ලිබර්ටි ප්ලාසා හි ගණිකා මධ්‍යස්ථානය වටලන

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලිබර්ටි ප්ලාසා හි ගණිකා මධ්‍යස්ථානය වටලන

    ලිබර්ටි
    ප්ලාසා හි ගණිකා මධ්‍යස්ථානය වටලනවා යන්න සියතින් ගෙල කපා ගැනීමක් බඳුය.


    කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලෙහි ඉහළ මහල්වල ඇති නිවාස කිහිපයක් යොදා ගනිමින් කාලයක් තිස්සේ කරගෙන ගිය සුපිරි ගණිකා මධ්‍යස්ථානය දැන් එහි නැත. ‘ජිනා මැඩම්’ නමැති කාන්තාව විසින් කරගෙන ගිය එම ගණිකා මධ්‍යස්ථානය වැසෙන්නේ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බළකාය එම ස්ථානය වටලා අවසානයේදී ජිනා මැඩම් නමැති එහි හිමිකාරිනිය කොටුකර ගැනීමත් සමගිනි.
    විදෙස් රටවල ගණිකාවන්ගේ පවා පහස ලබා ගැනීමට හැකි එම සුපිරි ගණිකා නිවාසයට ආ ගිය අය අතර මැති ඇමැතිවරුන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන්ද සිටි බවට විවිධ කතා බහ පැතිරිනි. වරක් එම ගණිකා මධ්‍යස්ථානය වැටලීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයට එහි රැඳී හුන් නියෝජ්‍ය ඇමැතිවරයෙකු අතටම හසු වී තිබිණි. ඔහුව එසේ හසුවන්නේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු ලෙස උසස් වීම් ලබා මේ වනවිට විශ්‍රාම ගොස් සිටින සරත් ලූගොඩ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරය දරමින් සිටින කාලයේ දීය.
    ඉහළ දේශපාලන සහ ‍පොලිස් රැකවරණ මත ක්‍රියාත්මක වුණු බව පැවැසුණු ජිනා මැඩම්ගේ ලිබර්ටි
    ප්ලාසා හි ගණිකා මධ්‍යස්ථානය වටලනවා යන්න සියතින් ගෙල කපා ගැනීමක් බඳුය. ඒ එය නිල ඇඳුමේ තරුපටි පවා ගැලවෙන වරදක් බවට පත්වන බැවිනි. සරත් ලූගොඩ මහතා නීතිය ක්‍රියාත්මක කිරීමට ජිනා මැඩම්ගේ ගණිකා මධ්‍යස්ථානය වැටලීමට රහසිගත මෙහෙයුමක් දියත් කරනුයේ ඉහළ ‍පොලිස් නිලධාරින්ටද හොරාය.
    එදා ඒ වැටලීමේදී ජිනා මැඩම් පස්සා දොරින් පලාගියද රුසියානු, උස්බෙකිස්තානු ඇතුළු රටවල් කිහිපයකම සුරූපී ගණිකාවන් රැසක් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන්ට කොටුවන්නේ ලිබර්ටි ප්ලාසාහි ගණිකා මධ්‍යස්ථානයේ රැඳී සිටියදීය. ‍පොලිස් නිලධාරීන්ට එහිදී හමුවන විශේෂ අමුත්තා වන්නේ නියෝජ්‍ය ඇමැතිවරයාය. රුපියල් දස දහසකට රුසියානු ගණිකාවක් ඇණවුම්කර ඇය පැමිණෙන තුරු ඔහු කාමරයට වී ඒ වන විට සිටින්නේ විදේශීය මත්පැන් බෝතලයක රස විඳිමිනි. ඒ උඩුකය නිරාවරණය කර ගෙන සරමකින් සැරසීය.
