ලාෆින් බුද්ධා.
ලාෆින් බුද්ධා කියන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ප්‍රසිද්ධ චරිතයක්. විශේෂයෙන්ම ෆෙං සුයි එක්ක. අද වෙද්දි මේ චරිතයට හොඳ වෙළඳ වටිනාකම් තියෙනවා.
කව්ද මේ ලාෆින් බුද්ධා? ක්‍රි.ව.916 හෝ 917 දි තමයි මේ සෙන් භික්ෂුව මරණයට පත් වෙන්න ඇති බව විශ්වාස කරන්නෙ. මොහුගේ නම් බුධායි. චීන සෙන් භික්ෂුවක්. ඔබ දැක ඇති මොහුගේ පිළිම හැම එකක ම වගේ නිරුපනය වෙන්නෙ හිනාවෙන් පිරුණු මුහුණකින් යුතු ලොකු බඩක් තියෙන භික්ෂුවක්. සමහර පිළිමවලදී මේ භික්ෂුව බර මල්ලක් කරේ තියන් ඉන්නවා නිරූපනය වෙනවා.
බුධායි එක් තැනක නැවතිලා උන්න භික්ෂුවක් නොවේ. සංචාරය කරපු භික්ෂුවක්. ඔහු එහෙම සංචාරය කරද්දි මල්ලක් පිරෙන්න නොයෙක් දේවල් අරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඔහුට කාව හරි මුන ගැහුනම විශේෂයෙන්ම දුප්පත් මිනිස්සුන්ව ඔහු අර මල්ලෙන් මොනවා හරි අරන් ඒ තැනැත්තාට දෙනවාලු. මේ බුධායිගේ විශේෂත්වය තමයි හැම වෙලාම හිනා වෙලා සතුටින් ඉන්න එක. ඒ වගේම කොච්චර හිනාවෙන් සතුටෙන් උන්නත් බුධායි මිනිස්සු එක්ක කතාවටනම් ගිහින් නැහැ. ඉතින් බුධායිගෙ හැසිරීම දකින අනෙක් භික්ෂූන්වහන්සේලාට නම් මේක දරාගන්න බැරි හැසිරීමක් වුනාලු. නිකන් විකාරයක් වගේ. හැමවෙලේම හිනාවෙලා නට නට ඉන්න පිස්සු චරිතයක් විදියට තමයි අනෙක් භික්ෂූන්වහන්සේලා බුධායිව හැඳින්වූයේ.
දවසක් එක්තරා භික්ෂුවක් බර මල්ලත් කරේ තියන් හිනා වෙවී ඇවිදන් එන බුධායිව නවත්තලා අහනවා බුධායි මොකක් ද සෙන් දහම කියන්නෙ කියලා. ඒකට උත්තරය විදියට බුධායි කරන්නෙ කරේ තියන් ආපු බර මල්ල දඩං ගාලා බිමට අතාරින එක. මේ මොකක් ද වුනේ කියලා කල්පනා කල අනෙක් භික්ෂුව අහනවා, හරි සෙන් දහම පැත්තකින් තියමුකො, කොහොමද සෙන් දහම ජීවිතයට අදාළ කරගන්නෙ කියලා. ඒකට උත්තරය විදියට නිහඬවම බුධායි භික්ෂුව අර බිමට දාපු බර මල්ල කරේ තියාගෙන හිනා වෙවී ආපහු යන්න ගියා. ටික වෙලාවකින් අනෙක් භික්ෂුවට තේරුනා බුධායි හිනා වෙලා විනෝදෙන් හිටියට තමුන්ට වඩා සෙන් දහම තේරුම් ගත්ත කෙනෙක් කියලා.
