ලිංගික_හිංසනය - Sexual Harassment

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලිංගික_හිංසනය - Sexual Harassment

    ලිංගික හිංසනය - Sexual Harassment

    respect_eng.jpg



    යම් කෙනෙකුට මානසික හා ශාරීරික වේදනාවක් සිදුවන අයුරින් පහර දීම සාපරාධී බලය යෙදීම වාචිකව හෝ ශාරීරිකව හිරිහැර කිරීම ලිංගික හිංසනයයි. මෙවැනි හිංසනයන් ඊට භාජන වන තැනැත්තියට එම බලපෑම අපි‍්‍රය නින්දාසහගත පිළිකුල් උපදවන අශික්ෂිත කිව නොහැකි තරම් ජුගුප්සාගත කි‍්‍රයාවක් වුව ද හිංසකයා සිය කි‍්‍රයාකලාපය ප‍්‍රශංසාත්මක අහිංසක හාස්‍යජනක/සිනා උපදවන සාමාන්‍ය සිත් සතුටු කරවන්නක් ලෙස සිතිය හැකිය. හිංසකයා කෙසේ සිතුවත් එවැනි අපි‍්‍රයජනක බලපෑම් අන් කිසිවක් නොව ලිංගික හිංසනයම වේ. ලිංගික හිංසනය පුද්ගලික හා පොදු ජීවිතය තුළදී පවුලේ සාමාජිකයන් සහ මිතුරන් අතර හෝ සේවා ස්ථානයේදී පොදු ස්ථානවලදී සහ ප්‍රරවාහන සේවා තුළදී සිදුවිය හැක . පිරිමි සහ කාන්තා යන දෙපාර්ශවය අතින්ම මෙය සිදුවිය හැක.

    44473115040425619_tWegYPsY_c.jpg


    ලිංගික හිංසනයට ඇතුළත් විය හැක්කේ මොනවාද?

    සේවා ස්ථානයේ සහ පොදු ප්‍රවාහන සේවා ද ඇතුළුව ලිංගික හිංසනයට පහත සඳහන් දේ ඇතුළත් විය හැක:

    article-new-ds-photo-getty-article-142-19-79166554_XS.jpg


    # අප‍්‍රසාදජනක ශාරීරික සමීපවීම හා ශාරීරික ස්පර්ශය.
    # කියන දේ ඇසෙන පුද්ගලයා අපහසුවට පත් කරන විධියේ ලිංගික බවක් දරන වචන හා ඇනුම්පද දෙඞීම.
    # අසභ්‍ය විහිළු කීම හා කෙරීම සහ අශ්ලීල ඉඟි බිඟි කිරීම.
    # අසභ්‍ය කාමෝද්දීපන රූප, චිත‍්‍ර, රචනා ආදී දේ පෙන්වීම.
    # ලිංගික වරප‍්‍රසාද බලයෙන් හෝ චාටුවෙන් ඉල්ලීම.
    # අසහනකාරී පුද්ගලික හෝ වෙනත් අසභ්‍ය පණිවුඩ, රූප ආදිය විද්‍යුත් තැපෑල ආදීය ඔස්සේ එක් එක් අයට යැවීම හා ප‍්‍රචාරණය.
    # ලිංගික ස්වභාවයේ වෙනත් ඕනෑම ශාරීරික, වාචික හෝ වාචික නොවන ඉඟි බිඟි ආදී සැම කි‍්‍රයාවක්ම ද ලිංගික හිංසනයට ඇතුළත් වේ.

