ලිබියානු_නායක

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලිබියානු නායක ගඩාෆි ඝාතනය

    ga1.jpg


    * මෙය කෘර ඝාතනයක්‌ ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල්

    * ගඩාෆි ගමන්ගත් රථ සමූහයට නේටෝ ප්‍රහාර එල්ල වුණා

    * ගඩාෆිගේ හිසට වෙඩි තැබූ ලිබියානු කැරලිකරුවන්
    සිරුර වීදි දිගේ ඇදගෙන ගියා

    * ගඩාෆිව මැරුවේ ඩොලර් බිලියන 500 ක
    තෙල් ලාබය නතර කිරීමට සැලසුම් කිරීම නිසයි

    * අපි ගඩාෆිව මරන්න තීරණය කළේ නැහැ
    - වත්මන් නායක ජිබ්රිල්


    ලිබියානු නායකයාව සිටි කර්නල් මුවම්මර් ගඩාෆි වසර 42 ක්‌ ලිබියාවේ වැජඹුණේ ප්‍රතාපවත් අභීත සිංහයකු ලෙසිනි. එහෙත් පසුගිය බ්‍රහස්‌පතින්දා සවස ලිබියානු නායකයාව ලිබියානු කැරලිකරුවන් විසින් අත්අඩංගුවට ගෙන දරුණු ලෙස වධහිංසා පමුණුවා හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

    ගඩාෆිව ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගත් පුවත සිය බ්ලැක්‌බෙරි ජංගම දුරකථනයේ සටහන් වී ඇති බව දුටු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් "නියමයි" යෑයි කියා සිටියාය. (Wow! Hillary Clinton
    reacts)

    මෙලෙස ගඩාෆිව ඝාතනය කළ ලිබියානු කැරලිකරුවෝ ඔහුගේ සිරුර ගිලන් රියට විසි කළහ. අනතුරුව ඔහුගේ සිරුර මත කැරලිකරුවන් දස දෙනෙක්‌ වාඩිවී සිටිනු තමා දුටු බව හොලි පිකට්‌ නමැති මාධ්‍යවේදිනිය කියා සිටියාය.

    මෙලෙස ලිබියානු නායකයාව කෲර ලෙස ලිබියානු කැරලිකරුවන් විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිසිම මානව හිමිකම් සංවිධානයක්‌ විසින් හඬ නැඟුවේ නැත. ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ප්‍රංශ අගමැති සාකෝර්සි සිය ප්‍රසාදය පළ කළේය.

    මේ අතර ලිබියානු නායකයාව අල්ලා ගැනීමට දියත්වූ මෙහෙයුම ගැන තොරතුරු හෙළිවී ඇත. මේ එම ක්‍රියාදාමයයි.

    ඔක්‌තෝබර් 20 පෙරවරු 8.30 - සර්ට්‌ නගරයේ සිට සැතපුම් දෙකක්‌ ඈත මහාමාර්ගයේ ගමන් කරමින් තිබූ සන්නද්ධ රථ පෙළකට ප්‍රංශ ප්‍රහාරක යානා විසින් මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කෙරිණි. මේ රථ සමූහයේ ගඩාෆි සිටි බව වාර්තා විය. මෙකී ගුවන් ප්‍රහාරයෙන් ගඩාෆිට රැකවරණ සැපයූ සන්නද්ධ රථ 15 ක්‌ විනාශ විය. තුවාල ලත් ගඩාෆි තමාට හිතවත් රැකවලුන් පිරිසක්‌ සමග අසල පිහිටි උමං මාර්ගයක්‌ වෙත දිවගොස්‌ ඇත.

    පෙරවරු 9.10 - ප්‍රංශ ප්‍රහාරක යානා නියමුවන් විසින් ගිනිගන්නා වාහනවල සිටි පිරිසක්‌ උමගක්‌ වෙත දිවගිය බවට ලිබියානු කැරලිකරුවන් වෙත දැනුම් දී තිබේ.

    පස්‌වරු 2.00 - ලිබියානු කැරලිකරුවන් විසින් ගඩාෆි සැඟවී සිටි උමග වෙත ප්‍රහාරයක්‌ එල්ල කර ඇත.

    පස්‌වරු 2.30 - ගඩාෆිට මි.මී. 9 පිස්‌තෝලයකින් වෙඩි තබන බව තමා දුවේ යෑයි සර්ට්‌ නගරවැසියකු විසින් විදේශ මාධ්‍යවලට හෙළි කිරීම.