අන්න ඒ බුධායි භික්ෂුවගෙ පිළිම තමා අද ලාෆින් බුද්ධා කියලා ගෙවල් වල තියාගෙන ඉන්නෙ. හැබැයි ලාෆින් බුද්ධා ගෙදර තියන් ඉන්න අරමුණයි බුධායි භික්ෂුවගෙන් ගන්න තියෙන අරමුණයි අහසට පොළොව වගේ. ඇත්තටම ලාෆින් බුද්ධා පිළිමය මුල් කාලයේ භාවිතා කරන්නෙ ඒ උතුම් අරමුණ වෙනුවෙන්.
බුධායි උස්සන් එන බර මල්ල අර භික්ෂුවගේ ඉස්සරහ බිමට දැම්ම සිද්ධිය හිතලා බලන්න. ජීවිතය කියන්නෙ හරි බරක්. අපේ උරහිස මත සෑහෙන බරක් අපි තියා ගෙන ඉන්නවා. පවුලෙ බර, රස්සාවේ බර, නෑ දෑයන්ගෙ යාළුවන්ගෙ බර, රටේ බර, මේ වගේ එකී මෙකී නොකී බරවල්. බුද්ධ දේශනාවට අනුව මේ බර, සංයුක්ත නිකායේ භාර සූත්‍රයෙ දැක්වෙනවා. එතැනදි බුදුරජාණන්වහන්සේ පෙන්වනවා මෙහෙම.
"“මහණෙනි, බර නම් කවරේද? ඊට උපාදානස්කන්ධ පසයයි කියයුතුය. කවර පසක්ද? එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සඤ්ඤාඋපාදානස්කන්ධය, සංස්කාරඋපාදානස්කන්ධය, විඤ්ඤාණඋපාදානස්කන්ධය යනුයි. මහණෙනි, මේ බරයයි කියනු ලැබේ."
ඉතින් මෙහෙම බර උස්සන් ඉන්න අපිට හිනා වෙන්න වෙලාවක් කොහෙද? හිනා වෙන්න තරම් ඒ කිව්වෙ හිතේ කහටක් නැති පුංචි එකෙක් වගේ හිනා වෙන්න විදියක් කොහෙන් ද? මෙන්න මේ බර තමයි බුධායි බිමින් තියන්නෙ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙත් ඒ බර බිමින් තියන්න කියලා.
එතකොට දහමට අනුව ජීවත් වෙන හැටි බුධායි පෙන්වලා දුන්නෙ බිමින් තියපු බර හිනාවෙලා කරේ තියන් හිනාවෙලාම ආපහු ගිහිල්ලා. ඒ කියන්නෙ? අපිට රටේ ලෝකෙ ප්‍රශ්න, පවුලෙ ප්‍රශ්න, අපේ ප්‍රශ්න සේරගෙන්ම ඈත් වෙලා හැංගිලා ජීවත් වෙන්න බැහැ ප්‍රායෝගිකව. එහෙනම් මොකක් ද කරන්න තියෙන්නෙ? ඒ ප්‍රශ්න වලට ඒ ප්‍රශ්න අල්ලගන්නෙ නැතුව, ඒවත් එක්ක නොගැටි ජීවත් වෙන එකෙන්. අර කතාවක් තියෙන්නෙ සමහරවිට අහලත් ඇති.