    සේවා යෝජකයාගේ වගකීම:

    සේවා යෝජකයා සහ වෙනත් වගකිව යුතු නිලධාරීහු ආයතනය තුළ ලිංගික හිංසනය වැළැක්වීමට වගකිව යුත්තාහ. ඒ සඳහා ඔවුහු නීතියෙන් බැඳී සිටිති. මේ අරමුණ උදෙසා:

    flirt-or-harrass-13.jpg


    # ආරක්ෂා සහිත සේවා පරිසරයක් සපයාලීම.
    # මෙවැනි හිංසනයන් සිදු නොවීම අරමුණු කරගැනීම අදාළ හැසිරීම් පද්ධතියක් කි‍්‍රයාත්මක කිරීම.
    # ලිංගික හිංසනය සිදු කරන අයෙක් වේ නම් ඒ අයට එරෙහිව වහා කටයුතු කිරීම.
    # මේ හා සම්බන්ධ පැමිණිලි ගැන විශ්වසනීය ලෙස කටයුතු කිරීම.

    ලිංගික හිංසනයට ලක් වූ වන් විසින් කලයුතු දේ


    # හිංසකයාට එම ක්‍රියාව නවත්වන ලෙස පැවසීම.
    # එම ක්‍රියාව අප්‍රිය සහගත් බව පැවසීම.
    # අදාල බලධාරීන්ට පැමිණිලි කිරීම.

    ලිංගික හිංසනයට ලක් වූ වන් විසින් නොකලයුතු දේ

    # ලිංගික හිංසනය නොතකා සිටීම.
    # ක්‍රියාත්මක වීමට ප්‍රමාද වීම.

    පැමිණිලි කිරීම.

    # අධ්‍යාපන ආයතනයක් තුළ ලිංගික අතවරය සිදුව ඇත්තේ නම් විමර්ශනය සහ ක්‍රියාමාර්ග සඳහා විදුහල්පති/පීඨාධිපති/රෙජිස්ත්‍රාර් හෝ අධ්‍යක්ෂක වෙත දැනුම් දෙන්න. අධ්‍යාපන ආයතනය මගින් කිසි පියවරක් නොගන්නේ නම් ඔබට එම සිදුවීම පොලීසියටද පැමිණිලි කළ හැක. ලිංගික හිංසනය පිළිබඳ නීති මලාවක් විශ්ව විද්‍යාලයක් හෝ ආයතනයක් සතුවිය හැක. එවැනි නීති මාලාවක් යොදාගෙන ඇත්දැයි සොයා බලා එහි එන ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න.

    # සේවා ස්ථානය තුළදී ලිංගික අතවරය සිදුවන්නේ නම් ඔබගේ ප්‍රධානියාට මානව සම්පත් කළමනාකරුට හෝ වෙනත් වගකිවයුතු අයකුට පැමිණිලි කරන්න. සමාගම හෝ ආයතනය සතුව ලිංගික හිංසනය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඇත්නම් එහි දක්වා ඇති ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. මේ සියල්ලෙන් ප්‍රථිපලයක් නොමැතිනම් පොලීසියට පැමිණිලි කරන්න.

    # අධ්‍යාපන ආයතනයක් තුළ ලිංගික අතවරය සිදුව ඇත්තේ නම් විමර්ශනය සහ ක්‍රියාමාර්ග සඳහා විදුහල්පති/පීඨාධිපති/රෙජිස්ත්‍රාර් හෝ අධ්‍යක්ෂක වෙත දැනුම් දෙන්න. අධ්‍යාපන ආයතනය මගින් කිසි පියවරක් නොගන්නේ නම් ඔබට එම සිදුවීම පොලීසියටද පැමිණිලි කළ හැක. ලිංගික හිංසනය පිළිබඳ නීති මලාවක් විශ්ව විද්‍යාලයක් හෝ ආයතනයක් සතුවිය හැක. එවැනි නීති මාලාවක් යොදාගෙන ඇත්දැයි සොයා බලා එහි එන ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න.

    # සේවා ස්ථානය තුළදී ලිංගික අතවරය සිදුවන්නේ නම් ඔබගේ ප්‍රධානියාට මානව සම්පත් කළමනාකරුට හෝ වෙනත් වගකිවයුතු අයකුට පැමිණිලි කරන්න. සමාගම හෝ ආයතනය සතුව ලිංගික හිංසනය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඇත්නම් එහි දක්වා ඇති ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. මේ සියල්ලෙන් ප්‍රථිපලයක් නොමැතිනම් පොලීසියට පැමිණිලි කරන්න.

