ලිංගික අසහනය

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පළමුව,

    මේ කාලකණ්ණි දූපතේ ඉපිද, මෙහි හැදී වැඩී, මෙහිම මිය යන මනුස්ස ජීවිත බොහොමයක් ලිංගික අසහනයෙන් පෙළෙති.

    දෙවනුව,

    පශ්චාත් වික්ටෝරියානු සදාචාරයත්, සංස්කෘතික හණමිටිත්, රස කර කර වැළඳීම නවතින තාක් කල් එකී ලිංගික අසහනය ලොවෙත් නැති කළ නොහැක.

    තෙවනුව,

    ඇඳ රෙද්දේ ලේ පැල්ලම මත විවාහයෙන් පසු ජීවිතයම තීරණය කරන, ගැහැණියකගේ නොඉඳුල් ලිංගිකත්වයෙන් පතිවත සොයන, සංසර්ගයේ යෙදී ඇති ස්ත්‍රී ලිඟු ගණනින් පුරුෂයා වීරත්වයට ඔසවන, මේ පහත් ගෝත්‍රික සමාජයේ, ලිංගික අසහනය කවදාවත් නැති නොවනු ඇත.

    අවසානයට,

    ප්‍රේමවතී මනම්පේරි, කහවත්තේ දූෂණයට ලක්ව මරා දමනු ලැබූවන්, මැදගම දී සමූහ දූෂණයට ලක් වූ 79 වයසැති කාන්තාව, කුරාම් ෂෙයික් ගේ පෙම්වතිය, යාපනයේ විත්‍යා, කොළඹදී සමූහ අතවරයට ලක්වූ "අජිත්", දිවුලපිටියේ අවුරුදු පහක් වයසැති දැරිය, නැවත නැවතත් මේ කාලකණ්ණි රටේ ඉපිදෙමින්, වරදට ලක්වෙමින්, මිය යනු ඇත. තුප්පහි මාධ්‍ය ද නැවත නැවතත් ඒ නිරුවත විකුණමින් කුණු රස බෙදනු ඇත. නිදැල්ලේ සිටින සාරුවා සුනිල්ලා නැවත නැවතත් දූෂණය වූ ගැහැණුන්ගේ ගණන වැඩි කරගනිමින් පාටි දමනු ඇත. "දණහිසෙන් අඟලක් උඩ දැක්කත් සිල් බිඳගත්තවුන්" නැවත නැවතත් ගැහැණුන්ගේ ඇඳුමට ඇඟිලි දිගු කරනු ඇත.

    මෙය විසි හතර පැයේ බණ ඇසෙන, යහපතින් ඉතිරුණු ධර්මද්වීපයක් බව ද, ලෝකෙන්ම වාසනාවන්ත එකම රට බව ද, ලෝකෙට ශිෂ්ටාචාරය ගෙන ගිය දූපත බව ද, අවුරුදු දෙදාස් පන්සීයක අම්මගේ රෙද්දේ දිග පළල ගැන ද, තුන්සිය හැටපස් දවසේ තෙල බෙදෙනු ඇත. දිනයක් දිනයක් පාසා නැවත නැවතත් විකාශය කරමින්, සිහි කැඳවමින්, පාසැල් පොත් වල අච්චු ගසමින් ඊළඟ පරම්පරාවලටද පණිවුඩ යැවෙනු ඇත. අතීතකාමයෙන් ඉපිළ වංශය කබල් ගානා මුවාවෙන් කබලට ද අතවර කරනු ඇත.

    සමාජය පුනරුත්ථාපනය කිරීම පටන් ගන්නේ කොහෙන්ද යන්න තර්ක විතර්ක ගොඩ නගමින් යමක් සිදුවී සතියක් යනතුරු එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම නොකඩවා කරනු ඇත. ඒකාකාරීත්වයෙන් මිදෙනු වස් පැවැත්වෙන සති අග සාදයකින් පසු සියල්ල ඊළඟ සිදුවීම තෙක් අමතක කර දැමෙනු ඇත.

    පුදුම විය යුතු නැත, මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටයේ ආශ්චර්යයයි. සාධුකාරයක් දී නැවත නින්දට යන්නට මින් ඔබට ඉඩ ලැබෙනු ඇත.

