ලුනුයි බතුයි කමුකෝ රත්තරං ! (කතාවක්)
මං දන්න ටීචර් ජෝඩුවක් ඉන්නවා. උන් දෙන්නම හෙන කට්ටක් කාල අර එකපාරක් දුන්නු දේපළ ණයද මොකද්ද අරගෙන තඩිම තඩි ගෙයක් හැදුවා. හදලා බැලින්නං ගෙයි ගරාජ් එකකුත් තියෙනවා. ගෙයි හැටියට ගරාජ් එක හිස් තියෙන එක ගැලපෙන්නැති හින්දා තව ණයක් ගහලා මරුටියක් ගත්තා. දැන් මරුටිය තියෙන හින්දා අලුත් ප්‍රස්නයක්. මලගෙවල් දානෙ ගෙවල් මගුල් ගෙවල් නෑදෑ ගෙවල්වල වල ඉස්සර වගේ බොක්සර් බයික් එකේ යන්න බෑ. ඒක හින්දා හෙන කට්ටක් කාලා පෙට්‍රල් ගහගෙන මරුටියෙ යනවා.
රෑට ගෙයින් තුන්කාලක් කළුවරේ. බිල ගෙවාගන්න බැරි හින්දා ලයිට් දාන්නෑ. ළඟදි කුස්සියට අල්ලලා පොඩි පලයක් බාලා දර ලිපක් හදලා. ගෑස් ගන්න සල්ලි නෑ කියලා. මම දන්න විදිහට ඉස්සර සාමාන්‍ය විදිහට කාපු බීපු මුන් දැන් ලෙවකනවා. ණය ගෙවුවාම කන්නවත් සල්ලි නෑ. ඒ අතරේ ගේයි කාරෙකයි දිහා බලලා ගෙදරට එන හිඟන්නොයි, ආධාර පත්තර කාරයොයි සමිති සමාගම් කාරයොයි ඉවරයක් නෑ. දැන් දැන්නං නම්බුව යකාට ගියාවෙ කියලා එන උන්ව එලවනවලු.
දැං නිකං පාරෙන් හම්බවුනත් මේකාගෙන් විසුමක් නෑ. කතාවට අල්ලගෙන රාජපක්ෂ පළු අරිනවා. ජීවන වියදම වැඩියිලු. කන්න බොන්නවත් නැහැල්ලු. බලු ආණ්ඩුවක්ලු. අරක මේක......
වැඩේ කියන්නෙ ආණ්ඩුවත් මූ වගේමයි. ලෝකෙන් ගන්න තියෙන තරමක් ණය අරන් ගුවන් සේවාවලුයි, වරායවලුයි ගුවන් තොටුපලවලුයි සැටලයිටුයි අරව මේවා හදනවා. පස්සෙ වරායට නැව් ගෙන්නගන්න, ගුවන් තොටුපලට ප්ලේන් ගෙන්නගන්න ආපහු ණය අරං වියදම් කරනවා. ඊට පස්සෙ රටේ උන්ට කන්නවත් සල්ලි නැතිවුනාම ඇමෙරිකාවටයි, ඩයස්පෝරාවටයි, අරුන්ට මුන්ට බණිනවා.
charmi sam

Last edited:
++++++6