

අපි නොදිටි දෙයක් නොවේද????
නව දැළි හේනක............
නව දැලි හේනක - පෑව වැදිරි රැව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළාණිට
හිමියනි මට කල නොහැක නිගා.......
සුරගන රෑ සිරි දුටිමි හැදින්නෙමි
සිත් ලෙස දෙනුවන් බදුන් පුරා
මා හදුනන මගේ හද ගත් කළනිය
මට නුදුරුයි සුරඹුනට වඩා
මා සිත සුවපත් කරවනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරගන රෑ සිරු කුමටද
හද දුටු ජනපද කළණ නිසා
බෞද්ධ සාහිත්‍යයේ එන නන්ද තෙරණුවන් සම්බන්ද කතාව ඔබ දනිමියි සිතමි. බුදුන් වහන්සේ මෞලි මංගල්‍යය, ගෘහ ප්‍රවේශ මංගල්‍යය සහ විවාහ මංගල්‍යය තිබු දිනම සිය භාග සොයුරා වූ නන්ද කුමරාණන් ගේ ගෘහයට වැඩම කොට, දන් වළදා අවසන ඔහු අතට පාත්‍රය දී නික්මී එන අතර, පාත්‍රය අතින් ගෙන බුදුරදුන් පිටුපස යන නන්ද කුමරාණන් හට ඔහු ගේ පියඹ වන්නට සිටින රූපත් ජනපද කළ්‍යාණිය "අනේ හිමියනි, විගසින් නැවත එන්න"යි පවසයි. බුදුන් වහන්සේ පසුපසින් යන නන්ද කුමරාණන් බුද්ධ ගෞරවයද, සහෝදර ගෞරවයද නිසා මහණ වුවත්, කෙළෙසුන් නැසීමට නොහැකි වන්නේ තම පියඹ ගේ නැවත එන ලෙස කරන ලද ඉල්ලිම සිහිපත් වන බැවිනි. මේ පිළිබදව දුටු බුදුරදුන් වරෙක නන්ද ස්වාමින් වහන්සේ දෙව්ලොව වෙත කැදවා යන අතර එහිදි උන්වහන්සේ ශක්‍රයා ගේ රූපත් අඹුවන් දකි. නැවත අරම වෙත වඩින බුදුන් වහන්සේ දැවී ගිය හේනක යමක් කමින් සිටින වැදිරියක් පා. "නන්දයෙනි, දැන් ඔබට ජනපද කළ්යානිය පෙනෙන්නේ මේ ලෙස නොවේදැ" යි විමසයි. රූපයේ නිස්සාරත්වය අරමුණු වන නන්ද ස්වාමින් වහන්සේ එය ම අරමුනු කොට බවුන් වඩා මග පල අවබෝදකොට ගත් බවය බොදු සාහිතයේ එන්නේ.
නමුදු මේ ගී පද රචනය නන්ද තෙරනුවන් ගේ ඇතුලු හද පෙන්වන්නක් වෙයි. ප්‍රේමය රුධිරයට වඩා ගනකම් බව ය, උන්වහන්සේ මෙහි දි පවසන්නේ.....
නව දැලි හේනක - පෑව වැදිරි රැව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළාණිට
හිමියනි මට කල නොහැක නිගා.......
දා ගිය හේනක වු වැදිරියකට උපමා කළද තමා ගේ සිත තුල වු ප්‍රේමය නිසා ම තමා පෙම් කල ඇයට නිගරු කල නොහැකි බව ගෞරව පූර්වකව උන් වහන්සේ තෙපළති.
සුරගන රෑ සිරි දුටිමි හැදින්නෙමි
සිත් ලෙස දෙනුවන් බදුන් පුරා
මා හදුනන මගේ හද ගත් කළනිය
මට නුදුරුයි සුරඹුනට වඩා
කෙතරම් සුරගනන් බදු රූපත් කතුන් දුටුවද, තමා හදුනන, තමා ගේ හදවත පැහැර ගත් කත මේ සියළු රූමතියන් පරයා තමා හදවත රැදෙන බව උන්වහන්සේ කියති. ඇත්තෙන් ම අපිද කෙතරම් රුමත් කතුන් දුටුවද, අපට ආදරය කරන, අප විසින් ආදරය කරනු ලබන පෙම්වතියන්, පියඹුන් දමා උන් පසුපස නොයන්නේ මේ නිසා ම නොවේද සකියෙනි. අප හද ගත් අය, සුරගනන් බදු වුවන් හට වඩා අප හදට නුදුරු නොවේද?
මා සිත සුවපත් කරවනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරගන රෑ සිරු කුමටද
හද දුටු ජනපද කළණ නිසා
වියෝ වේ තරම පෙන්වන මේ පදය බලන්න. කෙතරම් වුවද මා සිත සුවපත් කරවනු නොහැකිය. ඒ නෙත දුටු රුපත් සුරගනන් නිසා නොව වියෝ වි ඇත්තේ තම හද දුටු, තම දිවිය හදුනන, තම සෙනෙහස හදුනන ජනපද කළ්‍යාණිය නිසාය.
බොදු දසුනේ එන බැදිම නැති කිරිම නම් සංකල්පයට රැහැනිව උඩුගං බලා පීනන්නකි මේ පබැදුම. මේ බැදීම ගැනමය, මහැදුරු සරච්චන්ද්‍රයන් "නැත ලොවේ අන් රසදුනා - ආදරේ සේ සුව දෙනා" යනුවෙන් වරෙක සිංහබාහු නාටකයේ කියා පෑවේ. මේ බැදීම කොතරම් චමත්කාරද, සිත් නළවන - අලවන සුළු ද යන්න, අතිශය රමනිය ලෙස විග්රහ කෙරෙන මෙවන් දුළබ ගී පබැදුම් වලින් සරු හෙළ ගි කෙත ඇසුරු කිරිමට, හෙළයෙකු වී හෙල බිමේ මෙසේ ජනිත වීමද පිනක් මය යන්න, මේ ගීතය ශ්‍රවණය කරන මා හට සිතේ...........!!!!
මේ ගීය පලකරන්නේ මේ අවලං වැඩේ කරපු උඹ ව මම දන්නවා කියන එකට සාධකයක් විදියට.......
මේක උඹේ ප්‍රියතම ගීතය නේ........???????
සතූතියි පූවෝ... මේක යන්න ඕන එකාට ගියොත් ඒ හොදටම ඇති..
මේක යන්න ඕන එකාට ගියොත් ඒ හොදටම ඇති..






