ලුනුයි බතුයි කමුකෝ රත්තරං ! (කතාවක්)

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලුනුයි බතුයි කමුකෝ රත්තරං ! (කතාවක්)

    මං දන්න ටීචර් ජෝඩුවක් ඉන්නවා. උන් දෙන්නම හෙන කට්ටක් කාල අර එකපාරක් දුන්නු දේපළ ණයද මොකද්ද අරගෙන තඩිම තඩි ගෙයක් හැදුවා. හදලා බැලින්නං ගෙයි ගරාජ් එකකුත් තියෙනවා. ගෙයි හැටියට ගරාජ් එක හිස් තියෙන එක ගැලපෙන්නැති හින්දා තව ණයක් ගහලා මරුටියක් ගත්තා. දැන් මරුටිය තියෙන හින්දා අලුත් ප්‍රස්නයක්. මලගෙවල් දානෙ ගෙවල් මගුල් ගෙවල් නෑදෑ ගෙවල්වල වල ඉස්සර වගේ බොක්සර් බයික් එකේ යන්න බෑ. ඒක හින්දා හෙන කට්ටක් කාලා පෙට්‍රල් ගහගෙන මරුටියෙ යනවා.

    රෑට ගෙයින් තුන්කාලක් කළුවරේ. බිල ගෙවාගන්න බැරි හින්දා ලයිට් දාන්නෑ. ළඟදි කුස්සියට අල්ලලා පොඩි පලයක් බාලා දර ලිපක් හදලා. ගෑස් ගන්න සල්ලි නෑ කියලා. මම දන්න විදිහට ඉස්සර සාමාන්‍ය විදිහට කාපු බීපු මුන් දැන් ලෙවකනවා. ණය ගෙවුවාම කන්නවත් සල්ලි නෑ. ඒ අතරේ ගේයි කාරෙකයි දිහා බලලා ගෙදරට එන හිඟන්නොයි, ආධාර පත්තර කාරයොයි සමිති සමාගම් කාරයොයි ඉවරයක් නෑ. දැන් දැන්නං නම්බුව යකාට ගියාවෙ කියලා එන උන්ව එලවනවලු.

    දැං නිකං පාරෙන් හම්බවුනත් මේකාගෙන් විසුමක් නෑ. කතාවට අල්ලගෙන රාජපක්ෂ පළු අරිනවා. ජීවන වියදම වැඩියිලු. කන්න බොන්නවත් නැහැල්ලු. බලු ආණ්ඩුවක්ලු. අරක මේක......

    වැඩේ කියන්නෙ ආණ්ඩුවත් මූ වගේමයි. ලෝකෙන් ගන්න තියෙන තරමක් ණය අරන් ගුවන් සේවාවලුයි, වරායවලුයි ගුවන් තොටුපලවලුයි සැටලයිටුයි අරව මේවා හදනවා. පස්සෙ වරායට නැව් ගෙන්නගන්න, ගුවන් තොටුපලට ප්ලේන් ගෙන්නගන්න ආපහු ණය අරං වියදම් කරනවා. ඊට පස්සෙ රටේ උන්ට කන්නවත් සල්ලි නැතිවුනාම ඇමෙරිකාවටයි, ඩයස්පෝරාවටයි, අරුන්ට මුන්ට බණිනවා.

    charmi sam

    timthumb.php
     
    Last edited:

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    අම්මප 100% ක් ඇත්ත. මේක කියපු එකාගේ කටේ මසුරං දන්නා ඕනේ.
    දැන් ඉතින් රේප් කපන පො**** රේප් කපපල්ලා.. මොකද මම රේප් නිසා තමයි ජිවත් වෙන්නේ.. රේප් වලින් හම්බ වෙන දෙඉයින් තමයි කන්නේ බොන්නේ.


    +7
     
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    True story

    california-route-62.jpg


    Success its not always what you see .........!

    අම්මප 100% ක් ඇත්ත. මේක කියපු එකාගේ කටේ මසුරං දන්නා ඕනේ.
    දැන් ඉතින් රේප් කපන පො**** රේප් කපපල්ලා.. මොකද මම රේප් නිසා තමයි ජිවත් වෙන්නේ.. රේප් වලින් හම්බ වෙන දෙඉයින් තමයි කන්නේ බොන්නේ.


    +7

    බඩුම තමා......

    ඇත්ත කතාව

    :P:P
    11.gif
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    කතාව නම් ඇත්ත.... අද සමාජයේ ඔය විදියට දුක් විඳින මිනිස්සු ඕන තරම් ඉන්නවා.... තන්හාය ජායතී සෝකෝ... !!!!