    # කායික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිද්ධියක් නම්, බලයලත් වෛද්‍ය නිළධාරීවරයකු ලවා වෛද්‍යපරීක්ෂණයක් සිදු කරගත යුතුය. කෙස්, ශරීර තරල, කෙඳි සහ වෙනත් සාක්ෂි කිසිවක් ඇත්නම් ඒවා රැස්කර ගැනීම වෛද්‍යවරයාගේ වගකීමයි. ශරීරයට බරපතල තුවාල සිදුවී ඇති ආකාරයේ ඕනෑම සිදුවීමක් අධිකරණ වෛද්‍ය නිළධාරියාට හෝ පොලීසියට දැනුම් දීම වෛද්‍ය නිළධාරියා වගකීමෙන් බැඳී සිටී.

    # ළඟම ඇති පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කරන්න.

    # එම පොලිස් ස්ථානයෙහි කාන්තා හා ළමා ආරක්ෂක ඒකකයක් ඇත්දැයි විමසා බලන්න. එසේත් නැතිනම් ඔබ පිරිමි පොලිස් නිලධාරියෙකුට වඩා කාන්තා පොලිස් නිලධාරිනියකට කතා කිරීමට කැමති නම් කාන්තා පොලිස් නිලධාරිනියකගේ සේවය ඉල්ලන්න. සිද්ධියට අදාළ සියලු තොරතුරු ආවරණය වී ඇති බවට වග බලා ගන්න.

    # ඔබගේ ප්‍රකාශය අත්සන් කිරීමට පෙර හොඳින් කියවා බැලීමට වග බලා ගන්න.

    # පැමිණිල්ල සටහන් කරගැනීමට අමතරව පොලීසිය විසින් භෞතික සාක්ෂි එකතු කිරීම සහ සාක්ෂිකරුවන් ඇත්නම් ඔවුන්ගෙන් කට උත්තර සටහන් කරගැනීමද කරනු ලැබේ.

    # පොලීසිය සමග මෙම කතාබහට සමහර විට පැය කිහිපයක් ගතවිය හැක. ඔබ මුහුණ පා ඇති සිද්ධිය අනුව සමහර කරුණු හාරා අවුස්සා බලන ස්වභාවයක් ගනු ඇත. සිද්ධිය පිළිබඳව කිහිප වාරයක් විස්තර ඇසීමට ඉඩ ඇත. හිංසකයාට විරුද්ධව ප‍්‍රබල සාක්ෂි සහිත චෝදනාවක් කිරීම සඳහා පොලීසියට මේ සෑම විස්තරයක්ම පැහැදිලිව නිවැරදිව අවශ්‍ය වීම මෙසේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට බොහෝ විට හේතු වේ.

    # ඔබට මතක ඇති සියලු විස්තර හැකි ඉක්මණින් ලියා තැබීමෙන් පොලීසියට තොරතුරු සන්නිවේදනය කිරීම පහසු කරයි.

    harassment-real-women-advice.jpg


    පැමිණිළි කිරීමේ ක්‍රියාවලියට සහාය දක්වන ආයතන ඇත. ඔබගේ අනුමාන සහ ගැටළුවලට පිළිතුරු සැපයීමට එම ආයතනවලට හැකියාව ඇත.

    ඒ සඳහා අවශ්‍ය තොරතුරු ඔබට පහතින් ලබා ගත හැකිය.

    s4cghf.jpg


    සේවා සපයන්නන් වෙත යන්න.

    ලිංගික හිංසනය/අතවර වාර්තා නොවීමට හේතු.