එක ගමක උන්න තරුණියකට දරුවෙක් ලැබුනලු. හැබැයි මේ දරුවගෙ තාත්තා කව්ද කියලා තරුණිය කියන්නෙ නෑ ලු. මේක ගෙදර විතරක් නෙමෙයි ගමේ අයටත් ප්‍රශ්නයක් වුනාලු. ප්‍රශ්න නැත්නම් අනුන්ගෙ ප්‍රශ්නයක් හරි තමුන්ගෙ කරගන්නවානේ (ටී වී එකේ කතා බලලා කොච්චර නම් ප්‍රශ්න හදා ගන්නවද හිතලා බලන්න). අන්තිමට තරුණිය දරුවගේ තාත්තා කව්ද කියලා කිව්වලු. මේ දරුවා පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ. ගමේ මිනිස්සුන්ට හරියට කේ්න්ති ගියාලු. ඉතින් ඒ අය මේ දරුවව අරන් ගියාලු පන්සලට. මහ පිරිසක් එනවා දැක්ක ලොකු හාමුදුරුවෝ ඇවිත් බැලුවලු මොකක් ද වෙන්නෙ කියලා. ඉතින් ගමේ මිනිස්සු ඇවිල්ලා හාමුදුරුවන්ට බැනලා බැනලා දරුවවත් දීලා ගියාලු. හාමුදුරුවෝ මේ ඔක්කටම දුන්නෙ එකම උත්තරයයිලු. "ඒකත් එහෙම ද". ඕක තමයි උත්තරය. ඉතින් දරුවා අරන් ගිය මිනිස්සු දරුවා නැතුව ආපහු එනවා දැක්ක අර තරුණියට දෙලෝ රත්වෙලා ඒ මිනිස්සුන්ගෙන් ඇහුවලු කෝ දරුවා කියලා. මිනිස්සු කිව්වලු දරුවා ලොකු හාමුදුරුවන්ගෙ කිව්වනෙ අපි ඉතින් දරුවා හාමුදුරුවන්ට දීලා ආවා කියලා. ඒ තරුණිය අඬ අඬා කිව්වලු මන් කිව්වෙ බොරු, එහෙම කිව්වෙ දරුවා හාමුදුරුවන්ගෙ කිව්වම බය වෙලා ඕගොල්ලන් නිකන් ඉඳීවි කියලා හිතලා, දරුවා හාමුදුරුවන්ගෙ නෙමෙයි අහවලාගෙ කියලා. ඒ සැරේ අර තරුණියටත් බැන්න මිනිස්සු ආපහු පන්සලට ගියාලු. එතකොටත් ලොකු හාමුදුරුවෝ ඇවිත් බැලුවලු මොකෝ කියලා. ඒ ඇවිත් ගමේ මිනිස්සු ලොකු හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලලා අර දරුවා අරගෙන ආයිත් ගියාලු. එතකොටත් හාමුදුරුවෝ කිව්වෙ එකම දෙයයිලු. "ඒකත් එහෙම ද".
එච්චරයි. ප්‍රශ්නයක් ආවත් ප්‍රශ්නයක් නැතත් කිසිම ගැටුමක් නැතුව ඒ හැමදේම උහුලගන්න එක තමයි බුධායි භික්ෂුව පෙන්වලා දෙන්නෙ. ඒ කිසිදේකට තණ්හාවක් නැහැ. බර අතාරිනවා කියන්නෙ සරලවම ගත්තම තණ්හාව අතාරින එක. බුදුරජාණන්වහන්සේ භාර සූත්‍රයෙ මෙහෙම දේශනා කරනවා.
“මහණෙනි, බර බහා තැබීම කවරේද? ඒ තණ්හාවගේ යම් මුළුමනින්ම නිරුද්ධ කිරීමක්, අත්හැරීමක්, දුරලීමක් මිදීමක්, නොඇල්මක් වේද? මහණෙනි, මේ බර බහාතැබීමයයි කියනු ලැබේ.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
එහෙම වෙද්දි මොන බර වුනත් උහුලන්න පුළුවන් හිනාවෙන්, සතුටෙන්. ලාෆින් බුද්ධා පිළිමය ලඟ තියා ගන්නෙ ඔන්න ඕක මතක් කර ගන්න. හැබැයි බහුතරයක් ලාෆින් බුද්ධා පිළිමය තියා ගන්නෙ ඒ අරමුණෙන් නොවේ. ධන ධාන්‍ය ලබා ගන්න. තණ්හාව වැඩි කර ගැනීම සඳහානෙ ඉතින්. බුධායි භික්ෂුවටවත් බැහැ ඒක නැති කරන්න.