ලැජ්ජා නැති "අපේ කම"

ලැජ්ජා නැති "අපේ කම"

මේ ත්‍රෙඩ් එක මෙහෙම ලියන්න හේතු වුනේ මෙන්න මේ ත්‍රෙඩ් එකයි.

http://www.elakiri.com/forum/showthread.php?t=1613704


මුලින්ම කියන්න ඕන මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙන අය එක්ක මාගේ කිසිම තරහක් හෝ අමනාපයක් නොමැති බව.

මේ වොල්වෝ ට්‍රක් එක දැකල හැමෝටම කියා උනේ ලංකාවේ උනා නම් අර කාන්තාව සුන් කියල කියන දේ..
ඇත්ත..

එත් මම මේ කියන්නේ මම මේ සිද්ධිය දිහා බලපු කෝණයෙන් ..
මම වැරදි නම් සම වනු මැනවි.
හුදෙක් මෙය මාගේ මතයක් පමණි..

"අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්‍රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ "
ලේලන්ඩ් එන්නේ ඉන්දියාවෙන් .. මල ජරාවක් තමයි..

මම කියන්න උත්සහ කරන්නේ මේකයි..

කවදද අපි පරදේශ වලට ගැති වෙලා මේ ගෙවන ජිවිතේ අවසානයක් දකින්නේ.
කන හාල් ඇටේ පරප්පු ඇටේ ඉදන් එදිනෙද අපි භාවිතා කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කියෙන් කීයක්ද අපේම රටේ නිෂ්පාදනය කරන්නේ..

නිකමට බලන්න ඔය දැන් ඔබ ඉන්න මේසය මත තියෙන මෙවලම් කොච්චරක් පිට රට වල නිෂ්පාදනද කියල..
මට ඇත්තටම ඒ ත්‍රෙඩ් එක බලද්දී හිතුනේ මෙච්චරයි..
" යකෝ ඉන්දියන් කාරයා ලාබෙට ලේලන්ඩ් එකක් හරි ගැහුවා ; අපි මොකද කලේ.."
අපි අඩුවට ලේලන්ඩ් ගෙන්නලා ඒවා පට්ට ගහන ගමන් වොල්වෝ වලට ආවඩනවා .. කොච්චර කුහක ජාතියක්ද අපි..
ඇයි අපිට බැරි අඩුම තරමේ ලේලන්ඩ් එකට අහියෝගයක්වත් වෙන නිෂ්පාදනයක් කරන්න.

මේක ලේලන්ඩ් වොල්වෝ ගැන ප්‍රශ්නයක් විදිහට බලන්න .එපා.

නිකමට ත්‍රෙඩ් එකක් දාල බලන්න ඉන්දියන් බයික්ද ජපන් බයික්ද හොද කියල..

මහත්මා ගාන්ධිගේ අම්මගේ ඉදන් ඉන්දියාවටම බැන බැන ජපන් හොදයි කියනවා..
ඇයි කටක් ඇරලා අපේ ලංකාවේ එක හොදයි කියන්න පුළුවන් විදිහේ නිෂ්පාදනයක් කරන්න බැරි.
පොඩි එකාගේ රෝද තුනේ බයිසිකලේ ඉදන් රටේම උත්තමය යන නිල වාහනය වෙනකන් සියලු දේ විදේශීය නිෂ්පාදන..

අන්තිමට කියන්න තියෙන්නේ ..
ලේලන්ඩ් හරි තියෙන එක හොදට ගිය නැත්නම් අපිට තාම කරත්ත වල තමා යන්න වෙන්නේ..

සංවාදය සදහා Open..




 

prabo22

Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    mata nam hithenne truck compare karala wage witharai,, example chinese phone and samsung or iphone ,, umba kiyana kathawath aththa
     

    ජන්තු අයියා;16624682 said:
    ඕක වෙනස් කරන්න බෑ මචං අපේ ලංකාවේ...

    බලපල්ලා ඉන්දීය ජනාධිපති; අගමැති කවදාහරි වෙන රටක නිෂ්පාදනය කරපු වාහනේක යනවද කියල,,
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    labeta maro maro wada ganna indiawe chine wage wahllu hoya ganna lankawe amarui
    inne gaanu vitharai.ekai garments daala thiyenne.size eke tharamata janagahane tharamata
    arthikaya hadaganna oni.singapour,hong kong wage.dakina dakina de karanna giyoth
    rewenawa.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බ්‍රිතාන්‍ය ලේලන්ඩ් එක ලංකාවේ පටන්ගන්න තිබ්බ එකක් තමා ඉන්දියාවට ගියේ.ඒ එවකට තිබුන ආණ්ඩුව කැමති වෙලා නැහැ ඒකට.වත්මන් ආණ්ඩුවත් කරන්නේ පොඩි පොඩි චූන් දෙන එක,වරායක් බාගෙට හදද්දි විවෘත කලා.මත්තලත් එහෙමයි.ඒක හින්දා එවායින් ගන්න පුළුවන් ප්‍රයෝජනක් නැති වුනා.දැන් දාගෙන කැසිනො ගේන්න දගලනවා.මම කැසිනො වලට විරුද්ධ නැහැ,දැනටත් මෙහෙ තියෙන නිසා,ඒත් ඊට වඩා වාහන,ඉලෙක්ට්‍රොනික් උපාංග වගේ නිශ්පාදන ඇති කරන ආයෝජන ගේන්න දැගලුවනම් කොච්චර වටිනවද.මයික්‍රො උනත් කරන්නේ වාහන එකලස් කරන එක.ලංකාවේ වැඩකාරයෝ ඕනතරම්,අත දෙන්න බල්ලෙක්වත් නැහැ
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ''අපේ කම''
    ''අපේ හැකියාව'' ගැන කථා කරන්න අපේ ඉතිහාසය ගැන නොදැන බෑ.
    දැන් කාලෙ වොල්වෝ,ලේලන්ඩ් ගැන කියලා අපි මොනවද හැදුවෙ කියලා අහනව නම් ඒක ලෝක විහිළුවක්.
    සැටලයිට් තාක්ෂණයෙන් නුවර වැවේ වතුර බෙදන්න සුදුසුම තැන හොයාගෙන ඒ තැන හාරද්දි එතැනම ඒ වැවේ බිසෝ කොටුව අපේ මුතුන් මිත්තො හදලා තිබුනා.
    ඒ එකක් විතරයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ මේ ප්‍රශ්නෙ දිහා වැරදියට බලල තියෙන්නෙ. හාල් ඇටෙයි වෝල්වෝ එකයි එකට අරගෙන සන්සන්දනය කරන්න බැහැ. එහෙම කරල වැඩකුත් නැහැ. හාල් ඇටයක් හදනව වගෙ ලේසියෙන් වාහනයක් හදන්න බැහැ. ඒකට ඕන කරන තාක්ෂනය සහ සම්පත් ලන්කාවේ නැහැ. අපිට පුලුවන් දේවල් ටිකක්වත් අපිම හදාගන්න ඕන, ඒක ඇත්ත. ඒත් අපි පාවිච්චි කරන හැමදේම අපිට හදන්න බැහැ. ඒක තමයි ඇත්ත. කවුරුත් නොදන්නව වුනාට මේ සේරම පිටිපස්සෙ ලාභය කියල දෙයක් හැන්ගිලා තියෙනව. ලාභය කියන කාරනාව මත තමයි සියල්ලම තීරනය වෙන්නෙ. සාමාන්‍යයෙන් ඔය වාහන, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ දේවල් ආවට ගියාට හදන්න බැහැ. සමාන්‍යයෙන් ඕවගෙ අවම ලිමිට් එකක් තියෙනව. ෆෝන් එකක් හදනවනම් අඩුම තරමෙ එක මොඩල් එකකින් ෆෝන් කෝටියක් ගහන්න වෙනව, එහෙම නැත්නම් ලාභයක් නැහැ. දැන් ලන්කාවෙ අලුත් කම්පැනි කාරයෙක් ෆෝන් කෝටියක් ගැහුවොත් මොකක් වෙයිද? අනික කියන තරම් ලේසි නැහැ. තාක්ෂනය සහ අමුද්‍රව්‍ය හොයන්න ගියහම කවුරුවත් උදව් කරන්නෙත් නැහැ. ඒක තමයි ඇත්ත.ඉන්දියා දිහා බලල ඒ තියරි ලන්කාවට ගෙඩි පිටින් ගේන්න හදන එක වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඉන්දියාවෙ ජනගහනය බිලියනකටත් වඩා වැඩියි. අර කියන කෙනාට ෆෝන් කෝටියක් ගහල විකුනගන්න එක මහලොකු දෙයක් නෙමෙයි. චීනෙ බිලියන 1.3 තුනක් ඉන්නව. කෙලින්ම චීනෙ විතරක් මාකට් කරගෙන ෆෝන් හදන කම්පැනි ඕන තරම් එහෙ තියෙනව.

    අපිට දියුනුවෙන්න පුලුවන් කෘශිකර්මාන්ත අන්ශයෙන් සහ ඔය සන්චාරක ව්‍යාපාර වලින් වගේ දේවල් වලින්. දැන් බොරුවට ඉදිකට්ටෙ ඉඳන් මෙහෙ හදන්න දඟලන එක තේරුමක් නැති වැඩක්. විශේෂයෙන්ම කර්මාන්ත අන්ශය පැත්තෙන් ලන්කාව කොහොමත් දුර්වලයි. ඒ නිසා ලොකු ලොකු වැඩවලට යන්න හැකියාව අඩුයි. ඉන්දියාව ලේලන්ඩ් හැදුවට ලන්කාවෙ මිනිස්සුන්ට ලේලන්ඩ් හදන්න බැරි ඔය හේතුව නිස.ලොරි කියන්නෙ මහා පරිමාන කර්මාන්තයක්, ලොරි දවසකට 10ක් පහලවක් හදලා පවත්වගෙන යන්න බැහැ.ඔය කර්මාන්ත අන්ශෙ දේවල් වලට තාක්ෂනේ අමුද්‍රව්‍ය අරගෙන වැඩ පටන්ගන්නකොට පෙරහැර යනව.