    පස්‌වරු 2.56 - ගඩාෆිව අත්අඩංගුවට ගැනීමෙන් පසු මියගිය බව රොයිටර් ප්‍රවෘත්ති සේවය විසින් නිවේදනය කිරීම

    පස්‌වරු 3.44 - ලේ වැකුණු මුහුණින් යුත් ගඩාෆිව අල්ලාගෙන සිටින අයුරු දැක්‌වෙන දර්ශන ජංගම දුරකථන වෙත විකාශනයවීම.

    පස්‌වරු 4.02 - ලිබියානු කැරලිකරුවන් විසින් ගඩාෆිට සමාන අයෙක්‌ව වීදි දිගේ ඇදගෙන යන අයුරු අල් ජසීරා රුපවාහිනිය විසින් විකාශනය කිරීම

    පස්‌වරු 4.31 - ගඩාෆිගේ පුත් මුටාසිම්ගේ සිරුර සර්ට්‌ නගරයේ තිබී සොයා ගැනීම

    පස්‌වරු 4.32 - ලිබියානු වැඩබලන අගමැති මහමුද් ජිබ්රල් විසින් ලිබියානු රූපවාහිනිය ඔස්‌සේ ජනතාව අමතමින් ගඩාෆි මියගිය බව ප්‍රකාශ කිරීම.

    පස්‌වරු 4.56 - ගඩාෆි ළඟ තිබූ බව කියන රන් පිස්‌තෝලය ලිබියානු කැරලිකරුවන් විසින් ප්‍රදර්ශනය කිරීම.

    පස්‌වරු 4.59 - ගඩාෆිගේ ලේ වැකුණු සිරුර බිම දිගේ ඇදගෙන යන අයුරු අල්ජසීරා රුපවාහිනි සේවාව විසින් විකාශනය කිරීම.

    පස්‌වරු 7.50 - ගඩාෆිගේ පුත් සයිප් ද මියගොස්‌ ඇතැයි හෙළිවීම.

    1969 දී ලිබියාවේ ඉද්රිස්‌ රජුව ලේ වැගිරීමකින් තොරව බලයෙන් පහකළ ගඩාෆි ඝාතනයවීමට විනාඩි 40 කට පෙර තමාව අල්ලා සිටි කැරලිකරුවන් අමතමින් මා නුඹලාට කළ වැරැද්ද කුමක්‌දැයි විමසා ඇත. මට එරෙහිව නඩු විභාගයක්‌ පවත්වන්න යෑයි ඔහු තවදුරටත් කියා සිටියේය. එහෙත් ලේ පිපාසිත කැරලිකරුවෝ ගඩාෆිගේ ඉල්ලීමට ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත. තමාව නොමරන්න යෑයි ද ඔහු බැගෑපත් වී ඇත. එසේ වුවත් ලිබියානු කැරලිකරුවෝ පැමිණිලිකරු, සාක්‍ෂිකරු, විනිසුරු, ජූරිය සහ අළුගෝසුවා ලෙස ක්‍රියා කළහ. ගඩාෆිව අල්ලා ගැනීමේ පුවත වාර්තා වන විට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන් සිටියේ කාබුල් නුවරයි. ඇය හෝ ජනාධිපති ඔබාමා ලිබියානු නායකයන්ට කතා කර ගඩාෆිව බේරා ගැනීමට ක්‍රියා කළේ නැත.

    විනාඩි කීපයකදී කැරලිකරුවන් විසින් ගඩාෆිට වෙඩි තැබුවේ පාරේ දඩාවතේ යන සුනඛයකුට වෙඩි තබන අයුරින් යෑයි විදේශ මාධ්‍ය කියා සිටියේය.

    මෙහිදී ගඩාෆිගේ සිරුර සර්ට්‌ නගරයේ වීදි ඔස්‌සේ ඇදගෙන යමින් ප්‍රදර්ශනය කරද්දී ලිබියානු වැඩබලන නායක ජිබ්රිල් නිහඬ විය.

    ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් මෙය හෙළාදකිමින් පැවසුවේ ගඩාෆිව කෲර ලෙස ඝාතනය කර ඇති බවයි.

    ලිබියාවේ හිටපු නායකයාව මෙලෙස අමානුෂික ලෙස ඝාතනයවීමෙන් පසු ප්‍රංශ ජනාධිපති සර්කෝසි පැවසුවේ ගඩාෆිගේ මරණයෙන් ලිබියාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසි බවයි. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසුවේ නිර්භීත ලිබියානුවන්ට තම ප්‍රණාමය පුද කරන බවයි.

    එහෙත් බරපතළම ප්‍රකාශය කළේ ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමායි. "මේ අවස්‌ථාව පැමිණෙන තුරු අපි බලා සිටියෙමු. අනිකුත් මැදපෙරදිග රටවල නායකයන්ට ද මෙය පාඩමක්‌"යෑයි සඳහන් කළේය.

    මේ අතර අවසාන මොහොතේ ගඩාෆි තම හිතවතුන් සහ රැකවලුන් සමග පැනයැමට ගත් උත්සාහය හෙළි විය. සර්ට්‌ නගරයේ සිට වාහන 100 කින් පෙරේදා අලුයම ගමන් ඇරැඹූ ගඩාෆි ගැන නේටෝ බළකායේ ෙඩ්‍රාaන් විමර්ශන යානාවක්‌ නිසා අනාවරණය විය.

    මේ සමගම ක්‍රියාත්මක වූ නේටෝ බළකාය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ රැපල් ප්‍රහාරක යානා එවා එම රථ සමූහයට ප්‍රහාර එල්ල කෙරිණි.

    මෙහිදී ගඩාෆිගේ සෙබළුන් ඇතුළු පනහක්‌ මරුමුවට පත්විණි.

    ගඩාෆි අසල පිහිටි උමං මාර්ගයේ සැඟවුණු අතර එම ස්‌ථානයට කඩාවැදුණු ලිබියානු කැරලිකරුවෝ ගඩාෆිගේ රැකවළුන් පස්‌ දෙනකුට වෙඩි තබා මැරූහ.

    එහෙත් එක්‌ ආරක්‍ෂකයෙක්‌ ලිබියානු කැරලිකරුවන් වෙත සමීපවී මගේ ස්‌වාමියා තුවාල ලබා සිටිනවා වෙඩි තැබීම නවත්වන්න යෑයි ඉල්ලා තිබේ.

    එහෙත් ලිබියානු කැරලිකරුවෝ ගඩාෆිට අනුකම්පාව දැක්‌වූයේ නැත.

    ඔහුගේ රැකවලා ද ඝාතනය විය. ලිබියාවේ වෙඩ්‍රයින් ගෝත්‍රික නායකයකුගේ පුත්‍රයකු වූ ගඩාපි 1942 දී උපත ලැබුවේ ද ඔහු ඝාතනය වූ මධ්‍යධරණී මුහුද අසල පිහිටි සර්ට්‌ නගරයේයි. 1988 දී මගීන් 270 ක්‌ මරුමුවට පත් කරමින් ස්‌කොට්‌ලන්තයේ සිදුවූ පැනෑම් ගුවන් අනතුර මෙහෙය වන ලද්දේ ගඩාෆි බවට චෝදනා නැඟූහ.

    නේටෝ බළකාය විසින් ලිබියාවට එරෙහිව කැරලිකරුවන් සමග එක්‌ව ප්‍රහාර එල්ල කරද්දී ගඩාෆි ප්‍රකාශයක්‌ කරමින් තක්‌කඩි අධිරාජ්‍යවාදීන් සමග එක්‌වී ක්‍රියා කරන්නේ තක්‌කඩි බවත් තමා වෙතට සමීප වීමට ඔවුන්ට නොහැකි බවත් පළ කළේය. 2009 දී එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයට ගිය ගඩාෆි එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා තමා සිටින බිම්මහල වෙත පැමිණිය යුතු බවත් මහල් 35 ක්‌ වෙත ගොස්‌ ඔහුව හමුවීමට කැමැත්තක්‌ නැති බවත් කියා සිටියේය.

    ලිබියාවේ යුද ශක්‌තිය නැංවීමට ද ක්‍රියා කළ ගඩාෆි විදේශ රටවල ඉගෙනුමට යන සිසු සිසුවියන්ට සිය අධ්‍යාපනය සඳහා අරමුදල් සැපයීය. එසේම අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු ආපසු ලිබියාවට එද්දී තීරුබදු රහිත වාහනයක්‌ ගෙනඒමට ද ඉඩ දුන්නේය.

    එසේම ලිබියානු කාන්තාරයේ සිටින ගෝත්‍රිකයන්ට ජලය සැපයීම සඳහා මිස්‌රාමා නගරයේ කෘත්‍රිම ගංගාවක්‌ ද නිර්මාණය කිරීමට ඔහු ක්‍රියා කළේය.

    එහෙත් ලිබියාවේ තෙල් සම්පත සූරා කෑ බහුජාතික සමාගම්වලට දොර වැසීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යෝජනාව නිසා ඇමරිකානු, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ඔස්‌ටේ්‍රලියානු සමාගම් ඔහුට එරෙහි විය.

    මේ අතරේ ලිබියානු සිවිල් වැසියන් 25,000 ක්‌ ගඩාෆි විසින් ඝාතනය කළ බවට ජාත්‍යන්තර අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ ලියවිල්ලක්‌ යෑයි දක්‌වමින් ව්‍යාජ ලියවිල්ලක්‌ ද ප්‍රකාශයට පත්විය.

    කෙසේ වෙතත් බී. පී. ෂෙල්, එසෝ වැනි දැවැන්ත බහුජාතික සමාගම් විසින් වසරකට ලිබියාවෙන් ලත් ඩොලර් බිලියන 500 ක ලාබය තම රටේ යහපතට යෙදවිය යුතු යෑයි ගඩාෆි කළ ප්‍රකාශය නිසා බටහිර රටවල් විසින් ගඩාෆිව එළවීමේ කුමන්ත්‍රණය දියත් කෙරිණි.

    මේ අතර ගඩාෆි පාලනය අහෝසි කිරීම සඳහා තමන්ට වැය වූ ස්‌ටර්ලින් පවුම් බිලියනයක්‌ සහ වෙනත් යුද වැය ලිබියානු රජය විසින් තමන්ට ගෙවිය යුතු යෑයි බ්‍රිතාන්‍යය කියා සිටී.

    මේ පසුබිම මැද ලිබියාවේ වැඩබලන නායක ජිබ්රාල් පවසන්නේ ගඩාෆිව මැරීමට රජය ක්‍රියා නොකළ බවයි.

    එසේ නම් ගඩාෆිව මැරුවේ කවුරුන්ද? ජිබ්රාල් යනු ගඩාෆි රජයේම කොටස්‌කරුවෙකි.

    ඔහුට එරෙහිව ලීසා මිලොසවික්‌ නමැති මාධ්‍යවේදිනිය චෝදනා නඟමින් බල්ගේරියානු හෙදියන්ට මරණ දඬුවම පැමිණ වූයේ ජිබ්රාල් යෑයි පැවසුවාය.

    මෙම හෙදියන් ඒඩ්ස්‌ වෛරසය ලිබියාවේ රෝහලකදී එන්නත් කළ බවට චෝදනා එල්ල විය. "හෙදියන්ව මැරූ වධකයා දැන් ලිබියාවේ පාලකයා වී තිබෙනවා"යෑයි ඇය තවදුරටත් කීවාය.

    වසර 42 ක්‌ ලිබියාව පාලනය කළ ගඩාෆි පාදඩයෙක්‌ නොවේ. ඔහු තම නිජබිම වූ සර්ට්‌ නගරයෙන් පලා ගියේ නෑ.

    කාන්තා බළකායකගේ රැකවල් මත සිටි ගඩාෆි ලිබියානු යුද්ධය සමගම ඔවුන්ව විසුරුවා හැරීය. මේ අතර ලිබියාවේ පවතින අරාජික තත්ත්වය දැන් සනාථ විය. ලිබියානු අවි ගබඩාවල තිබූ ගුවන් යානා නාශක මිසයිල 500 ක්‌ අතුරුදන් වී ඇත. මෙය ඉදිරියේදී බටහිර රටවලට තර්ජනයක්‌ වනු නොඅනුමානය.


