ලීෂ්මනයිසිස්

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
වැලි මැස්සාගෙන් බෝ වී දරුණු ලප කැලැල් බවට පත්වන ලීෂ්මනයිසිස් නැමති භයානක චර්ම රෝගය උතුරුමැද, උතුර, නැගෙනහිර, වයඹ හා දකුණු පළාත්වල සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. මුහුණ, අත් පා හා ඇඳුමින් නිරාවරණය වූ ශරීර අංගවල කුඩා ගැටිති වශයෙන් ආරම්භ වී රත්පැහැ කුහර ලෙස පැසවමින් පැතිරී යන තුවාල විශේෂයක් ලෙස මෙම රෝගය හඳුනාගත හැකිය.
එය බෝවන වාහකයා වන්නේ වැලිමැස්සා නැමති මදුරුවෙකු වැනි කුඩා කෘමියෙකි. කල් යත්ම ශරීරගත වන පරපෝෂිතයා සම තුළ ආසාදන ඇතිකර ශරීර අභ්‍යන්තරයේ අක්මාව වැනි අවයව තුළද ආසාදන ඇති කරවන බව වෛද්‍යවරු කියති. මේ වනවිට අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්ක දෙකෙහි ලීෂ්මනයිසිස් රෝගීන් 1170 කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

මට මේක ඇවිත් තිබුනේ එ මැල් එකකින්
එවපු කෙනාට බොහොම ස්තුතියි එලකිරියෙ හැමකෙනාත් එක්කම බෙදා ගන්නවා
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Leishmania_LifeCycle.gif