ලාෆින් බුද්ධ සිනාසෙන්නේ ඔබටමය
සෑම කෙනෙක්ම ජීවිතයක් ගතකරමින් සිටී. ඒ එක දෙයක් සොයමිනි. කොහොමද දුක් පීඩාව අහක් කරන්නෙ. කොහොමද සංතෝෂය, පී්‍රතිය ඇතිව උපරිම සැප සම්පතින් යුත් දිවියක් ගෙවන්නෙ. මේ සඳහා මිනිසුන් කරන නොකරන දෙයක් නැත. කෙනෙක් දාබිඳු හෙළමින් අනන්ත කැපකිරීම් කොට ලබා ගන්නට වෙහෙසෙන දේ තවකෙක් වැඩිපුර නොවෙහෙසි ලබයි. කෙනෙක් මොන දේ කළ ද ප්‍රගතියක් නැත්තේය. එසේ නම් වැරදුණේ කොතැනද? මුදුනට ළඟා වීම පිනෙහිම ආදීනව නම් වැරදුණේ පව නිසාම ද? මේ පව්කාරකම්වලට කෙළවරක් නැද්ද?
නිකවැරටිය -
කාලයක් නිකවැරටියට මිනිස්සු සුනාමියක් මෙන් ගහගෙන ගියෝය. බෝ ගසක උපන් රූප තමන්ගේ ඉහත බලාපොරොත්තු සියල්ල සඵල කරාවියැයි පව උරුම වූ සැම සිතූහ. එතෙක් පැවති දුක් ගොඩට සරලව බෝ ගහක් පිහිට වන්නේ නම් සරල නැඟීසිටීම යෙහෙකැයි සිතු සැම නිකවැරටි ගිය අතර ඉන්පසු ලද සුළු අස්වැසිල්ල හෝ එකී පිහිටෙන් ලැබුවායැයි අදහන්නටද සැදී පැහැදි සිිටියෝ ය. ඔවුහු අදටත් එහි අපුලක් නොදකිනවා විය හැකි ය.
කාලයත් සමග නිකවැරටි ගමන අබල දුබල විය. එහි තිබුණායැයි කී බලය අතුරුදන් විය. බලය වුව හැමදා නොරැඳෙන එකක් බව බෝ ගස වුව පසක් කළේ ය. එදා පොරකමින් බැලූ බෝගස අද කාක් බෝ ගසක් තරම් නොවටී. නිකවැරටිය මතකයක්ව ඉතිරිවද්දී එහි ගිය බහුතරයක් වූ ජනයාගේ ගැටලු ද නොවිසඳුම් ව බෝ ගස මෙන්ම අටුවම් බැස තිබුණි.
දොළුකන්ද
අහවර නොවන බලාපොරොත්තු ඇතුලේ තමා එල්ලී සිටින අත්තක් ගිලිහුණද එයින් එතරම් කම්පා නොවන මිනිසුන් ඒ ක්ෂණිකයෙන් තවත් අත්තක් අල්ලා ගන්නේ නිමේෂයෙනි. එවන් අල්ල පනල්ලක දොළුකන්දේ ආශ්චර්යමත් භික්ෂුවක් පහළ වූහ.
බලාපොරොත්තුවලින්ම දිවි ගෙවන මිනිසුන්ට තවත් බලාපොරොත්තුවක් දැල්වුණි. ජීවම් කළ පිරිත් නූලට මෙවර තම පැතුම් ඉටු කළ හැකි යැයි සිතූ මිනිසුන් වැල නොකැඩී දොළුකන්ද තරණය කළෝ ය. කාලයත් සමග දොළුකන්දේ ගුප්ත කමද පහව ගියේ දොළුකන්ද ප්‍රදේශයේද අලුත් ප්‍රශ්න නිර්මාණය කරමිනි.
එකල දොළුකන්දෙන් අනන්ත ජීවයක් ලද්දායැයි විශ්වාස කළ වුන් එමට සිටියෝය. ඉහත ස්ථාන දෙකට නොගිය පිරිස් අතළොස්සක් සිටිය හැකි ය. නමුත් මේ තැන් දෙකටම ගිය එකම පිරිස නම් ඉහළ බව සහතිකය. එකල මේවාට විරුද්ධව කතා කිරීම පවා දෙවියන් නොව ඊට ඇලී ගැලී සිටිවුන්ගේ දෝෂයට ලක්විය හැකි සාපයකි. සාපයකි.
රහස්
මැරෙන්න යන මිනිසා පිදුරු ගසෙත් එල්ලෙනවා යන්න අපේ පැරණි කියමනකි. සැබැවින්ම මිනිසුන් එලෙස කොතෙක් නම් පිදුරු ගස්වල එල්ලී ඇද්ද ඇතැම් විට ඒ පිදුරු ගස් තම දිවි රැක ගත්තායි විශ්වාසයේ ගිලෙනවුන් කොතෙක් වෙත් ද මේ අතරට පිවිස ඇති අලුත්ම පිදුරු ගස ෆෙංෂුයි රහස්ය.
අපිද මීට පෙර නිකවැරටියට මෙන්ම දොළුකන්දට ගොස් ඇත්තෙමු. ඒ මෙහි වන්නේ අවුලක් බව කියන්නටය.
රටේ ප්‍රසිද්ධ ෆෙංෂුයි ගුරුවරයා යැයි කියාගන්නා පුද්ගලයකුගේ ෆෙංෂුයි අලෙවි සැලට මම රිංගුවෙමි. මාස්ටර් එහි නොවීය. මාස්ටර් ආවට ගියාට හමුවිය නොහැකි බව මම දුරකථනයෙන් තහවුරු කොට ගෙන සිටියෙමි. අලෙවි සැලක් වුව මාගේ පැමිණීම ප්‍රශ්න කරන ස්වභාවයක් එහි විය. එය ඔවුන්ගේ වෙළඳ උපක්‍රමයක් බව මට වැටහුණි. ෆෙංෂුයි ගැන ආධුනිකයෙකු නම් ඔහු එයට අල්ලා ගැනීම ප්‍රශ්න කිරීමේ කලාව තුළ අරමුණය. ෆෙංෂුයි ගැන මඳක් විමසූ මම මේ රූප තබා ගැනීමෙන් නියම ප්‍රතිඵල ලබා ගත හැකිදැයි විමසුවෙමි. ඒ තුළම මා පිළිබිඹු කරන්නේ අවිශ්වාසය බවත් මුලින්ම ෆෙංෂුයි කෙරෙහි විශ්වාසය තබාගෙන කරන කියන දෑ ආරම්භ කළ යුතු බවත් එහි සිටි කාන්තාවක් මා දැනුවත් කළා ය. මා දෙස බලමින් මට සිනාසෙන තඩි බඩ ගෙඩිය ඇති ලාෆින් බුද්ධාගේ රූප එක එක ප්‍රමාණයෙනි. කොටින්ම හැම තැනමය. මටත් සිනා සී සිිටිය නොහැකි තරමට සිනහා පිරි මුහුණුය. ලාෆින් බුද්ධාගේ රූප සිල්ලර කඩවල මුදල් ගනුදෙනු කරන ලාච්චුව ආසන්නයේ ලැගුම් ගෙන සිටිනුයේ සිල්ලර කාසි උඩය. මේ රූපය එලෙස තබා නැති කඩ සොයා ගැනීම අපහසු තරම්ය. දියුණුයැයි සිතිය හැකි කඩයක සිට බුලත්විට කඩය දක්වා මේ ආකාරයට රූපය කෙරෙහි විශ්වාස කරති. මෙහි නියම පිළිවෙත විමසූ විට මාස්ටර්ගෙන් පුහුණුව ලද තරුණිය පැවසුවේ එහි ගුණ ලබන්නට නම් නියම ස්ථානයකින් එම රූපය ගත යුතු බවය. කොටින්ම තමන්ගේ වැනි ෆෙංෂුයි මධ්‍යස්ථානයකින්ම එම රූපය ගත යුතු බවය.

Last edited:

It has got nothing to do with Buddhism even
iskolen awut una da indan thama jobakata wath giye na.dan awurudu 29 ekata...