ගෙන එනවා. ඒ උපයන එකෙන් ලාබයක් අරගෙන යනවා.
    මේ ආයෝජනත්, ආදායමත් නිසා රටේ ඩොලර් සංචිත ගොඩනැගෙනවා. වැඩේ හරියට කෙරෙනවා නම් ඊළඟ අවුරුද්දේ ආයේ තව ආයෝජන එනවා. මේ විදිහට ගියාම අවසානයේ රටේ සමස්ථ සංචිත ප්‍රමාණය ඉහළ යනවා, එකතු වෙනවා.
    දැන් මේ ආයෝජන තෙල් වගේ රට ඇතුලත විකුණන දේකට ආවහම අපනයනයක් නැතුව ලාබය විතරක් අරගෙන යෑම ගැන තමයි තර්කය තියෙන්නේ. ඒක මෙහෙම බලමු. බල ශක්තිය කියන්නේ රටක වැදගත්ම ක්ෂේත්‍රයක්. රටේ අනෙකුත් සියළුම කර්මාන්ත වලට සහ ජන ජීවිතයට සෘජුවම බලපානවා. ඒ නිසා මේ ක්ෂේත්‍රය ඉතාමත් කාර්යක්ෂම සහ තරඟකාරී විදියට තියා ගන්න එක වැදගත්. වේගයෙන් ඉහළ යන බල ශක්ති අවශ්‍යතාවයට අනුරූපීව මේ ක්ෂේත්‍රය ගොඩ නැගෙන්න ඕනේ. ඒ තුල සමාගම් කීපයක් තරගකාරීව නියැලිලා ඉඳීම තමයි මෙහිදී වඩාත් සුරක්ෂිත. එවිට එක සමාගමක අවුලකින් ක්ෂේත්‍රය කඩා වැටෙන්නේ හෝ අකාර්යක්ෂම වෙන්නේ නෑ. ඒ ඔස්සේ සමස්ථ බල ශක්ති ක්ෂේත්‍රය තුල ඇති විශ්වාසනීයත්වය ඉහළ යනවා.
    ඉතිං මේ මූලික ක්ෂේත්‍රයක විශ්වාසනීයත්වය ඉහළ යෑම, අඛණ්ඩ සැපයුමක් වෙළෙඳපොළ නිර්ණායක අනුව පවත්වා ගැනීමට හැකියාව ලැබීම ආදී කරුණු රටකට ආයෝජන ගෙන්වා ගැනීමට ඉතා වැදගත්. අපි නිතර කියන නිශ්පාදන ආර්ථිකයක් හදන්න නම් විශ්වාසනීය බල ශක්ති වෙළෙඳපොළක් එයට අත්‍යාවශ්‍යයි. ඒ අනුව තමයි අනෙක් කර්මාන්ත මෙහේ කරන්න ආයෝජන ගලා ඒවා ප්‍රවර්ධනය වෙන්නේ.
    එවිට රටේ සමස්ථ සංචිත ප්‍රමාණය ඉහළ යනවා. එයින් ලාබ එහෙට මෙහෙට යාවි. නැත්නම් ආයෙත් ඒවා ආයෝජනය වේවී. මුදල් කියන්නේ ගලා යන දෙයක්. ඒ සම්බන්ධයෙන් අපි ලිහිල් වෙන්න වෙන්න මුදල් රැඳෙනවා. අපි ඒක තද කරන්න කරන්න ඒවා මිනිස්සු එළියට අරගෙන යනවා. අපි කළ යුත්තේ නොබියව විවෘත වී ආර්ථිකය දියුණු කර ගැනීමට මහන්සි වීමයි. මේක එක දවසින් හෝ අවුරුද්දේන් කරලා ඉවර කරන එකක් නෙවෙයි. හැමදාම කරන්න ඕනේ එකක්. ඒකට ඉවරයක් නෑ. ආර්ථික මැෂින් එක දිගටම වැඩ. අපි ඒකෙන් ජනනය වෙන ධනයෙන් අපේ හැකියාවෙන් අපිත් ටිකක් හම්බ කර ගන්නවා. අපි හම්බ කර ගන්න ප්‍රමාණය අපේ මහන්සිය සහ දක්ෂතාවය මත තීරණය වෙනවා.
    ඒ නිසා එක ක්ෂේත්‍රයක ඩොලර් ලාබය ගැන වෙනම ගාණ හදන්න එපා. ඒක සමස්ථ ආර්ථිකයටම බලපාන විදිය ගැන හිතන්න. අවසානයේ ආර්ථිකය කියන්නේ මේ වගේ විශාල ගනුදෙනු රාශියක එකතුවක්.
    මේ ලාබය අරං යයි කියන බය නම් ඇත්තෙන්ම හරි බාල ප්‍රතිතර්කයක්. ඕක වැඩිපුරම ඇහුණේ විමල් වීරවංශ වගේ පිරිසෙන්, දැන් හැබැයි අනෙක් වාමාංශික ව්‍යාපාරත් ඒක උස්සන් යනවා. වාමාංශිකයෝ හදපු රටවල් ලෝකේ කොහෙවත් නැත්තේ ඒ නිසා වෙන්න ඇති.
    #NoLeftism
    #පැතූනොමික්ස්
    පැතුම් කර්නර්

