ලිංගික වහල් කඳවුර

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    ලිංගික වහල් කඳවුර

    ලිංගික වහල් කඳවුරු ගැන ගෝඨාට චෝදනා


    ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවලට අදාළ චෝදනා ඉතා බරපතළ ඒවා බව අනාවරණය වේ.

    මේ අතුරින් වඩාත් බරපතළ ම චෝදනාවක් වන්නේ ලිංගික වධහිංසා කිරීමට ගෝඨාභය රාජපක්ෂ සෘජුවම මැදිහත් වූ බවට එල්ල වී ඇති චෝදනාවයි. ආරක්ෂක අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අණ යටතේ රාජකාරි කරමින්, උසස් හමුදා සහ පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් ද මිනිසුන් සහ ගැහැනුන් පැහැරගෙන ගොස් ලිංගික හිංසන ඇතුළු කෘෘර වධයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී සිටිති. විශේෂත්වය වන්නේ එම නිලධාරීන්ගෙන් ඇතැමෙකු තවමත් සක්‍රීය හමුදා රාජකාරියේ නියුතුව සිටීමයි.

    ශ්‍රී ලංකාවේ යුද හමුදා කඳවුරු වලදී සමූහ දූෂණයට ලක් කිරීම, ලිංගික අඩම්තේට්ටම් කිරීම, අපරාධ විමර්ෂණ ඒකකයේ හතර වන තට්ටුවේදී කාන්තාවන් දූෂණයට ලක් කිරීම ඇතුලු චෝදනා රැසක් මෙම පැමිණිල්ලේ දක්වා තිබේ. ඉහළ හමුදා නිලධාරීන් මෙන්ම කාන්තා නිලධාරිණියන් ද මෙම වධහිංසා කිරීම්වලට සම්බන්ධ වී ඇති බවත් 2009 වසරේ සිට 2014 දක්වා කාලය තුළ සිදු වූ සිදුවීම් සියයකට අධික සංඛ්‍යාවක තොරතුරු ද පැමිණිල්ල මගින් හෙළි කර තිබේ.

    ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව මෙලෙස නඩුව පවරා ඇති දහදෙනා අතරින් කාන්තාවන් තිදෙනකු ඇතුලු අටදෙනෙක් දෙමළ පුරවැසියෝ වෙති. අනික් දෙදෙනා සිංහල ජාතිකයන්ය. ඔවුන් විසින් ජූනි 26 දා මධ්‍යම කැලිෆෝර්නියාවේ දිසා අධිකරණයේ මෙම නඩුව ගොනුකරන ලද්දේ කැනඩාවේ පුරවැසිභාවය ලද දෙමළ ජාතිකයෙකුවූ රෝයි සමාදානම් විසින් හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව අප්‍රේල් 5 වැනිදා පවරන ලද නඩුවකට තව දුරටත් හවුල් වෙමිනි.

    හවුස්ෆෙල්ඩ් ජාත්‍යන්තර නීතිඥ සමාගම හා එක්ව නඩුව පවරන ලද්දේ චෝදනා ගොනු කිරීම වෙනුවෙන් යස්මින් සූකාගේ මූලිකත්වයෙන් හය අවුරුද්දක ගවේෂණයක යෙදුනු, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර මූලස්ථාන කොටගත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසිනි.


    උපුටා ගැනීමක්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    යස්මින් හුකා


    giphy.gif

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බටලන්ද වදකාගාරෙත් ඔයවගේ සීන් උනා කියල කියන්නෙ විශේෂයෙන්ම "ගුධ සංසර්ග" ක්‍රියා
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    බටලන්ද වදකාගාරෙත් ඔයවගේ සීන් උනා කියල කියන්නෙ විශේෂයෙන්ම "ගුධ සංසර්ග" ක්‍රියා

    Triggered 😂