    SexualHarassment1-cropped.jpg


    # අපරාධ නීති ක්‍රමය හා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පැමිණිලි කිරීමට අනුබල නොදීම.
    # තත්වය තවත් නරක අතට හැරේයැයි යන බිය.
    # තමන්ගේ නමට සහ කීර්තිනාමයට හානි වේයයි ඇති බිය.
    # සේවා ස්ථානයේ, අධ්‍යායපන ආයතනවල සහ පොදු ස්ථානවල සාමාන්‍ය සිදුවීමක් ලෙස පිළිගැනීම.
    # නීතිමය සහන පිළිබඳ දැනුම අඩුවීම
    # සේවා ස්ථානයේ සහ අධ්‍යායාපන ආයතනවල ලිංගික හිංසනය මැඩපැවැත්වීමෙ ප්‍රතිපත්ති/ක්‍රියාමාර්ග නොමැති වීම.
    # අතවරය සිදුකළ තැනැත්තාට/අපරාධකරුට නොව අතවරයට ලක්වු තැනැත්තාට චෝදනා කිරීමේ පුරුද්ද සුලභ වීම.
    # මද ආත්මාභිමානය.

    ලිංගික හිංසනය සම්බන්ධ නීති.

    smw-dealing-with-sexual-harassment.jpg


    # ව්‍යවස්ථාවේ අංක 12(2) දරණ වගන්තියට අනූව, යම් පුද්ගලයකුට ඔහුගේ හෝ ඇයගේ ස්ත්‍රි පුරුෂ භාවය මත වෙනස් ලෙස සැලකීම පුද්ගලයකු සතු සමානාත්මතාවයට ඇති අයිතිය සම්බන්ධ මුලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි.

    # දණ්ඩ නීති සංග්‍රහයේ 1995 (සංශෝධිත) 345 වගන්තියේ අංක 22 පනත යටතේ ලිංගික හිංසනය දඬුවම් කළ හැකි සාපරාධී ක්‍රියාවකි.

    # "ලිංගික ස්වභාවයක් ගන්නා පහරදීම්, සාපරාධී බලපෑම්, හෝ අතවරයට ලක්වන පුද්ගලයා තුළ කෝපයක් ඇතිකරවන වචන හෝ ක්‍රියා අඩංගු අතවර" ලිංගික හිංසනයට අයත් වේ:

    * උසස් තනතුරු දරණ පුද්ගලයකු විසින් වචන හෝ ක්‍රියා මඟින් සිදුකරන අනිසි ලිංගික සමීපවීම් (උදා:- පෝලිස් නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන්, පාසල් නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් ආදී අය)

    * සේවා ස්ථානය තුළදී සිදුවන අනිසි ලිංගික සමීපවීම්.

    * අන්තර්ජාලය අනිසි ලෙස භාවිත කිරීම සහ අසභ්‍ය හෝ අතවර කිරීම, තර්ජනය කිරීම හෝ අපහසුවට පත් කිරීම පිණිස ලිංගික ස්වභාවයේ චෝදනා සිදුකිරීමට විද්‍යුත් තැපෑල යොදා ගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ ලිංගික අතවර ලෙස ආවරණය වේ.

    # ලිංගික හිංසනය අනුමත කිරීම හෝ එයට අනුබල දීමද නීතිය යටතේ අපරාධයකි.

    # 1998 අංක 20 දරණ අධ්‍යාපනික ආයතන තුළ නවක වධය සහ අනෙකුත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය තහනම් කිරීමේ පනත යටතේ, යම් පුද්ගලයකු අධ්‍යාපනික ආයතනයක සිසුවකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයකු නවක වධයට ලක්කරන අතර ලිංගික හිංසනය සිදුකළහොත් ඔහුට හෝ ඇයට වසර 10ක අවමයකට යටත් සිරදඬුවමක් ලබා දෙන අතර අධිකරණය මඟින් තීරණය කරණු ලබන වන්දියක් ද ගෙවීමට නියෝග කළ හැක.

