ලැඡ්ජයි

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඇතුළේ ඉන්න අයට ලැඡ්ජයි කියූ රියදුරුගේ විඡ්ජාව හෙළි වෙයි
    වෑන් රියෙන් එළුවෝ 40 ක්‌ මතුවෙති

    කන්තලේ - ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ

    eluwo.jpg
    කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක්‌ නොමැතිව රුපියල් ලක්‌ෂ 10 ක්‌ පමණ වටිනා එළුවන් 40 දෙනකු කුඩා වෑන් රථයක රැගෙන යමින් සිsටියදී කන්තලේ සේරුනුවර මාර්ගයේ හෝටන්කාඩුව පොලිස්‌ මුරපොළ නිලධාරීන් විසින් ඊයේ (25 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

    සේරුනුවර තොපුර් ප්‍රදේශයේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ මෙම වෑන් රථය ගැන සැක සිතූ හෝටන් කාඩුව පොලිස්‌ මුරපොළේ නිලධාරින් රථය නතර කොට එහි ඇත්තේ මොනවාදැයි ප්‍රශ්න කර තිබේ. එහිදී වෑන් රථයේ සිටි පුද්ගලයකු සඳහන් කර ඇත්තේ මුස්‌ලිම් කාන්තාවන් පිරිසක්‌ වාහනයේ සිටින බවයි. ඔවුන් විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන යන බවද ඔවුන් ඉතා ලැඡ්ජාශීලී නිසා මුහුණ ආවරණය කරගෙන සිටින බවද එම නිසා වාහනයේ පිටුපස දොර අරිනවාට ඔවුන් විරුද්ධ බවද හෙතෙම කියා තිබේ.

    පොලිස්‌ නිලධාරීන් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවී වාහනය පරීක්‌ෂා කිරීමේදී එතුළින් එළු ගඳක්‌ වහනය වී තිබේ. පසුව පොලිස්‌ නිලධාරීන් තවදුරටත් වාහනය පරීක්‌ෂා කිරීමේදී එහි එකට පොදි කමින් සිටි එළුවන් 40 දෙනකු හමුවී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පදිංචි මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (25 දා) කන්තලේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

    කන්තලේ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති නිමල් බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ පරිදි මේ පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.


     
    • Like
    Reactions: crazyhorse

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    අනේ මුන්ගේ ලැජ්ජාව,...:eek::eek: හොද වැඩේ මුන්ට, ගහපිය හොද දඩයක් ලජ්ජබිට් එකට යන්න.....:lol::lol::lol::lol:
    rep....