මේ වගේම වැඩක් මම ඉස්කොලේ යන කාලේ අහල තියෙනවා. අපි පොඩි කාලේ අපේ වත්තේ ඒක කරලා බලලා තියෙනවා. හැමෝටම එකම තැන් වල තමයි වතුර තියෙනවා කියලා පෙන්නුවේ. ලිං හාරන්න නෙමෙයි, නිකන් කරලා බැලුවේ.
ඒක කරන්නේ ඉරට්ටක් අරගෙන දෙකට මැදින් පලන්න ඕන. අපි හිතමු අගල් 15 ක් ඉරට්ටක් කියලා, ඒක එක කෙලවරක ඉදලා අගල් 10ක් විතර යනකල් දෙකට පලන්න ඕන. ඉතුරු අගල් 5 වෙන් නොවි තියෙන්න ඕන. කැටපෝලයක ශේප් එක වගේ කියල හිතන්නකෝ.
ඊට පස්සේ ඉරට්ටේ වෙන් නොකල පැත්ත ඉස්සරහට තියලා අනිත් පැත්තේ කෙලවර (දෙකට බෙදුනු කෙලවර )ටිකක් ඈත් කරලා (ගොඩක් දෙපැත්තට අදින්න එපා. ඉරටුව තවත් ඉරෙන්න පුලුවන් ) අත් දෙකෙන් අල්ල ගන්න ඕන. අත් වල මහපට ඇගිල්ලයි, දබරගිල්ලයි පාවිච්චි කරලා හයියෙන් අල්ලගන්න ඕන. දැන් ඉරටුව තියෙන්නේ පොලොවට සමාන්තරව. ඊට පස්සේ වත්තේ ඉරටුව එහෙම අල්ලගෙන වත්තේ ඇවිදින්න. එතකොට ඉරටුවේ ඉදිරි කොටස (එකට යා වෙලා තියෙන පැත්ත ) සමහර තැන් වලදි පොලොව පැත්තට නැමෙනවා. ඒ තැන් වල වතුර තියෙනවා කියල තමයි කියන්නේ.