ලැබුණ නිවාඩුවේ වැව්වොත් නරකද?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ලැබුණ නිවාඩුවේ වැව්වොත් නරකද?

    බලාපොරොත්තු නොවු කාලයක බලාපොරොත්තු නොවු අයුරින් දීර්ඝ නිවාඩුවක් ලැබී තිබේ. ලෝකය පුරා වසංගත රෝගයක් පැතිරයාම හේතුවෙන් එය මර්දනය කරපු පිණිස ජනතාවට මෙලෙස නිවෙස් වලට වි සිටින ලෙස විවිධ රටවල් තම රටවැසිටන්ට දැනුම්දී ඇත. ශ්‍රිලංකාව තුළද නව කොරෝනා වසංගතය පැතිර යාමේ අවධාන නිසා මෙලෙස නිවාඩු කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. බලාපොරොත්තු නොවු ආකාරයට මෙම නිවාඩුව ලැබුණද එය ඵලදායීව ගතකරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරිමට සිතුවෙමු.

    නිවසට වී සිටිම

    කොරෝනා වසංගත රෝගය පැතිරයාමේ අවධානම නිසා මේවනවිට සියළුදෙනාම තමන්ගේ නිවෙස්වලට වී සිටිති. මේ අතර අතවශ්‍ය සේවා සපයන්නන් දිවාරූ නොබලා තම සේවය උපරිමයෙන් ලබාදෙමින් සිටිති. රුකියාව සඳහා ඇතැම්විට බෝඩිමක හෝ කුලි නිවසක සිටි බොහේ දෙනෙක් මේකාලය තුල තම දෙමාපියන් සමග නිවෙස්වල සිටිති. එසේ උවද නිවසට වි සිටිම කිසිසේත්ම නීරස විය යුතු නැහැ.

    නිවසේ සිටින ඔබට පොත් කියවීම , චිත්‍රපටි බැලීම ආදී තමන් කැමති විනෝදාශ වල නිරතවීමට පුළුවන් සේම මේ කියන්න යන්නේද එලෙසම කළහැකි තවත් විනෝදාංශයක් පිළිබඳවය. එනම් තම ගෙවත්ත පලදායීව සකසා ගැනීම පළිබඳවයි. සාර්ථක ගෙවතු වාගාවක් සිදුකිරීම පිළිබඳවයි
    image_21d887a69d.jpg


    ගෙවතු වගාව

    නිවස සමග තිබෙන වටපිටාව ගෙවත්ත ලෙස හදුන්වනවා. නාගරික ජිවිතයකට හුරැව සිටින බොහොදෙනාගේ ගෙවත්ත ඉතාම සීමිත ප්‍රමණයක තිබුණද ග්‍රාමීයව ඇති නිවෙස්වල යම් ප්‍රමාණයක ගෙවත්තක් ඇත.

    නාගරිකව උවද මේවනවිට විවිධ ආකාරයේ ක්‍රම භාවිතා කරමින් විවිධ දේ වගාකිරීමට උනන්දුවෙමින් සිටිති. ලැබුණු නිවාඩුකාලයේ ඔබගේ ගෙවත්ත සාර්ථකව සකසා ගැනීමට ඔබට අවස්ථාව තිබේ.

    වගාකළ හැකි දේ

    තාක්ෂණය අතින් දියුණ කාලයක ජීවත්වන අපට සාම්ප්‍රදායික ගෙවත්ත වෙනුවට නව තාක්ෂණය භාවිතා කරමන් අලංකාරවත් ගෙවත්තක් නිර්මාණය කරගත හැකිය.

    ගෙවත්ත තුළ අලංකාරවත් , සුවද දෙන මල් වර්ග විසිතුරැ පැළ , එළවලු පැළ , පළතුරැ පැළ, ඉගුරැ කහ වැනි ඖෂධ වර්ග , සෙවන දෙන ශාක වර්ග , පලා වර්ග , මි මැසි පාලනය ආදී බොහෝමයක් දේ ඔබට වගාකළ හැකිය.
    image_7b9d212b3a.jpg

    වස විස නැති ආහාර

    වසවිස නැති ආහාර ගන්නා ලෙසත් , ශරීර ප්‍රතිශක්තිය වැඩිකරගන්නා ලෙසත් මේදිනවල වෛද්‍යවරැන් උපදෙස් දෙයි. ඔබගේ ගෙවත්ත තුළ ඉහතින් සඳහන් කළ දේවල් සුළුවෙන් හෝ වගාකරගත හැකි නම් වස විසෙන් තොර හොද ආහාරවේලක් ඔබේ ගෙවත්තෙන්ම ඔබට ලබාගැනීමට පුළුවන.

    සුවදායී පරිසරය

    ඇතැම්විට ඔබ රුකියාව කරන පරිසරය දැඩි නාගරීකරණයට යොමුවී තිබෙන්නට පුළුවන. විෂ වායු ආග්‍රහණය කිරීමටද සිදුවනු ඇත. මේකාලය තුළ පිරිසිදු වාතය ආග්‍රහණය කිරීමට අවස්ථාව ලැබ ඇත. ගෙවත්ත මනවා සකසා ගතහොත් ඔබ ජීවත්වන පරිසරය තුළ සුවදායී කලායපයක් නිර්මාන්‍ය වනු ඇත.

