ලිබියාවට ඇයි මෙහෙම වුනේ??

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ලිබියාවට ඇයි මෙහෙම වුනේ??

    රටක පාලකයෙක් මිනිස්සුන්ව shape එකේ තියාගන්න දැනගන්න ඕනේ. මිනිස්සුන්ට ප්‍රජාත්‍රන්ත්‍රවාදය දීල තියෙන්න ඕනේ. එතකොට මිනිස්සු මෙවගේ දේවල් කරන්නේ නැහැ. දැන් බලන්න venizuela වේ පොරත් දැන් අවුරුදු දහයක තිස්සේ ඒ රටේ ජනාධිපති. ෆිදෙල් කැස්ත්‍රෝ ඒ රටේ අවුරුදු 30 පාලනය කරා. එත් කිසිම ජනතා නැගී සිටීමක් නැතිවුනේ මම අර ඉහත කිව්ව කට්ටිය මිනිස්සුන්ට යම තරමින් හරි ප්‍රජාත්රන්ත්‍රවාදය දීල තිබුනා. ඒ පාලකයෝ ආණ්ඩුවට බනින කට්ටියව හිරේ දැම්මේ නෑ ලිබියා ව වගේ. ගඩාෆි ලිබියාව දියුණු කරා තමයි නමුත් ඒ රටේ මිනිස්සුන්ට ලිවීමේ හා කිවීමේ නිදහස තිබුනේ නැහැ. රට දියුණු කලාට විතරක් මදි, මිනිස්සුන්ට නිදහස තියෙන්න ඕනේ. නැත්තන් ඒ මිනිස්සු ඉවසලා බැරිම තැන නැගී හිටිනවා.

    මම අවසාන වශයෙන් කියා සිටින්නේ රට දියුණු වුනාට වැඩක නැහැ මිනිස්සුන්ට යම තරමක් හරි නිදහස තියෙන්න ඕනේ. නිදහස නැතිනම් ඒ සැපෙන් වැඩක් නැහැ