    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    Chathuranga Abeysinghe
    ඔබ හරියටම කියලා, නවලිබරල් කරනයේ යතාර්ථය ඕක, ප්‍රාග්ධනය ලාබ අරන් අයනවා. ප්‍රාග්ධනය නිර්මාණය කර නොගන්නා රටවල් ශ්‍රමය හා අමුද්‍රව්‍ය දෙනවා.
    ඒ නිසා තමා වාමාංශික අය කියන්නෙ නිශ්පාදන ආර්ථිකයක් හදමු ඒකෙ ප්‍රතිලාභ හරියට බැලන්ස් කරමු කියල
    ආයෝජන එනවා ශ්‍රමය ලාබෙට තියන අමුද්‍රව්‍ය ලාබෙට තියන තැන් වලට, හරිනෙ ලාබ ලබන්න
    😊

    ඔබ කියන ධනය උත්පාදනය පැත්තට එමු, වාමාංශිකයන් කියන්නෙ ධනය උත්පාදනය කරමු, ඒකෙ ප්‍රතිලාභ ඒ රටේ ජන ජීවතය උසස් කරමු කියලා. ප්‍රාග්ධනය අහිමි අපි වගේ රටවල් ධනය උත්පාදනය කරන්න වෙනෙන් දේශීය හා ව්දේශිය ආයෝජන වලින්, සමහර තැන්වල පුද්ගලික දේශිය ආයෝජකයන් නැති නිසා රජය එහෙම නැත්තම් ජනතාව ආයෝජන කරනවා
    අපි ගමු උදාහරණ ලෙස IOC එක හා CPC එක
    අපි දෙමු සම්පුර්ණයෙන් පුද්ගලික අංශට වාර්ශිකව ආදායම රු බිලියන 900ක් විතර වෙයි.
    CPC එක කලොත් සම්පුර්ණයෙන් ඒකෙ ලාබය ජනතාවට
    IOC එකෙන් කලොත් එකෙ ලාබය ආයෝජනකල අයට
    CPC ලාබය අපට පුළුවන් නිශ්පාදන කර්මාන්ත වල, සේවකයන්ගේ අභිවෘද්ධිය, හෝ කර්මාන්තයේ ප්‍රති ආයෝජනය කරන්න. ඒ තීරණය ගන්න මහජනතාව
    IOC එකෙන් රජයට එන්නෙ බදු විතරයි, උදා ගිය වසරෙ පෙන්වූ ලාබය බිලියන 5 රජයට බදු බිලියන එකයි.
    දැන් අපි විනිවිදභාවයට එමු..
    IOC එකේ යෙදවුම් පිරිවැය ගැන ඔබටත්මටත් අවබෝධයක් නෑ. යෙදවුම් එන්නෙ IOC ඉන්දියාවෙන් ඒක ටිකක් වැඩි කරල ගෙනාවොත් ලාබේ ඉන්දියාවෙ පාක් වෙනවා. ලාබය කියන්නෙ ප්‍රකාශිත ගිනුමෙ අග තියන එක කියල ආතල් එකට වගේ හිත හදාගන්න පුළුවන්
    ලෝකෙ වෙන්නෙ අගය එකතු කිරීම, ඔබ කියන ධනවාදය හරිම කෘරයි, ප්‍රජාතන්ත්‍රවාදය හෝ විනිවිදභාවය නෑ.
    හරියටම මෙහෙම කරන්න ඔබ කියන ආයෝජකය එයිද
    1. Transfer Pricing Audit එකක් රජයෙන්, IOC එකට සපයන ආයතන වල පිරිවැය හා එහි අයිතිකරුවන් පිළිබඳ පූර්ණ විනිවිදභාවය
    2. Value Chain Audit එකක්, බොර තෙල් ගොඩ ගන්න තැන ඉදල පාරිබෝගියකයාට ලැබෙනෙ තැන වෙනෙකම් අගය එකතු කීරිම පිළිබඳ අධ්‍යනයක්
    3. කාලයත් සමඟ ශ්‍රමයට Living Wage එකක් දෙන්න දිගුකාලීන එකඟතාවක්
    මේ ධනවාදය ඇතුලේ වෙන්නෙ නිර්මාණය වන ධනය සීමිත තැන් වල Park වෙනවා. ශ්‍රමයට හා පරිසරයට ලැබෙන්නෙ රොඩ්ඩ.
    ඒ නිසා අපිට ඕනේ දේශීය ව්දේශිය ආයෝජන Mix එකක්
    ඉතින් දැන් අපිට පුළුවන් ඒව ඔක්කෙ විකුණල දැම්මමෙ Mix එක හදාගන්න බෑ. අපිට පුළුවන් ඒව ගොඩ දාන ගමන් විදේශ ආයෝජන කැදවමු. මොකද ඕගොල්ලො කියන විදිහට කරන් ගියොත් අපිට අගය ලෙස ඉතිරි වෙන්නෙ ශ්‍රමය හා අමුද්‍රව්‍ය විතරයි. Value Creation එකේ අග්‍ර බාගය ප්‍රාග්ධනය විසින් අත්පත් කරගන්නවා.
    ධනවත් රටව වේගයෙන් අඛන්ඩව දනවත් වෙන්නෙ ප්‍රාග්ධන හිම් නිසා ඒ අය කරන ආයෝජන වලින් ලෝකෙ උත්පාදිත ධනය ඒ රටවල් වල පාක් වෙනවා. අපිට ධනය ගන්නනම් අපි මේ Value Chain එක කඩන්න ඕනේ. ප්‍රාග්ධනය නැත්තම් ආයොජන කරන්න පුළුවන් රටක්බවට පත් වෙන්නෙ ඕනෙ.. ඔය පැතුම්ගේ නව ලිබරල් නියායෙන් එක වෙන්නෙ නෑ ඒකට Challenge කරපු රටවල් ව්තරයි Per Capita GDP එක $10000 පැන්වුවේ. මේක සමාජවාදී සීන් එකක් නෙමෙ අපි කියන්නෙ ධනය ලංකාවෙ පුළුවන් තරම් පාක් කරගමු කියල.
    ඒ නිසා අපිට ධනය පාක් කරගන්න පුළුවන් ඒව ව්දේශ ආයෝජන වලට දුන්නම ධනය ව්තැන් වෙනෙවා කියල ඔබට බලාගන්න පුළුවන් විදිහක් තමා එක එක රටවල් වල Wealth එක වේගෙන් වැඩි වෙන් හැට් අධ්‍යනය කරන එක.
    මේ චාට් එකේ කොළ පාට රටවල් අධ්‍යනය කරන්න ඒ හැම රටක්ම තමන්න පුළුවන් ව්‍යාපාර හොදට කලා. ආරක්ෂා කරගත්ත තමන්ට කරන්න බැරි ඒවට අයෝජන ගෙනාවා, Mix එකක් හදාගත්ත