    නව වගාක්‍රම

    ගෙවත්ත වගාකරීම ගැන කතාකරන විට කාණු කැපීම් , පාත්ති දැමීම වැනි දැ පිළිබඳව පමණක් අවධානය යොමුකිරීමට අවශ්‍ය නැත. බදුන්ගත වගාව , ඉවතලන දෑ භාවිතයට ගැනීම මෙන්ම අන්තර්ජාලය භාවිතයෙන් නව ක්‍රම අනුගමණය කරමින් වගාවෙ නිරතවීමට ඔබට හැකියාව තිබේ.
    image_365263f4f9.jpg

    ඔබට ලැබෙන වාසි

    නිවසේ සිටන කාලය තුළ සාර්ථක ගෙවතු වගාවක නරතවීම තුළින් ඔබට ලැබෙන වාසි රුසකි. කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා නිවසේ සිටින ලෙස උපදෙස් දී ඇති කාලය මනාව කළමණාකරනය කරගතහැකිවීම ඉන් පළමුවැන්නයි.

    එමෙන්ම මෙවැනි ක්‍රියාවක නිරතවන විට ශරීරයට අවශ්‍ය ව්‍යායාම නිරායාසයෙන් ලැබෙනු ඇත.

    එමෙන්ම විවිධ වගාක්‍රම , අලංකාර වගාවන් පිළිබඳ සිතන විට ඔබේ මනසේ ක්‍රියාකාරීත්වය වැඩි වන අතර කල්පනා ශක්තියද වැඩිවේ

    ඔබට යම් ගැටළුකාරී ප්‍රශ්න තිබුණේනේනම් මෙවනැනි ක්‍රියාවක නිරතවීමේදී ඒවා අමතක වන අතර මනස සැහැල්ලු වේ.

    එමෙන්ම ඔබගේ සතුට වැඩිවන අතර විනෝදාංශයක් ලෙස අර්ථකවත් ක්‍රියාවක යෙදිමට හැකිය.

    සාර්ථක ගෙවතුවගාව තුළින් නිවසට අමුතු අලංකාරයක් සුන්දරත්වයක් ගෙනදෙන අතර එය අඩුමුදලකට කරගතහැකිවීම සැබැවින්ම වාසියකි.

    එමෙන්ම වසවිසෙන් තොර නැවුම් එළවතු පළතුරැ ලබාගැනීමට ඔබට පුළුන්වීමද මිලකළ නොහැකි වාසියකි. රටේ ආර්ථිකයට එමගින් ඔබට දායකවීමටද අවස්ථාව ඇත

    තමන්ගේ ඉඩකඩටම ප්‍රමාණවක් අයුරින් අලංකාර සාර්ථක ගෙවතු වගා පවත්වාගෙන යන පුද්ගලයින් රුසක් රටපුරා සිටිති. මේ නිවාඩු කාලය ඵලදායීව භාවිතකර ඔබටත් ඒ තුළට ඇතුවිය හැකිය. නිවාඩුකාලය ඵලදායීව ගතකරන තවත්ක්‍රම ඉදිරි ලිපිවලින් කතාකරමු

    - උපදෙස් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

    ඉස්සුවේ අද.lk එකෙන්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඉක්මනට වැවෙන ඒවා මොනවද?

    ළූණු දින 30
    රාබු දින 25-30 බීජ මගින්
    සලාද කොළ දින 25-30 බීජ මගින්
    නිවිති දින 30
    බීට් දින 50
    කැරට් දින 60-90 බීජ හෝ කැරට් අලේ උඩකොටසින්ද
    ලීක්ස් දින 90+ බීජ හෝ කැරට් අලේ යට කොටසින්ද


    අහල තියන විදියට, තාම ජාති 2කයී දෑම්මේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ළූණු දින 30
    රාබු දින 25-30 බීජ මගින්
    සලාද කොළ දින 25-30 බීජ මගින්
    නිවිති දින 30
    බීට් දින 50
    කැරට් දින 60-90 බීජ හෝ කැරට් අලේ උඩකොටසින්ද
    ලීක්ස් දින 90+ බීජ හෝ කැරට් අලේ යට කොටසින්ද


    අහල තියන විදියට, තාම ජාති 2කයී දෑම්මේ
    උබ ඔතනින් මොනාද වැව්වෙ?
    අඩේ තඩි රාබු අල දවස් 30න් බහින්වද බන්:shocked::shocked: බීජ පැකට් විකුනන කඩත් වහලනෙ ඇත්තෙ මේ දවස්වල:(:(
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මමත් වවනවා.තාම නම් වවන්න ගත්තේ නයි කොච්චි විතරයි.ඒ ගස් වල මේ දවස්වල නම් කරල් ඇවිත් තියෙන්නේ.අනිත් ඒවා වවන්න ඔනේ බීජ ගන්න කඩ වහලනේ තාම
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මාත් මේ දවස්වල වගාවක් කරනවා.රාබු,මුකුණුවැන්න,කන්කුන්,නිවිති වගේ ඒවා.:D