    එදා එකී නියෝජ්‍ය ඇමැතිවරයා ‍පොලිස් අත්අඩංගුවට පත් නොවී බේරෙන්නේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී හැඳුනුම්පත සරත් ලූගොඩ මහතාට පෙන්වා ඔහු ඉදිරියේ දනින් වැටී තමාව මුදාහරින ලෙසට පින්සෙන්ඩු වීමෙන් අනතුරුවය.
    වරක් පක්ෂයක ‍ලේකම්වරයෙකු ද ‍පොලීසියට කොටුවී තිබුණේ කොළඹ ගණිකා නිවාසයක රැඳී සිටියදීය. එකල එල්.ටී.ටී.ඊ. යේ තර්ජන හේතුවෙන් එම දේශපාලනඥයාට විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබි ඇත. ඔහු ගණිකා නිවාසයට රිංගා තිබුණේ සිය ආරක්ෂකයන්ව ගණිකා නිවාසයේ සිට කිලෝමීටරයක් පමණ ඈතින් ඇති අතුරු මාර්ගයක නතර කොට, රහස් මිතුරෙකු මුණ ගැසීමට ඇති බව ආරක්ෂකයන්ට පවසාය. අතුරු මාර්ග තුනකින් රිංගා ඔහු එසේ ආරක්ෂකයන් මගහැර ගණිකා නිවාසයට පැමිණෙනුයේ පා ගමනින් වීමද අපූරු සිද්ධියකි.
    ‍පොලිස් කණ්ඩායම එම ගණිකා නිවාසයට කඩා පනිනුයේ මෙම දේශපාලනඥයා එහි සිටින බව දැනගෙන නොවේ. ඔහු ‍පොලීසියට කොටුවන්නේ අහඹු ලෙසිනි. ඒ වනවිටත් ගණිකාවන් සමග යහන් ගත වී සිටි එම දේශපාලනඥයාද ‍පොලිස් බලධාරීන් ඉදිරියේ ඔහුව මුදා හරින ලෙසට බැගෑපත්වී තිබුණේ දෑත් එක්කොට වැඳ වැටෙමිනි.
    මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරින් කණ්ඩායමක් වරක් කොළඹ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ තැනක සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය චීන ගණිකා නිවාසයක් වටලන්නට ගියෝය. සංචාරක වීසා මගින් මාස හයක කාලයකට මෙරටට ගෙන එනු ලබන චීන ජාතික සුරූපිනියන් යොදාගෙන එකල කරගෙන ගිය එම ගණිකා නිවාසය මෙරට ඉහළ පැලැන්තිය අතර ප්‍රසිද්ධ ස්ථානයකි. ඒ ඉහළ සමාජයේ වැජඹෙන පුද්ගලයන් රැසක් නිතර එහි ආ ගිය ගනුදෙනුකරුවන් අතර සිටි බැවිනි.
