ලිංගික_කුහකත්වය.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලිංගික_කුහකත්වය.

    ඇතුලට.............. ...........................................................................................................
    ලිංගික කුහකත්වය.​

    ZOLAtiQ.jpg


    “තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්න හැකි දේ නොම තේරෙයි මට”

    මේක තමා අපේ රටේ 50 – 60 දශක වලට පසුව සහ 80 දශකයට පෙර කාළය තුල සිය තාරුණ්‍ය ගෙවලා දැන් මේ වන විට වැඩිහිටියන් බවට පත්වෙලා ඉන්න අයගේ සියළුම සදාචාර විවරණයන් සහ සංස්කෘතික බ්‍රහ්ම ටෝක්ස් තනි පද පේළියකට සම්පිණ්ඩනය කළොත් ලැබෙන පද පේළිය….

    දැන් ඔය දොරමඩලාව කියන මානසික ගුබ්බෑයමට එන පොර ටෝක් කාරයන්ගේ ඉඳලා සියළුම දෙනා තමන්ගේ යෞවනය තුළ තමන් නුදුටු, තමන් පැතූ එහෙත් බොහෝ විට නොලැබුණු දේ අනාගත පරම්පරා වලට ලැබෙනවාට එරෙහිව අවි එසවීමක් තමයි ඔය රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ සහ ඒවා මගින් මෙහෙයෙවෙන ආයතන ව්‍යුහයන් තුල දකින්න ලැබෙන යල් පැනගිය මතවාදයන් සහ හැසිරීම්….තමන් විසින් “විඳවන ” ලද ජීවිතය ඉදිරි පරම්පරා වලුත් ඒ විදියටම විඳවිය යුතුයි කියන දෘඨ ස්ථාවරය තමයි අද සදාචාරය, අපේ කම, සංස්කෘතිය, සභ්‍යත්වය විදියට සම්ප්‍රේෂණය කරනු ලබන්නෙ….

    මේක විෂම චක්‍රයක්….වැඩිහිටියන් තමන්ට නොලැබුණු දේ තමන්ගෙන් ජනිත වූවන්ට ලැබෙනවාට තිබෙන අකමැත්ත / තමන් විඳවූ ජීවිතය තමන්ගේ පසු ජනිතයන් “විඳිනවා” දකින්න තියෙන අවිඥාණික අකමැත්ත නිසා මේවා දරුවන්ට පටවනවා…. ඒ දරුවො ලොකු වෙලා ඒවා ඊළඟ දුහිතෘ පරපුරට පටවනවා….ඔවුන් ඊළඟ පරපුරට….

    දේශපාලනය මේකට සෘජුව බලපානවා….ඉහත කී පරම්පරාවල් වර්ථමානයේදී සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය නිර්වචනය කරන අය…..ශ්‍රී ලාංකික පවුල් ඒකක පාලනය කරන්නේ මේ අය…මොකද අපි ඇතැම් සංවර්ධිත රටවල මෙන් නිසි වයසට ආවාම ලෝකයේ අපට හිමි තැන හොයාගෙන පිටවෙලා යන අය නෙමෙයිනේ…ඉන්න දෙනව නම් අවුරුදු 40 ක් වෙනකල් උනත් අපි අම්ම අප්පගෙ ඔක්කෙ දපලා ඉන්න අයනෙ… ඒ නිසා අපේ සමාජයේ තරුණ, තරුණියන්ට දේශපාලනයේ මුදුනට දැනෙන තීන්දු ගන්න ලැබෙන ඉඩකඩ අඩුයි සාපේක්ෂව….ඒ නිසා දේශපාලනයේ කේන්ද්‍රය මේ ඊනියා වැඩිහිට් පරපුර… වඩාත් නිවැරදිව කියනවා නම් මැදි වයස් කාරයන් සහ පූර්ව සැඳෑ විය ගත කරන අය….. ඒ අයගේ තීරණ තීන්දු මත දේශපාලන බලය පැවතීම හෝ නොපැවතීම තීරණය වෙන්නෙ…ඉතින් බලයේ රැඳී සිටීම සඳහා දේශපාලනය මේ ස්ථරයන් පිනවන්න යල්පැන ගිය මතවාදයන් පෝෂණය කරනවා…..​

    සුද්දො එද්දි අපේ හිටපු එවුන්ගෙන් සම්පූර්ණ ඇඳුමක් ( යැයි සම්මත ඇඳුමක් ) අඳින්න අවසර තිබුණෙත් එහෙමත් පිරිසකට විතරයි….සුද්දො ඔවුන්ගෙ මධ්‍ය කාළීන ක්‍රිස්තියානි, බැරොක් සහ වික්ටෝරියානු සභ්‍යත්වයන් වල සංකලනයක් තුළින් අපිට පොදුවේ රෙදි ඇන්දුවා….( ඒක කරන්න ගියාම ඔය ලෙනාඩ් වුල්ෆ් එහෙම ලියනවා හම්බන්තොට පැත්තෙ ඊනියා වංශක්කාරයො දිසාපති කාර්යාලයට ඇවිත් විරෝධය පාපු හැටි ගැන… ) .. ඒකත් ඒ කාලෙ අපේ හැටියට ප්‍රගතිශීලියි … මොකද රෙද්ද අඳින එකටත් කුළ තහංචි තියෙන සිස්ටම් එකකට වඩා “අඩු ගානේ තොපි ඔක්කොම ඕක හොඳට වහගෙන හිටපියව්” කියන සිස්ටම් එක සාපේක්ෂව ප්‍රගතිශීලියි…

    මෙතෙන්දි අර ඉන්දීය අධිපතිවාදයේ ස්වාමි දියණියන්ගේ වස්ත්‍රය අපේ මානසික වහලුන් ඔවුන්ගේ සභ්‍යත්වය තුළ “උත්තම” කර ගත්තා සේම, බ්‍රිතාන්‍ය ස්වාමියන්ගේ වස්ත්‍රයත් උත්තම කරගෙන, ඔවුන්ගේ සදාචාර රේඛා, පරිමිතයන් උත්තම කරගෙන ස්වදේශික වහළුන් ෆැන්ටසියක් හදාගන්නවා….ඉන් පසුව ඒ ෆැන්ටසිය තුළ සිය ආත්මයට පරම ප්‍රමෝදජනක ස්ත්‍රීත්වය දකිනවා….

    ෆැන්ටසිය : “ගවුම අඳින, අධිරාජ්‍ය හිමියන් කියා දුන් ක්‍රිස්තියානි – වික්ටෝරියානු සංවරය සුරකින, ශ්‍රේෂ්ඨ, නිකැළැල්, දේවභාෂිතෝපගත ස්ත්‍රිය”

    ඊට පස්සේ ඒ ගොල්ල මේ ෆැන්ටසිය යථාර්තයක් බවට පත් කරගන්න ක්‍රමානුකූලව ට්‍රයි කරනවා….ඒ සඳහා සමාජ චින්තනය සකසනවා…කාළයක් ගියාට පස්සෙ අර ෆැන්ටසිය අනුක්‍රමික රියැලිටියක් වෙනවා….ඔන්න දැන් අපට වික්ටෝරියානු යුගයේ අපේ සීයලා, බාප්පලාගේ ෆැන්ටසියේ හිටපු ස්ත්‍රිය රියැලිටියෙත් ඉන්නවා…

    dY3blOw.jpg


    නමුත් පශ්චාත් ලෝක යුද සමයෙදි සුද්දො කියන සභ්‍යත්වය, සදාචාරය, හැසිරීම, හැදිච්ච කම, හොඳ නරක, යනාදියට තිබුණු සමාජ පිළිගැනීම මත කරන “ඒකාකෘතික” කරණය නවත්තලා “Personal Choice / Choice of the Individual” කියන නව මානය සොයාගෙන ගියා…නමුත් ඒ වෙනකොට අපිවත් වෙනස් කරන්න සුද්දා අපි ළඟ නොහිටපු නිසා අපි ඒ වෙනස් කමට ගියේ නෑ….අනෙක අධිරාජ්‍යය අමතක කරත්, සදේශපාලනිකව මේ වෙනස කරන්න තිබුණු අවස්ථාව එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඇතුළු දේශපාලක නඩයක් විසින් වාසි තකා වික්ටෝරියානු පදනම මත විකෘති ජාතිකත්වයක් ගොඩ නැගීම තුළ දියවී ගියා….මීට කළින් සුචරිතවාදී “වීරයන්” ඇතුළු ඊනියා නිදහස් සටන්කරුවන් මේක කරන්න ගිහින් ඇනගෙන නෝණ්ඩි වුනේ ඔවුන්ට මේ වෙනස් කම් ඝණීභූත කරන්න අවශ්‍ය කේන්ද්‍රයේ දේශපාලනික බලය නොමැතිකම නිසා…..නමුත් බණ්ඩාරනායක ප්‍රමුඛ පිරිසට ඒ අඩුව පිරිමැහුණු නිසා ඔවුන් මේක කොහොම හරි කර ගත්තා…අන්න ඒ විකෘතිය මුල් වරට ග්‍රහණය කරගෙන එදා ඉඳන් අද වෙනතුරු ඒක කරපින්නාගෙන ඇවිදින එවුන්ට අපි කියනවා ඊනියා ’56 දරුවෝ කියලා…සුද්දා පුද්ගල නිදහස කියන මානය තුළ වඩා දීප්තිමත් සභ්‍යත්වයක් සොයා ගත්තා….අපි තාම සුද්දා ඉතිරි කරලා ගිය පිළිණු වෙච්ච කෑම පීරිසිය දිවි හිමියෙන් රකිනවා…

    මෙතනදි වෙච්ච ලොකුම කරුමෙ තමයි මේ ජනප්‍රියවාදී 56 විකාරය ඊනියා “වාමාංශික දේශපාලනයක්” ලෙසට මේ සමාජයේම කොටස් විසින් හඳුනා ගනු ලැබීම….ඔවුන් මෙය “අධිරාජ්‍ය විරෝධී වමේ ව්‍යාපාරයක්” ලෙස හඳුන්වා ගැනීම තුළ වමටත් පිරිස් බලය රැකගැනීම සඳහා මේ අදහස් තමන්ගේ අදහස් අස්සට දාලා චට්නියක් හදාගන්න සිද්ද උනා….මේ “අපේ ක්‍රමයේ සමාජවාදය…අපට ගැළපෙන සමාජවාදය…මාක්ස්වාදයේ අපිට ගැළපෙන අර්ථකතනය” කියන්නෙ ඒකට….

    අද මේ මොහොත වනවිටත් ඉන්න ඊනියා වාමාංශිකය, විප්ලවවාදීන්ය කියාගන්න කොටස මේ අතින් වික්ටෝරියානු සිංහල බෞද්ධ සදාචාරවාදීන්ට දෙවැනි නෑ…..විශ්ව විද්‍යාලයේ පළමු වසර කෙල්ලන්ට කලිසම්, ත්‍රී ක්වාර්ටර්ස් ඇඳීම තහනම්…ගවුම් සායවල් විතරයි අඳින්න පුලුවන්….නියෝගය ඊනියා රැඩිකල් ශිෂ්‍ය සංගම් වලින්…මෙරට සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරයත්, එයින් ඉච්ඡා භංගත්වයට පත්වූවන් කැඩී වෙන්වී හදාගත් රැඩිකල් වාමාංශික ව්‍යාපාරත් මේ ගුඩු වෙච්ච මානසික තත්වයන්ගෙන් රට මුදවා ගනු වෙනුවට කලේ ඒක තවත් තීව්‍ර කරන්න උදව් කිරීම….ඔවුන්ට ශාස්ත්‍රීයත්වය සප්ලයි කරන්නෙත් අර 56 දරුවන් හෝ ඔවුන්ගේ පරිණාමික අවස්ථා….

    මේ තමයි අපි යථාර්තය ලෙස දකින, අපි යථාර්තය තුළ සම්මත කරන, අනුමත කරන ගැහැණිය….

    ඉතින් තවමත් Stereotyping ප්‍රබල විදියට ක්‍රියාත්මකයි…​

    මේක වඩාත්ම භයානක අතට හැරෙන්න ගත්තෙ අපි දියුණු ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ප්‍රවාහයන්ට නිරාවරණය වෙන්න පටන් ගත්තාමයි…

    තොරතුරු තාක්ෂණය හරහා අපට ලිබරල් ධනවාදී සමාජයේ වාණිජමය උත්සාහයන් + ලිබරල් සභ්‍යත්ව පරාමිතීන් එකතුවක් එනවා…”Baywatch” එකේ චූටි ස්විම් සූට් ඇඳගෙන පිරිපුන් ඇඟවල් තියෙන කෙල්ලො නිරුවත් තට්ටම් නටව, නටව ඇවිදිනවා….කෙල්ලො “සිනා නොමසෙන් දසන් දක්වා” කුඩු කරලා හයියෙන් කෑ ගහනවා…හැන්ඩි කොල්ලෙක් දැක්කොත් ඌ එක්ක ත්‍රිල් ගන්නවා…..කෙල්ලො කොල්ලො කිසි භේදයක් නැතුව නිදහසේ, සතුට බෙදාගෙන ජීවිතේ උපරිම වින්දනයක් ලබන්න උත්සාහ කරනවා අපේ අයට මාධ්‍ය හරහා පේනවා…

    සුද්දො හොඳට සෙක්ස් කරලා ෆන් ගන්නවා…නව යොවුන් කොල්ලො කෙල්ලො හොඳට සෙක්ස් කරනවා…නිදහසේ පාටි දානවා…බොනවා…ලිංගිකත්වය උද්දීපණය කළ හැකි විලාසිතා අත්හදා බලනවා…ජීවිතයේ තෘප්තකර හැඟීම් පෝෂණය කිරීම උපරිමයෙන් කරනවා….මේ මාධ්‍ය හරහා එන්නේ ඔවුන්ගේ සමාජයේ රියැලිටි වල එකතුවක් උනත්, ඒවා කරන්න නිදහසක් නැති අපේ අයට ඒක ෆැන්ටසි වෙනවා…අන්න ඒ මාධ්‍ය හරහා දකින බටහිර අයගේ රියැලිටියෙන් අපේ පසුගාමී සමාජ වල අලුත්ම පරම්පරාවේ අයට ෆැන්ටසියක් හැදෙනවා….

    අර සීයලා, මුත්තලාට හැදුණු 18 වැනි සියවසේ වික්ටෝරියානු ස්ත්‍රිත්ව විවරණය සහිත ෆැන්ටසිය වගේම එකක් මෙයාලටත් හැදෙනවා….පරම ප්‍රමෝද ජනක ස්ත්‍රියක් මේ අයත් විවරණය කරගන්නවා….​

    ඔන්න ඉතින් නව පරපුරෙන් සමහරක් අය අර පෙර පරම්පරා කලා වගේම ඔවුන් ගොඩ නගන ෆැන්ටසියත් රියැලිටියට ගේන්න උත්සාහ කරන්න පටන් ගන්නවා…

    එතකොට වැඩිහිටියෝ ඔවුන්ගේ රියැලිටිය රැක ගන්න මෙහෙන් අදිනවා….තරුණ පරපුර එහෙන් අදිනවා…මේ කඹ ඇදීමේ ප්‍රතිඵලයක් ලෙස “ඔලු දෙකේ බූරුවෙක්” නිර්මාණය වෙනවා…

    මේ ඔලු දෙකේ සමාජ බූරුවාගේ එක ඔලුවක් ලිබරල් චර්යා දේශනා කරනවා….ඒ අතට අදිනවා…අනිත් ඔලුව අධි සංරක්ෂණ වාදී ආදි කල්පිත අදහස් දේශනා කරනවා… ඒ අතට අදිනවා…

    මේ බූරුවා හමුවට පමුණුවනු ලබන සමාජ ජීවියා Full Confuse වෙනවා….ඒ Confuse වීමේ ප්‍රතිඵලය වෙන්නෙ අසහනය සහ පීඩනය….

    ඊට පස්සෙ කකුලක් දැක්කොත් මළ පනිනවා….දුක් විඳිනවා….ඒ දුකේ Focal Object එක ස්ත්‍රිය කියලා හිතාගෙන ඒ පීඩනය ඇය මතින් යවනවා….ගෑණුන්ට කුණු හරුප කියලා, ජැක් ගහලා, අවයව මිරිකලා, ගොසිප් හදලා, ඒ ද්වේෂය පිට කර ගන්නවා…​

    සමාජය පැත්තෙන් බැලුවොත් අසහනය…උග්‍ර අසහනය…අවසානයෙදි පීඩනය පුපුරා යන්නෙ අනෙක් හැම පීඩනයකම වගේම ප්‍රචණ්ඩත්වය හරහා….පීඩනය වාන් දමන්නෙ ප්‍රචණ්ඩත්වයේ ඇළට…..




    උපුටා ගැනීම-නොදන්න මඟුල් කථා කරමු..

    රෙප්+ බාරගනු ලැබේ......​
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    කියන්න ඕනේ කතාව හරියටම කියල තියනවා rep+

    තව එකක් කියන්නත් ඕනේ ලංකාව ලිබරල් කරන්න මේ වෙනකොට ඉන්න කට්ටිය මදි .
    එකේ ප්‍රධාන හේතුව තමයි. ලංකාවේ ලිබරල් නියෝජනය කරන දේශපලාන ප්‍රවාහයට තමන්ගේ අදහස හරියට දීගන්න තේරෙන්නේ නැහැ.

    ඒ මදිවට ලංකාවේ තියන සමහර මාද්‍ය miss sri lanka කරලා කෙල්ලන්ට swim suite
    අන්දලා ඊට පස්සේ දැඩි conservative අදහස් තියන ජාතිවාදී පක්ෂ රෙදි නැතුව promote කරනවා.


     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම එදා ඉදන්ම මේ කෙහෙල්මල් සංස්කෘතියක් බදාගත්ත එකෙක් නෙමේ. ඒ උනාට බන් මේ කතාවෙ වෙනම පැත්තක් තියනව. උඹ කියනව බේවොච් වල කෙල්ලො ලස්සනට ඇගවල් පේන්න ඇදල ඉන්නව කියල. ඒත් උඹ පොඩ්ඩක් හිතපන් ලංකාවෙ එකියක් බිකිනියක් ඇන්දොත් කොහොම හිටියිද. පුකක් නෑ, තනුත් නෑ, බුරියක් නෑ, බඩනම් සෙක්සි. ඒ ඔක්කොම හරි උඹ හිතපන් කරෝල පාට සුද්දියන්ගෙ සුදු හමේ පාට ලස්සන උනාට ලංකාවෙ ගෑනුන්ගෙ ගොරෝසු දුඹුරු පාට දැක්කම වමනෙට එනවනෙ බන්. ඒක හින්ද මම ලංකාවෙ ගෑනු ඇග පේන්න අදිනවට සම්පූර්ණ විරුද්ධයි. සුද්ද එන්න කලින් ලංකාවෙ ගෑනු උඩටත් නැතුව හිටිය තමා. ලංකාවෙ ගෑනුන්ගෙ ඇගාවල් ඒ තරමට අප්පිරිය හින්ද තමා සුද්ද මෙහෙ ගෑනුන්ගෙ ඇගවල් වැහුවෙ. ලංකාවෙ ගෑනුන්ට ඇග පේන්න අදින්න බෑ කියල නීතියක් තිබ්බත් මම විරුද්ධ නෑ මචන්. මල ජරා සංස්කෘතියක් හින්ද නෙමේ මම උඩ කියපු හේතුව හින්ද.
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මේ ලිපිය ලියපු එකා පොතක පරණ සංස්කරණයක් කියපු එකෙක් වගේ. මේකේ නූතණ බටහිර ලිබරල් වාදයේ පශ්චාත් ප්‍රතිඑල ගැන කිසිම සදහනක් නෑ. නූතන ලිබරල් වාදය කොයිතරම් සමාජයකට අහිතකරද කිව්වොත් බටහිර තුළින්ම ඒකට විරෝදයක් ගොඩනැගෙනවා. උදාහරණයට සම්ප්‍රදායික වශයෙන් ලිබරල් වෙච්ච සමලිංගික උනුත් දැන් නූතන ලිබරල් වාදයට එරෙහිව හඩනගනවා, milo yiannopoulos කියලා සමලිංගික එකෙක් ඉන්නවා. ඌගේ දේශණ පොඩ්ඩක් අහලා බලපන්. නූතන ලිබරල් වාදය කියන්නේ ඒ තරම් විනාශ කාරී දෙයක්. බෙල්ලන්විල හාමුදුරුගේ අපවත් වීම දවසේ තිබ්බා කතාව ඇහුව්වද? ඒකේදි ඇහුනද රංජිත් මැල්කම් කියනවා ලංකාව උන් බටහිර ලිබරල්වාදය බදාගෙන කරන දේ ගැන?

    බටහිර Personal Choice / Choice of the Individual කියන සංදිස්ථානය පහුකර ගිහින් දැන් ගොඩක් කල්. දැන් බටහිර පවතින්නේ feelings මත පදනක් වෙච්ච සමාජයක්, ලිබරල් වාදීන් එකමුතු මිනිස්සුන්ව පාලනය කරන සමාජයක්, මේකට තමයි collectivism කියන්නෙත්. collectivism liberalism කිව්වොත් වඩාත් හරි. collectivism liberalism සම්පූර්ණයෙන්ම වගේ වමාංශික දර්ශණයක්. collectivism liberalism කියන්නේ පුද්ගල අවශ්‍යයතා වලට ප්‍රමුඛතාව දෙනවා වෙනුවට පුද්ගලයා නිරූපණය කරන පිරිසට ප්‍රමුඛතාවක් දෙනවා, කණ්ඩායමේ උන්නතිය උදෙසා පුද්ගලයන්ව බිල්ලට දෙනවා, කණ්ඩායමට තිබෙන පොදු බලපෑම් හැම පුද්ගලයාට තියෙනවා කියන මතේ ඉන්නවා. ඒකයි කාන්තා සංවිධාන, සමලිංගික සංවිධාන, මුස්ලිම් සංවිදාන, යුදෙව් සංවිධාන, කළු උන්ගේ සංවිධාන, මහත උන්ගේ සංවිධාන, අබාධිත උන්ගේ සංවිධාන, ශාඛභක්ෂක උන්ගේ සංවිධාන (vegan). මේ වගේ හිතාගන්න බැරි තරම් සංවිධාන ගොඩ ගැහිලා ඒවාට විශාල බලයක් බටහිර සමාජයේ තියෙන්නේ. මේක මෙහෙම කිව්වට ගොඩක් උන්ට තේරෙන්නේ නෑ ඒක නිසා මම උදාහරණ වලින්ම කියන්නම්.

    උදාහරණයට formula race එකේ grid girls ලා අයින් කරන්න කියලා කාන්තා සංවිධාන වල උන් දැඩි ලෙස formula එකට බලපෑම් කරා. මේ නිසා කෙල්ලෝ කී දෙනෙක්ට ජොබ් අහිමි උනාද කියලා දන්නවද? මේකට විරෝධය වැඩිපුරම ආවේ grid girls ලගෙන්ම කියලා දන්නවද? ජීවිතේටවත් race එකක් බලපු නැති ගෑණු grid girls ලා objectified වෙනවා කියලා උන්ගේ ජොබ් ගහලා යන විදියට තමන්ගේ ස්ව කැමැත්තට අනෙක් මිනිහගේ ජීවිත ගැන තීරණ ගන්න එකටද Personal Choice / Choice of the Individual කියන්නේ? Personal Choice / Choice of the Individual කියන එක දැන් යටපත් වේගෙන යන්නේ. කාන්තා සංවිධාන බලන්නේ ගෑණුන්ව උන්ට ඕන විදියට හසුරවන්නයි. මේ වගේ මුස්ලිම් සංවිධාන බලන්නේ උන්ට ඕන විදියට මුස්ලිම් උන්ව හසුරවන්නයි. යුදෙව් උන් බලන්නේ උන්ට ඕන විදියට යුදෙව් සංවිධාන හසුරවන්නයි. මේකට හොදම උදාහරණය තමයි ඊශ්‍රාලයේ පොලිසිය මේ මෑතකදි conservative යුදෙව් සංවිධානයක විරෝධතාකරුවන්ට ගැහුවා හමුදාවට බැදෙන්න බෑ කිව්වා කියලා. කළු උන් බලන්නේ උන්ට ඕන විදියට කළු උන්ව හසුරුවන්නයි. මොකෙක් හරි කළු එකෙක් උන්ට විරුද්ධව වැඩ කරොත් ඌට කියන්නේ coon කියලයි. පොඩ්ඩක් බලපන් Boondocks tv show එක. එතකොට උබලට සීන් එක තේරෙයි. මේ වගේම සීන් එකක් ලංකාවේත් උනා. නොලිමිට් වලින් බඩු ගන්න එපා කියලා සිංහල උන්ට සමහර සංවිධාන වලින් කිව්වා, ඒක පිළිපැද්ද නැති උන්ට බිත්තර වලින් ගැහුවා. බටහිර දැන් වෙන්නෙත් මේකම තමයි. donald trump ට ජන්දය දුන්නා කියලා conservative උන්ට එළව එළව ගැහුවා. ඉස්කෝලේ තිබ්බ සෙල්ලම් ජන්දයේදි trump ට ජන්දය දුන්නා කියලා අම්මා කෙනෙක් පොඩි එකෙක්ව එළියට දැම්මා. ලිබරල්වාදයට එරෙහිව කථා කරනවා කියලා සමලිංගික එකෙක් වෙච්ච milo yiannopoulos ව twitter එකෙන් බෑන් කරා. mozilla එකේ කලින් CEO සමලිංගික උන්ට එරෙහිව වැඩ කරපු පක්ෂයකට අදාර දුන්නා කියලා firefox browser එක වර්ජනය කරන්න කිව්වා. pewdiepie නිකමට nigga කිව්වා කියලා ඌත් එක්ක තිබ්බ contract එක youtube එකෙන් අයින් කරගත්තා. මේක තමයි collectivism කියන්නේ. collectivism එකෙන් පුද්ගලයන් ගැන වැඩියේ තකන්නේ නෑ, අදාළ කණ්ඩායමට වෙන දේ විතරයි උන් තකන්නේ. pewdiepie nigga කිව්වා කියලා ඒකෙන් කාටවත් හානි වෙන්නේ නෑ නමුත් කළු ජාතිකයන් නිරූපණය කරන කණ්ඩායමේ දෘශ්ඨියට එරෙහිවීමක් නිසා ඌට දඩුවම් විදින්න උනා.

    තවත් උදාහරණයක් තමයි ගෑනුන්ව රේප් වෙන ප්‍රශ්නයක් සමාජයේ තියෙනවනේ. ගෑණුන්ව වැඩියෙන්ම රේප් කරන්නේ පිරිමි, මේකෙන් අගතියට පත්වෙන්නේ ගෑනු. collectivism එකෙන් කරන්නේ පිරිමි හැමෝම වගේ rapists ලා විදියට සලකන්නේ, ගෑණු හැමෝවම වගේ victims ලා විදියට සලකන්නේ. මේක නිසාම තමයි බටහිර false rape charges වලදි පිරිමින්ට බැරි ගෑනුන්ට එරෙහිව පැමිණිලි දාන්න. ගොඩක් lawyers ලා මේ කේස් ගන්නේ නෑ. දඩුවම් ලැබුනත් ගෑනිට හිරේ යන්න වෙන්නේ මාස කිහිපයකට විතරයි උපරිම වශයෙන්. නමුත් පිරිමියව අවුරුදු ගාණකට උනත් හිරේ යවන්න පුලුවන් සාක්ෂී නැති උනත්. ගෑණිගේ කටවචනයම ඇති. http://www.nydailynews.com/news/cri...rison-4-years-1-3-years-jail-article-1.198983
    මේකෙන් වෙන්නේ පිරිමින්ට ලොකු අසාධාරණයක් වෙන එකයි. ගෑනියෙක්ට පුලුවන් පිරිමියෙක් එක්ක වළියක් ගියොත් false rape charges දාලා ඇතුලට දාන්න. මේ හැම ප්‍රශ්ණයක්ම ඇවිත් තියෙන්නේ collectivism නිසයි. මේක තමයි බටහිර දැන් රන් වෙන්නේ. මේක තමයි දැන් ලංකාවටත් රිංගන්න හදන්නේ. ලංකාවේ Personal Choice / Choice of the Individual එක දැනටම තියෙනවා. සමලිංගික එකෙක්ට උනත් කොල්ලෝ ගහන්න නිදහසක් තියෙනවා. කෙල්ලෙක්ට උනත් කොටට අදින්න පුලුවන් බය නැතුව. ඒකිට වටේ ඉන්න උන් කුණු කතා කියයි, නමුත් අරාබියේ වගේ සීන් එකක් නෑනේ.