ලිංගිකත්වය (Sexuality)

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    [FONT=&quot]අද ප්‍රදීප්ගේ පිටුවෙන් අපි වැඩිපුර කතානොකරන මාතෘකාවක් කතාකරන්න හිතුවා. බැරිවෙලාවත් [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]මෙන්න මේකා කුණුහරුප ලියනවෝ[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] කියලා හිතුනොත් ඉතුරු ටිකත් කියවලා බලන්න.[/FONT]


    [FONT=&quot]ලිංගිකත්වය ගැන අපි ප්‍රසිද්ධියේ කතාකරන්නෙම නැති තරම්. මම අද මේ පෝස්ට් එක දානවා කිව්වාම මගේ යාළුවෝ කිව්වේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ප්‍රදීප් අයියේ වැඩිය ලොකු දේවල් ලියන්න යන්න එපා. ලියපු එක පෝස්ට් කරන්න කලින් තව කාගෙන් හරි අහන්න[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] කියලයි. ඒ තරමටම අපි ඒකට බයයි. ලිංගිකත්වය ගැන අපේ තියෙන නොදැනුවත්කම ඒකට හේතුව කියලයි මම හිතන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමය පවා ලිංගිකත්වය ගැන ඒ වචනෙන්ම කතා කරන්නේ නෑ. ලිංගික අධ්‍යාපනයෙන් කොටසකුයි ප්‍රජනන සෞඛ්‍ය කොටසකුයි එකතු කරලා [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ලිංගිකත්වය හා ප්‍රජනනය[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] කියලා කොටසක් 9 - 10 වසර වලදි උගන්වනවා. (හැබැයි අපේ කට්ටිය ඊට වැඩිය ඒ ගැන දන්නවා. ඕනනම් සර්ලටත් උගන්නයි.)[/FONT]






    [FONT=&quot]මම අද උත්සාහ කරන්නේ ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා කියන්න.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පුද්ගලයකුගේ ලිංගිකත්වය අංශ 3කට බෙදන්න පුළුවන්.[/FONT]


    [FONT=&quot]1. [/FONT][FONT=&quot]කායික - ඒ කියන්නේ කායිකව දකින්න ලැබෙන ලිංගිකත්වය. කෙනෙක් ඉපදුන වෙලාවෙදිම බාහිරින් දකින්න තියෙන ලිංගික ලක්ෂණ අනුව ඒ පුද්ගලයා ගැහැණු ද පිරිමි ද කියලා තීරණය කරන්න පුළුවන්. අම්මා කෙනෙක් ගොඩක් වෙලාවට බබා හම්බවුන ගමන්ම අහන්නේ පුතෙක් ද දුවෙක් ද කියලා මිසක් බබා හුස්ම ගන්නවාද කියලා නෙමෙයි. ඒ තරමටම දරුවාගේ ලිංගිකත්වය වැදගත්. (මතකයිනේ උන්මාද චිත්‍රාට ලැබෙන්නේ පුතෙක් ද දුවෙක් ද කියලා රටේ තිබුන උනන්දුව.) [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඉතාමත් කලාතුරකින් කෙනෙක්ගේ බාහිර ලිංගික ලක්ෂණ දකින්න නැතිවෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගේ ලිංගිකත්වය තීරණය කරන්න [/FONT][FONT=&quot]DNA [/FONT][FONT=&quot]පරික්ෂා කරන්න වෙන අවස්ථා උදාවෙන්න පුළුවන්.[/FONT]

    [FONT=&quot]2. [/FONT][FONT=&quot]මානසික - මානසික ලිංගිකත්වය කියන්නේ කෙනෙක්ගේ තමන්ගේ ලිංගිකත්වය ගැන තියෙන ආකල්පය. දරුවෙකුට මේ අවබෝධය ඇතිවෙන්නේ ඉපදිලා අවුරුදු 2[/FONT][FONT=&quot]½[/FONT][FONT=&quot] ඉදලා 4 විතර වෙනකම් කාලයේදි. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බොහෝදුරට පුද්ගලයකුගේ කායික ලිංගිකත්වය සහ මානසික ලිංගිකත්වය සමානයි. නමුත් සෑම 10000ටම එක්කෙනෙක් තමන්ගේ කායික ලිංගිකත්වයට වඩා වෙනස් මානසික ලිංගිකත්වයක් දරනවා. ඒ කියන්නේ පිරිමි කෙනෙක්නම් තමන් ගැහැණු කෙනෙක් කියලා හිතාගෙන කටයුතු කරනවා. ඒකට කියන්නේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]පාරලිංගිකත්වය[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] කියලා. [/FONT][FONT=&quot](Transgender)[/FONT]