    • Haha
    Reactions: Inigo Montoya

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    Ceylon tubaco එක විතරක් අපේ සල්ලී කොච්චර අරන් යනවද බන්
    වැඩිම shares තියෙන්නේ සුද්දොන්ට
    අපේ උන්ට සිගරට් පොවලා උන්ගේ ලාබේ අරන් යනවා
    CB79874B-2B17-4989-A469-D6F10669BA73.jpeg
     
    • Like
    Reactions: vibhashana

    monson

    Well-known member
  • May 7, 2007
    25,613
    28,586
    113
    NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි :lol:

    XBxiXip.jpg
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි :lol:

    XBxiXip.jpg
    මම පතුම්ගෙයි චතුරන්ගගෙයි අදහස් දෙකම මෙතන දාල තියෙනවා , කව්ද හරි කියල මේක කියවන උන් බලලකියයි , පුක දෙන එක රස්සාව කරගට්ට උන් ගේ අදහස් අනවශ්‍යයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔබ කියන ධනය උත්පාදනය පැත්තට එමු, වාමාංශිකයන් කියන්නෙ ධනය උත්පාදනය කරමු, ඒකෙ ප්‍රතිලාභ ඒ රටේ ජන ජීවතය උසස් කරමු කියලා. ප්‍රාග්ධනය අහිමි අපි වගේ රටවල් ධනය උත්පාදනය කරන්න වෙනෙන් දේශීය හා ව්දේශිය ආයෝජන වලින්, සමහර තැන්වල පුද්ගලික දේශිය ආයෝජකයන් නැති නිසා රජය එහෙම නැත්තම් ජනතාව ආයෝජන කරනවා

    මම හිතන්නේ මේක සාර්ථක වුනු කිසි රටක් නෑ...​

    • Like
    Reactions: Inigo Montoya

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    oya tender dala thiyena comapany walata hari haman profile ekak linkdin ekak website ekak wath na. okkoma money laundering karanna gahana gemak. ungema companies.
    Vitol and Sinopec witharai oken aththa deka. Anik ewa shell.

    Mun oka aniwa monawahari kiyala Sinopec ekata denne. China apita hadissiye IMF ekata udau lale okata thamai. Deal ekak wela thiyanawa kohen hari.

    Meken lankawata satha pahaka wasiyak wenne na. Okkoma refine karana products mun export karanawa. Job tikath China untama thamai.
     
    • Like
    Reactions: U-tag

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,840
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ගමු උදාහරණ ලෙස IOC එක හා CPC එක
    අපි දෙමු සම්පුර්ණයෙන් පුද්ගලික අංශට වාර්ශිකව ආදායම රු බිලියන 900ක් විතර වෙයි.
    CPC එක කලොත් සම්පුර්ණයෙන් ඒකෙ ලාබය ජනතාවට
    IOC එකෙන් කලොත් එකෙ ලාබය ආයෝජනකල අයට
    ගංජා ගහල කියන කතා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    CPC එක කලොත් සම්පුර්ණයෙන් ඒකෙ ලාබය ජනතාවට
    IOC එකෙන් කලොත් එකෙ ලාබය ආයෝජනකල අයට

