ලිංගික_වැරදි .....

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ලිංගික වැරදි .....

    මේ කියන්න යන්නේ අන්තර්ජාලය තුලින් කාලෙකට කලින් ලැබුන ලිපියකින් උපුටා ගත්තක් ගැන. කාලීන මාතෘකාවක් වගේ හැගුන නිසා නැවත ඔබ හමුවට ගෙන එන්න හිතුවා. මේ අන්තර්ගතය සදහා වූ සියලුම අයිතිය එම මුල් කර්තෘ සතු බව මතක් කරන්නේ ස්තූතිපූර්වයෙන්.

    ලිංගික වැරදිමෙහිදී කතුවරයා විසින් ලිංගික වැරදි ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා වෙන්කරලා දක්වනවා. ඒවා නම්, ව්‍යාභිචාරය වරද, බරපතල ලිංගික අපයෝජනය, ලිංගික අතවර කිරීමේ වරද, අස්වාභාවික වැරදි ලෙසයි. අදහස් දැක්වීම අනුව මේ එක එකක් ඒවායේ නීතිමය ස්වාභාවය උදාහරණ සහිතව පහතින් පැහැදිලි කරලා තියෙනවා.

    01. ව්‍යාභිචාරය වරද.

    article-1121225-0319CD7D000005DC-14_468x453.jpg

    මෙයද අප නීතියට අලුතින් හදුන්වා දුන් වරදකි. 1995 / 22 සංශෝධන පනතින් හදුන්වා දී ඇත. එම පනතට අනුව යම් යම් ඥාති සමිබන්ධතා තහනම් ඥාති සම්බන්ධතා ලෙස දක්වා තිබේ. මෙම තහනම් ඥාති සමිබන්ධතා තීරණය කර ඇත්තේ වෛද්‍ය විදයාත්මක හේතූන් හා සදාචාරාත්මක හේතූන් මත බව පෙනේ. 364 වගන්තියේ දක්වා ඇති තහනම් ඥාති සමිබන්ධතා සලකා බැලීමෙන් මෙය තහවුරු කරගත හැක.

    1. දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයෙන් කෙලින්ම පැවත එන විට.
    උදා - මව, පියා, මුණුබුරා, මිණිබිරිය, සීයා, ආචිචී.

    2. දරුකමට හදා ගැනීමට ගත් අය.
    උදා - හදාගත් මව, පියා, සීයා, ආචිචී.

    මුල් කොටසට වෛද්‍ය විදයාත්මක හේතු මත තහනමි කර ඇත. සම ලේ ඥාතීන් අතර සංසර්ගයෙන් බිහිවන දරැවන් ආබාධිත විය හැකි බව වෛද්‍ය විදයාත්මක සත්‍යයි. දෙවන අවස්ථාවේදී එම තැනැත්තන් ස්වභාවිකව ගත්කල සමිපූර්ණයෙන්ම පිටස්තරය. නමුත් සදාචාරාත්මක හේතූන් මත එම සබදතා තහනම් වේ. ඒ අනුව 364 වගන්තියේ දක්වා ඇති තහනම් ඥාති සමිබන්ධතා ඇති දෙදෙනෙකු අතර ලිංගික සංසර්ගයක් ඇති වුවහොත් එය ව්‍යාභිචාරය වරද වේ. දෙදෙනාම එම වරදට වරදකරුවන් වේ.ලිංගික වැරදි

    නිද - වයස අවු. 20ක ස්ත්‍රියක් තම පියා සමග කැමැත්තෙන් සංසර්ගයේ යෙදුනේ නම් එය ස්ත්‍රී දූෂණයක් නොවේ. කාන්තාව වයස 16 ට වැඩි වීමත් එය කැමැත්තෙන් සිදු වීමත් හේතුවය. නමුත් එය ව්‍යාභිචාරය වරදය.

    ව්‍යාභිචාරය වරද සිදු කල අයෙකුට අවු. 7 කට නොඅඩු සහ අවු. 20 කට නොවැඩි සිර දඩුවමක් නියම කල හැක. ව්‍යාභිචාරය වරද සිදුකිරීමට තැත් කරන්නෙකුට අවු. 2 දක්වා සිර දඩුවමක් පැමිනවිය හැක. නමුත් ව්‍යාභිචාරය වරදට නඩු පැවරිය හැක්කේ නීතිපතිගේ ලිඛිත අනුමැතිය ඇතිව පමණකි.

    වයස අවු. 16 ට අඩු කාන්තාවක් පියා සමග සංසර්ගයේ යෙදුනේ නමි ව්‍යාභිචාරය නොවේ. එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරදයි. එවන් අවස්ථාවක කාන්තාව අතින් වරදක් සිදු නොවේ. එහිදී ලබා දිය යුතු දඩුවම 364(3) උපවගන්තියේ දැක්වේ. ඒ අනුව තමන්ට තහනම් ඥාති සමිබන්ධතාවයක් ඇති අවු. 16කට අඩු කාන්තාවක් දූෂණය කරනනෙකු අවු. 15කට නොඅඩු හා අවු. 20 කට නොවැඩි සිර දඩුවමකට යටත් වේ.
    Dir-2-33-Abuse2-483-091124.jpg


    02. බරපතල ලිංගික අපයෝජනය.
    මෙම වරද නව නීතියෙන් නිර්මාණය කරන ලද්දකි. එය මෙසේ අර්ථ දක්වා තිබේ.

    ලිංගික තෘප්තිය ලබා ගැනීම සදහා ලිංගේන්ද්‍රිය හෝ මිනිස් ශරීරයේ යමි කොටසක් හෝ යමි උපකරනයක් වෙනත් යමි තැනැත්තෙකුගේ ශරීරයේ පිහිටි යමි විවරයක් තුල හෝ වෙනත් තැනැත්තෙකුගේ ශරීරයේ යමි කොටසක පහත විස්තර වලට ගැලපෙන ආකාරයට යොදන අයෙකු ලිංගික වැරදිබරපතල ලිංගික අපයෝජනය සිදු කරයි.

    1. 1995 සංශෝධනයේ සදහන් කර තිබුනේ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නැතිව යනුවෙනි. නමුත් 1998/29 පනතින් එය සංශෝධනය කර නව ප්‍රතිපාදනයක් එකතු කර තිබේ. එහි සදහන් වන්නේ වයස අවු. 16 ට අඩු වන විට කැමැත්ත ඇතිව හෝ නැතිව යනුවෙනි.

    මෙම ප්‍රතිපාදන විශ්ලේෂනයේදී පෙනී යන්නක් නම් ඉහත සදහන් ක්‍රියා බරපතල ලිංගික අපයෝජනය වන්නේ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නැතිව එය සිදු වූ විට පමණක් බවය. ( වයස 16 ට අඩු නම් කැමැත්ත අදාල නොවේ.) නමුත් කැමැත්ත ඇතිව එවැනි ක්‍රියාවක් කිරීම වරදක් වන්නේ නැත.

    2. බලහත්කාරය පාවිචිචි කිරීමෙන්, තර්ජනය කිරීමෙන් හෝ බියගැන්වීමෙන් හෝ අනෙක් තැනැත්තාට මරණ බය හෝ තුවාල සිදු කිරීමේ බිය ඇති කිරීමෙන් හෝ නීති විරෝධීව රදවාගෙන සිටියදී ලබාගත් කැමැත්ත ඇතිව.

    3. සිහි විකලව සිටියදී හෝ මත්ද්‍රවයකින් මත්ව සිටියදී ලබා ගත් කැමැත්ත ඇතිව.

    මෙම ප්‍රතිපාදන සලකා බැලීමේදී පෙනීයන වැදගත් කරුණක් නමි ඉහත සදහන් ක්‍රියා අනෙක් තැනැත්තාගේ කැමැත්තෙන් සිදු කිරීම වරදක් නොවන බවය. එම ක්‍රියා දැඩි අශිෂ්ඨ ක්‍රියා ලෙස සලකන කොටසට වැටෙන්නේ යැයි සැලකිය නොහැක. එයට හේතුව දැඩි අශිෂ්ඨ ක්‍රියා යනුවෙන් වෙනම කොටසක් වෙනම වගන්තියක් යටතේ පිහිටා තිබීමය. එනිසා බරපතල ලිංගික අපයෝජනය නැමැති වරද තැනැත්තන් අතර ලිංගික සමිබන්ධතා පිලිබද නීතිය ලිහිල් කිරීමට හේතු වී ඇතැයි තර්ක කල හැක.

    නව සංශෝධනයේ තවදුරටත් සදහන් වනනේ 363 හී විස්තර කර ඇති ආකාරයට ස්ත්‍රී දූෂණය සංයුක්ත නොවන්නා වූ ක්‍රියාවක් බරපතල ලිංගික අපයෝජනයක් වන බවය. බරපතල ලිංගික අපයෝජනයේ අර්ථ විග්‍රහය සලකා බැලු විට ලිංගික සංසර්ගය වුවද එම විග්‍රහය යටතට වැටෙන බැවින් මෙවැනි ප්‍රතිපාදනයක් අවශ්‍යව තිබුණි. නැතහොත් ස්ත්‍රී දූෂණ වරදට වැරදිකරු බරපතල ලිංගික අපයෝජන වරදටද වැරදිකරු කිරීමට ඉඩ තිබුණි.ලිංගික වැරදි

    03. ලිංගික අතවර කිරීමේ වරද.

    ලිංගික අතවර කිරීමේ වරද නව සංශෝධනයෙන් ගෙන ආ තවත් වරදකි. මෙය 345 වගන්තියේ විස්තරවේ. එම ප්‍රතිපාදන වල මෙලෙස සදහන් වේ.

    "අඩන්තේටිටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යමෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යමෙකුට ලිංගික හිරිහැර කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරු වේ."

    මෙකී වරද සිදු කිරීම සදහා යම් තැනැත්තෙකුට අඩමිතේටිටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිරිහැරයක් කල යුතුය. එනම් ලිංගිකත්වය මුල් කරගෙන එම ක්‍රියාව සිදු කිරීම අවශ්‍යය. එවැනි ක්‍රියාවක් කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරු වේ.
    03. ලිංගික අතවර කිරීමේ වරද.

    ලිංගික අතවර කිරීමේ වරද නව සංශෝධනයෙන් ගෙන ආ තවත් වරදකි. මෙය 345 වගන්තියේ විස්තරවේ. එම ප්‍රතිපාදන වල මෙලෙස සදහන් වේ.

    "අඩන්තේටිටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යමෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යමෙකුට ලිංගික හිරිහැර කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරු වේ."

    මෙකී වරද සිදු කිරීම සදහා යම් තැනැත්තෙකුට අඩමිතේටිටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිරිහැරයක් කල යුතුය. එනම් ලිංගිකත්වය මුල් කරගෙන එම ක්‍රියාව සිදු කිරීම අවශ්‍යය. එවැනි ක්‍රියාවක් කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරු වේ.
    බරපතල ලිංගික අපචාරයේදී එකී ක්‍රියාව සිදුකරනු ලබන්නේ ලිංගික තෘප්තිය සදහාය නමුත් ලිංගික අතවර කිරීමේදී එය හිරිහැර කිරීමක් සදහා කරනු ලැබේ. එය කාන්තාවන්ට සීමා වන්නේ නැත. ඕනෑම තැනැත්තෙකුගේ ලිංගිකත්වය මුල් කරගෙන එම තැනැත්තාට කරන්නා වූ හිරිහැර කිරීම මෙම වගන්තිය යටතට වැටේ. එය ඉතා පුලුල් ක්ෂේත්‍රයක් ඇති වගන්තියක් ලෙස සදහන් කල හැක. නමුත් පැහැදිලිව පෙනෙන කරුනක් නමි බරපතල ලිංගික අපචාරයේදී ශාරීරික ගැටීමක් සිදු කරයි. ලිංගික අතවර කිරීමේදී එවන්නක් නොමැත. වචනයෙන් හෝ ක්‍රියාවෙන් නැතහොත් අඩමිතේටිටමි කිරීමෙන් හෝ එම තැනැත්තාට ලිංගික හිරිහැර කිරීම අතවර කිරීමක් වන්නේය.
    04. අස්වාභාවික වැරදි.

