වාමාංශිකයෝ පෙළෙන තවත් බයක් තමයි මේ ලාබය අරං යනවා කියන බය. ඒක ඇත්තෙන්ම මිත්‍යාවක්.
එහෙම රටක් තුලට එන ආයෝජන වලින් ලාබය උපයලා අරගෙන ගිහින් ඩොලර් සංචිත හිඳෙනවා නම්, මේ වෙනකොට චීනය, ඉන්දියාව, වියට්නාමයේ එහෙම ඩොලර් සංචිත හිඳිලා පොත්තට වේළිලා තියෙන්න ඕනේ.
ලෝකයේ වසරකට විදෙස් ආයෝජන විදියට බෙදී යන මුළු ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 1500 ක් පමණ. හැම අවුරුද්දේම මේ ධනය නිර්මාණය වෙනවා, ආයෝජනය වෙනවා, වර්ධනය වෙනවා, ලාබ ඉපැයෙනවා, බෙදිලා යනවා. ඊළඟ අවුරුද්දේ ආයේ ඒකම වෙනවා. මේක තමයි ගෝලීය මූල්‍ය ආර්ථිකය ක්‍රියාත්මක වෙන විදිය.
ඉතිං ආයෝජන එන්නේ ලාභ උපයන්න තමයි, නැතුව දන් දෙන්න නෙවෙයි. යම් රටක ලාබය ඉපැයීමේ අවස්ථාව වැඩි නම් ඒ රටට වැඩිපුර ආයෝජන එනවා. එක අවුරුද්දක ලාභයක් ඉපැයුවොත් ඊළඟ අවුරුද්දේ වැඩිපුර ආයෝජන එනවා. මේ උපැයෙන ලාබය 10% ක් පමණ වෙන්න පුළුවන්. මේ ලාබය ගෙනියන්නේ ඒ ආයෝජනය යොදවලා යම් නිශ්පාදනයක් කරලා ගෝලීයව අළෙවි කරලා. ඒ තුලින් රටේ දළ දේශීය නිශ්පාදනය ඉහළ යනවා, රැකියා ලැබෙනවා, අපනයන මගීන් ඩොලර් ආදායමක් රටට ගලා ගෙන එනවා. ඒ උපයන එකෙන් ලාබයක් අරගෙන යනවා.
මේ ආයෝජනත්, ආදායමත් නිසා රටේ ඩොලර් සංචිත ගොඩනැගෙනවා. වැඩේ හරියට කෙරෙනවා නම් ඊළඟ අවුරුද්දේ ආයේ තව ආයෝජන එනවා. මේ විදිහට ගියාම අවසානයේ රටේ සමස්ථ සංචිත ප්‍රමාණය ඉහළ යනවා, එකතු වෙනවා.
දැන් මේ ආයෝජන තෙල් වගේ රට ඇතුලත විකුණන දේකට ආවහම අපනයනයක් නැතුව ලාබය විතරක් අරගෙන යෑම ගැන තමයි තර්කය තියෙන්නේ. ඒක මෙහෙම බලමු. බල ශක්තිය කියන්නේ රටක වැදගත්ම ක්ෂේත්‍රයක්. රටේ අනෙකුත් සියළුම කර්මාන්ත වලට සහ ජන ජීවිතයට සෘජුවම බලපානවා. ඒ නිසා මේ ක්ෂේත්‍රය ඉතාමත් කාර්යක්ෂම සහ තරඟකාරී විදියට තියා ගන්න එක වැදගත්. වේගයෙන් ඉහළ යන බල ශක්ති අවශ්‍යතාවයට අනුරූපීව මේ ක්ෂේත්‍රය ගොඩ නැගෙන්න ඕනේ. ඒ තුල සමාගම් කීපයක් තරගකාරීව නියැලිලා ඉඳීම තමයි මෙහිදී වඩාත් සුරක්ෂිත. එවිට එක සමාගමක අවුලකින් ක්ෂේත්‍රය කඩා වැටෙන්නේ හෝ අකාර්යක්ෂම වෙන්නේ නෑ. ඒ ඔස්සේ සමස්ථ බල ශක්ති ක්ෂේත්‍රය තුල ඇති විශ්වාසනීයත්වය ඉහළ යනවා.
ඉතිං මේ මූලික ක්ෂේත්‍රයක විශ්වාසනීයත්වය ඉහළ යෑම, අඛණ්ඩ සැපයුමක් වෙළෙඳපොළ නිර්ණායක අනුව පවත්වා ගැනීමට හැකියාව ලැබීම ආදී කරුණු රටකට ආයෝජන ගෙන්වා ගැනීමට ඉතා වැදගත්. අපි නිතර කියන නිශ්පාදන ආර්ථිකයක් හදන්න නම් විශ්වාසනීය බල ශක්ති වෙළෙඳපොළක් එයට අත්‍යාවශ්‍යයි. ඒ අනුව තමයි අනෙක් කර්මාන්ත මෙහේ කරන්න ආයෝජන ගලා ඒවා ප්‍රවර්ධනය වෙන්නේ.