    මේක දෙපැත්ත කැපෙන පිහියක්.... රාජ්‍යාතනයක් වුනාම සේවකයා වගකියන්නේ නෑ... x ආයතනේ y වෘතිය සමිති උවමනාවකට a කියන ආයතනයේ කියන b bවෘතිය සමිතියත් ස්ට්‍රයික් කරන්න පුළුවන්.
    ලියලා තියාගන්න හෙට අනිද්දා ඕක්ට ජිවමාන උදාහරන හම්බ වෙයි.... ඇයි මතකලේ ලංකා ගුරු සංගමය​

    මේ හේතුව හින්දා දුෂනය , වංචාව වගේ දෙවල් නවත්වන්න හරි අමාරුයි.... අන්තිමට ඕකේ අලාබය කඩාපාත්වෙන්නේ අපේ ඔළුවට.​

    • Haha
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    25,613
    28,586
    113
    Meken lankawata satha pahaka wasiyak wenne na. Okkoma refine karana products mun export karanawa. Job tikath China untama thamai.
    එතකොට Singapore වල oil refineries තියෙන්නේ ඒ රටේම පවිච්චියටද ? :lol:

    https://en.wikipedia.org/wiki/Oil_industry_in_Singapore

    Singapore has established itself as one of the top three global oil trading and global refining hubs. The country has a strategic location at the crossroads of the Indian and Pacific Oceans, sound financial system, excellent infrastructure, transparent legal system and a skilled workforce. Singapore has a total crude oil refining capacity of 1.5 million barrels per day (bbl/d). Its three main refineries are ExxonMobil’s 605,000-bbl/d refinery at Pulau Ayer Chawan, Royal Dutch/Shell’s 500,000-bbl/d refinery on Pulau Bukom and the Singapore Refining Company’s 290,000-bbl/d refinery on Pulau Merlimau.

    - https://www.trade.gov/energy-resource-guide-singapore-oil-and-gas
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo

    මේක දෙපැත්ත කැපෙන පිහියක්.... රාජ්‍යාතනයක් වුනාම සේවකයා වගකියන්නේ නෑ... x ආයතනේ y වෘතිය සමිති උවමනාවකට a කියන ආයතනයේ කියන b bවෘතිය සමිතියත් ස්ට්‍රයික් කරන්න පුළුවන්.​

    ලියලා තියාගන්න හෙට අනිද්දා ඕක්ට ජිවමාන උදාහරන හම්බ වෙයි.... ඇයි මතකලේ ලංකා ගුරු සංගමය​

    මේ හේතුව හින්දා දුෂනය , වංචාව වගේ දෙවල් නවත්වන්න හරි අමාරුයි.... අන්තිමට ඕකේ අලාබය කඩාපාත්වෙන්නේ අපේ ඔළුවට.​

    Structure-of-the-Sri-Lankan-Governmental-Administration-Kurunegala-Provincial-Council.png

    Hierarchy එකක ගාමසේවක ගේ හොරා කෑම දුෂණය නැවැටුවම උඩ level එකත් කෑම දුෂණය නතර වෙනවා ද
    Hierarchy Hierarchy උඩ ඉදන් පහලට යන්න ඕනේ යට ඉදන් උඩට ද
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    View attachment 201217

    Hierarchy එකක ගාමසේවක ගේ හොරා කෑම දුෂණය නැවැටුවම උඩ level එකත් කෑම දුෂණය නතර වෙනවා ද
    Hierarchy Hierarchy උඩ ඉදන් පහලට යන්න ඕනේ යට ඉදන් උඩට ද

    ඔය පරිපාලන දුරාවලියනේ. මෙකෙත් දුෂණය නැතිවෙන්න ඕනේ...​

    ඊලඟට අපි මෙතන කතාකරන්නේ රාජ්‍ය සේවයේ තියෙන ප්‍රශ්නය.​

    ඔයා කියන තර්කෙන්ම යමු යම් යම් ආයතය රාජ්‍යට බද්ධ වුනාම රාජ්‍යයේ පරිපාලන නිලධාරින්ට බලපෑම් කරන්න පුළුවන්.​

    ඕක ආයතනය රාජ්‍යෙන් ගැලවිලා පෞද්ගලික වුනානම් කරන්න පුලුවන් බලපෑම ඉතා සිමිතයි.​

    Vitol and Sinopec witharai oken aththa deka. Anik ewa shell.

