ලීකිං ලීකිං - ඩෙංගු කතා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    ලීකිං ලීකිං - ඩෙංගු කතා


    "ඩොක්ටර් ඔයා අන්න අර ඇඳයි මේ ඇඳයි බලලා ඉන්න... ඉක්මනින්." උදෑසනම වාට්ටුවෙ වෝඩ් රවුන්ඩ් කරන්න හදද්දිම මිසීගෙන් නියෝගයක්. එවෙලෙම බලපු pcv එක ඉහළ අගයක් ඇවිත්. ඒකියන්නේ රුධිරයේ තරල සහ සෛල අතර ප්‍රතිශතය.
    19942888_10158921473970705_4350727654513586816_o.jpg

    දරුවගේ අත් තරමක සීතලක් දැනෙනවා ඒත් ඔහු හරි පහසුවෙන් ඉන්නවා. ඇහුවට අමාරුවක් නෑලු . බඩ පොඩ්ඩක් රිදෙනවා. හැබැයි තේරෙනවා පරීක්ෂා කරද්දී නාඩි වැටෙන්නෙත් අඩුවෙන් බව. මූලික සොය බැලීම් පරීක්ෂන සියල්ල බැලූ විට ටක්කෙටම හිතුනේ "ලීකින්" කියලා. ඩෙංගු රක්තපාත උණ තත්වයේදී , රුධිර නාල වල ඇති තරල ඉන් පිටතට ගලා යෑම අපි ලීකිං කියා හඳුන්වනවා. ඒකට හේතුව රුධිර පට්ටිකා අඩු වීම නොවේ. රුධිරයේ ඇති සයිටොකයින් සහ රුධිර පට්ටිකා සක්‍රීය කරන සාධකය නම් දේවල් යැයි හොයාගෙන තියෙනවා ( cytokines, platelet activating factor)


    "කෝ ඉක්මනින් ස්කෑන් එක ගේන්න." මොකද කළින් රෑ හිටපු වෛද්‍යවරයා ස්කෑන් එකේ ලීකිං නොමැති බව හඳුනාගෙන තිබුනා. ස්කෑන් එකෙත් ලීකිං ඇති බව පෙන්නුම් කළා. මෙහෙම දේවල් සැනින් හඳුනා ගත හැක්කේ පැයෙන් පැය, මූත්‍රා මනිමින්, පැය හතරකට හෝ හයකට වරක් pcv අගය කරමින් මේ අය බොහොම කිට්ටුවෙන් පරීක්ෂා කරමින් පවතින නිසා. එසැනින් ක්‍රියාත්මක කර තරල නාලිකා වල රඳවාගන්න රුධිර පීඩනය හොඳින් පවත්වාගන්න අවශ්‍ය දේවල් කළ යුතුයි.

    දැන් මෙහෙම ඒවා වෙනකොට ඒ අම්මලාත් කලබල වෙනවා. මම එහෙම නිසාම ඩෙංගු අසාධ්‍ය තත්වයේ අය ඉන්නා කොටසේ අම්මලා සියළු දෙනාට, රක්තපාත තත්වය හඳුනා ගන්න හැටි මෙහෙමයි කියලා, ඔය උඩ සඳහන් කළ විස්තර හා සමාන විස්තර කියා පෑවා.

    අම්මලාගේ කාර් යය නියම කරන දියර ප්‍රමාණ මැන මැන දෙන එක, මූත්‍රා මැනලා කියන එක.

    ඒත් අම්මලා අහන්නෙම ප්ලේට්ලට් ගැන !

    දවල් දෙකට, රෑ දහයට අප වෙත එන දැනුම් දීම පොදුය "බඩ දනවා !"

    බබාට කැව්වද උදේට කෑවද රෑට කෑව ද ? ඕවා ඇහුවම කියන්නේම.

    දරුවා කන්න බෑ කියනවා

    අප්පිරියා කරනවා

    ඕක් ගානවා

    එනිසා කවලාම නෑ. ඉතින් බඩ පපුව දන්නේ නැත්නම් පුදුමයි

    "අම්මලා ඉන්නේ කවා ගන්න. මට කරන්න පුළුවන් සේලයින් දෙන එක ඩෙක්ස්ට්‍රෝස් දෙන එක. ඒවා දීල කෑම නැවැත්තුවොත් දරුවගේ බඩට හොඳක් වෙන්නෙ නෑ... ගැස්ට්‍රයිටිස් හැදිලා තව අමාරු වෙනවා මිසක. අනික වෛරස් උණ හොඳ වෙන්න ඇඟෙන්ම ප්‍රතිශක්තිය ඇතිකරගන්න ඕනෙ. ඉතින් ඇඟට ශක්තිය ඕනේ. කෑවොත් ඉක්මනින් ගෙදර යන්න පුළුවන්" කියලා මම ඔවුන්ට කියනවා

    ඒත් අම්මලා අහන්නේම ගස්ලබු කොළ ඉස්ම දෙන හැටි, මතුරපු තැඹිලි දෙන හැටි, ඩෙංගු හොඳ වෙන කැඳක් දෙන හැටි.
    ඒත් ඔය තෙල් බෙහෙත් කට්ටිය කියන්නෙම, රෝහලට යන්න ඇඩ්මිට් වෙන්න. ඊටපස්සෙ ඇවිත් අපෙනුත් බෙහෙත් ගන්න, අර වෛද්‍යවරු කරන ඒවා කරන්න දීලා මේ තෙලත් ගා ගන්න කියලයි !

    ඇඩ්මිට් වෙද්දිම තරල රුධිර නාලිකා වලින් එළියට ගිහින් උදර කුහරය උරස් කුහර ආදී තැන් වල පිරිලා... සේලයින්, ඩෙක්ස්ට්‍රෑන් ඇල්බියුමින් දීලා පැය 48 ක්‍රිටිකල් පීරියඩ් එකෙන් පස්සෙ පොඩි එවුන් හිනා වෙලා ඉන්න හැටි දකින එක තරම් සතුටක් තවත් නෑ.
    Vascular leaking, bone marrow suppresion වැනි දේවල් ගූගල් කරලවත් කියවගන්න.

    කියන්නේ පදනමක් ඇතිව.
    විශ්ව විද්‍යාල උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරුගෙන් ලැබෙන පිළිතුර මේ අපේ ක්‍රමය සමානයි මොකද එයාලා මිනිස් ශරීරය ගැන විද්‍යාත්මක කරුණු කාරනා ඉගෙන ගත් අය නේ.
    ඇත්තටම විජ්ජාව තියෙන්නේ ක්‍රිටිකල් වෙලාව හඳුනා ගන්න එකෙයි. ඒ වෙලාවේ හරියට දියර මැන මැන දෙන එකෙයි මුත්‍රා පිටවීම මනින එකෙයි.

    "අනේ මට කලන්තේ කීව පැංචිගේ ඇඳ ළඟට ඊයේ නම් අපි කීප ගමනක් දිව්වා. එයා ඇස් තදින් වහගෙන හොඳින් හුස්ම ගන්නවා. ඩෙංගු නේ එනිසා පැයෙන් පැය පරීක්ෂා කරමින් මොනිටර් කරනවා. දැන් මේ තුන් වෙනි පාර අපි දුවගෙන ආපු. මට නම් ෂුවර් මේක මේ අපිව අන්දවාගන්න කරන වැඩක් කියලා. සමහර විට මෙහෙම දරුවොත් ඉන්නවා... "ඇත්තටම කලන්තෙ නම් ඇස් අරින්න ඕනෙ ඔන්න" ඔහොම කීවම, ඇස් අරිනවා. අනේ අපෙ පොඩි උන් !
    දැන් ඔන්න හොඳටම කලන්තෙ කීව කෙල්ල නැගිටලා ඊළඟ මිනිත්තුවේ කකුලක් පිට කකුලක් දාගෙන හාන්සි වෙලා මිදි කනවා. "කොළ පාට මිදි"

    මේ බබා එනකොටම ෂොක් වෙලා ආවේ...නිල් වෙලා, සීතල වෙලා, නාඩි අහුවෙන්නෙ නෑ, ප්‍රෙෂර් අඩුයි. එනිසා අධික ප්‍රමාණයක ද්‍රාවණ බර අනුව ශරීර ගත කරමින්, යථා තත්වයට පත් කරගත්තේ. මැජික් නෙමේ සේලයින්, ඩෙක්ස්ට්‍රෑන් කියන ද්‍රාවණ.

    ප්ලේට්ලට් අගය හොඳයි. ඒත් රක්තපාත තත්වයෙන් ඇඩ්මිට් වෙලා තිබ්බේ. උදර කුහරයේ හිස් අවකාශ වලට තරල පිරිලා තිබ්බා.

    විශේෂඥ වෛද්‍යතුමිය ලෙඩ්ඩු බලන එක නවත්තලා අහනවා. "දැන් කොහොමද අර බබාට" කියලා

    "අන්න අරහෙ මිදි කනවා" අපි කීවා

    අපි හැමෝටම හිනා. මොකද ඊයේ අච්චර නිල් වෙලා කලන්ත වෙලා ආපු ළමයා විශේෂඥ වෛද්‍ය තුමිය ළඟට අඬ ගහල ඇහුවෙත්. "මේ මට මිදි කන්න පුළුවන්ද ? " කියලා
    "රතු මිදි නම් ලෙල්ල ඇරලා කන්න" කීවම කියාපි..
    " නෑ නෑ කොළ මිදි කොළ මිදි "

    ඔය අතර ..

    දරුවා හොඳටම උණ ගැනිලා , හුස්ම ගන්න අමාරුයි කියාගෙන එනවා අපිට හුරු පුරුදු අම්මා කෙනෙක්. එයා නිතරම එන නිසා පුරුදුයි. අපිට උනත් කතා කරන්නේ දමලා ගහනවා වගේ වචන වලින්. දෙවෙනි ළමයා. කුලී වැඩ කරලා එදා වේල හම්බ කරගන්න මිනිස්සු. දරුවාට ශ්වසන ආසාදනයක් එක්ක හොඳටම ඇදුම උත්සන්න වෙලා. ටික වෙලාවකින් මම ආයෙ යනවා ඇඳ ළඟට...අම්මා නුරුස්සනා බැල්මෙන් මට කියනවා

    "මට සේරම එපා වෙලා. මං මොනා කරන්නද ?"

    ඒවා හරි තදින් බනින සුළු විදිහට කියන්නේ....

    මාත් ගැස්සෙනවා. මට මොකද මෙයා බනින්නේ කියලා. අවුල් අම්මලා එක්ක අපේ වාට්ටුවේ කට්ටියට ගහන්න පවා පැන්න සිදුවීම් තියෙන නිසා මම හෙන බයෙන් කිට්ටු වුනේ අර දරුවා බලන්න. හැබැයි කොහොමත් ඕනෑම අම්මෙක් දරුවාගේ අසනීප නිසා කලබල වෙන නිසා ඔය කියන ඒවා ඉවසනවා. කොටින්ම වෛද්‍යවරියක් එයාගේ දරුවා ඇඩ්මිට කරගෙන ඉන්නා අතර ප්‍රශ්න ඇතිකරන් බැන වැදුන විටත් ඉවසන්න තමා සිදු වුනේ.
    දරුවා ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා. මම එතැනින් යන්න හදනවිට අම්මා ආයෙම කියනවා

    "මහත්තයට එන්න කීවා. ඇඩ්මිට කරගත්තනම් උඹම බලාගනින් කීවා මම කොහොමද මේ ළමයට කෑම බීම ගේන්නේ ඇඳුම් ගේන්නේ"
    දැන් මම මොනවා හරි කියන්නම වෙනවනේ.
    "ආ එහෙමද" මගේ හිත බොහෝ සෙයින් සසැලිනි.
    ඒ පැංචාට ඇඳුම් නම් අපේ බබාගේ කුඩා වෙන ඒවා ලොකර් එකේ ගෙනැවිත් තියෙන නිසා තෝරලා දුන්නා. කෑමත් බීමත් රෝහලෙන් ලැබෙන නිසා අවුලක් වුනේ නෑ.
    පසුව ආරංචි වුනේ හවස් වෙනකොට තාත්තා ආවලු
    ඒත් මේ අය ගැන අප්‍රමාණ දුකක් දැනෙනවා ! අපේ රටේ දුක් විඳින ජනතාව

    ජායාරූප දෙකම මම ගත්තු ඒවා ! ඒ මැෂිම අපේ වාට්ටුවේ pcv චෙක් කරන මැෂිමයි. අත් දෙක අපේ වාට්ටුවේ මදුරු මිස් කෙනෙක්ගේ අත් දෙක ( මදුරු කීවේ ඇයි කියා දන්නේ නැත්නම් මීට කළින් කතාව කියවලා බලන්න ! )
    19756841_10158902947285705_8035754492356872042_n.jpg


    source https://anithkona.blogspot.com/2017/07/blog-post_22.html

     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔය ඉතින් එක පැත්ත්ක් විතරයි බල්ලො බලල්ලු ගානට දාල මිනිස්සු මනින්නේ ඉස්පිරිතාලවල ප්‍රස්නයක් ඇහුවොත් යක්කු වගෙ ඇගට කඩන් පනින්නේ ...
    ඔහොම ලෙඩ්ඩුන්ට බයේ කතා කරන ඩොස්තරල නම් මම දැකල නැ :lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    ඔය ඉතින් එක පැත්ත්ක් විතරයි බල්ලො බලල්ලු ගානට දාල මිනිස්සු මනින්නේ ඉස්පිරිතාලවල ප්‍රස්නයක් ඇහුවොත් යක්කු වගෙ ඇගට කඩන් පනින්නේ ...
    ඔහොම ලෙඩ්ඩුන්ට බයේ කතා කරන ඩොස්තරල නම් මම දැකල නැ :lol::lol:

    මෙහෙමයි මචන් දොස්තරල්ග බහුතරයක් හොද මිනිස්සු නමුත් උන්ට GMOA ඉහල නිලධාරීන්ගේ බලු වැඩවලට යටවෙලා ඉන්න වෙලා තියෙනවා
    GMOA ඉහල නිලධාරීන්නුත් දැන් බල්ලෝ වගේ හිලෑ වෙලා ඉන්නේ