පළමුව,
මේ කාලකණ්ණි දූපතේ ඉපිද, මෙහි හැදී වැඩී, මෙහිම මිය යන මනුස්ස ජීවිත බොහොමයක් ලිංගික අසහනයෙන් පෙළෙති.
දෙවනුව,
පශ්චාත් වික්ටෝරියානු සදාචාරයත්, සංස්කෘතික හණමිටිත්, රස කර කර වැළඳීම නවතින තාක් කල් එකී ලිංගික අසහනය ලොවෙත් නැති කළ නොහැක.
තෙවනුව,
ඇඳ රෙද්දේ ලේ පැල්ලම මත විවාහයෙන් පසු ජීවිතයම තීරණය කරන, ගැහැණියකගේ නොඉඳුල් ලිංගිකත්වයෙන් පතිවත සොයන, සංසර්ගයේ යෙදී ඇති ස්ත්‍රී ලිඟු ගණනින් පුරුෂයා වීරත්වයට ඔසවන, මේ පහත් ගෝත්‍රික සමාජයේ, ලිංගික අසහනය කවදාවත් නැති නොවනු ඇත.
අවසානයට,
ප්‍රේමවතී මනම්පේරි, කහවත්තේ දූෂණයට ලක්ව මරා දමනු ලැබූවන්, මැදගම දී සමූහ දූෂණයට ලක් වූ 79 වයසැති කාන්තාව, කුරාම් ෂෙයික් ගේ පෙම්වතිය, යාපනයේ විත්‍යා, කොළඹදී සමූහ අතවරයට ලක්වූ "අජිත්", දිවුලපිටියේ අවුරුදු පහක් වයසැති දැරිය, නැවත නැවතත් මේ කාලකණ්ණි රටේ ඉපිදෙමින්, වරදට ලක්වෙමින්, මිය යනු ඇත. තුප්පහි මාධ්‍ය ද නැවත නැවතත් ඒ නිරුවත විකුණමින් කුණු රස බෙදනු ඇත. නිදැල්ලේ සිටින සාරුවා සුනිල්ලා නැවත නැවතත් දූෂණය වූ ගැහැණුන්ගේ ගණන වැඩි කරගනිමින් පාටි දමනු ඇත. "දණහිසෙන් අඟලක් උඩ දැක්කත් සිල් බිඳගත්තවුන්" නැවත නැවතත් ගැහැණුන්ගේ ඇඳුමට ඇඟිලි දිගු කරනු ඇත.
මෙය විසි හතර පැයේ බණ ඇසෙන, යහපතින් ඉතිරුණු ධර්මද්වීපයක් බව ද, ලෝකෙන්ම වාසනාවන්ත එකම රට බව ද, ලෝකෙට ශිෂ්ටාචාරය ගෙන ගිය දූපත බව ද, අවුරුදු දෙදාස් පන්සීයක අම්මගේ රෙද්දේ දිග පළල ගැන ද, තුන්සිය හැටපස් දවසේ තෙල බෙදෙනු ඇත. දිනයක් දිනයක් පාසා නැවත නැවතත් විකාශය කරමින්, සිහි කැඳවමින්, පාසැල් පොත් වල අච්චු ගසමින් ඊළඟ පරම්පරාවලටද පණිවුඩ යැවෙනු ඇත. අතීතකාමයෙන් ඉපිළ වංශය කබල් ගානා මුවාවෙන් කබලට ද අතවර කරනු ඇත.
සමාජය පුනරුත්ථාපනය කිරීම පටන් ගන්නේ කොහෙන්ද යන්න තර්ක විතර්ක ගොඩ නගමින් යමක් සිදුවී සතියක් යනතුරු එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම නොකඩවා කරනු ඇත. ඒකාකාරීත්වයෙන් මිදෙනු වස් පැවැත්වෙන සති අග සාදයකින් පසු සියල්ල ඊළඟ සිදුවීම තෙක් අමතක කර දැමෙනු ඇත.
පුදුම විය යුතු නැත, මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටයේ ආශ්චර්යයයි. සාධුකාරයක් දී නැවත නින්දට යන්නට මින් ඔබට ඉඩ ලැබෙනු ඇත.
~ පමුදිත ( යුද්දේ නැතුව පාළුයි! | Bored Without War! )
https://www.facebook.com/pamuditha.anjana/posts/10153204625480292