    Divaina

     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනේ මන්දා. සමහරු කියනවා ගඩාෆි හොඳ පාලකයෙක්ලු. ඒත් ගඩාෆි අතින් පීඩනයට පත් වුනු ගොඩක් අය ඉඳල තියනව කියල පේනවා මේ කැරැල්ල දැක්කම. නේටෝ එකෙන් මේක කලා තමයි ඒත් ගඩාෆි ජනතාවට ගොඩක් සමීපව හිටියනම් රටේ ජනතාව කවදාවත් මෙහෙම කරන්නෙ නෑ. එහෙනම් පර සුද්දො කියුබාවට, වෙනිසියුලාවට ඉරානයට මේ ටික කරන්නෙ මීට ගොඩක් කලින්. කොහොම උනත් මනුස්සයෙක් මේ විදියට මරණ එක නම් තිරිසන් වැඩක් :confused::confused::confused:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    විදේශ බලවෙගවල කපටි අදහස් වලට දෙනෙත් අන්ධ කරගත් අතලොස්සක් ලිබියානු ජනතාව තවත් අහිමානවත් තම නායකයෙකු මරාගනීයි.... :dull:

    මේ සියලු දේ ජනතාවට ආදරයෙන් නොව තෙල් වලට ඇති ආදරය සදාහා පමනක්ම වේ... :nerd: නිතැතින්ම ලිබියානු ජනතාවට නොබෝ දිනකින්ම ඇමරිකානු පාලනය යටතේ තම රට අපායක් වනු...:( එවිට පෙරෙහැර ගොස් අවසන්ය...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    විදේශ බලවෙගවල කපටි අදහස් වලට දෙනෙත් අන්ධ කරගත් අතලොස්සක් ලිබියානු ජනතාව තවත් අහිමානවත් තම නායකයෙකු මරාගනීයි.... :dull:

    මේ සියලු දේ ජනතාවට ආදරයෙන් නොව තෙල් වලට ඇති ආදරය සදාහා පමනක්ම වේ... :nerd: නිතැතින්ම ලිබියානු ජනතාවට නොබෝ දිනකින්ම ඇමරිකානු පාලනය යටතේ තම රට අපායක් වනු...:( එවිට පෙරෙහැර ගොස් අවසන්ය...

    :yes::yes::yes::yes:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    අනේ මන්ද මම නම් ඔය ගැන වැඩිය දන්නේ නෑ...හැබැයි ඉතින් බටහිර රටවල්නම් තුප්පැහි වැඩම තමා කරන්නේ...මොන රටකට හරි කමන්නෑ කෙලවන්න බලන් ඉන්නේ....මේව දකිනකොට ඇත්තටම හිට්ලර් කියන්නේ වීරයෙක්....ඌ තනියම බටහිර තක්කඩින්ට එරෙහිව නැගී හිටියනේ...මොනව උනත් ඔය රටවල ත්‍රස්තවාදයනම් වැඩි....:oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විදේශ බලවෙගවල කපටි අදහස් වලට දෙනෙත් අන්ධ කරගත් අතලොස්සක් ලිබියානු ජනතාව තවත් අහිමානවත් තම නායකයෙකු මරාගනීයි.... :dull:

    මේ සියලු දේ ජනතාවට ආදරයෙන් නොව තෙල් වලට ඇති ආදරය සදාහා පමනක්ම වේ... :nerd: නිතැතින්ම ලිබියානු ජනතාවට නොබෝ දිනකින්ම ඇමරිකානු පාලනය යටතේ තම රට අපායක් වනු...:( එවිට පෙරෙහැර ගොස් අවසන්ය...

    :yes::yes::yes::yes:
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    විදේශ බලවෙගවල කපටි අදහස් වලට දෙනෙත් අන්ධ කරගත් අතලොස්සක් ලිබියානු ජනතාව තවත් අහිමානවත් තම නායකයෙකු මරාගනීයි.... :dull:

    මේ සියලු දේ ජනතාවට ආදරයෙන් නොව තෙල් වලට ඇති ආදරය සදාහා පමනක්ම වේ... :nerd: නිතැතින්ම ලිබියානු ජනතාවට නොබෝ දිනකින්ම ඇමරිකානු පාලනය යටතේ තම රට අපායක් වනු...:( එවිට පෙරෙහැර ගොස් අවසන්ය...

    ප්‍රභාකරන් තරම් කාලකන්නියෙක් නමෙයි බං ගඩාෆි.....තමන්ගේ රට ගැන හිතපු ටිකක් දරුණු පොරක්......උ හොද එකෙක් බං....එක..එකට කොන්ද නමන්නේ නැති නියම නායකයෙක්.....

    මේදවස්වල අර මානව හිමිකම් ...නිවාඩු ද දන්නෑ......

    කාලකන්නි මුන්...අපේ රටට හොද පාඩමක්....ආදර්ශයක්....!!!