    Mun oka aniwa monawahari kiyala Sinopec ekata denne. China apita hadissiye IMF ekata udau lale okata thamai. Deal ekak wela thiyanawa kohen hari.

    Meken lankawata satha pahaka wasiyak wenne na. Okkoma refine karana products mun export karanawa. Job tikath China untama thamai.

    ආසියාවේ ඔයිල් හබ් එක සිංගප්පුරුව... ඔය තිරණේ ගන්න කොට විරුද්ධ වුන්ට වුනේ හිරේ යන්න... නිතිය ගෙනල්ලා හිරේ දැම්මේ... අද උන් කොතනද අපි කොතනද....​

    ------ Post added on Mar 30, 2023 at 11:17 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක

    රාජ්‍යාතනයක් වුනාම සේවකයා වගකියන්නේ නෑ...​

    ඒ රටේ අගමැති/ජනාධිපති බැංකු හොරෙක් වෙච්ච බංකොළොත් රටවල් වල. :lol: දියුණු රටවල් වල රාජ්‍යද, පෞද්ගලික ද කියල නෑ හැමෝම එක වගේ වගකියනවා. බෝම්බ කෙළල 300 ගානක් මරල යනකන් හිරිකොතේ ගල් කප කප හිටපු පොන්නයන්ටයි රටේ අගමැති වෙලා ඉද්දිම හිරිකිතයක් නැතුව රටේ මහබැංකුවෙන් සල්ලි වංචා කරපු පොන්නයන්ටයි ඒ තැනට ළඟාවෙන්න තියා හිතන්නවත් බෑ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113

    ආසියාවේ ඔයිල් හබ් එක සිංගප්පුරුව... ඔය තිරණේ ගන්න කොට විරුද්ධ වුන්ට වුනේ හිරේ යන්න... නිතිය ගෙනල්ලා හිරේ දැම්මේ... අද උන් කොතනද අපි කොතනද....​

    ------ Post added on Mar 30, 2023 at 11:17 AM

    methana karanna yanne ehema wadak neweine. China walata refinery ekak daganna dennane yanne. Warayath unge refinery ekath unge. Apita mokadda ena prathilabe meken?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    methana karanna yanne ehema wadak neweine. China walata refinery ekak daganna dennane yanne. Warayath unge refinery ekath unge. Apita mokadda ena prathilabe meken?
    උබ හිතන්නෙ ඕවා නිකන් අපේ වත්ත පහලින් මඤ්ඤොක්ක කොටුවක් දාගනින් වගේ පදනමින් දෙනව කියලද.
    උන්ම තෙල් ගෙනල්ල refine කරල උන්ම අරන් ගියත් ඒ money flow එකෙන් යම් කොටසක් ලංකාවෙ ඉතුරු වෙනව. මොකද ඔය වගේ දේකට සෑහෙන තව local services සම්බන්ධ වෙනව. වැඩ කරන උන්ට බත් පැකට් සප්ලයි කරන එකාට වෙනකන්ම යම් මුදලක් බෙදිල යනව. ඊලගට රජයෙන් ටැක්ස් විදිහට මුදල් ගන්නව. ඊට අමතරව initial investment එක විදිහට එක පාර ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    උබ හිතන්නෙ ඕවා නිකන් අපේ වත්ත පහලින් මඤ්ඤොක්ක කොටුවක් දාගනින් වගේ පදනමින් දෙනව කියලද.
    උන්ම තෙල් ගෙනල්ල refine කරල උන්ම අරන් ගියත් ඒ money flow එකෙන් යම් කොටසක් ලංකාවෙ ඉතුරු වෙනව. මොකද ඔය වගේ දේකට සෑහෙන තව local services සම්බන්ධ වෙනව. වැඩ කරන උන්ට බත් පැකට් සප්ලයි කරන එකාට වෙනකන්ම යම් මුදලක් බෙදිල යනව. ඊලගට රජයෙන් ටැක්ස් විදිහට මුදල් ගන්නව. ඊට අමතරව initial investment එක විදිහට එක පාර ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබෙනව.
    :lol:

    dan warayen ehema enawada income ekak?

    mekai. Oka china ekka ranil and thawa mokekhari ekathuwela gahapu deal ekak kiyala ubat dannawa math dannawa. Un kawadawath apita wasi wena widihata deal daanne na.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo

    ඔය පරිපාලන දුරාවලියනේ. මෙකෙත් දුෂණය නැතිවෙන්න ඕනේ...​

    ඊලඟට අපි මෙතන කතාකරන්නේ රාජ්‍ය සේවයේ තියෙන ප්‍රශ්නය.​

    ඔයා කියන තර්කෙන්ම යමු යම් යම් ආයතය රාජ්‍යට බද්ධ වුනාම රාජ්‍යයේ පරිපාලන නිලධාරින්ට බලපෑම් කරන්න පුළුවන්.​

    ඕක ආයතනය රාජ්‍යෙන් ගැලවිලා පෞද්ගලික වුනානම් කරන්න පුලුවන් බලපෑම ඉතා සිමිතයි.​

    ආසියාවේ ඔයිල් හබ් එක සිංගප්පුරුව... ඔය තිරණේ ගන්න කොට විරුද්ධ වුන්ට වුනේ හිරේ යන්න... නිතිය ගෙනල්ලා හිරේ දැම්මේ... අද උන් කොතනද අපි කොතනද....​

    ------ Post added on Mar 30, 2023 at 11:17 AM
    ඉතින් හරකෝ උඩ ඉන්න උන් හොරා කද්දී
    යට ඉන්න උන්ට දඩුවම් කරලා හරියනවද
    කොයි රටේද එහෙම ගොඩ ගියේ

    අයතන ටික manage කර ගන්න එක නෙහ් ගොනෝ පශ්නේ ඉතින් එක උඩ level එකේ උන්ට බෑ කියනන්නේ උන් fail කියන එක නෙහ්
    Company එකක් mange කරන එක ඉන්න උන්ට කරන්න බැරි නම් විකුනන්වාද් management එක මාරු කරන්වාද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය shed ටික විකුණුවා කියලා පෙට්‍රෝලියම් එකේ අයිස් ගහන දේශපාලනය පත්විම ගත්ත උන්ට මුකුත් වෙන්නේ නෑ. ආපහු ඒඋන්ගේ හොරා කන අලාභය ආපහු ආණ්ඩුවට.

    බොරු වැඩක්.

    එතකොට Singapore වල oil refineries තියෙන්නේ ඒ රටේම පවිච්චියටද ? :lol:

    https://en.wikipedia.org/wiki/Oil_industry_in_Singapore

    Singapore has established itself as one of the top three global oil trading and global refining hubs. The country has a strategic location at the crossroads of the Indian and Pacific Oceans, sound financial system, excellent infrastructure, transparent legal system and a skilled workforce. Singapore has a total crude oil refining capacity of 1.5 million barrels per day (bbl/d). Its three main refineries are ExxonMobil’s 605,000-bbl/d refinery at Pulau Ayer Chawan, Royal Dutch/Shell’s 500,000-bbl/d refinery on Pulau Bukom and the Singapore Refining Company’s 290,000-bbl/d refinery on Pulau Merlimau.

    - https://www.trade.gov/energy-resource-guide-singapore-oil-and-gas
    බලලා තේරුම් ගනින්.

    ------ Post added on Mar 30, 2023 at 12:42 PM
     
    • Like
    Reactions: vibhashana