ලිනක්ස් ඉගන ගමු

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ලිනක්ස් ඉගන ගමු

මුල සිට ලිනක්ස් ඉගන ගමු

Linux.jpg


ආයුබෝවන් එළකිරි සාමාජිකයිනි

මගේ ලිපි පෙලේ මේ වැයම ලිනක්ස් පිලිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා දීම සහ සාමාන්‍ය ජීවිතයේදී ලිනක්ස් භාවිත කරන්නේ කොහොමද කියල වටහා දීමයි. මෙය කොටස් 5 කින් යුතු පාඩම් මාලාවකි. මෙය කොටස් වශයෙන් පලවන බව කරුණාවෙන් සලකන්න. ( මගේ වෙලාව පිලිබඳ ප්‍රශ්නයක් නිසා සමහර ලිපි පළවීමට ප්‍රමාද විය හැක. ඒ පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරමි:D:D. )


මම පිලිබඳ හැදින්වීමක් කලහොත් මගේ නම සිරිපාල වෙමි :D:D ම දැනට ලෝකයේ යම් තැනක ලිනක්ස් සම්බන්ද ආයතනයක සේවය කරමි. ( මේ දවස් වලනම් ලංකාවේ :D:D ) ඉතින් මගේ දැනුම තව කෙනෙකුට ඉගැන්වෙමට ම මහත් සේ ඇලුම් කරමි.


වැඩි කතා නැතුව අපි පාඩම් මාලාව පටන් ගනිමු.


පාඩම් මාලාව අංක 01

මොකක්ද මේ ලිනක්ස් කියන්න , දැනටමත් ඔබ මේ පිලිබඳ දන්නවට සැකයක් නැහැ. නමුත් නිවැරිදි ලෙස නිර්වචනය කළහොත් ලිනක්ස් යනු දැනට ඔබ භාවිත කරන windows මෙහෙයුම් පද්ධතියකි බඳු තවත් මෙහෙයුම් පද්ධතියකි . තවද ලිනක්ස් යනු යුනික්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගත් oparating system එකකි .

දැනට ඔබ භාවිත කරන windows මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් වලින් වෙන්වන්නේ මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියකි වන බැවිනි .මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට, ලබා ගැනීමට, බෙදා හැරීමට හා වෙනස් කිරීමට ඉඩ සලසයි.

මුල් කාලයේ ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. නමුත් පසු කාලීන ව IBM, Sun Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන ව ලිනක්ස් වැඩතල මෙහෙයුම් පද්ධතියක් ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම හා නිදහස මෙහි සාර්තකත්වයට හේතුවී ඇත

ම මෙහිදී වැඩිපුර ලිනක්ස් වල ඉතිහාසය කතා කිරීමට බලාපොරුත්තු වන්නේ නැහැ. ඔබට වැඩිපුර ඉතිහාසය පිලිබඳ විස්තරක් අවශ්‍යනම් google.com පරිශීලනය කරනමෙන් ඉල්ලා සිටිමි.

වසර 1964 පමණ කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැචුසෙට් තාක්ෂණ ආයතනය MIT, General Electric ආයතනය සහ Bell Labs ආයතනයද එක්ව Multics නමින් පරිගණක මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකෙරිණි. එහෙත් වසර 1969 වනතෙක්ම ව්‍යාපෘතිය සම්පූර්ණ කරගත නොහැකිවූ හෙයින් Bell Labs ආයතනය එම ව්‍යාපෘතියට දැක්වූ දායකත්වය අවසන් කළේය. එහෙත් Bell Labs ආයතනයේ ඩෙනිස් රිචී සහ කෙන් තොම්සන් යන පරිගණක විද්‍යාඥයින් දෙදෙනාට මෙවැනි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඇතිවී තිබුණි. එහෙයින් ඔවුන් සතු PDP-7 නමැති කුඩා පරිගණකය මත ක්‍රියාත්මක වියහැකි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණයකර එය යුනික්ස් Unics ලෙස හඳුන්වන ලදී. පසුකාලීනව එහි නාමය Unix ලෙස වෙනස් වූ අතර ඩෙනිස් රිචී පරිගණක විද්‍යාඥයා විසින් B පරිගණක ක්‍රමලේඛ භාෂාව මඟින් වැඩිදියුණු කරන ලද C පරිගණක ක්‍රමලේඛ භාෂාව ආධාරයෙන් වසර 1973 පමණ නැවත ක්‍රමලේඛගතකරන ලදී.

ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් සඳහා තාක්ෂණික සහාය ලබාදීම සඳහා ගෙවීමක් කර ආයතනයක් මගින් හෝ මිලියන සංඛ්‍යාතයක් වන ලිනක්ස් පරිශීලකයන් ගෙන් online forums, newsgroups සහ mailing lists මගින් නොමිලේ සහය ලබා ගත හැක.
ව්‍යාපාරික රාමුවේ දී තාක්ෂණික සේවාවන් සඳහා යම් මුදලක් අය කරනු ලැබේ. මේ නිසා විශේෂයෙන් ව්‍යාපාරික භාවිතය සඳහා වෙනමම පැකේජ ලබාදීමට සමහර ලිනක්ස් ආශ්‍රිත සේවා ලබාදෙන ආයතන ක්‍රියා කරයි. මේ සමඟ ම එම විශේෂ ලිනක්ස් පැකේජයට අනන්‍ය වූ පරිපාලන මෘදුකාංග ලබාදීමෙන් ලිනක්ස් භාවිතය පහසුකර දී ඇත.