    ~ පමුදිත ( යුද්දේ නැතුව පාළුයි! | Bored Without War! )


    https://www.facebook.com/pamuditha.anjana/posts/10153204625480292
     

    blue_in_rio

    Well-known member
  • හැමෝම අනිත් එකාට ඇඟිල්ල දික් කරන්න විතරයි දන්නේ.තමන් හැදෙන් නැතුව සමාජේ හදන්න බැහැ.කාටවත් බැනලා වැඩක් නෑ, තමන් හරියට හිටියා නම් ඉවරයි.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අැත්ත තමයි මචං. අද තියෙන්නෙ ඒදා වේල ටුවර්ස් මාධ්‍ය සංස්කෘතියක්.
    මතකද? පහුගිය දවසක තමන්ගෙ ගෙදර මෙහෙකාරියට පහර දීපු නඩුකාරයෙක් හිටිය.
    තව ස්ත්‍රී දූෂක නඩුකාරයෙක් හිටිය.
    තව තියෙනව . . . :(:(
    ''වැටත් නියරත් ගොයම් කා නම් . . .:(:( ""
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය කතාවේ පැල්ලම මත විවාහය තීරණය කිරීම කියන එක පවතින්නේ දෙන්නගේ අවංක බාවය ආරම්බය බවයි මගේ හැඟීම. මන්ද යාලු වෙලා බඳින දෙන්නෙකු තරම් මානසික බැඳීමක් විශ්වාසයක් ගෙවල් වලින් බන්දන දෙන්නෙක් ගේ මුල් කාලයේ ඇති වෙන්නේ නෑ මට හිතෙන අන්දමට.. එසේ වීමත් එක්ක පළමු එක්වීමේදී තම සහකාරියගේ පිරිසිඳු බව කියන දේ තුලින් පිරිමියා හට මේ කෙනා දැන් මගේ වගකීමක් යන්න දේ හැගෙන්න ගන්නේ ඔය අවස්තාව තුලින්.. ( සමහර අවස්තා මිට වෙනස් වෙන්නත් පුළුවන් ) ඔය කොයි පොරත් රෙද්දේ පැල්ලම ගැන ලෝක වදන් දුන්නට මොන එකාද කැමති වෙන්නේ වටේ ගිය එකියක්ව බඳින්න.. කොල්ලෙක්ට වඩා කෙල්ලෙක් තමාගේ දේ පරිස්සම් කරගන්න උත්සහ ගැනීම තමයි වැදගත්.. :)
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ඔය කතාවේ පැල්ලම මත විවාහය තීරණය කිරීම කියන එක පවතින්නේ දෙන්නගේ අවංක බාවය ආරම්බය බවයි මගේ හැඟීම. මන්ද යාලු වෙලා බඳින දෙන්නෙකු තරම් මානසික බැඳීමක් විශ්වාසයක් ගෙවල් වලින් බන්දන දෙන්නෙක් ගේ මුල් කාලයේ ඇති වෙන්නේ නෑ මට හිතෙන අන්දමට.. එසේ වීමත් එක්ක පළමු එක්වීමේදී තම සහකාරියගේ පිරිසිඳු බව කියන දේ තුලින් පිරිමියා හට මේ කෙනා දැන් මගේ වගකීමක් යන්න දේ හැගෙන්න ගන්නේ ඔය අවස්තාව තුලින්.. ( සමහර අවස්තා මිට වෙනස් වෙන්නත් පුළුවන් ) ඔය කොයි පොරත් රෙද්දේ පැල්ලම ගැන ලෝක වදන් දුන්නට මොන එකාද කැමති වෙන්නේ වටේ ගිය එකියක්ව බඳින්න.. කොල්ලෙක්ට වඩා කෙල්ලෙක් තමාගේ දේ පරිස්සම් කරගන්න උත්සහ ගැනීම තමයි වැදගත්.. :)

    :):):):)
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    adw කාලකණ්ණි දූපත කාලකණ්ණි දූපත kyla hama thissema lankwata bainna epa
    lankawe witark neme කාලකණ්ණි wada wenne

    mehthaning galawena widiyak kyn
    මාධ්‍ය සංස්කෘතියකta wada rate nithya harita kriyathmaka wen nathi kama predha na hethuwai
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හැමෝම අනිත් එකාට ඇඟිල්ල දික් කරන්න විතරයි දන්නේ.තමන් හැදෙන් නැතුව සමාජේ හදන්න බැහැ.කාටවත් බැනලා වැඩක් නෑ, තමන් හරියට හිටියා නම් ඉවරයි.
    ලංකාවට කෙලවිලා තියෙන්නෙ අනිත් උන් හදන්න ගිහින්
     
    Last edited: