ලිංගය කපා මහ පාරට විසිකරයි (VIDEO)

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලිංගය කපා මහ පාරට විසිකරයි (VIDEO)

දූෂකයාට පාඩමක් - ලිංගය කපා මහ පාරට විසිකරයි

ගැහැණු ළමයෙකු දූෂණය කිරීමට තැත්කළ අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකු අල්ලා මස් කඩයකට රැගෙන ගොස් ඔහුගේ ලිංගය මන්නයකින් කපා පාරට විසිකර දැමූ පුවතක් වාර්තා වේ.

එකී පුවත වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවේ රාජස්ථාන් හි ගංගානගර් ප්‍රදේශයෙනි.

අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකු 16 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමට උත්සාහ කරනු දැක ඇති පිරිසක් මෙම පුද්ගලයා අල්ලාගෙන මස් කඩයකට රැගෙන ගොස් පැයක පමණ කාලයක් හොඳ හැටි පහරදී තිබේ.

දැඩි ලෙස කෝපයෙන් සිටි බව කියන ඔවුන් අනතුරුව එහි තිබූ පිහියක් ගෙන එම පුද්ගලයාගේ ලිංගය කපා පාරට විසි කර ඇත.

මේ අවස්ථාවේදී ඔහු දැඩි වේදනාවෙන් කෑ ගසා ඇතත් ඔහුට උපකාර කිරීමට කිසිවෙකුත් ඉදිරිපත්ව නැතැයි ද වාර්තා වේ.

ඊට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ එම පුද්ගලයාගේ ලිංගය පාරේ තිබෙනු දැකීමෙන් ම මොහු කිසියම් අනාචාර ක්‍රියාවකට සම්බන්ධ වී ඇති බවට එය දුටු බොහෝ දෙනා නිගමනයකට එළඹීමය.

බොහෝ දෙනා රැස්ව සිදුවන්නේ කුමක්දැයි බලා සිට ඇති අතර බො‍හෝ දෙනා මෙම දඬුවම සාධාරණිකරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේ හෝ ඉන්දීය පොලීසිය පවසන්නේ නීතිය අතට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැති බැවින් මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් වහා පොලීසියට බාරවිය යුතු බවයි.

එසේ නැතහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය අනතුරු අඟවා තිබේ.

මේ අතර ලිංගය අහිමි වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව ද කියැවෙයි.

එසේම එකී සිද්ධියට මුහුණ පෑ ළමයා ද කම්පන තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත.

ඉන්දියාව ස්ත්‍රී දූෂණ බහුල වශයෙන් සිදුවන ලොව ප්‍රධාන පෙළේ රටක් ලෙස ගැනේ. පසුගිය කාලය තුළදී එරට කාන්තාවන් ළමුන් සමූහ දූෂණයට ලක්වූ අවස්ථා ගණනාවක්ම ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කළේය.


අද‍දෙරන ‍වෙබ් අඩවිය
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මිනිස්සුන්ගේ වැරැද්ද. උන්ට තිබ්බේ පොලිසි යන්ද මිසක් ඔවා කරන්ඩ නෙමේනේ