එවිට රටේ සමස්ථ සංචිත ප්‍රමාණය ඉහළ යනවා. එයින් ලාබ එහෙට මෙහෙට යාවි. නැත්නම් ආයෙත් ඒවා ආයෝජනය වේවී. මුදල් කියන්නේ ගලා යන දෙයක්. ඒ සම්බන්ධයෙන් අපි ලිහිල් වෙන්න වෙන්න මුදල් රැඳෙනවා. අපි ඒක තද කරන්න කරන්න ඒවා මිනිස්සු එළියට අරගෙන යනවා. අපි කළ යුත්තේ නොබියව විවෘත වී ආර්ථිකය දියුණු කර ගැනීමට මහන්සි වීමයි. මේක එක දවසින් හෝ අවුරුද්දේන් කරලා ඉවර කරන එකක් නෙවෙයි. හැමදාම කරන්න ඕනේ එකක්. ඒකට ඉවරයක් නෑ. ආර්ථික මැෂින් එක දිගටම වැඩ. අපි ඒකෙන් ජනනය වෙන ධනයෙන් අපේ හැකියාවෙන් අපිත් ටිකක් හම්බ කර ගන්නවා. අපි හම්බ කර ගන්න ප්‍රමාණය අපේ මහන්සිය සහ දක්ෂතාවය මත තීරණය වෙනවා.
ඒ නිසා එක ක්ෂේත්‍රයක ඩොලර් ලාබය ගැන වෙනම ගාණ හදන්න එපා. ඒක සමස්ථ ආර්ථිකයටම බලපාන විදිය ගැන හිතන්න. අවසානයේ ආර්ථිකය කියන්නේ මේ වගේ විශාල ගනුදෙනු රාශියක එකතුවක්.
මේ ලාබය අරං යයි කියන බය නම් ඇත්තෙන්ම හරි බාල ප්‍රතිතර්කයක්. ඕක වැඩිපුරම ඇහුණේ විමල් වීරවංශ වගේ පිරිසෙන්, දැන් හැබැයි අනෙක් වාමාංශික ව්‍යාපාරත් ඒක උස්සන් යනවා. වාමාංශිකයෝ හදපු රටවල් ලෝකේ කොහෙවත් නැත්තේ ඒ නිසා වෙන්න ඇති.
#NoLeftism
#පැතූනොමික්ස්
පැතුම් කර්නර්
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Chathuranga Abeysinghe
ඔබ හරියටම කියලා, නවලිබරල් කරනයේ යතාර්ථය ඕක, ප්‍රාග්ධනය ලාබ අරන් අයනවා. ප්‍රාග්ධනය නිර්මාණය කර නොගන්නා රටවල් ශ්‍රමය හා අමුද්‍රව්‍ය දෙනවා.
ඒ නිසා තමා වාමාංශික අය කියන්නෙ නිශ්පාදන ආර්ථිකයක් හදමු ඒකෙ ප්‍රතිලාභ හරියට බැලන්ස් කරමු කියල
ආයෝජන එනවා ශ්‍රමය ලාබෙට තියන අමුද්‍රව්‍ය ලාබෙට තියන තැන් වලට, හරිනෙ ලාබ ලබන්න
ඔබ කියන ධනය උත්පාදනය පැත්තට එමු, වාමාංශිකයන් කියන්නෙ ධනය උත්පාදනය කරමු, ඒකෙ ප්‍රතිලාභ ඒ රටේ ජන ජීවතය උසස් කරමු කියලා. ප්‍රාග්ධනය අහිමි අපි වගේ රටවල් ධනය උත්පාදනය කරන්න වෙනෙන් දේශීය හා ව්දේශිය ආයෝජන වලින්, සමහර තැන්වල පුද්ගලික දේශිය ආයෝජකයන් නැති නිසා රජය එහෙම නැත්තම් ජනතාව ආයෝජන කරනවා
අපි ගමු උදාහරණ ලෙස IOC එක හා CPC එක
අපි දෙමු සම්පුර්ණයෙන් පුද්ගලික අංශට වාර්ශිකව ආදායම රු බිලියන 900ක් විතර වෙයි.