රිචඩ් ස්ටෝල්මන්

වසර 1983 වන විට [Unix] මෙහෙයුම් පද්ධතිය මත පදනම් වූ වානිජමය පරිගණක මෙහෙයුම් පද්ධති ඉතා ප්‍රචලිතව පැවතිණ . එහෙත් ඒවායේ ක්‍රමලේඛණය නිදහස් නොකිරීමට ඒවායේ නිර්මාණකරුවන් වගබලාගත්හ. එවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ මැචුසෙට් තාක්ෂණ ආයතන‍යේ MIT කාර්යේ නියුතුව සිටි රිචඩ් ස්ටෝල්මන් Richard Stallman නමැති පරිගණක විද්‍යාඥයා මෙම ක්‍රමලේඛණ නිදහස් නොකිරීම පිළිබඳ මහත් කණස්සල්ලට පත්ව සිටියේය. එබැවින් වසර 1983 දී මැචුසෙට් තාක්ෂණ ආයතන‍ය හැරදමා යන ඔහු නිදහස් මෘදුකාංග පදනම ආරම්භකරමින් [Unix] වැනි නිදහස් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණින් GNU Project ව්‍යාපෘතිය ආරම්භකලේය. ඉන් පසු ලොවපුරා සිටින පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන්ගේද දායකත්වයෙන් වසර 1990 පමණ වනවිට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයන්ම පාහේ අවසන් වී තිබුණි. එහෙත් මෙම මෙහෙයුම් පද්ධතියට අත්‍යවශ්‍ය අංගයක් වන කර්නලය රිචඩ් ස්ටෝල්මන්ට අවශ්‍ය පරිදි නිමවී නොතිබුණි. ඒ සඳහා ඔහුට ලීනස් ට්‍රොවල්ඩ්ස් ගේ ආගමනය තෙක් නැවතීමට සිදුවිය.
වසර 1991 දී පින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ලීනස් ට්‍රොවල්ඩ්ස් නම් 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවා පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබඳ උනන්දුවක් දැක්වූවෙකි. ඔහු විශ්වවිද්‍යාලය්දී අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කලේ ඔහුගේ ගුරුවරයා වු ඇමෙරිකානු ජාතික මහාචාර්ය ඇන්ඩෘ ටැනන්බෝම් විසින් ක්‍රමලේඛ ගතකරන ලද [Unix] වැනි MINIX නමැති මෙහෙයුම් පද්ධතියයි. ඔහු මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති ක්‍රමලේඛ භාවිතකරමින් සහ වැඩිදියුණු කරමින් ලිනක්ස් කර්නලය නිර්මාණය කරන ලදි. පසුව ඔහු විසින් අන්තර්ජාලයට මුදාහරින ලද එම ක්‍රමලේඛණය ලොවපුරා සිටින පරිගණක ක්‍රමලේඛණ ශිල්පීන්ගේද දායකත්වයෙන් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව රිචඩ් ස්ටෝල්මන්ගේ GNU Project ව්‍යාපෘතිය මඟින් නිපැයුණු වැඩසටහන් සමඟ ඒකාබද්ධ කරමින් Linux මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක විය.


දෙවෙනි පාඩම් මාලාව ඉතා ඉක්මනින් පල කිරීමට බලාපොරොත්තු වෙමි. ( මෙහි සමහර විස්තර wikipedia මුලාශ්‍ර ඇසුරෙන් copy කර ගන්න ලදී )



ඔබට ලිනක්ස් පිලිබඳ ගැටළු පවතීනම් ඔබට skype තුලින් මව සම්බන්ද කරගැනීමට හැක. ඒ සඳහා PM පණිවිඩයක් යොමු කල හැක.
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ලිනක්ස් දෙවන පාඩම.

මට ගොඩක් කට්ටිය රේප් දීල තිබුන මගේ පළමුවෙනි පාඩමට . ඔබට බෙහෙවින්ම ස්තුත්යි .

අපි බලමු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හැදිලා තියෙන්න කොහොමද කියල.

Over View of Linux Operating System

ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මුලික වශයෙන් පැහැදිලි කරන්න පුළුවන් Kernel & Shell කියන දෙකෙන්

Kernel එක කියන්නේ Main Program එක ලිනක්ස් වල .Kernel එකෙන් තමයි hardware කොටස් සමග සම්බන්ධතාවය පවත්වාගෙන යන්න . Kernel එක මගින් CPU , Memory , Hard Disk , Mother board , Sound Cards , Network cards etc..ඇතුලු උපාංග සමග සම්බන්ධතාවය පවත්වාගන යයි .

Shell එක ක්‍රියාත්මක වන්නේ kernal එක සහ user අතර සම්බන්දතාවය පවත්වාගන යාමටයි. උදාහරණයක් වශයෙන් ගත්විට ඔබ දෙන විධාන (commands ) Kernel එකට pass කරන්නේ shell එකයි .

වැඩිදුර පැහැදිලි කරගැනීමට අවශ්‍ය නම් පහත පලවන රුප සටහන බලන්න.

kernl_shell.JPG



පහතින් පලවෙන්නේ ලිනක්ස් වල Directory Structure එකයි. මේ රූප සටහන් ඔබව සංකීර්ණ තත්වයකට පත්කරයි නම් එය නොසලකා හරින්න මන්ද ඔබට ඉදිරි පාඩම් වලදී මෙම රුප සටහන පිලිබඳ අවබෝධයක් නිරායාසයෙන්ම ලැබෙන බැවිනි.

linux_directory_structure.JPG



linux_directorys.JPG
 
Last edited: