අපේ රටේ ප්රධාන දේශපාලන පක්ෂ එක නායකයෙක් යටතේ ඉන්නවාට වඩා නායකයන් රාශියක් යටතේ ඉන්න එක හොඳයි.මම කියන්නේ පක්ෂේ ප්රධාන නායකයන් 10 දෙනෙක් ඉන්න ඕනි.අවුරුද්දකට පාරක් මේක මේ දහදෙනා අතරේ මාරු වෙන්න ඕනි.එතකොට එක්කෙනෙක්ට වසර 10කින් පස්සේ තමයි නායකත්වය ලැබෙන්නේ.අනිත් එක වසර දෙකකින් එකෙක් එලියට ගිහින් අලුත් එකෙක් ඇතුලට එන්න ඕනී.අපේ රටේ නායකත්වයටත් උචිත මේක.මොකද අපේ රටේ බිහිවෙන නායකයො මිනිමරුවො, දූෂිත පල් හොරු, අවනීතිකයෝ.ඒක නිසා මේ අයගේ බලය සීමා වෙනවා.ප්රතිපත්ති නායකයන් වෙනස් වෙන කොට වෙනස් නොකල යුතුයි.මාක්ස්වාදි රටවල් කඩා වැටුනේ වසර ගානක් එක ඒකාධිපතියෙක් මත යැපීම නිසා.ඒ අය ධනවාදී ප්රජාතන්ත්රවාදයට සමගාමිව වසරක නායකත්ව හුවමාරුවකට ගියානම් සමහර විට ධනවාදය අබිබවා යන්නත් තිබුනා.
රනිල් දිගටම නායකත්වයේ ඉන්න එක කරූට සහ රුක්මන්ට අසාධාරනයක් කියලයි මට හිතෙන්නේ.ඒක නිසා මේක මාරුවෙන ක්රමයක් හදන එක හොඳයි.නායක්ත්ව මන්ඩලයකට ගියානම් ඉවරයි.සරත් ෆොන්සේකටත් එජාපයේ තැනක් දීලා ඇතුලට ගත්තනම් හුවමාරු ක්රමයක් යටතේ නායකත්වයට එන්නත් පුලුවන් වසරකට විතර