    ‍පොලීසිය එම ස්ථානය වටලන විට, ගණිකා වෘත්තියේ නිරත වෙමින් සිටි චීන සුරූපිනියන් කාමරවලින් පැන දිවයන්නට වූයේ අඩ නිරුවතිනි. ඒ අයගෙන් ඇතැමුන් ඩුප්ලිකේෂන් පාරට පැන තිබුණු අතර තවත් සමහරුන් තාප්පවලින් පැන අවට ගෙවතුවල සැඟවී සිටියෝය. ඩුප්ලිකේෂන් පාරේ අඩ නිරුවතින් දිවගිය ඒ ගණිකාවන් දෙස බලන්නට ගොස් වාහන රැසක්ද එකල අනතුරට පත් වූ බව වාර්තා විය.
    දූෂණ මර්දන බළකායේ නිලධාරීන් වරක් ගල්කිස්සේ පිහිටි ගණිකා නිවාසයක් වටලනු ලබන්නේ වෙස් වලාගත් උපාය දූතයෙකු යොදා ගනිමිනි. ඔහුද ‍පොලීසියේ නිලධාරියකුම විය. එම ගණිකා නිවාසයේ රැඳී සිටි සුරූපී තරුණියන් හතර පස් දෙනෙකුද එහිදී කොටුවිය. සාරියකින් සැරසී සිටි සුරූපිනියක් කෙරෙහි එහිදී කොයිකාගේත් අවධානය යොමුවූයේ ඇය සැබෑ ලෙසම හින්දි නිළියකගේ මෙන් පියකරු පෙනුමක් ඇති තැනැත්තියක වූ බැවිනි. ඇගේ අඟ පසඟ ද දුටුවන් මන්මත් කරන්නට සමත් විය.
    ගණිකාවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ අයව කාන්තා නිලධාරින් මගින් පරීක්ෂා කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මෙහිදී ද එය එසේම විය. අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් කිහිප දෙනා කාමරයක දමා පරීක්ෂා කරන්නට වූ කාන්තා ‍පොලිස් නිලධාරිනිය මඳ වේලාවකට පසු කෑ මොර දෙමින් කාමරයෙන් එළියට පැනගත්තේ සර් මිනිහෙකුත් ඉන්නවා යනුවෙන් කෑ ගසමිනි. කාමරයේ සිටි පිරිමියා වෙන කිසිවෙකුත් නොව අර කලින් කී සුරූපී තරුණිය බව හෙළිවිය.
    සොයා බැලීමේදී අනාවරණය වන්නේ එම ‘තරුණිය’ ලිංගික විපර්යාසයකට ලක්වෙමින් සිටින අයෙකු බවය. කොණ්ඩය, ළැම ප්‍රදේශය, සිරුරේ හැඩය, කටහඬ සියල්ල වෙනස් වී ඇතත් ලිංගේන්ද්‍රිය පමණක් වෙනස් නොවී පැවතිණි. ඇය ගණිකා වෘත්තියේ නිරතව සිට ඇත්තේ එම තත්ත්වය වෙනස් කරගැනීම සඳහා ශල්‍යකර්මයක් කරගන්නට මුදල් සොයා ගැනීමටය.
    මාස කිහිපයක් පුරාම ඇය තරුණියක් ලෙස පෙනී සිටියත්
    විශේෂත්වයක් වන්නේ එම නිවසේ සිටි කිසිදු ගණිකාවක් ඇය ලිංගික විපර්යාසයකට පත්වෙමින් සිටි පිරිමියෙකු බව දැන නොසිටීමය. තවත් අපූරුම කාරණයක් වන්නේ ඇය විවිධ උප්පරවැට්ටි මගින්, තමා වෙත එන ගනුදෙනුකරුවන් පවා රවටා තිබිමය.
    උඩහමුල්‍ල පිහිටි ගණිකා නිවාසයක් වැටලූ අවස්ථාවේදී මිරිහාන ‍පොලීසියේ කණ්ඩායමකට