    හරි විදියට ගත්තොත් ලන්කාවෙ යාන වාහන හදනවට වඩා ලේසියෙන් කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියෙනව අන්න ඒ දේවල් ගැන අවධානෙ යොමුකරන එක හොඳයි. ඒ අතරෙ පුලුවන් තරම් ඉන්දියාවෙන් ඈත් වෙලා ඉන්න ඕන. ලන්කාව විනාශ කරන්නෙ ඉන්දියාව සහ ඉන්දියන් කොමිස් වලට යටවෙලා ඉන්න කොමිස් කාක්කො.


    ***මෙතනදි සමහර අයට ජපානෙ වගෙ රටවල් ගැන සමහර විට මතක් වෙයි. ඒ රටවල් තාක්ෂනික දියුනුව ලබාගත්තෙ 40-60 දශකවල හිටපු මිනිස්සු කැපවීමෙන් උනන්දුවෙන් වැඩකරපු නිසා. ලන්කාවෙ මිනිස්සු ඒ කාලෙ සුද්දගෙන් කන්න බලාගෙන අයිස් ගහපු හින්දා ලන්කාවට අවස්ථාව නැතිවුනා. හරිනම් දැන් ඔය ජපානෙ ඉන්න තැන ලන්කාවට තියෙන්න ඕන. අශ්වය පැනල ගිහින් ඉවරයි. දැන් ජපානෙ වගේ රටවල් තාක්ෂනික අන්ශ අල්ලගෙන ඉන්න නිසා ලන්කාවට ඒ ක්ෂේත්‍රවලින් ඔලුව උස්සන්න බැරි තත්වයක් තියෙන්නෙ. පුලුවන් වුනත් ඉන්දියාව ඒකට ඉඩ තියන්නෙත් නැහැ. ඔන්න ඔය කාරනා නිසා අපි තාක්ෂනික නිශ්පාදන වෙනුවට වෙනත් දේවල් කෙරෙහි අවධාන යොමු කරන්න ඕන.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ow mchn owage deyak patan gannwa nam job ehema keeyak hariyanwada mahindaya hama welema loweth nathi wada neh karanne duppath kollek kellek ta kisima chance ekakuth nh okkoma hoda codification ath aththanta
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ''අපේ කම''
    ''අපේ හැකියාව'' ගැන කථා කරන්න අපේ ඉතිහාසය ගැන නොදැන බෑ.
    දැන් කාලෙ වොල්වෝ,ලේලන්ඩ් ගැන කියලා අපි මොනවද හැදුවෙ කියලා අහනව නම් ඒක ලෝක විහිළුවක්.
    සැටලයිට් තාක්ෂණයෙන් නුවර වැවේ වතුර බෙදන්න සුදුසුම තැන හොයාගෙන ඒ තැන හාරද්දි එතැනම ඒ වැවේ බිසෝ කොටුව අපේ මුතුන් මිත්තො හදලා තිබුනා.
    ඒ එකක් විතරයි.
    පිටිපස්ස බලාගෙන ඉස්සරහට දුවන උඹ වගෙ පම්පෝරි කාරයො නිසා තමයි තමයි ලන්කාව හිඟන රටක් වෙලා තියෙන්නෙ.:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බ්‍රිතාන්‍ය ලේලන්ඩ් එක ලංකාවේ පටන්ගන්න තිබ්බ එකක් තමා ඉන්දියාවට ගියේ.ඒ එවකට තිබුන ආණ්ඩුව කැමති වෙලා නැහැ ඒකට.වත්මන් ආණ්ඩුවත් කරන්නේ පොඩි පොඩි චූන් දෙන එක,වරායක් බාගෙට හදද්දි විවෘත කලා.මත්තලත් එහෙමයි.ඒක හින්දා එවායින් ගන්න පුළුවන් ප්‍රයෝජනක් නැති වුනා.දැන් දාගෙන කැසිනො ගේන්න දගලනවා.මම කැසිනො වලට විරුද්ධ නැහැ,දැනටත් මෙහෙ තියෙන නිසා,ඒත් ඊට වඩා වාහන,ඉලෙක්ට්‍රොනික් උපාංග වගේ නිශ්පාදන ඇති කරන ආයෝජන ගේන්න දැගලුවනම් කොච්චර වටිනවද.මයික්‍රො උනත් කරන්නේ වාහන එකලස් කරන එක.ලංකාවේ වැඩකාරයෝ ඕනතරම්,අත දෙන්න බල්ලෙක්වත් නැහැ
    වාහන ඉලෙක්ට්‍රොනික උපාන්ග කියන්නෙ ලන්කාවට අත පොවන්න බැරි සීමාවෙ තියෙන කර්මාන්ත, ඒ නිසා පුලුවන් දෙයක් කලොත් හොඳයි.


    අනික හරි වැඩකාරයො අතදෙනකන් බලාගෙන ඉන්නෙත් නැහැ