ලිංගිකව එකතු වීම

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ලිංගිකව එකතු වීම

    ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

    1231248876.jpg


    අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් පී්‍රතිමත් ස්වරූපයකට පත්වීමට එම දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා කායික සබඳතා ප්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත ගැටූම් අක්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මඟහැරි යයි. එහෙයින් ඔවූන්ගේ කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම වැදගත්ය.

    සාමාන්‍යයෙන් අප පිළිගන්නා පරිදි යහමින් ව්‍යායාමවල හෝ කය වෙහෙසෙන කටයූතුවල යෙදීමෙන් මිනිස් ලිංගිකත්වය උසස් මටිටමකට පත් වේ. එලෙසින්ම යහපත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්ද ඔබේ මනසට ප්‍රබල ප්‍රබෝධයක් සේම කායිකවද නිරෝගි බවක් ලැබේ. කදිම රුධිර සංසරණය, නිරොගි හදවතක් ලැබීමටද එය වැදගත්ය. එහෙයින් අඹූසැමි දෙපළක් අතර ඇතිවන ප්‍රබල කායික බැඳීමක් ඔවූන්ගේ ජීවිතවලට යහපතක් ඉටූ කර දෙන කරුණූ 5 ක් කෙරෙහි අපි ඔබේ අවධානය යොමූ කරමූ.


    හෘදය සවිමත්වීම
    ලිංගිකත්වය පිළිබඳව වෛද්‍ය උපදේශකවරයෙකුවන ආචාර්ය බී හෝන්ස්ලේ පවසන පරිදි නිවැරදිව හා තෘප්තිමත් කායික සබඳතාවක් සැමවිටම සමාන වන්නේ ව්‍යායාමයක යෙදීමටය. උදාහරණයක් ලෙසින් වේගවත් ඇවිදීමකින් සිදුවන තරමේ හෘද ස්පන්දනය වේගවත් වීමක් එයින් සිදු වේ. එමගින් පෙනහලු පූළුල් වීමක් සිදුවීමෙන් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඒ තුළට පිරේ. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරයෙහි වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම වී ඒ වෙනූවට ඔක්සිජන් එක්වීමය. එය ඔබේ සිත කය දෙකම සැහැල්ලුවට හා ප්‍රබල ක්‍රියාශීලි බවක් අත්කර දේ.


    එහෙයින් සාර්ථක සැමියෙකු ප්‍රාර්ථනා කරන සෑම බිරිඳක විසින්ම තම සැමියාට ලිංගික සබඳකම් සඳහා තමාගේ දායකත්වය ලබාදීම වගකීමක්ව පවතී. බොහෝ කාර්යාලයන්හි මළානික ස්වරූපයට කෝපයට පත්වීම හෝ අලස ස්වරූපයකට බොහෝ පිරිමින් පත්වන්නේද මෙම අවශ්‍යතාව නිවැරදිව ඉටූ නොවීමෙනි. එහෙයින් ඔවූන්ට කාර්යාලිය හෝ පෞද්ගලික දිවියෙහි ජයග්‍රහණයන් ලැබීම අසීරු වේ. එයට අමතරව අඹූ සැමියන්ගේ කායික සබඳතා වඩාත් සූන්දර පසූබිමකට පත්වීම තුළින් තවත් ප්‍රතිලාභයක් ලැබීමට මඟක්ද ආචාර්ය හෝන්ස්ලේ යෝජනා කර සිටී. ඒ ඔවූන්ගේ කායික සබඳතාව පැවැත්වෙද්දී ගැඹූරින් හූස්ම ගැනීමක්ද සිදු කිරීමය. එවිට එය ව්‍යායාමයක ස්වභාවය ගන්නා අතර හෘද නාල වෙතට රුධිරය ගලා ඒම වේගවත් වේ. එය රුධිරයෙහි වූ කොලොස්ටෝල් ප්‍රතිශතයෙන් සිදුවන හානි අවම කෙරේ. එය තවත් පැත්තකින් බිරිඳක ලෙසින් ඔබේ රූපය වර්ධනය කිරීමටද හේතු වේ.


    ආලේපන ගැල්වීම වෙනූවට
    තම සැමියා සමග බිරිඳක විසින් පවත්වනූ ලබන තෘප්තිමත් කායික සබඳතාවක් මගින් ඔහූගේ සාර්ථකත්වය සේම සමෙහි අලංකාරයට ඔබ වැය කරන මූදලද ඉතිරි කර ගැනීමට හැකි වේ. මන්ද කදිම රුධිර සංසරණයක් හේතුවෙන් ඔබේ මූහූණට හා සමට ප්‍රබල දීප්තියක් එමගින් එක් වේ. විශේෂයෙන්ම ලිංගික සදබඳකමකින් පසූව නිවැරදිව පරීක්ෂා කළහොත් ඔබේ මූහූණට ආලෝකයක් ලැබී ඇති බවක් සොයා ගැනීමට ඔබටම හැකි වේ.

    මෙය තවත් පැත්තකින් විමසා බැලුවොත් බොහෝ සකී්‍රය ලිංගික සබඳතා පවත්වන්නියන්ගේ රුව බොහෝ අලංකාර වීම හා වයසට නොයන තත්ත්වයකට පත්වන්නේද එම හේතුව නිසාවෙනි. ප්‍රබල රුධිර සංසරණය හේතුවෙන් සම මතුපිට ප්‍රබල පෝෂණයක් ඇතිිකිරීම කායික සබඳතා මගින් සිදු වේ.