    සේවා ස්ථානයේදී සිදුවන ලිංගික හිංසනය.

    sexual-harassmentg.jpg


    # ආරක්ෂාදායී සේවා පරිසරයක් ලබාදීම, ලිංගික හිංසනය කිසිසේත් නොඉවසීමේ චර්යා පටිපටියක් ස්ථාපනය කිරීම, විසඳීමට, එකඟත්වයට පැමිණීමට හෝ නඩු පැවරීමට ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම, ලිංගික හිංසනයට එරෙහිව ක්ෂණික පියවර ගැනීම සහ පැමිණිලිවල රහස්යභාවය රැකීම සේවායෝජකයාගේ වගකීමයි.

    # 1980 අල්ලස් පනත යටතේ සේවා ස්ථානය තුළ, ලිංගික පාරිතෝෂය දඬුවම් ලැබිය හැකි වරදකි. අබ්දුල් රශාක් කතුබ්දීන්ට එරෙහිව ශ්‍රී ලංකා ජනරජය නඩුවිභාගයේ රැකියාවේ උසස් වීමක් ලබා දීම සලකා බැලීම සඳහා ලිංගික වාසියක් ඉල්ලා සිටීම "අල්ලසක්" ලෙස අර්ථදක්වා ඇත.

    # හිංසනය සිදු කරන්නා, හිංසනයට ගොදුරුවන තැනැත්තාගේ අධීක්ෂණ නිලධාරියා, සේවායෝජකයාගේ නියෝජිතයකු, වෙනත් ක්ෂේත්‍රයක අධීක්ෂණ නිලධාරියකු, සේවා ස්ථානයේ සඟයකු හෝ එහි සේවකයකු නොවන අයකු විය හැක.

    # හිංසනයට ලක්වන පුද්ගලයාට ආර්ථික හානියක් හෝ රැකියාවෙන් ඉවත් කිරීමක් නොවන ආකාරයෙන් ලිංගික හිංසනය සිදුවිය හැක.

    # ලිංගික හිංසනය සම්බන්ධ සිද්ධීන්වලදී සමූහික ගිවිසුම්වල අන්තර්ගතවන ආරාවුල් විසඳීමේ යාන්ත්‍රණ භාවිත කළ හැකිය. උදාහරණ වශයෙන්, 1997 සේවක සාමූහික ගිවිසුමේ විනය පරීක්ෂණ වලට අදාළ 18 වන වගන්තිය (සියලු ලිපිකාර සේවකයන්ට අදාළ) සහ 1998 කම්කරු සාමූහික ගිවිසුමේ විනය පරීක්ෂණ වලට අදාළ 18 වන වගන්තිය (සියලු වතු කම්කරුවන්ට අදාළ) යන දෙකම ලිංගික හිංසනය ස්ම්බන්ධව කටයුතු කිරීමට අවකාශ සපයන ලෙස අර්ථකථනය කළ හැකිය.

    sexualharassmentintheworkplacecopy.jpg


    සේවා ස්ථානයේද ඇතුළුව ලිංගික හිංසනය සපුරා තහනම් කරන අන්තර්ජාතික නීති සහ සම්මුතීන්.

    sexual-kharassment.jpg


    # අභිමානයකින් යුතුව වැඩ කිරීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමකි. (මානව හිමිකම් පිළිබඳ ගෝලීය ප්‍රකාශනය, 23(1) වගන්තිය) තවද, 5වන වගන්තියේ දැක්වෙන පරිදි, කෲර, අමානුෂික, අවමන් සහගත ආයාවන්ගෙන් නිදහස්ව සිටීමට සේවකයාට ඇති අවශයතාව අභිමානයකින් යුතුව වැඩ කිරීමේ අයිතිය තුළ අඩංගු වේ. මෙම සන්දර්ය තුළ, එයට මුහුණ දෙන්නාට අවමන් සහගත සහ අනවශ්‍යයි සැළකෙන ලිංගික ස්වභාවයේ ඕනෑම හැසිරීමක් ලිංගික හිංසනය යයි අර්ථ දැක්විය හැක.