CPC එක කලොත් සම්පුර්ණයෙන් ඒකෙ ලාබය ජනතාවට
IOC එකෙන් කලොත් එකෙ ලාබය ආයෝජනකල අයට
CPC ලාබය අපට පුළුවන් නිශ්පාදන කර්මාන්ත වල, සේවකයන්ගේ අභිවෘද්ධිය, හෝ කර්මාන්තයේ ප්‍රති ආයෝජනය කරන්න. ඒ තීරණය ගන්න මහජනතාව
IOC එකෙන් රජයට එන්නෙ බදු විතරයි, උදා ගිය වසරෙ පෙන්වූ ලාබය බිලියන 5 රජයට බදු බිලියන එකයි.
දැන් අපි විනිවිදභාවයට එමු..
IOC එකේ යෙදවුම් පිරිවැය ගැන ඔබටත්මටත් අවබෝධයක් නෑ. යෙදවුම් එන්නෙ IOC ඉන්දියාවෙන් ඒක ටිකක් වැඩි කරල ගෙනාවොත් ලාබේ ඉන්දියාවෙ පාක් වෙනවා. ලාබය කියන්නෙ ප්‍රකාශිත ගිනුමෙ අග තියන එක කියල ආතල් එකට වගේ හිත හදාගන්න පුළුවන්
ලෝකෙ වෙන්නෙ අගය එකතු කිරීම, ඔබ කියන ධනවාදය හරිම කෘරයි, ප්‍රජාතන්ත්‍රවාදය හෝ විනිවිදභාවය නෑ.
හරියටම මෙහෙම කරන්න ඔබ කියන ආයෝජකය එයිද
1. Transfer Pricing Audit එකක් රජයෙන්, IOC එකට සපයන ආයතන වල පිරිවැය හා එහි අයිතිකරුවන් පිළිබඳ පූර්ණ විනිවිදභාවය
2. Value Chain Audit එකක්, බොර තෙල් ගොඩ ගන්න තැන ඉදල පාරිබෝගියකයාට ලැබෙනෙ තැන වෙනෙකම් අගය එකතු කීරිම පිළිබඳ අධ්‍යනයක්
3. කාලයත් සමඟ ශ්‍රමයට Living Wage එකක් දෙන්න දිගුකාලීන එකඟතාවක්
මේ ධනවාදය ඇතුලේ වෙන්නෙ නිර්මාණය වන ධනය සීමිත තැන් වල Park වෙනවා. ශ්‍රමයට හා පරිසරයට ලැබෙන්නෙ රොඩ්ඩ.
ඒ නිසා අපිට ඕනේ දේශීය ව්දේශිය ආයෝජන Mix එකක්
ඉතින් දැන් අපිට පුළුවන් ඒව ඔක්කෙ විකුණල දැම්මමෙ Mix එක හදාගන්න බෑ. අපිට පුළුවන් ඒව ගොඩ දාන ගමන් විදේශ ආයෝජන කැදවමු. මොකද ඕගොල්ලො කියන විදිහට කරන් ගියොත් අපිට අගය ලෙස ඉතිරි වෙන්නෙ ශ්‍රමය හා අමුද්‍රව්‍ය විතරයි. Value Creation එකේ අග්‍ර බාගය ප්‍රාග්ධනය විසින් අත්පත් කරගන්නවා.
ධනවත් රටව වේගයෙන් අඛන්ඩව දනවත් වෙන්නෙ ප්‍රාග්ධන හිම් නිසා ඒ අය කරන ආයෝජන වලින් ලෝකෙ උත්පාදිත ධනය ඒ රටවල් වල පාක් වෙනවා. අපිට ධනය ගන්නනම් අපි මේ Value Chain එක කඩන්න ඕනේ. ප්‍රාග්ධනය නැත්තම් ආයොජන කරන්න පුළුවන් රටක්බවට පත් වෙන්නෙ ඕනෙ.. ඔය පැතුම්ගේ නව ලිබරල් නියායෙන් එක වෙන්නෙ නෑ ඒකට Challenge කරපු රටවල් ව්තරයි Per Capita GDP එක $10000 පැන්වුවේ. මේක සමාජවාදී සීන් එකක් නෙමෙ අපි කියන්නෙ ධනය ලංකාවෙ පුළුවන් තරම් පාක් කරගමු කියල.
ඒ නිසා අපිට ධනය පාක් කරගන්න පුළුවන් ඒව ව්දේශ ආයෝජන වලට දුන්නම ධනය ව්තැන් වෙනෙවා කියල ඔබට බලාගන්න පුළුවන් විදිහක් තමා එක එක රටවල් වල Wealth එක වේගෙන් වැඩි වෙන් හැට් අධ්‍යනය කරන එක.
මේ චාට් එකේ කොළ පාට රටවල් අධ්‍යනය කරන්න ඒ හැම රටක්ම තමන්න පුළුවන් ව්‍යාපාර හොදට කලා. ආරක්ෂා කරගත්ත තමන්ට කරන්න බැරි ඒවට අයෝජන ගෙනාවා, Mix එකක් හදාගත්ත