M1 එක මෙහෙන් ගන්නවා නම් බය වෙන්න දෙයක් නැහැ, පලවෙනි අවුරුද්ද ඇතුලත display අවුලක් ආවොතින් ඩිස්ප්ලේ එක මාරු කරලා දෙනවානේ
අපේ ඔෆිස් එකේ දැනට M1 air/pro 100ක් විතර දීලා තියනවා මුලින්ම දීපු එක air එකක ඩිස්ප්ලේ අවුලක් ඇවිත් ඒක මාරු කරලා දීලා තියනවා, ඒ ඇරෙන්න වෙන අවුලක් M1 pro/air වල ඇවිත් නැහැ. මීට කලින් ආපු 2019 touch bar එහෙම තියන ඒවයෙ පට්ට අවුල් තොගයක් ආව ඒ සෙරමත් වොරන්ටි වලින් ෆික්ස් කර ගත්තා අපි නම්(ගොඩක් වෙලාවට board replacement හම්බුනා)
ඇපල් කියලා නැහැ අවුල් යන්න පුලුවන්, හැබැයි සාපේකශව ගොඩක්ම අඩුවෙන් තමයි. Apple care තියන කාලෙ ඇතුලත අවුලක් ආවොතින් අනිවා වොරන්ටි වලින් ෆික්ස් කරලා දෙනවා අනෙක් ඒවට වගේ වොරන්ටි ගන්න වාත වෙන්න ඕන නැහැ. බිම දාල පිසිකල් ඩැමේජ් නැත්නම් කිසිම අවුලක් වෙන්නෙ නැහැ වොරන්ටි වලට
intel macbook air නම් ඩිවලොප්මන්ට් වලට මදි, ඒත් M1 air එක කිසිම අවුලක් නැහැ, බජට් තියනවා නං ඒක ගන්න, කිසිම අවුලක් නැතිව අවුරුදු 5-6ක් ඇද ගන්න පුලුවන්(මම තාම යූස් කරන්නෙ 2015දි රිලීස් උනු මැක්බුක් එකක්, තාම කිසිම අවුලක් නැහැ performance උනත් මගේ වැඩ වලට හොඳටම ඇති, ඉඳල හිටලා Xcode/Emulator වගේ දුවනකොට පොඩ්ඩක් ස්ලෝ වෙනවා ඒත් වැඩ වලට බාධාවක් වෙන තරමට ස්ලෝ වෙන්නෙ නැහැ )
අනික් එක විශේශ අවශ්‍යතාවක් නැත්නම් SE වැඩ වලට dedecated graphic එහෙම තියන ලැප් නොගෙන ඉන්න තරමට හොඳයි, මොකද ලැප් වල dedicated graphic කියන්න සාමාන්‍යෙන් ගොඩක් issues එන තැනක් heat එක නිසා.