ලිංගික විකෘතීන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලිංගික විකෘතීන්

    diagram%20of%20sex%20and%20gender.gif

    උපතේදී කිසිවෙකු ගැහැණු හෝ පිරිමි වශයෙන් නම් කෙරෙන්නේ ඔහුට හෝ ඇයට උරුම වූ බාහිර ලිංගික ලක්ෂණ අනුවය.උපතින් පසුව ගෙවෙන පළමු වසර කිහිපය තුළ දී හැසිරීමෙන් ද දෘශ්‍යමාන වනුයේ ඔවුන්ට අදාල සාමාජීය ලිංගිකත්වයයි. එනම් තමන් පිරිමියෙකු හෝ ගැහැණියකයැයි තමාටම හැඟෙන ස්වභාවයයි.
    ලිංගිකත්වය තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වනුයේ සිරුරේ සෛලවල පවතින වර්ණදේහ ආකෘතියයි.ජීවී සෛලයක අලිංග වර්ණදේහ යුගල 22ක් ද ලිංග වර්ණදේහ යුගලයක්ද පවතියි.ලිංග වර්ණදේහ වලින් ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරයි.ලිංග වර්ණ දේහ යුගල XX ලෙස පිහිටි විට ස්ත්‍රියක් ද XY ලෙස පිහිටි විට පුරුෂයෙක් ද වේ.ලිංග වර්ණදේහ පිහිටන ආකාරය අනුව මෙලෙස පිරිමි හෝ ගැහැණු බව තීරණය වුවද,බාහිර ලිංගික ලක්ෂණ ඇතැම් විට එයට හාත්පසින්ම වෙනස් ආකාරයකට පිහිටීමේ ඉඩක් නැත්තේ ද නොවේ.මෙහිදී ලිංගිකත්වය පිරිමි වන විට බාහිර ලිංගික අවයව ගැහැණු ලෙස පිහිටීමත්,ලිංගිකත්වය ගැහැණු වනවිට බාහිර ලිංගික අවයව පිරිමි ස්වරූපයකට සමීපව පිහිටීමත් සිදු විය හැකිය.


    හර්මැප්‍රෙඩයිට් (Hermaphrodite) හෙවත් ද්වීලිංගික අවස්ථාවක් පිළිබදව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ.මේ අවස්ථාව සත්‍ය ද්වීලිංගික (True Hermaphroditism) හෝ ව්‍යාජ ද්වීලිංගික (Pseudo Hermaphroditism) ලෙස දෙයාකරයක් ඇත.සත්‍ය ද්විලිංගිකතාවය අවස්ථාවේ පසුවන්නෙකු ගේ ගැහැණු හා පිරිමි ලිංගික පටක දෙවර්ගයම පවතියි.එනම් එම පුද්ගලයා ඩිම්බ කෝෂ සහ වෘෂණ යන දෙවර්ගයේම පටක සහිත අයෙකි.ව්‍යාජ ද්විලිංගිකතාවය අවස්ථාව තවත් දෙකොටසකට බෙදා දැක්විය හැකිය. ඒ ව්‍යාජ පිරිමි ද්ව්ලිංගිකතාවය (Male Pseudo Hermaphroditism) සහ ව්‍යාජ ගැහැණු ද්විලිංගිකතාවය (Female Pseudo Hermaphroditism) යන අවස්ථා ලෙසයි.

    ව්‍යාජ පිරිමි ද්විලිංගික අවස්ථාවේ පවතින ලිංගික පටක වන්නේ වෘෂණ හෙවත් පිරිමි ලිංගික පටකයි.එහෙත් බාහිර ලිංගික අවයව දැක්වෙන්නේ ගැහැණු ස්වරූපයෙනි.මෙලෙස ගැහැණු බාහිර ලිංගික අවයව පිහිටියද අභ්‍යන්තර ගැහැණු ලිංගික අවයව පිහිටීමක් සිදු නොවේ.මෙම අවස්ථාවේ බාහිරව පෙන්නුම් කරන්නේ හොඳින් වැඩුණු හා ආකර්ෂණීය ගැහැණු ස්වරූපයකි.පවතින වර්ණදේහ ආකෘතිය වනුයේ අලිංගික වර්ණදේහ යුගල 22ක් සහ XY ආකාරයේ ලිංග වර්ණදේහ යුගලකි.ව්‍යාජ ගැහැණු ද්විලිංගික අවස්ථාවේ දී ලිංගිකත්වය ගැහැණු ලෙස තීරණය වන්නේ අලිංගික වර්ණදේහ යුගල 22ක් සහ XX ලෙස පිහිට් ලිංග වර්ණදේහ යුගල මගිනි. එහෙත් බාහිර ලිංගික අවයව පිරිමි ලිංගික අවයව වලට සමීප වන මුත් අභ්‍යන්තරිකව ගැහැණු ලිංගික පටක හෙවත් ඩිම්බ කෝෂ පිහිටයි.මේ අවස්ථාව ඇතිවීමට "ඇන්ඩ්‍රොජන්" හෝමෝනය අධිකව නිපදවීමේ තත්ත්වයන් බලපෑ හැකිය.

    මීට අමතරව ලිංග වර්ණදේහ අඩු වැඩි වශයෙන් පිහිටීම නිසාද ලිංගිකත්වය නිර්ණය කල නොහැකි අවස්ථාවන් ඉස්මතු වේ.


    Combined%20Turne.JPG


    ටර්නර්ස් සහලක්ෂණය යනු ඉන් එක් අවස්ථාවකි. මෙහිදී ලිංග වර්ණ දේහ යුගලක් වෙනුවට එක් X වර්ණදේහයක් පමණක් පිහිටයි.මෙහිදී බාහිර ස්වරූපය ගැහැණු වේ.නමුත් මොවුන්ගේ ඩිම්බ කෝෂ අසම්පූර්ණ වර්ධනයක් සහිතය.


    afp20051201p2259-f1.jpg


    ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය මෙබදු තවත් අවස්ථාවකි.මෙහිදී XX ලිංග වර්ණදේහ යුගලට අමතරව Y වර්ණදේහයක් පිහිටයි.එනම් XXY ආකාරයකි.මෙවැනි ව්කෘති සහිතව ඇතිවන පුද්ගලයින්ගේ බාහිර ස්වරූපය පිරිමියෙකු ලෙස පෙනෙයි. නමුත් ඔවුන්ගේ පියයුරු විශාලය,රෝම වර්ධන අඩුය,වෘෂණ කුඩාය.ශුක්‍රාණු නිපදවුවද මොවුන් වඳය.තවත් මානසික වර්ධනයද අඩුය.නිතර කැළඹුණු ස්වභාවයකින් පසු වේ.

    මෙවැනි අසාමාන්‍යතාවයන් හඳුනාගැනීමට වර්ණදේහ පරීක්ෂාවක් සිදු කරයි.



    Read More >>>goo.gl/EmnpZC

    -වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ ලිපියක් ඇසුරින්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    macho oya klinefelter syndrome kiyana eka behetak hinda wenna barida?Ekiwwe ange testosterone hormones aduwela? mamath me tika kaalayak ekiwwe 5 years witara podi pill ekak gannawa ledakata.Ekata patta widihata fat wenawa ban anga jol wenawa ekata.Anith eka tamai temporary sex drive eka godak aduwena gatiyak tiyenawa.hebai nawathtuwahama apahu tibunu level ekata enawa.Mata awla tiyennne ban mama ebehetha ganna patan gattayin passe usa giya maara widihata.Anika tamai mata full beard ekakna,goatie ekak tiyenne.Ahh tawa mage voice ekath godak soft ban.Mokada danne na neda?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    macho oya klinefelter syndrome kiyana eka behetak hinda wenna barida?Ekiwwe ange testosterone hormones aduwela? mamath me tika kaalayak ekiwwe 5 years witara podi pill ekak gannawa ledakata.Ekata patta widihata fat wenawa ban anga jol wenawa ekata.Anith eka tamai temporary sex drive eka godak aduwena gatiyak tiyenawa.hebai nawathtuwahama apahu tibunu level ekata enawa.Mata awla tiyennne ban mama ebehetha ganna patan gattayin passe usa giya maara widihata.Anika tamai mata full beard ekakna,goatie ekak tiyenne.Ahh tawa mage voice ekath godak soft ban.Mokada danne na neda?

    දන්න තරමට නම් ක්ලියින්ෆෙල්ටර් සහලක්ෂණයට හේතුව යුක්තානු අවස්ථාවේ වර්ණදේහ වල විභාජනයේ අවුලක්.

    උපතින්ම Xවර්ණදේහයක් වැඩි වෙලා වර්ණදේහ 47ක් හැදෙන එකනේක්ලියින්ෆෙල්ටර් සහලක්ෂණය .ජීවිත කාලය තුල වර්ණදේහ ගණන වෙනස් වෙන්න බැහැ.

    ලිංගික හෝමෝනවල අසාමාන්‍යතා නිසා ජීවිත කාලය තුල ලිංගික වෙනස් වීම් වෙන්න පුලුවන්.