ලිංගික දැනුම , ගැටලු හා විසදුම්
බැක්සයිඩ්
බැක්සයිඩ් කරන්න ආස කට්ටියක් ඉන්නවා, ආස නැති කට්ටියක් ඉන්නවා.
තව කට්ටියක් ඉන්නවා, තාම එක පාරක් වත් ඕක කරලා නැති හින්දා බැක්සයිඩ් කරාම තමන්ට ආස හිතෙයිද කියලවත් නොදන්න කට්ටියකුත්. එහෙම කට්ටිය තමන් ඕකට ආසයිද බලන්න කරලා බලන්නම වෙනවා.
ගුද මාර්ගය කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස. Colon, Rectum, Anus කියලා කොටස් 3ක් තමා ඕක කෙලවරේ තියෙන්නේ. ගුද මාර්ගය කියන්නේ ලිංගික සංසර්ගය කරන්නම කියලා හැදුණු අවයවයක් නෙමේ. ඇතුලේ තියෙන දෙයක් එළියට දාන්න මිසක් එළියෙන් දෙයක් ඇතුළට යන්න ඒක හැදිලා නෑ. ඒ වගේම යෝනි මාර්ගය වගේ ගුද මාර්ගය ඇතුලේ ස්වභාවික ලිහිසිකාරක ගතිය නෑ. ඒ හින්දම ගුද සංසර්ගය කරද්දී ඇති වෙන ඝර්ෂණය හින්දා ගුද මාර්ගය ඇතුලේ ඇහැට පෙන්නේ නැති කැපීම්, සිරීම් වගේ ඒවා වෙනවා. ඔය හින්දා ලිංගික තරල වලට ඇඟට ඇතුල් වෙන්න ලේසිම පාරක් හැදෙනවා. ඒ හින්දා ගුද සංසර්ගයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන අවදානම යෝනි මාර්ග සංසර්ගයටත් වඩා සෑහෙන වැඩියි. ඔය හේතු හින්දා කවුරු හරි ඕක කරනවා නම් බොහොම පරිස්සමින් කරන්න ඕනා.

දෙවෙනි ප්‍රශ්නෙට ඉස්සෙල්ලම උත්තරේ දුන්නොත්, ඔව්. බැක්සයිඩ් කරලා අනිවාර්යයෙන්ම සුරතාන්තයට පත් වෙන්න ලොකු අවස්තාවක් තියෙනවා.
ගුද මාර්ගයේ එළියයේ කෙළවර හරියට වෙන්න ස්නායු අන්ත්‍ර සෑහෙන ගානක් පැක් වෙලා තියෙනවා. එතනට දැනෙන සංවේදන ගොඩක් ප්‍රභලයි.
ලිංගික ප්‍රදේශයේ සංවේදන ගැන පණිවිඩ යවන ස්නායුවක් තියෙනවා pudendal nerve කියලා. ඕකෙන් එක ස්නායු කෑල්ලක් ගුද මාර්ගයටත් සම්බන්ධ වෙනවා. ඒකට කියන්නේ inferior rectal nerve කියලා. ඊට අමතරව ගුද මාර්ගයේ තව ඇතුළට වෙන්න inferior hypogastric plexus කියලා ස්නායු සැපයුමක් තියෙනවා. ඔයතරම් ස්නායු තියෙන හින්දා ගුද මාර්ගයේ තියෙන අධි සංවේදීබව හින්දම යෝනි මාර්ග සංසර්ගයක් කරන්නේ නැතුව උනත් ගුද සංසර්ගයෙන් ගැහැණු කෙනෙක්ට සුරතාන්තයට පත් වෙන්න පුළුවන්. (පිරිමින්ටත් පුළුවන්) සමහරුන්ට සුරතාන්තයට යන්න තියෙන හොඳම විදිය/ එකම විදියත් ගුද සංසර්ගය වෙන අවස්ථාත් තියෙනවා. ගුද සංසර්ගයේ තව වාසියක් තමා කවුරු කාටද කරන්න ඕන කියලා නෑ. දෙන්නගෙන් කාට උනත් කරගෙන සුරතාන්තයක් ලබන්න උනත් පුළුවන්.
ඒ විතරක් නෙමේ ගුද මාර්ගය සහ යෝනි මාර්ගයේ අතර තියෙන G- spot එක වෙන් වෙලා තියෙන්නේ ඔය දෙක අතර මැද්දේ තියෙන හරිම චූටි පටකයකින්. ඉතින් ගුද මාර්ගය ඇතුළට දාලා කරන වෙලාවට, ඇතුළට දාද්දි ගුද මාර්ගය පිම්බිලා ඔය අතරමැද්දේ තියෙන පටකයේ වදිනවා. ඒකෙන් G- spot එකේ ස්පර්ශ වෙනවා. අන්න ඒ හින්දා සමහර ගැහැණු අයට යෝනි මාර්ග සංසර්ගයකිනුත් ගන්න බැරි විදියේ ලිංගික තෘප්තියක් බැක්සයිඩ් කරලා ගන්න පුළුවන්.
ගැහැණු අයට විතරක් නෙමේ පිරිමි අයටත් ඔය දේ ඔහොමම වෙනවා. ඒ උනාට පිරිමි අයගේ G- spot එකක් නෑනේ. ඒක තියෙන හරියේ පිරිමින්ගේ තියෙන්නේ Prostate එක. කරපු සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ගැහැණු අයටත් වඩා පිරිමි අය ගුද සංසර්ගයෙන් සුරතාන්තයන් ලබනවා කියලා.

ගුද මාර්ගය හැදිලා තියෙන්නේ වළලු වගේ මාංශපේශි වර්ග දෙකකින්. ඔය මාංශපේශි 2.5-4cm වගේ දුරක් යනකම් ඇතුළට වෙන්න තියෙනවා. ඕවගෙන් බාහිර මාංශපේශිය තමා external anal sphincter. ඒක තමා ගුද මාර්ගය අල්ලද්දී, මොනා හරි ඇතුළට දාන්න යද්දී වගේ අතට අහු වෙන්නේ. ඒ වගේ මාංශපේශි වලට skeletal muscle කියලා තමා කියන්නේ. ඒ කියන්නේ හිතා මතාම පාලනය කරන්න පුළුවන් විදියේ මාංශපේශි. (උදාහරණයක් විදියට ඔයාගේ අතේ තියෙන මාංශපේශි හැකිලුවොත් අත නමන්න පුළුවන්.) අන්න ඒ වගේ ගොඩක් දෙනෙක්ට ඔය ගුද මාර්ගය කෙළවරේ තියෙන බාහිර මාංශපේශිය හිතලා මිරිකන්න සහ ලිහිල් කරන එක කරන්න පුළුවන්. මේක කියවන ගමන් කරලා බලන්න. ඔයාටත් කරන්න පුළුවන්.
එතකොට අපි කතා කරන ගුද මාර්ගයේ දෙවෙනි මාංශපේශි කොටස තමා අභ්‍යන්තර මාංශපේශි internal anal sphincter. මේවා හරිම මෘදුයි. ඇඟේ ලේ නහර, ඇහේ කළු ඉංගිරියාව වගේ තැන් වල තියෙන්නෙත් මේ ජාතියේ මාංශපේශි තමා. ඒවා පාලනය කරන එක ගැන ඔයාට හිතන්න වත් ඕන නෑ. ඒ දේවල් ස්නායු පද්ධතියෙන් ගාණට වෙලාවට හසුරුවනවා. හුස්ම ගන්න එක හිතලා කරන්නේ නෑ. ඒක ඉබේම වෙනවනේ. අන්න ඒ වගේ තමා. හැබැයි ඔයා කළබල වෙලා, බය වෙලා ඉන්න වෙලාවකට ඒ හදිසි අවස්ථාවට දෙන ප්‍රතිචාරය විදියට ස්නායු පද්ධතිය විසින් හුස්ම ගන්න වේගය වැඩි කරවනවා වගේ දේවල් කරනවා.
හදිසි අවස්ථා වලට ප්‍රතිචාර දක්වන්න ඔය වගේම දේවල් ගුද මාර්ගයේ තියෙන අභ්‍යන්තර මාංශපේශිත් කරනවා. ඔයා ඉන්නේ බය වෙලා නම්, තරහා ගිහින් නම් ගුද මාර්ගයේ අභ්‍යන්තර මාංශපේශි තද වෙනවා. ඔය ගුද මාර්ගයේ අභ්‍යන්තර මාංශපේශි තද වෙන සිද්දිය බල්ලන්ගේ පුසන්ගේත් ඒ විදියටම වෙනවා. ඒ හින්දා තමා සමහර බල්ලෝ බලු වලියකදී බය උනාම නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගන්නේ.