    [FONT=&quot]3. [/FONT][FONT=&quot]සමාජයීය - සමාජයීය වශයෙනුත් ලිංගිකත්වය වැදගත් වෙනවා. හොදම උදාහරණය තමයි නම්තැබීම. සාමාන්‍ය‍යෙන් දරුවෙකුට නමක් තියන්නේ කායික ලිංගිකත්යට අනුරූප විදියට. සිරිපාල කිව්වොත් අපි දන්නවා ඒ පිරිමි කෙනෙක් කියලා. සෝමාවතී කිව්වොත් ගැහැණු කෙනෙක්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒ වගේම තමයි විවිධ සමාජයන් තුල කාන්තාවට හා පුරුෂයාට ලැබෙන තැන වෙනස්. කාන්තාවක් වීම නිසා හෝ පිරිමියෙක් වීම නිසා කෙනෙක්ට ලැබෙන අවස්ථා වෙනස් වෙන්න පුළුවන්. ඒකත් සමාජයීය ලිංගිකත්වයේ ලක්ෂණයක්.[/FONT]


    [FONT=&quot]ඒ වගේම කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම [/FONT][FONT=&quot](sexual orientation) [/FONT][FONT=&quot]විවිධ වෙන්න පුළුවන්. මනෝවිද්‍යාත්මකව කෙනෙක්ගේ ලිංගික හැඩගැස්ම වර්ග 3කට බෙදන්න පුළුවන්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]විෂම ලිංගිකතාව - [/FONT][FONT=&quot]Heterosexuality[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]සම ලිංගිකතාව -[/FONT][FONT=&quot] Homosexuality[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]උභය ලිංගිකතාව - [/FONT][FONT=&quot]Bisexuality[/FONT]


    [FONT=&quot]ලෝක ජනගහනයෙන් සාතිශය බහුතරයක් විෂම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ විරුද්ධ ලිංගිකයන්ට. ඒ වගේම ලෝක ජනගහනයෙන් 4%ක් සම ලිංගික හැඩගැස්මක් සහිත අය. ඔවුන් ලිංගිකව ආකර්ෂණය වෙන්නේ තමන්ගේම ලිංගයේ අයට. තවත් කොටසක් ඉන්නවා මේ කියන අන්ත දෙකට අතරමැදි මට්ටමේ. ඒ අය විවිධ මට්ටම් වලින් තමන්ගේම ලිංගයේ අයටත් විරුද්ධ ලිංගිකයන්ටත් ආකර්ෂණය වෙනවා. [/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot] [/FONT]




    [FONT=&quot]පුද්ගලයකුගේ ලිංගික හැඩගැස්ම උපතේදීම තීරණය වෙනවා කියන මතය තමයි අද වෙනකොට වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ. අපි උපදිනකොට මේ ප්‍රස්ථාරෙ ඕනෑම තැනක ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය හැසිරීමක් විදියටයි දක්වන්නේ. ඒ නිසාම ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේ 10 වන සංස්කරණයේදි සමලිංගිකත්වය රෝග ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙනවා.[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උපතේදී අපි කොතන හිටියත් කාලෙකදි අපේ ලිංගික හැඩගැස්ම ඉබේම වෙනස් වෙන්න පුළුවන්. සමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට විෂම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත්, විෂමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට සම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස්කරගන්න ඒකත් කරන්න පුළුවන්. අවශය වෙන්නේ උනන්දුව විතරයි.[/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot]අපි මේ කතා කරපු හැමදෙයක්ම වැදගත් වෙන්නේ ලිංගික සම්බන්ධතා නිසියාකාරව පවත්වාගෙන යන්න. ඒත් ඒක ඒ තරම් පහසු කාරණයක් නෙමෙයි. ඒ සදහා හොද සන්නිවේදනයක්, අන්‍යොන්‍ය විශ්වාසයක් වගේම තවත් බොහොමයක් සාධක අවශ්‍ය වෙනවා.[/FONT]






    [FONT=&quot]ලිංගික සම්බන්ධතා ගැන අපි වැඩිපුර කතාකරන්නේ නැත්තේ ඒ ගැන මාධ්‍ය වල ගොඩක් කතා කරන නිසා. ඒ වගේම අපිට හොද අවබෝධයක් තියෙන්න ඕනෑ ලිංගිකත්වය ගැන තියෙන වැරදි මත සහ ලිංගික විෂමතා ගැන. අවස්ථාවක් ලැබුනොත් ඉදිරියේදි ඒ ගැන කතා කරමු. [/FONT]


    [FONT=&quot]මම හිතන්නේ [/FONT][FONT=&quot]ඔයාලට මේ පණිවුඩය වැදගත් වෙන්න ඇති. එහෙම හිතුනත් නැතත් කොමෙන්ටුවකුත් දාලා යන්න. [/FONT][FONT=&quot]මේ කාරණා ටික මමත් හොයාගත්තේ මම වැඩකරන ආයතනයේ විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයාගේ දේශන වලින්. මේ ලිපිය ගැන ලැබෙන ඇගයීම් එතුමාටත් අයිතියි.

    Source:-[/FONT]
    http://pradeepot.blogspot.com/2011/12/sexuality.html