    ආරක්ෂක අංශයක සිටි ඉහළම නිලධාරියෙකුද කොටු වී තිබිණි. ඒ වන විට විශ්‍රාම ගොස් සිටි එම නිලධාරියා මේජර් ජෙනරාල්වරයෙකි. එකල ප්‍රසිද්ධ චරිතයක් වූ ඔහු හැඳුනුම්පත පෙන්වා ‍පොලීසියෙන් බේරෙන්නේ මේ ගැන කිසිවෙකුටත් හෙළිනොකරන ලෙසට බැගෑපත් වෙමිනි.

    ගණිකා වෘත්තියේ නිරතව සිටිමින්, ටෙලි නාට්‍ය නිළියන් ලෙසද පෙනී සිටි වැඩි දෙනෙකු නීතිය ඉදිරියට ගෙන එනු ලැබුවේ ද මිරිහාන ‍පොලීසියේ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විසිනි. වරක් එම ‍පොලිස් කණ්ඩායම දැල එලූයේ එකල ජනප්‍රිය ටෙලිනාට්‍යයක ජනප්‍රිය ආධුනික නිළියක් කොටු කරගන්නටය. වෙස් වලාගත් උපාය දූතයා ලෙස ‍පොලිස් කොස්තාපල්වරයෙකු යොදවනු ලැබුවේ ‍පොලිස් කණ්ඩායම් ප්‍රධානී භාතිය ජයසිංහ මහතාගේ උපදෙස් අනුවය.
    ඇය සමග ගනුුදෙනුව කතාබස් කර ගැනීමෙන් පසු කොස්තාපල්වරයා නුගේගොඩ පිහිටි හෝටලයකට ඇය රැගෙන ගියේය. මඳ වේලාවකට පසු භාතිය ජයසිංහ ඇතුළු ‍පොලිස් කණ්ඩායමක්ම එහි කඩා වදින්නේ කල්තියා කළ සැලසුමට අනුවය.
    මෙයා මගේ බෝයි ෆේ‍රන්ඩ්. ඇයි අපිට කාමරේක ඉන්න තහනම්ද? ඇය එහිදී භාතිය ජයසිංහ ඇතුළු ‍පොලිස් නිලධාරින්ට කඩා පනිමින්, නීතිය උගන්වන්නට ගත්තේ නීති‍පොතේ වගන්ති සහ නඩු තීන්දුද ගෙනහැර පාමිනි. අවසානයේ ඇයට කට පියාගන්නට සිදු වන්නේත්, ‍පොලිස් නිලධාරින් ඉදිරියේ තමාව මුදාහරින ලෙස වැඳ වැටෙන්නට සිදුවන්නේත් වෙස්වලාගත් උපාය දූතයා ලෙස ඇය සමග කාමරයේ සිට ඇත්තේ ‍පොලීිසියේම කොස්තාපල්වරයකු බව අනාවරණය වීමත් සමගය.
    ප්‍රධාන පෙළේ ගුවන් විදුලි නාලිකාවක ප්‍රවර්ධන නිලධාරිනියකද, විනිසුරුවරයෙකුද ඇතුළු විවිධාකාර පුද්ගලයන් ගණිකා නිවාසවලදී ‍පොලීසියට කොටුවී තිබෙන අතර ඒ අයගෙන් ඇතැමුන්ට ‍පොලීසිය දුටුවිට මුත්‍රා පවා පහවුණු අවස්ථා ඇති බව පැවසේ. ඒ බව සඳහන් කරනුයේ එවන් වැටලීම්වලට බහුලව සම්බන්ධ වන නිලධාරින්ය.
    විශේෂ ‍පොලිස් කණ්ඩායමක් වරක් කළ වැටලීමකදී සුරූපී තරුණියක් කොටුවන්නේ ‍පොලිස් උපාය දූතයෙකු සමග හෝටල් කාමරයකට ගියවිටය. එහිදී හෙළි වන්නේ එම තරුණියව ගණිකා වෘත්තියට යොමු කර ඇත්තේ අන් කිසිවකු නොව සැමියා විසින්ම බවය. වෘත්තියෙන් රූපවාහිනී අලුත් වැඩියා කරන්නෙකු වන ඔහු ඊට මාස කිහිපයකට පෙර විවාහ වූ බිරිඳව ගණිකාවක් ලෙස අලෙවි කරන්නට පටන් ගෙන ඇත්තේ තම ව්‍යාපාරය දියුණු කර ගන්නට මුදල් සොයා ගන්නටය. මේ සියල්ල සිදුව ඇත්තේ ඇගේද කැමැත්ත මත වීම තවත් අපූරු කාරණාවකි. ඒ දෙදෙනා විවාහවී ඇත්තේද දීර්ඝ පෙම් සම්බන්ධයකින් පසුවය.
     
    • Like
    Reactions: sami_boy and djnick

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Sure ekatama meka Divaiana pattare giya article ekak wenna ethi. Pattara wikunaganna samajaye kunu raha kara kara dena eka thamai un karanne.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    විදේශීය ගණිකාවන් ගේන්න නීතියෙන් අවසර තියනවා කියන්නේ ඇත්තද?
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,275
    963
    113
    Den owa neth da ban ethakota, colombo , negambo wala hiyena almost spa ehemai, J spa at juliyana 12,000 enter and for service 15000/-, ewa tawama thiyenawane ban