    අස්වාභාවික වරදක් යන්න දන්ඩ නීති සංග්‍රහයට අනුව පහත දැක්වෙන පරිදී අර්ථ නිරූපනය කල හැක. " යම් ස්ත්‍රයක , පුරුෂයෙකු හෝ සතකු සමග ස්වභාවධර්මයට විරුද්ධව සංසර්ගයේ යෙදීමය. "
    මෙහි ස්වභාවධර්මයට විරුද්ධව යන්න දක්වා ඇති නමුදු ලිංගික සංසර්ගය හැර වෙනත් ක්‍රියාවක් මීට ඇතුලත් වන බව සලකා ඇතැයි සිතේ.

    ලිංගික වැරදිතැනැත්තන් අතර තදබල අශෝබන ක්‍රියා යන වරද සමලිංගිකත්වය ඉලක්ක කොට නිර්මාණය කරන ලද වරදක් ලෙස සැලකිය හැකිය. මෙය මුල් පනතේ පුරුෂයන්ට පමනක් සීමා වී තිබුණි. 1995/2 පනතින් මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අදාල වන පරිදී තැනැත්තන් අතර තදබල අශිෂ්ඨ ක්‍රියා ලෙස පනවා තිබේ. එවැනි ක්‍රියාවක් සදහා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ එකතුවන හෝ එවැන්නකට තැනැත්තන් කුටිටනය කරන අයකු මෙම පනත යටතේ වරදකට වරදකරු වන්නේය.

    මුල් පනතේ 365 මෙන්ම 365(අ) වගන්ති සංශෝධනය කර එකතු කර ඇති වැදගත් ප්‍රතිපාදනයක් නමි එම වරදවල් වයස 18කට වැඩි අයෙකු විසින් 16ට අඩු අයෙකු සමිබන්ධයෙන් කල විට ලබාදිය හැකි දඩුවම වැඩි වන බවය. එමෙන්ම වරදට ලක් වූ තැනැත්තාට වන්දියක් ගෙවීමට නියම කිරීමට ද අධිකරණයට බලය තිබේ.
    තවද බරපතල ලිංගික අපයෝජනය යන්න අස්වාභාවික වැරැද්දක් ලෙස නොසලකන බව දැක්විය හැක. කෙසේ වුවද නව ප්‍රතිපාදන යටතේ තැනැත්තන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදු කරන දැඩි අශිෂ්ඨ ක්‍රියා දැඩි දඩුවමි ලැබිය යුතු වරදකි.


    උපුටා ගැනීම " පාඩමක් කෙටියෙන්. Lesson in Short." බ්ලොග් අඩවියෙන්
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Originally Posted by pizzu puza View Post
    Awurudu 20 kaanthawak awurudu 15 ka pirimi lamayek ekka ekata (kamaththen) lingika kriyawaka niratha wuwahoth eka watenne mona waradda yatatheda?
    bala apachaara bala apachaara
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සියාගේ සහෝදරයාගේ පුතාගේ දුවත් එක්ක විවහ වන එක වරදක්ද බං.....
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේකෙන් බී ඩී එස් එම් ඒවා අදාළ කරලා නැද්ද. සෙක්ස් ටොයිස් එහෙම ලංකාවේ පාවිච්චිය තහනම් වෙන්නේ මේ නීතියෙන්ද
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජැක් ගහන එවුන්ට හොඳයි ඉතිං....
    ඒක වැරද්දක් කියල නැහැනේ කොහෙවත්...

    ඒත් ඒකෙනුත් කෙලවෙන්නේ මට තමයි...
    මම ජැකක් ගැහුවොතින් වදින්නේ කෙල්ලගේ පිටට තමයි...:(:(
    පහත් වෙලා ගැහුවොතින් මාට්ටු වෙලා ගුටි පුජාවක් නොමිලේ...