    # ස්ත්‍රින්ට එරෙහි සියලු ආකාර වෙනස්කම් පිටුදැකීමේ සම්මුතිය (කාන්තා සම්මුතිය) රැකියා තුළ සියලු ආකාර වෙනස්කම් තහනම් කරන අතර සෞඛ්‍යාරක්ෂාවට සහ සේවා තත්වයන්ගේ ආරක්ෂාවට ඇති හිමිකම සහතික කරයි.

    # කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අර්ථ දැක්වීමේදී, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ප්‍රකාෂනය තුළ "අධ්‍යාපනික ආයතන හෝ ඉන් ඔබ්බට ඕනෑම ස්ථානයක සේවා ස්ථානයේදී ලිංගික හිංසනය සහ බියවැද්දීම" පැහැදිලිව අඩංගු වේ.

    ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් සහ තීරණ භාවිතය පිළිබඳ විශේෂඥ කමිටුවේ නිර්දේශයන් ලිංගික හිංසනය ප්‍රධාන වශයෙන් සේවා ස්ථානය තුළ සිදුවන වෙනස්කමක් ලෙස අවධානයට ලක්කර ඇත. ලිංගික හිංසාකාරී හැසිරීම් ජාත්‍යාන්තර කම්කරු සංවිධාන සම්මුතීන් යටතේ සහතික කොට ඇති ආරක්ෂිත සහ හිතකර සේවා තත්වයකට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙසද සැලකිය හැක.

    workplaceharassment.jpg


    අන්තර්ජාලයේ සැරි සරනකොට දැක්කේ, කට්ටියට වැදගත් වෙයි කියලා හිතලයි දැම්මේ, අවස්ථානුකූලව අදාලා ඡායාරුප මාවිසින් යොදන ලදි, රීපොස්ට් නම් සොරිවෙන්න ඕනේ.

     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එල පොස්ට් එකක් සහෝ :)
    ගොඩක් වැදගත් තොරතුරු :yes:
    අක්කල නංගිලා වෙනුවෙන් බම්ප් එකක් :)
    +4 ;)
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Owa kriyathmak wenawa nam hodai gov than wala oya wage wada karama dena daduwama wada thaham kirima kiyana joke eka.nithimaya kriyathmaka wenne naha
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Given this broad definition, it is not surprising that sexual harassment comes in many forms. The following are all examples of sexual harassment:

    • A supervisor implies to an employee that the employee must sleep with him to keep a job.
    • A sales clerk makes demeaning comments about female customers to his coworkers.
    • An office manager in a law firm is made uncomfortable by lawyers who regularly tell sexually explicit jokes.
    • A cashier at a store pinches and fondles a coworker against her will.
    • A secretary's coworkers belittle her and refer to her by sexist or demeaning terms.
    • Several employees post sexually explicit jokes on an office intranet bulletin board.
    • An employee sends emails to coworkers that contain sexually explicit language and jokes.


    What is sexual harassment?

    The Supreme Court defines sexual harassment as any unwelcome sexually determined behaviour such as physical contact and advances, a demand or request for sexual favours, sexually coloured remarks, showing pornography or any other unwelcome physical, verbal or non-verbal conduct of a sexual nature. Sexual harassment is a manifestation of power relations and a form of gender discrimination.

    As a result, women are much more likely to be sexually harassed than men. According to the International Labour Organisation (ILO), this is 'precisely because women lack power, are in more vulnerable and insecure positions, lack self-confidence, or have been socialised to suffer in silence.'

     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Sexual Harassment at Work

    Talent is important. So is your resume, but then so is diplomacy. Inter-personal skills have started to play a large role in where your career is headed. Discussions during coffee breaks, impromptu lunches and water cooler conversations, life sometimes seems like an endless task of forging connections. In such an environment, lines do get trespassed. But not all lines.

    Sexual comments or inappropriate conduct should not be something you should find yourself getting used to. If you have been holding back your anger because you feel that you might be regarded as a prude, a social outcast or even lose your job, then it's time you toughened up and geared up for battle as experts tell you how to handle that extra friendly colleague without hurting yourself along the way.