මචන්ලා මන් se degree එකක් කරන්න යන්නේ. දැන් මගේ තියෙන්නේ acer e5-576g i7 ලැප් එකක්. එක ලෙඩ ගොඩක් (කීබෝර්ඩ් අවුල්, display ඉරි යනවා, බැටරිය අවුල). මන් බැලුවේ අලුත් එකකට මාරු වෙන්න. හිතේ තිබ්බෙම මැක්බුක් එයාර් m1 එකක් ගන්න. එත් පාවිච්චි කරන ගොඩක් උන් කිව්වා display එකේ අවුලක් ආව කියල. අනික මේ මාසේ ඉදන් ප්‍රයිස් තවත් වැඩි වෙලා තිබ්බා.අබාන්ස් එකේ ලක්ෂ 3ක් දැන්. මෙච්චර ගානක් වියදම් කරලා කෙල උනොත් අනාත වෙනවා.
අපේ පැත්තේ යුස් ලැප් ඉම්පෝර්ට් කරන තැනක් තියෙනවා. මන් බැලුවේ එකෙන් ලැප් එකක් ගන්න. කොහොමත් 16gb ram, 250gb ssd එකක් එක්ක ගන්න තමා බැලුවේ. ඒවත් ලක්ෂ 1.20-1.70 අතර යනවා. මේක ගැන මොකක්ද ඔයාලගේ අදහස, මිට වඩා හොද විදියක් තියෙනවද?

රටින් ගෙන්නුවොත් කොහොමද?
මෙහෙම එකක් තියේ. උබ එකක් ගෙන්නුවොත්, ඒකට වොරන්ට් මෙහෙන් ක්ලේම් කරගන්න උනොත්, පාර්ට් එකක් ගෙන්නන උනොත් එහෙම මෙහෙ නැති, උබට මෙහෙ ඒජන්ට්ට ගානක් දෙන්න වෙනවා බන් අයිටම් එක ගෙන්නන යන කොස්ට් එක (ඒ කිව්වෙ ශිපින්ග් කොස්ට් එක )