    විෂ සහිත දේ පිටව යෑම
    සිරුරෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමටද කායික සබඳකම් දායකත්වයක් ලබා දේ යැයි ඔබ නොසිතුවාට සැකයක් නොවේ. එයට හේතුවන්නේ කායික සබඳතාවකදී සිදුවන සිරුරෙහි උණූසූම් වීම හා දහදිය දෑමීම මත ඒසමගම සම තුළ වූ අහිතකර රසායනිකයන්ද පිටව යෑමය. වෛද්‍ය මතයට අනූව පැය භාගයක් ප්‍රබල කායික බැඳීමක් ඇති කර ගන්නා අඹූ සැමියන්ගේ එම ක්‍රියාවලිය සමාන වන්නේ පැය සම්භාහන ආයතනයක කල් ගෙවීමටය.

    එසේ දෙදෙනා දෑඩි ක්‍රියාකාරත්වයක් හා දහදිය දෑමීමක් සිදුවීමෙන් අපද්‍රව්‍ය පිටවීමෙන් දහදිය දුගද හැමීමක් ද සිදු නොවේ.


    කඩිසරබව ඇතිවේ
    ආචාර්ය හෝන්ස්ලේ පවසන පරිදි අඹූසැමි සබඳතාවකදී කැලරි දෑවීමක් සිදුවන අතර එහි ප්‍රමාණය රඳා පවතින්නේ සබඳතාවෙහි දීර්ඝත්වය මතය. එයට අමතරව එමගින් මාංශ පේශින් ලිහිල් වීමක්ද සිදු වේ. එහෙයින් එය ගර්භනී කතුන්ට වඩාත් ප්‍රතිඵල දායක වේ. විශේෂයෙන්ම මෙහිදී උකුල උදරය හා කළවාවන්හි මාංශ පේශින් ලිහිල් වීමක් සිදුවීමෙන් ප්‍රබල කාර්යක්ෂම බවක් ජීවිතයට එක් වේ.


    ආත්ම ආඩම්බරය
    කායික සබඳතාවකදී ඔබට සැහැල්ලුවට හා උද්යෝගි බවට පත් කරන හෝමෝන නිකුත් වීමද ඔබේ ජීවිතයට ප්‍රබලව බලපායි. එහෙයින් එයින් පසූව ඔබ යම් කටයූත්තක යෙදෙද්දී බොහෝ සරල බවක් හැඟේ. අලුත් හැඟීම් හා සිතුවිලි ඇති වේ.
    තවද කදිම කායික සබඳතාවකදී දෙදෙනා තුළම ප්‍රබල ආත්ම ආඩම්බරයක් ඇතිවීම මෙහිදී බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම පිරිමියෙකු තුළ සියූම් ජයග්‍රාහී ස්වරූපයක් ඇති වීමෙන් ඔහූගේ දෛනික ජීවිතයේ කටයූතු වඩාත් පහසූ වේ. ගැහැනියක ලෙසින් ඔබට එයින් ආදරය ලබන්නියක යන හැඟීම, ආරක්ෂක බව හ ජීවිතය පරිපූර්ණ වූයේ යැයිද හැඟේ. එම මානසිකත්වය ඔබව ගෘහ අලංකාරයට රස ආහාර පිළියෙල කිරීම පවූලේ ප්‍රබල සමගියක් ඇති කර ගැනීමට බලපායි.


    පවූලේ සමගිය
    යහපත් කායික සබඳකමක් පවත්වන අඹූසැමි යූවලක අතර ප්‍රබල සමීපතාවක් ඇති වේ. මන්ද ඔවූන් කායිකව ඇතිකර ගත් සමීපතාව මත ප්‍රබල වේ. මෙය සමාන වන්නේ විවාහයට පෙර පෙම්වතුන්ව සිටියදී දෙදෙනා අතර වූ බැඳීමටය. අඹූ සැමියන් වූ පසූව දෙදෙනා අතර මෙම කායික බැඳීම ඉහළ මටිටමක තිබිය යූත්තේ එය පවූලේ දියූණූවට ප්‍රබලව බලපෑම් කිරීමෙනි.

    වින්දනාත්මක හා සංතෘප්ත කායික බැඳීම් අඹූ සැමියන් අතර නොතිබූණූ විටදී දෙදෙනා ලෝක දෙකක ජීවත් වීම අරඹන අතර එම අතෘප්තිකර හැඟීම නූරුස්නා බවකින් අන් සියලු දෙයෙහිද මතු වේ.් නමූත් එයට හේතුව මෙම කායික සබඳතාවන්ගේ දුර්වලත්වය බව එළිපිට හෙළි දරව් නොවන්නේ එය කතා කිරීම ලැජ්ජා වීමෙනි. එහෙයින් සෑම බිරිඳක්ම සැමියා තමා වෙතින් නිසි ලෙසින් තෘප්තිමත් වන්නේද යන්න ගැන අවබෝධයකින් පසූවීම අත්‍යවශ්‍ය වේ.එය පවූලේ සාර්ථකත්වයට හා දෙදෙනාගෙ එකඟතාවට දෑඩිව බලපායි.


    උපුටගැනීම සිංහල මැග්

    ලිපියට කැමති නම් රෙප් දීලා යන්න යාලුවනේ
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    :rolleyes::rolleyes::rolleyes: මූ මොකාටද එන්න යන්නේ.....??
    ඇය බන්. මූට වැඩේ කරන්න යන්න තැනක් නැහැ.
    ඉතිං සල්ලි දීල යන්නේ.
    ඒකයි..